ප්ලේටෝගේ ජනරජය (Plato’s Republic)

විමර්ශන මැයි
විමර්ශන – 2019 මැයි
May 10, 2019
rsz_politeia_beginning_codex_parisinus_graecus_1807
Plato’s Republic
May 13, 2019
Show all

ප්ලේටෝගේ ජනරජය (Plato’s Republic)

rsz_school-of-athens-raphael-2

ක්‍රි. පූ. 427-347 අතර කාලයේ එනම් වහල් යුගයේ ජීවත් වූ ග්‍රීක මහා දාර්ශනිකයන්ගේ නාම ලේඛනයේ ප්‍රමුඛයෙකු වූ ප්ලේටෝ විසින් රචිත ලෝක ප්‍රසිද්ධ දාර්ශනික කෘතිය “ජනරජය” යි. බටහිර ලෝකයේ වැඩිදුර අධ්‍යාපනයට පිහිටවූ ප්‍රථම අධ්‍යාපනික ආයතනය වන “ද ඇකඩමි” පිහිටුවා තමා ලබා ගත් මහා දැනුම ලෝකයාට ලබා දුන් ප්ලේටෝ විවිධ විෂයන් ඇතුලත් සංවාද කෘති රාශියක් රචනා කර ඇත. ඒ අතර ලෝකයේ භාෂා රාශියකට පරිවර්තනය වී ඇති “ජනරජය” අද වෙන විට සිංහල භාෂාවටද පරිවර්තනය වී ඇත.
සිය ගුරුවරයා වූ සොක්‍රටීස් මරා දැමූ පල්ල්ියේ බලාධිපත්‍යට නතු වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ කෘෘරත්වය සියැසින් දැක ඇති කර ගත් අප්‍රසන්නතාවෙන් යුතුව එවැනි කෲර පාලනයක් නැති පරමාදර්ශී පාලනයක් පිළිබඳ සිහිනයෙන් ජනරජය ලියා ඇත. නාඨ්‍ය ජවනිකාවක මනස් චිත්‍රයක් ඇති කරන ශෛලියකින් ලියා ඇති “ජනරජය” ගීතවත් බසකින් ලයා ඇතැයි කියති. මෙම කෘතිය තුළ පරිච්ඡේද 10ක් වේ. මුළු ප්ලේටෝනියානු දර්ශනයම ජනරජය තුළ අන්තර්ගත නී ඇතැයි විචාරකයෝ කියති. සොක්‍රටීස්ගේ ප්‍රකාශන ආකාරයට ඔහුට වහං වී ඉතා සිත් ගන්නා දාර්ශනික මතවාද රාජශියක් ප්ලේටෝ විසින් ඉදිරිපත් කරයි.

ග්ලෝකන්, පොලිමාක්ස්, ඇඩ්මාටන්ස්, නිසෙරාටස්, සෙපාලස් සහ සොක්‍රටීස් ද යනු යහළු පිරිස දේවපූජා දිනක එකතු වී සතුටු සාමීචීයේ කරන කථා බහක් ලෙස “ජනරජය “ සංවාද කෘතිය ආරම්භ වෙයි. “යුක්තිය හා සාධාරණත්වය යනු කුමක්ද?” යන සොක්‍රටීස්ගේ ප්‍රශ්න කිරීමෙන් සංවාද පෙළ ආරම්භ වෙයි.

ප්ලේටෝගේ අදහස පාලකයා දාර්ශනිකයෙක් විය යුතුයි. දාර්ශනිකයා පාලකයෙක් විය යුතුයි යන්නයි. ජනරජයේ විස්තර කරන යුක්ති සහගත රාජ්‍යයේ ප්‍රධාන පංති තුනක් වෙයි. පොදු ජනයා, යුද සෙබලු හා ආරක්ෂකයින් ය. “එසේ නම් ආරක්ෂකයින් අතරින් හොඳම අය පාලකයින් විය යුතුය” යි රිපබ්ලික්හි දක්වා ඇත. දේශපාලන බලය හිමි වන්නේ මෙම හොඳම පිරිසටයි. ප්ලේටෝ මෙලෙස සමාජය දේශපාලනිකව පංති බෙදීමකට ලක් කරයි. ඔහු දක්වන යුක්ති සහගත පරමාදර්ශී රාජ්‍යයේ අධ්‍යාපනය

Politeia_beginning._Codex_Parisinus_graecus_1807

ප්‍රමුඛ වෙයි. තවද ජනරජයේ අධ්‍යාපනය, දරුවන් හා භාර්යාවන් පොදු දේවල් ලෙස දක්වා ඇත. සෑම දරුවෙකුටම ගැහැණු පිරිමි බේදයකින් තොරව අධ්‍යාපනය ලබා දිය යුතුය. සංගීතය ශාරීරික අභ්‍යාස මෙන්ම යුධ ශිල්පය මේ අයට ලබා දිය යුතුය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්ලේටෝ නිර්දේශ කරයි. වම්වරු වයස 20 හා 40ත් අතර සහ පියවරු වයස 25ත් 55ත් අතර විය යුතු යැයි කියන ප්ලේටෝ මේ වයස් කාණ්ඩවල අයට පමණක් යහපත් දරුවන් බිහි කළ හැකි බව පවසයි. මෙයට අයත් නැති වයස් කාණ්ඩවල අය සංවාසය තහනම් නැතත් එයින් උපදින දරුවන් ගබ්සා කළ යුතු හෝ බාල ඝාතනයට ලක් කළ යුතු බව දක්වා ඇත.

අවුරුදු 10දී දෙමාපියන්ගෙන් ළමයින් වෙන් කර ඔවුන් පුහුණු කිරීම සඳහා සැකසූ ස්ථානවල අවුරුදු 10ක් අධ්‍යාපනය ලබා දිය යුතුය. ඉන් අනතුරුව පොදු පරීක්ෂණයක් තබා ඉන් අසමත් වන අය නිෂ්පාදන වාණිජ ගෘහමය ආදී කටයුතුවලට යොදවයි. සමත් වන පිරිස තවත් දස අවුරුදු පුහුණුවකට ලක් කරයි. ඉන් පසු ද පරීක්ෂණයක් තබා අසමත් වන අය ආරක්ෂක කටයුතුවලට යොදවයි. සමත් වන අය තවත් පස් අවුරුදු විශේෂ පුහුණුවකට ලක් කරයි. මෙසේ වයස 35දී සියළු පරීක්ෂණ සමත් වෙන පිරිස දාර්ශනික පාලකයන් ලෙස තෝරා ගන්නා අතර, ඔහුන් පොපතින් ලද දැනුම සාමාන්‍ය ජනයා අතර සිට ප්‍රායෝගිකව අත්දැකිය යුතු නිසා තවත් අවුරුදු 15ක් එසේ පොදු ජනයා අතර විසිය යුතුය. ඒ වන විට ඔහුන් 50 වැනි වියට එළැඹ ඇති නිසා පාලකයින් විය යුත්තේ ඔවුන් ය.

මේ පාලක පිරිසට ඇත්තේ සියල්ල පොදු වූ ක්‍රමයකි. නිවාස පොදුය කෑම පොදුය. භාරියාවන් පොදු ය. ඔවුන්ට පෞද්ගලික දරුවන් නොමැති අතර ඔවුන්ගේදරුවන් සියල්ල පොදු ය. පෞද්ගලික දේපලද මොවුන්ට නැත. මෙසේ ප්ලේටෝ ඉදිරිපත් කර මනෝරාජික ජනරජයේ දාර්ශනික පාලක පිරිස ගැන පරිච්ඡේද රාශියකින් දක්වා ඇත. ඒ අතර රාජ්‍ය පාලන ක්‍රම ගැන ද, ඒවායේ හොඳ නොහොඳ ගැන ද 7  සහ 8 පරිච්ඡේදවල දක්වා ඇත.
“එහෙත් ඔබ දන්නවා ඇති පාලන ක්‍රම ගස් ගල් ආදිය ඉබේ රෝපණය නොවන බව. ඒවා ගොඩ නැගෙන්නේ අදාල පුරවරයන් තුළ වෙසෙන මිනිසුන්ගේ ස්වාභාවය අනුවයි” යනුවෙන් ඒ ඒ පාලන ක්‍රම ඇතිවීමට හේතුවද දක්වා ඇත. පිරිහිණු රාජ්‍ය පාලනයන්හි ලක්ෂණ දක්වන විට ඒවා අප සජීවි අත්දැකීම් අවදි කරයි.

“……මෙසේ ඒකරාශී වූ ධනය සඟවා තබන තැන් බහුල වනු ඇත. තම ධනය කෙරෙන් ඔවුන් හා ඔවුන්ගේ භාර්යාවන් අතිශය සුඛෝපභෝගී ජීවිත ගත කරනු ඇත. නියම අධ්‍යාපනයක් ලැබීමේ වරම නොලද ඔවුහු මිල මුදල් කෙරෙහි අධිකතර ගිජුබවක් දක්වමින් තම ධනය පසෙක තබා සෙසු අයගේ ධනයෙන් යැපීමට උත්සුක වනු ඇත”

සටන්කාමී බව, වීරත්වය, උද්යෝගය ආදිය වඩවන කලා කෘති හැර එසේ නොවන ඒවා තහනම් කළ යුතු හෝ එවැනි දෑ නිර්මාණය කරන අය ජනරජයෙන් පිටකළ යුකු කළ යුතු බව ප්ලේටෝ කියයි. විශේෂයෙන් කවීන් ලේඛකයන, නාට්‍යකරුවන් ආදීන් පිළිබඳව බලවත් විවේචනයක් ප්ලේටෝ ඉදිරිපත් කරයි. බියට පත් කරන, හැලඩීම

Plato-1

ට ලක් කරන, අලස බව ඇති කරන නිර්මාණකරුවන් දැඩි විවේචනයට ලක්ව ඇත. අවසාන පරිච්ඡේදවල සංකල්ප විස්තර කිරීමක් දැකිය හැක.

දෙවියන් පිළිබඳ දැඩි විශ්වාසයක් තබා ඇති ප්ලේටෝ දෙවියන්ව විවේචනය කරන හෝමර් වැන්නන්ට දොස් නඟයි. රෆායෙල්ලෝ සන්සියෝ විසින් අඳින ලද ප්ලේටෝගේ සුප්‍රසිද්ධ සිතුවමේ දක්වා ඇත්තේ ද දෙවියන් දෙසට සිය ඇඟිල්ල දිගු කර ගෙන සිටින ආකාරයට යි.

පොදුව් ගත් කළ විධිමත් දේශපාලන රටාවක් රචනාවක් නොමැති ක්‍රි. පූ. 5 වෙනි සියවසේ ජනරජය වැනි කෘතියක් ලිවීම මඟින් එදා සිට අද දක්වා විධිමත් රාජ්‍ය පාලනයක් ගොඩ නැගීමේදී මහත් ආදර්ශයක් වී ඇත. කෙසේ වෙතත් ප්ලේටෝ වහල් හිමි රාජ්‍යයට සපුරා විරෝධය දක්වා නැති අතර, ඔහු දුටු රාජ්‍ය පාලකයන්ගේ නුගුණ නැති පිරිසක් තනා තැනීම කෙරෙහි ඔහුගේ අවධානය යොමු වූ බව සටහන් කළ යුතුය. කෙසේ වෙතත් ඉතා රසවත්ව කියවිය හැකි එදා මෙදා දක්වා නොව අනාගතයටත් විශේෂයෙන් දේශපාලනයට ආදර්ශ සපයන කෘතියක් ලෙස”ජනරජය” අප හැදෑරිය යුතුය. මන්ද ප්ලේටෝ ක්‍රි. පූර්ව යුගයේ දක්වන සමහර දෑ අද අපගේ දෑස් මානයේ විද්‍යාමානව ඇති

නිසා ය.

විමර්ශන