සමාජවාදී රටක පවුලක වියදම් රටාව “සෝවියට් අත්දැකීම ඇසුරින්”

rsz_1rsz_2019-07-15_11_44_18-wilpattu_national_park_-_google_maps
විල්පත්තුව පරිසර හිතකාමීත්වය සහ ජාතිවාදය
July 15, 2019
arton2160
ට්‍රොට්ස්කිවාදය – Trotskyism
July 22, 2019
Show all

සමාජවාදී රටක පවුලක වියදම් රටාව “සෝවියට් අත්දැකීම ඇසුරින්”

rsz_article-2406192-1b83e5cd000005dc-18_964x973

සමාජවාදයට එරෙහිව පතුරුවා ඇති අසත්‍ය ප්‍රචාර හේතුවෙන් බොහෝ දෙනෙක් සිතා සිටිනුයේ සමාජවාදී රටක එදිනෙදා ජීවිතය බොහෝ දුෂ්කරතාවයන්ගෙන් පිරීගිය එකක් ලෙසටය. අධික ලෙස වෙහෙසී වැඩකිරීම, භාණ්ඩ හිඟය, වෙනත් අගහිඟකම් අනිවාර්ය උරුමයක් ලෙසටය. එහෙත් සැබෑ තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.

පොදු තත්වය

සමාජවාදයේදී, කර්මාන්තයේ, කෘෂිකර්මාන්තයේ හා අනෙකුත් ක්ෂේත්‍රවල අරමුණ හුදු ලාභ ඉපැයීම නොවේ. සමාජවාදය යටතේ සමාජ නිෂ්පාදනයේ ඉහළම අරමුණ වන්නේ ජනතාවගේ වර්ධනය වන ද්‍රව්‍යමය, සංස්කෘතිමය හා අධ්‍යාත්මික අවශ්‍යතාවන් හැකි උපරිම ආකාරයෙන් තෘප්ත කිරීමයි.

ලොව ප්‍රථම සමාජවාදී රාජ්‍යය වූ සෝවියට් දේශය මේ අතින් ඉහළම ආදර්ශයක් සපයා තිබුණි. සමාජවාදී විප්ලවය ජයග්‍රහණයෙන් පසුව එරට ජනතාවගේ ජීවන තත්වය ස්ථාවර ලෙස වර්ධනය විය. 1940ට සාපේක්ෂව 1982 වෙද්දී ජාතික ආදායම 15.1 ගුණයකින් ඉහළ ගියේය. ඒක පුද්ගල මූර්ත ආදායම හය ගුණයකින් ඉහළ ගියේය. සමූහ ගොවිපළවල ගොවීන්ගේ ඒක පුද්ගල මූර්ත ආදායම 7.1 ගුණයකින් වැඩිවිය.

ජනතාවගේ වියදම් අඩුකිරීමටද, සමාජවාදී රජය මැදිහත් විය; ඒ අනුව සෝවියට් රජය ප්‍රධාන ආහාර ද්‍රව්‍ය හා හුවමාරු භාණ්ඩවල සිල්ලර මිල ස්ථාවර මට්ටමක රඳවා ගැනීම සඳහා කටයුතු කළේය. සීනි, සමහර බෝතල් කළ ආහාර, සමහර ටින්කළ ආහාර, සමහර මාළු වර්ග, එළවළු තෙල්, ධාන්‍ය පිටි, මැකරෝනි වර්ග, බේකරි නිෂ්පාදන හා පාන් ආදියෙහි මිල 1955 වසරේ සිට වෙනස් නොවුණි. මස් හා කිරි නිෂ්පාදන මිල 1962 වසරේ සිට වෙනස් නොවුණි. රෙදිපිළි, ඇඳුම්, පාවහන් සහ එවැනි  එදිනෙදා භාවිතා කරනු ලැබූ බොහෝ භාණ්ඩ වර්ග ප්‍රමාණයක මිල සහ රෙදි සෝදන යන්ත්‍ර, වැකුම් ක්ලීනර්, ශීතකරණ, ටේප් රෙකෝඩර්, ගුවන්විදුලි යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර ආදී භාණ්ඩවල මිල ස්ථාවරව පවත්වාගෙන යනු ලැබිණි.

සාමාන්‍ය සෝවියට් පවුලක ස්වභාවය

සෝවියට් සමාජ විද්‍යාඥයෝ සෝවියට් පවුලක මාසික වියදම පිළිබඳ සමීක්ෂණයක් සිදු කළහ. ඒ සඳහා පවුල් 62,000ක් සම්බන්ධකර ගත් අතර, 1984 වසරේදී එහි වාර්තාව එළි දක්වනු ලැබිණි.

Image result for soviet era home

සෝවියට් සංගමයේ සාමාන්‍ය පවුලකට සැමියාත්, බිරිඳත්, දරුවන් දෙදෙනාත් අයත් වෙති. ඔවුහු රජය විසින් සපයන ලද කාමර තුනකින් යුතු තට්ටු නිවාසයක වාසය කරති. අඹු සැමියන් දෙදෙනා එම නිවසට මඳක් ඈතින් පිහිටි ස්ථානයක රැකියාවෙහි නිරත වූහ. දරුවන් දෙදෙනාගෙන් වැඩිමලා පාසලටද දෙවැන්නා බාලාංශ පංතියකටද යයි.

පවුලේ ආදායම වශයෙන් සැලකෙන්නේ අඹු-සැමියන් දෙදෙනාට ලැබෙන වැටුපය. අඹු-සැමි දෙදෙනාම රක්ෂාව කරන්නේ නම් ඔවුන් හට ලැබෙන සාමාන්‍ය වාර්ෂික වැටුප රූබල් 4000කි. එනම් දළ වශයෙන් මසකට රූබල් 335කි. මෙම මුදලින් අනිවාර්ය බදු හා වෙනත් ගෙවීම් අඩු කළ යුතුවේ. කර්මාන්ත ශාලාවක හෝ කාර්යාලයක හෝ සේවයේ නියුක්ත පුද්ගලයෙකු විසින් ගෙවිය යුතු බදු ප්‍රමාණය පඩියෙන් 8.1%කට වැඩි නොවුණි. (ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයෙකුගේ වැටුපකින් ඍජු බදු ලෙස ගෙවිය යුතු ප්‍රතිශතය 16%කි.) මීට අමතරව වෘත්තිය සමිති සහ පොදු සංවිධානවලට ගෙවිය යුතු මුදලද බදු ගණණය කරන ආදායමෙන් අඩු කළ යුතු වේ.Image result for soviet era schools

මේ සියල්ල අඩුකළ පසු සාමාන්‍ය පවුලක ආදායම මසකට රූබල් 280ක් පමණ වේ. මෙම මුදලින් ගෙවල් කුලිය අඩුකළ යුතුය. රජය විසින් ගෙවන සහනාධාර නිසා සෝවියට් වැසියන් ගෙවන ලද්දේ ඉතා අඩු ගෙවල් කුලියකි. එම මුදල රූබල් 20ක් පමණ විය. එනම් සමස්ත වැටුපෙන් 6%කි. ශ්‍රී ලංකාවේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම්වලට අනුව ලාංකිකයෙකුගේ වැටුපෙන් ගෙවල් කුලිය 11.1%ක ප්‍රතිශතයකි. (2016)

අඹු-සැමි දෙදෙනාම

රැකියාවට යාම සඳහා වැයවන ගමන් වියදම මසකට රූබල් 6ක් පමණ වේ. එනම් වැටුපෙන් 1.8%කි. දිවා ආහාරය සඳහා එක් අයෙකුට කොපෙක් 75 සිට 80 දක්වා ප්‍රමාණයක් වියදම් වේ. එවිට වැඩ කරන දවස් 22කින් යුතු මාසයකට වැයවන මුළු මුදල රූබල් 35ක් පමණ වේ. බාලාංශ පාසලකට යවන දරුවෙකු සඳහා මසකට වැයවන වැඩිම මුදල රූබල් 12.5කි. මේ සියල්ල එකතු කළ විට මුළු මුදල රූබල් 70ක් පමණ වේ.

පවුලක අයවැය සකස් කිරීමේදී ගෙදරදී ගන්නා කෑම-බීම සඳහා යන වියදම් ගණන් බැලීම ඉතා වැදගත් සේම ඉතා අමාරු කටයුත්තකි. කෑමබීම පිළියෙල කිරීමට ගතවන කාලය, ආහාරයට ගන්නා කෑම වර්ග, කෑමට ඇති රුචිය ආදිය අනුව වියදම් වෙනස් වෙයි. ඒ සඳහා මසකට රූබල් 130ක් පමණ වැය වෙතැයි සිතිය හැකිය. එනම් වැටුපෙන් 39%කි. රැකියා ස්ථානයේදී ආහාර සඳහා යන වියදමද ඊට එක් කළ විට රූබල් 165ක් පමණ වේ. එනම් වැටුපෙන් 49.5%ක් ආහාර සඳහා වියදම් වේ. (ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පුරවැසියෙකුගේ වැටුපෙන් 65.2%ක්ම වියදම් කරන්නේ ආහාර සඳහාය. – සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාව)

ඉහත සඳහන් කරුණු සඳහා සෑම මාසයක් පාසාම මුදල් වියදම් කළ යුතුය. මේ සියලුම වියදම් අඩුකළ පසු වර්ෂයකට ඉතිරිවන රූබල් 1000ක පමණ මුදල ඇඳුම්, පැළඳුම්, ගෘහ භාණ්ඩ ඇතුළු වෙනත් අවශ්‍ය දෑ ගැනීමටද අවුරුදු නිවාඩුව ගත කිරීමටද වැය වෙයි.

වෛද්‍ය පහසුකම් හා අධ්‍යාපනය සඳහා යන වියදම පවුලේ අයවැයට එකතු නොවිණි. වෛද්‍ය පහසුකම්, අධ්‍යාපනය ඇතුළු තවත් බොහෝ සේවා සෝවියට් රජය සෑම රටවැසියෙකුටම නොමිලයේ සැපයූ හෙයිනි. නිදසුනක් වශයෙන් සෝවියට් සංගමයේ අනිවාර්ය ද්විතියීය අධ්‍යාපනය ආරම්භකොට තිබුණි. ඒ සඳහා රජය වර්ෂයක් පාසා සෑම ශිෂ්‍යයෙකුම වෙනුවෙන් රූබල් 200ක් පමණ වියදම් කළේය. ඒ අතර පෙර පාසල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා පවත්වාගෙන යනු ලබන ආයතන වෙනුවෙන් වැයවන මුදලින් 60%ක් පමණ දැරුවේ රජයයි. තරුණ පුරෝගාමීන් වෙනුවෙන් පවත්වන ශ්‍රීෂ්ම හා සීත ඍතුවේ නිවාඩු කඳවුරු නඩත්තුව සඳහා වැයවන මුදලින් අඩක් නොමිලයේය. අනෙක් කොටස් සඳහා අය කළේ අඩු මුදලකි. මව්වරුන් සහ දරුවන් සඳහා ගෙවනු ලැබුවේ විශේෂ අරමුදල්වලිනි. ඒ අරමුදල් සඳහා රටවැසියන්ගේ ශතයක්වත් අය නොකෙරිණි. විශේෂ දීමනා වශයෙන් හතර දෙනෙකුගේ පවුලකට වර්ෂයකට  රූබල් 2000ක් පමණ ලැබුණි.

සෝවියට් වැසියන්ගේ ජීවන තත්වය නිරතුරුවම දියුණු විය. ඒක පුද්ගල ආදායම 1957 සිට 1982 දක්වා වසර 25ක් තුළ තුන්ගුණයකින් වැඩිවුවද මූලික භාණ්ඩවල මිල හා සේවා ගාස්තු වැඩි නොවුණි.

සෝවියට් සමාජ විද්‍යාඥයන් බොහෝ කාලයක සිට කරන ලද පර්යේෂණවලට අනුව අඩු ආදායමක් ලබන පවුල් අතරින් අයවැය සටහන් කළේ 17%ක් පමණි. ඒ, සාමාන්‍ය ආදායම් ලබන පවුල් අතරින් 15%කි. හොඳ ආදායමක් ලබන පවුල් අතරින් 8%කි. අනෙක් අය වියහියදම් ගැන සැලකිලිමත් නොවූහ.

සෝවියට් වැසියන් මුදල් ඉතිරි කළේ කෙසේද?

1962දී පමණ සෑම සෝවියට් පවුලක්ම ස්වකීය ආදායමෙන් සෑම රූබල් 100කින්ම රූබල් 4ක් ඉතිරි කිරීමේ බැංකුවක තැන්පත් කළේය. 1982 වන විට එම මුදල රූබල් 15ක් දක්වා ඉහළ ගොස් තිබුණි. බොහෝ දෙනකු මුදල් ඉතිරි කළේ අරමුණක් ඇතිව නොවේ. සමහරු මුදල් ඉතිරි කළේ අවශ්‍ය වුවහොත් ගන්නටය යන ආකල්පය උඩය. සෝවියට් වැසියන් මුදල් ගැන එතරම් සැලකිල්ලක් නොදැක්වූයේත්, අතමිට දිගහැර වියදම් කළේත් සියලු දෙනාටම රැකියා තිබූ හෙයිනි. 1930 මාර්තු මාසයේ සිට සෝවියට් දේශය තුළ විරැකියාව නොපැවතුණි.

අප විසින් සලකා බැලිය යුතු තවත් ප්‍රශ්නයක් ඇත. එනම් පවුලක වියහියදම් භාරව සිටියේ කවුද යන්නය. විසිවන සියවස ආරම්භයේදී ආර්ථික විශේෂඥයන් රුසියන් අධිරාජ්‍යයේ පළාත් හයක වාසය කළ පවුල්වල අයවැය ගැන විග්‍රහයක් කළහ. එකල පවුලේ මුදල් භාරව සිටියේ සැමියාය. එහෙත් ඔක්තෝබර් විප්ලවයෙන් පසු 1920 ගණන්වල මුල් කාලයේදී කාන්තාව නිදහස ලැබූ පසු පවුල්වලින් 15%ක පමණ මුදල් භාරව සිටියේ බිරිඳය. 1982 පමණ වන විට විවිධ මට්ටමේ ආදායම් ලබන පවුල් අතරින් 88% – 95% දක්වා ප්‍රමාණයක පමණ පවුලේ වියහියදම් භාරව ක්‍රියාකළේ බිරිඳයි. පවුලේ ආදායම වැඩිවූ තරමට මුදල් භාරව ක්‍රියාකිරීමේ වගකීම බිරිඳ මත පැටවිණි.

විමර්ශන