අධිරාජ්‍යවාදයේ සමාජ සංස්කෘතික භූමිකාව

124388-050-EFAFCE59
ශිෂ්ටාචාර බිහිවීම හා ඉතිහාසය
March 14, 2019
The 1943 Famine in India and the role of Winston Churchill
March 18, 2019
Show all

අධිරාජ්‍යවාදයේ සමාජ සංස්කෘතික භූමිකාව

14322744_1784304441787462_9012165818170422667_n

ධනවාදයේ ඉහළම අවධිය මෙන්ම, ධනවාදයේ අවසන් අවධිය වන අධිරාජ්‍යවාදී යුගයේ දී සිදුවනුයේ බලවත් රටවල් විසින් දුර්වල රටවල් යටත් කර ගැනීමයි.

අධිරාජ්‍යවාදය මූල්‍ය ප්‍රාග්ධනයේ සහ ඒකාධිකාරවල යුගය ය. ඒවා හැම තැනකදීම උත්සාහ කරන්නේ, ආධිපත්‍යය අත්කර ගැනීමට මිස නිදහස සඳහා නොවේ.

ලෙනින්; අධිරාජ්‍යවාදය ධනපති ක්‍රමයේ ඉහළම අවධියයි

රටවල් යටත් කර ගැනීම අධිරාජ්‍යවාදයේ ආර්ථික වුවමනාවන් විසින් පොළඹවනු ලබන්නකි. ආර්ථික ආක්‍රමණය වෙනුවෙන් දේශපාලන, යුධමය හා සංස්කෘතික ආක්‍රමණය ද පැමිණේ. අධිරාජ්‍යවාදයේ මුල් අවධියේ දී එය සෘජු යටත්විජිතකරණයක් විය. පසුව එය නව යටත්විජිතකරණය බවට පත්වූ අතර, මේ වන විට එය යළි යටත්විජිතකරණ තත්වයක් බවට පත්වෙමින් තිබේ. මෙකී සෑම අවධියකදීම මූලික වශයෙන් ආර්ථික පරාධීනත්වය ඇති කරනු ලැබූ අතර එහිම ප්‍රතිඵලයන් ලෙස සංස්කෘතික පරාධීනත්වයක්ද ඇති කෙරුණි. මෙම ලිපිය මගින් අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ, අධිරාජ්‍යවාදීන් විසින් සමාජ හා සංස්කෘතික ක්ෂේත්‍රයේ සිදු කරනු ලබන මැදිහත් වීමයි. සමාජ හා සංස්කෘතික ක්ෂේත්‍රයට අදාළව සාකච්ඡා කරද්දී මූලික වශයෙන් අපගේ අවධානය යොමුවන්නේ මතවාදී, අධ්‍යාපන, කලා හා සංස්කෘතික හා ජනතාවගේ ජීවන විලාසයට අදාල කාරණා ගැනය.

අද සාකච්ඡා කිරීමට බලාපෙරොත්තු වන මතවාදී, අධ්‍යාපන, කලා, සංස්කෘතික හා ජීවන විලාසයන් යනාදී ක්ෂේත්‍රයන් අයත් වන්නේ, සමාජයේ උඩු ව්‍යුහයටය. උත්තර් නිර්මිතයටය. උත්තර් නිර්මිතය යනු කිසියම් සමාජ ක්‍රමයක පදනම වන ආර්ථිකය විසින් ඇති කරනු ලබන්නකි.

අඩිතාලම නිසා ජීවය ලබන උඩු ව්‍යුහය, එය සමග අවියෝජනීය ලෙස වෙලී පවතී. අඩිතාලම කෙසේද උඩු ව්‍යුහයද ඒ අනුව වන්නේය.

වී.ජී. අපනාසියෙව් – ඓතිහාසික භෞතිකවාදය

 

එබැවින් අධිරාජ්‍යවාදයේ ආර්ථික වුවමනාවන් විසින් නිරායාසයෙන්ම ඉහත කී ක්ෂේත්‍රවල හැඩතල සකසනු ලැබේ.

ඒ අතරම සමාජ ක්‍රියාවලියේ සියලූම සංසිද්ධීන් සැලසුම්කරණයක් තුළ සිදුවේයයි තේරුම් ගැනීම අවිද්‍යාත්මක වේ. සමාජ ක්‍රියාවලිය තුළ අනිවාර්යක් මෙන්ම අහඹුන්ද ඇතිවේ. අනෙක් අතට සෑම අහඹුවක්මද අනිවාර්යයක් වේ. එබැවින් අප මෙහිදී සාකච්ඡා කරනු ලබන සියලූ දේ අධිරාජ්‍යවාදීන් විසින් ‘අ’ යන්නේ සිට ‘ආ’ යන්න දක්වා සැලසුම් කළ ඒවා ලෙස තේරුම් ගැනීම නිවැරදි නොවේ. ඒවා හේතු ඵලයන් ලෙස පමණක් නොව අනිවාර්යය හා අහඹුව තුළද සිදු වන ඒවා ලෙස තේරුම් ගත යුතුය.

අධිරාජ්‍යවාදයේ ආර්ථික වුවමනාවන් විසින් බල කරනු ලබන ආකාරයට අධිරාජ්‍යවාදී රටවල පාලකයන්ද විවිධ ආයතනද සංවිධානද ක්‍රියාත්මක වේ. අධිරාජ්‍යවාදී සූරාකෑම ගැටලූවකින් තොරව පවත්වාගෙන යාමට  නම් අධිරාජ්‍යවාදීන්ට අනෙකුත් ක්ෂේත්‍රවලට මෙන්ම සමාජ හා සංස්කෘතික ක්ෂේත්‍රයටද අනිවාර්යෙන්ම මැදිහත් වීමට සිදුවේ. එහිදී තමන්ට අවශ්‍ය මතවාදයන් නිෂ්පාදනය කිරීමට, තමන්ට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කරන ජනතාවක් බිහිකර ගැනීමට, තමන්ට අවශ්‍ය ආකාරයේ ජීවන රටාවක් ඇතිකරලීමට ඔවුන් මැදිහත් වේ. ඒ සඳහා භාවිතා කළ හැකි සියලූ මෙවලම් ඔවුන් විසින් භාවිතා කරනු ලැබේ.

මතවාදී ක්ෂේත්‍රය

තමන්ගේ ආක්‍රමණකාරිත්වය සාධාරණීකරණය කර ගැනීමටත් අධිරාජ්‍යවාදී සූරාකෑම පවත්වා ගෙන යාමටත් පවත්නා ධනේශ්වර මතවාදයට අමතරව අධිරාජ්‍යවාදීන්ට විවිධ සමාජ මතවාදයන් හඳුන්වා දීමටත් ඒවා සමාජගත කිරීමටත් ඒවා සමාජයේ ප්‍රධාන මතවාදී ධාරාව ලෙස පවත්වාගෙන යාමටත් සිදුවේ. ‘ණය ලබා නොගෙන රටක් දියුණු කළ නොහැකිය’ යන මතවාදයත්  ‘ජාතිකත්වයන්, ජන කණ්ඩායම් අතර ගැටුම්වලදී විසඳුම වන්නේ, බෙදී වෙන්වීමය’ යන බෙදුම්වාදී මතවාදයත් ‘ආරක්‍ෂාකිරීමට ඇති  වගකීම හෙවත් ඍජු’ යන මතවාදයත් ඒවාට උදාහරණය. මීට අමතරව අධිරාජ්‍යවාදී රටවල ජනතාව තුළ තමන්ගේ රට ගැනත් සංස්කෘතිය ගැනත් අනවශ්‍ය උද්දාමයක් ඇති කිරීමටත් යටත්විජිතවල ජනතාවගේ මනෝභාවයන් තුළ සංස්කෘතිකමය වශයෙන් පරාධීන, ගැති මානසිකත්වයක් ඇති කිරීමටත් ඔවුන් විසින් කටයුතු කරනු ලබයි. මෙම මතවාදයන් නිර්මාණය කිරීම සඳහාත් තහවුරු කිරීම සඳහාත් ඔවුන් සිද්ධීන් නිර්මාණය කිරීමටත් විවිධ තත්වයන් හේතු කොට ගෙන ඇති වූ සිද්ධීන් තමන්ට වුවමනා ආකාරයට අර්ථකථනය කර ගනිමින් පාවිච්චියට ගැනීමත් සිදු කරනු ලබයි.

‘අධිරාජ්‍යවාදය සදහටම නැති වී ගොසිනි’

දෙවන ලෝක යුද්ධයෙන් පසු අධිරාජ්‍යවාදී සූරාකෑම තව දුරටත් සෘජු යටත්විජිතකරණය හරහා ගෙන යාමට නොහැකි විය. එබැවින් අධිරාජ්‍යවාදයේ නව සූරාකෑමේ ආකාරය නව යටත් විජිතවාදය බවට පත් විය. එහෙත් එය සැඟවීමටත් අධිරාජ්‍යවාදය තව දුරටත් නොපවතින බවටත් තහවුරු කිරීමට අධිරාජ්‍යවාදීන්ට වුවමනා විය. නව යටත්විජිතවාදය යන වචනයට පවා ඔවුහු බිය වූහ.

අධිරාජ්‍යවාදය තවදුරටත් නොපවතින බව තහවුරු කිරීමට ඔවුන් විශාල මතවාදී ප්‍රහාරයක් එල්ල කළේය. උදාහරණයක් ලෙස යටත්විජිතවාදය පිළිබඳ බටහිර සුප්‍රසිද්ධ විශේෂඥයෙක් වන ආර්. එමර්සන් දෙවන ලෝක යුද්ධයෙන් පසුව සමකාලීන ලෝකයේ සංවර්ධනය වන රටවල ක්‍රියාකලාපය ගැන පවත්වන අන්තර්ජාතික සාකච්ඡාවකදී මෙසේ පවසා තිබිණි. “අධිරාජ්‍යවාදය සදහට නැතිවී ගොසිණි. දැන් ඒ රටවල් වර්ධනය වෙමින් පවතින රටවල් සමග සම අයිතිය සහ මිත්‍ර සහයෝගීතාවය අනුව කටයුතු කිරීමට ඒ රටවල ජනතා සංවර්ධනයට ආධාර දීමට ඉදිරිපත් වී සිටිති.” (කරෙන් බෲටෙන්ටිස් – නව යටත්විජිතවාදය: හරය හා විධි)

එංගලන්තයේ අගමැතිව සිටි කොන්සර්වේටිව්වාදී ඩග්ලස් හියුම් 1964 මාර්තු මාසයේදී මෙසේ පැවසීය. “එංගලන්තයේ දේශපාලන ශබ්ද කෝෂය තුළ නව යටත්විජිතවාදයට ඉඩක් නැත. එම වචනයේ තේරුම කුමක්දැයි අපි නොදනිමු. එම ද්වේශ සහගත වචනය අප මනසින් සම්පූර්ණයෙන් මකා දැමිය යුතුය. “Times” – 1964  

බ්‍රිතාන්‍ය අගමැති හියුම්ගේ එම ප්‍රකාශයට ලන්ඩන් ටයිම්ස් පුවත්පත් පාර්ලිමේන්තු වාර්තාකරු එකඟ නොවූ බව කිව යුතුය. තරමක නොරිස්සුම් ගතියකින් හෙතෙම මෙසේ ලිවීය.

නව යටත්විජිතවාදය කුමක්දැයි සර් හියුම් නොදන්නේ නම් ඒ ගැන ඔහුට කියා දිය යුතුය. නව යටත්විජිතවාදය යනු අන්කිසිවක් නොව දේශපාලන හා යුධමය ආධිපත්‍යය වෙනුවට අර්ථික ආධිපත්‍යය ඇතිකිරීමයි.

කරෙන් බෲටෙන්ටිස් – නව යටත්විජිතවාදය:හරය හා විධි

“ණය නොගෙන රටක් දියුණු කළ නොහැකිය.”

“ණය ලබා නොගෙන රටක් දියුණු කළ නොහැකිය” යන සංකල්පය වඩාත් වැඩි තීව්‍රතාවයකින් යුතුව සමාජ ගත කරනු ලැබුවේ නව යටත්විජිතවාදී අවධියේදීය. නව යටත්විජිතවාදයේදී අධිරාජ්‍යවාදී සූරාකෑමේ ප්‍රධාන මෙවලමක් වූයේ ණය හා ආධාරයි. අධිරාජ්‍යවාදී රටවල් සෘජුවම දුර්වල රාජ්‍යයන්ට ණය හා ආධාර ලබා දීමට ඉදිරිපත් වූ අතර ඊට අමතරව ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි ආයතනද පිහිටවනු ලැබීය. එවිට රටවල් ණය ලබාගැනීමට පෙළඹවීම සඳහා මතවාදී පදනම සකස් කරනු ලැබුවේ ඉහත සංකල්පයෙනි. රටවල් දියුණු වූයේ ණය හා ආධාර ලබා ගැනීමෙන් බවත් ණය ලබා නොගෙන රටක් දියුණු කළ නොහැකි බවත් බුද්ධිමය ක්ෂේත්‍රයන් තුළ ප්‍රධාන මතවාදය බවට පත් වූයේ ඒ අනුව ය. ශ‍්‍රී ලංකාව තූළදී ද මෙම මතවාදය ප්‍රචලිත කරනු ලැබිණි. ඒ වෙනුවෙන් පෙනී සිටින ආර්ථික විශේෂඥයන්, බුද්ධිමතුන්, දේශපාලනඥයන්, මත පළ කරන්නන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආදීන්ගේ කුලකයක් බිහි විය. ඔවුන් විසින් ආණ්ඩුවේ ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කරනු ලැබිණි.

බෙදුම්වාදය

බෙදා වෙන් කර පාලනය කිරීම අධිරාජ්‍යවාදීන්, විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය සහ ඇමරිකන් අධිරාජ්‍යවාදීන් ඉතා සාර්ථක ලෙස අත්හදා බැලූ පාලන ක්‍රමයකි. යටත්විජිත, නව යටත්විජිත රටවල ජනතාවන් විවිධ සීමාවන් මායිම් ඔස්සේ බෙදා විරසක කර එවිට පැන නගින ප්‍රතිවිරෝධතාවන් තම වාසියට හරවා ගෙන යටත්විජිත සහ නව යටත්විජිත පාලනය පහසුවෙන් කර ගෙන යනු ලැබේ. ඊට අමතරව රාජ්‍යන් බෙදා කැබලිකර දුර්වල කුඩා රාජ්‍යන් බිහි කර, ඒවා තම ආධිපත්‍යයට යටත් කර ගනු ලැබේ.

මෙකී ක්‍රියාවලිය පවත්වා ගෙන යාම සඳහාත් සාධාරණීකරණය කර ගැනීම සඳහාත් ඔවුන්ට බෙදුම්වාදී මානසිකත්වය නඩත්තු කිරීමට අවශ්‍ය වන්නේය. ඒ සඳහා ඔවුහු විවිධ ක්‍රම භාවිතා කරමින් බෙදුම්වාදී මතවාදය නඩත්තු කරගෙන යති. මේ සම්බන්ධයෙන් හොඳම අත්දැකීම අපට හමුවන්නේ ශ‍්‍රී ලංකාවෙනි. එහිදී අධිරාජ්‍යවාදීන් කෙතරම් සමත් වී ඇත්ද යත් ඇතැම් මාක්ස්වාදී පක්‍ෂ පවා සිය බෙදුම්වාදී මතවාදය පෝෂණය කරන්නන් බවට පත්කරගනු ලැබ තිබේ. ශ‍්‍රී ලංකාවේදී ජනතා විමුක්ති පෙරමුණ හැර අනෙකුත් සියලූම දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම් ජාතික ප්‍රශ්නයේදී නියෝජනය කරනුයේ බෙදුම්වාදයට පක්ෂපාතී ස්ථාවරයකි.

මීට අමතරව ඔවුන් විසින් ශ‍්‍රී ලංකාව තුළදී සුළු ජාතික ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින විමධ්‍යගතකරණය ජාතික ගැටලූවට ඇති එකම විසඳුම සේ පිළිගනු ලබන පිරිසක් නඩත්තු කරමින් පවත්වාගෙන යනු ලැබේ. එම කණ්ඩායම තුළ ආගමික නායකයින්, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ලේඛකයන්, දේශපාලනඥයින් ආදී සෑම ක්ෂේත්‍රයකම පිරිසක් ගොනුකරගෙන සිටී. එතැනින් නොනැවතී බෙදුම්වාදී මතවාදය පෝෂණය කරන විෂයන් උසස් අධ්‍යාපනය තුළත් ද්විතීයික අධ්‍යාපනය තූළත් විෂය නිර්දේශයට ඇතුළත් කරනු ලැබ තිබේ. බෙදුම්වාදී මතවාදයන් වෙනුවෙන් වැඩකරන රාජ්‍ය නොවන සංවිධාන සිය ගනණක්ද නඩත්තු කරගෙන යනු ලැබේ.

ඍජු සංකල්පය

සමාජවාදී කඳවුර බිඳවැටීමෙන් පසු අධිරාජ්‍යවාදය වේගයෙන් ව්‍යාප්ත විය; වර්ධනය විය. එහෙත් නොබෝ කලකින්ම අර්බුදයට පත්විය. මේ මොහොතේදී සියලූ අධිරාජ්‍යවාදී රටවල ආර්ථිකයන් කඩා වැටී තිබේ.  ඉන් ගොඩ ඒමට ඔවුන්ට නව යටත්විජිතවාදී සූරාකෑමෙන් පමණක් නොනැවතී රටවල් සෘජු ලෙස කොල්ලකෑමට බලකෙරී තිබේ. රටවල් සෘජු ලෙසම යටත් කර ගැනීමට සිදුවී තිබේ.

එහිදී පොදු පිළිගැනීමෙහි පවතින රටක ‘ස්වෛරීභාවය’ යන සංකල්පය ඔවුන්ට මහත් බාධාවක් වී ඇත. එබැවින් ස්වෛරීභාවය අබිබවමින් මැදිහත් වීම සඳහා අවශ්‍ය නව සංකල්පයක් බිහිකරනු ලැබිණි. එය ඍජු හෙවත් ‘ආරක්‍ෂාකිරීමට ඇති වගකීම’ නම් වේ.

මේ සංකල්පය ගොඩනැගීම සඳහා අධිරාජ්‍යවාදීන් යොදා ගනු ලැබුවේ ඔවුන්ගේ බෙදා වෙන්කර පාලනය කිරීමේ ක්‍රමවේදය නිසාම වර්ධනය වූ ජාතිකත්ව හා ජනවාර්ගික ගැටුම්ය. ඒවායේදී සිදුවූ මහා පරිමාණ මිනිස් ඝාතන හා මානව හිමිකම් උල්ලංඝනය වීම්ය. රුවන්ඩාවේ, සෝමාලියාවේ, බොස්නියාවේ, හා කොසෝවේ ඇතිවූ මහා පරිමාණ මිනිස් ඝාතනවලින් සමස්ත ලෝකයම සසල විය. අධිරාජ්‍යවාදීන් මෙම සිදුවීම් ඔවුන්ගේ මාධ්‍ය ආයතන හරහාත් චිත්‍රපට, ලිපි ලේඛන, සාකච්ඡා, සංවාද ආදී වෙනත් ක්‍රම මගිනුත් (උදාහරණයක් ලෙස රුවන්ඩාවේ සිදුවූ මහා මිනිස් ඝාතනය පිළිබඳ Hotel Rawanda වැනි චිත්‍රපට කීපයක්ම නිපදවිණි. ඒ සඳහා ආධාර කළේ BBC  ආයතනයයි.) ලොව පුරා ප්‍රචාරය කළ අතර ඒ පිළිබඳව සංවාදයක් ගොඩනගන ලදී. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් කොෆී අන්නන් “මිනිසත් බවට නොගැලපෙන්නා වූ නග්න මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට (රුවන්ඩාවේ, බොස්නියාවේ සිදු වූ) රටක ස්වෛරීත්වයට පිළිගත නොහැකි දරුණු පහරක් වුවද, මානවවාදී මැදිහත් වීම් නොවන්නට අපි ප්‍රතිචාර දක්වන්නේ කෙලෙසක දැයි ඇසීය.

ඉන් පසුව 2000 සැප්තැම්බර් මාසයේදී කැනේඩියානු ආණ්ඩුවේ මැදිහත් වීමෙන් පිහිටවනු ලැබූ මැදිහත්වීම හා රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ කොමිසම මගින් ඍජු සංකල්පය සාදා නිමකරන ලදී. (කොෆී අන්නන් එම කමිටුවේ සාමාජිකයෙක් විය.) එහි පැවති එක්සත් ජාතීන්ගේ විශේෂ සමුළුවකදී එය එම සංවිධානයේ මූලධර්මයක් ලෙස පිළිගැනුණි. අද දවසේ ලිබියාව වැනි රටවල් ආක්‍රමණය කරනු ලබන්නේ, එලෙස හඳුන්වා දුන් ඍජු සංකල්පයට මුවාවීගෙනය.

ශ‍්‍රී ලංකාවට අදාළවද මෙම සංකල්පය යොදා ගැනීමේ උත්සාහයක් තිබුණි. සංකල්පයක් ලෙස මෙය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබූවේ 2007 ජූලි 29 දින පැවැත්වූ නීලන් තිරුචෙල්වම් අනුස්මරණ දේශනයේදී, එම සංකල්පයේ නිර්මාතෘවරයකු වන  ඕස්ටේ‍්‍රලියාවේ හිටපු විදේශ ඇමතිවරයකුද වන ගැරත් එමනින් විසිනි.

සංස්කෘතිකමය පරාධීනත්වය

අධිරාජ්‍යවාදීන් විසින් දුර්වල රටවල සංස්කෘතික පරාධීනත්වයක්ද ගොඩනගනු ලබයි. එලෙස ගොඩනගනු ලබන සංස්කෘතික පරාධීනත්වය, එකී රටවලට මැදිහත් වීමේදී පැති ගණනාවකින්ම අධිරාජ්‍යවාදීන්ට වාසිදායක තත්වයක් ගොඩනගනු ලබයි.

මෙම තත්වය එනම්, සංස්කෘතික පරාධීනත්වය ගොඩනැගීම පැති දෙකකින් විද්‍යාමාන වේ. එකක් වන්නේ බලවත් රාජ්‍යයේ පැත්තෙන් ගොඩනැගෙන්නා වූ තමන් උසස්ය යන සංකල්පයයි. එය සෘජු යටත්විජිතවාදයේදී ඉතාම නරුම ආකාරයකින් ප්‍රකාශ වුණි.

ඉන්දියාව, බ්‍රිතාන්‍යයේ සෘජු යටත්විජිතයක්ව පැවති අවධියේදී ඉන්දියාවේ ප්‍රධාන අණදෙන නිලධාරියකු වූ බ්‍රිතාන්‍ය ජාතික කිඞ්නර් සාමිවරයා එක් අවස්ථාවක මෙසේ ප්‍රකාශ කර තිබුණිි.

අපට ඉන්දියාව ජය ගැනීමට හැකි වී ඇත්තේ, යුරෝපීයන්ගේ නෛසර්ගික උසස්කම පිළිබඳ හැඟීම නිසාය. කොතරම් උගතෙකු වේවා, කෙයිතරම් දක්‍ෂයෙකු වේවා, කෙතරම් නිර්භීත පුද්ගලයකු ලෙස ඔප්පුකර සිටියේද වේවා ඔහු ස්වදේශිකයකු නම් අප විසින් ප්‍රධානය කරන ලද කවර තත්වයන් නිසා හෝ ඔහු බ්‍රිතාන්‍ය නිලධාරියකු හා සමාන කළ නොහැක.

ආසියාව හා බටහිර ආධිපත්‍යය – කේ.එම්. පනික්කාර්

බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ ලේකම්වරයකු වූ සෙටත්කර් මෙසේ ප්‍රකාශකර තිබුණි.

මෙය ඉන්දියාවේ වූ ඉංග‍්‍රීසි ජාතිකයකු විසින්ම දැඩි ආශාවෙන් වගාකළ හැඟීමකි, – උසස්ම තැනැත්තාගේ සිට පහත්ම පුද්ගලයා දක්වා – තම කුඩා බංගලාවේ විසූ වැවිලිකරුවාගේ සහායකයා විසින්ද, ප්‍රෙසිඩන්සි නගර මධ්‍යයේ වූ කර්තෘ විසින්ද වැදගත් ප්‍රදේශයක් භාරව සිටි ප්‍රධාන කොමසාරිස්වරයාගේ සිට සිහසුනෙහි සිටි ප්‍රතිරාජයා දක්වාද පාලනය කිරීමටත් යටත් කිරීමටත් දෙවියන් වහන්සේ විසින් වරම් දුන් වර්ගයකට තමා අයිති බව සෑම මිනිසකු තුළම දැඩි හැඟීමක් විය.

ආසියාව හා බටහිර ආධිපත්‍යය – කේ.එම්. පනික්කාර්

අද ද එතරම් නරුම ආකාරයකින් නොවුවද එයම සිදුවේ. එක් අවස්ථාවකදී එවකට ශී‍්‍ර ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඩොමිනික්  ඕල්කොට් ශී‍්‍ර ලංකාවේ වැඩ කරන භාෂාව ඉංගී‍්‍රසි විය යුතු යයි පවසන්නේ, එකී මනෝභාවය සහිතවය. ශී‍්‍ර ලංකාවේ හිටපු ඇමරිකානු මහ කොමසාරිස්වරයකු වූ රොබට්  ඕ බ්ලේක් ශ්‍රී ලංකාව බලය බෙදීම පිළිගත යුතුයැයි පවසන්නේ එකී මනෝභාවය සහිතවය.

අනෙක් සංකල්පය වන්නේ, දුර්වල රාජ්‍යයේ ජනතාව තුළ බලවත් රාජ්‍යයේ විලාසිතාවන්, ජීවන රටාවන්, (උදාහරණයක් වශයෙන් මැක්ඩොනල්ඞ්කරණය (Mcdonalization) දැනුම, කලාව ආදිය විචාරයකින් තොරව උසස් යයි පිළිගැනීමේ, එයට වන්දනාමාන කිරීමේ මනෝභාවයත් ඒවා අනුකරණය කිරීමට ඇති කැමැත්තත්ය.

අධිරාජ්‍යවාදී රටවල තමන්ට අවශ්‍ය වැඩ පිළිවෙළවල්, තමන්ට අවශ්‍ය නායකයින්, තමන්ට අවශ්‍ය සංකල්ප ආදිය තවත් රාජ්‍යයන් පිට පැටවීමේදී මෙකී මනෝභාවය විසින් ඉතා පහසු වටපිටාවක් සකසා දෙයි.

අධ්‍යාපනයට කරනු ලබන මැදිහත් වීම

තම රටවල අධ්‍යාපනික, භාෂා හා සංස්කෘතික ප්‍රතිපත්ති තමන්ට අවශ්‍ය ලෙස සකස් කිරීමද අධිරාජ්‍යවාදයේ පළල් වැඩපිළිවෙළකි. ණය හා ආධාර ලබා දීම මගින් ලෝක බැංකු උපදේශකයන් මගින් අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීමට ඔවුන් සෘජුවම මැදිහත් වේ. උදාහරණයක් ලෙස ශී‍්‍ර ලංකාවේ පාසල් විෂය මාලාවෙන් ඉතිහාසය විෂය ඉවත් කිරීම, ඉංගී‍්‍රසි මාධ්‍ය හඳුන්වා දීමට ගන්නා උත්සාහය, ගුරු පුහුණුව විදේශිකයන් යටතට ගැනීම, පෙළපොත් රචනය පුද්ගලික අංශයට පැවරීම ආදිය දැක්විය හැකිය.

මීට අමතරව තමන් විසින් මෙහෙයවන රාජ්‍ය නොවන සංවිධාන මගින්ද තානාපති කාර්යාලවල සංස්කෘතික අංශ හරහාද අධ්‍යාපනයට මැදිහත් වනු පෙනේ. 2007 අග භාගයේදී සංස්කෘතික ආක්‍රමණික කටයුතුවල හා ඔත්තු බැලීම් කටයුතු වල යෙදුණේය යන චෝදනාව මත රුසියාවේ තිබූ ‘බ්‍රිටිෂ් කවුන්සිල්’ (British Council )කාර්යාල දෙකක් වසා දැමුණි.

එසේම අධිරාජ්‍යවාදීන්ට යොදා ගත හැකි රටවල ප්‍රභූ හෝ සුවිශේෂීත්වය සහිත පවුල්වල පුද්ගලයන් හඳුනාගෙන, ඔවුන් අධිරාජ්‍ය ගැති මානසිකත්වයකට, අධිරාජ්‍ය ගැති සංස්කෘතියකට හා භාවිතයකට හුරුකෙරේ. මේ වෙනුවෙන් මැදිහත්වන ආයතන හා වැඩසටහන් ගණනාවක්ම වේ. උදාහරණයක් ලෙස  ්‍යැරසඒටැ ත්‍දමබා්එසදබල ත්‍මකක ඊරසටයඑ ීජයදක්රියසච ඡුරදටර්පපැ සහ අනාගත ලෝක නායකයන් බිහිකිරීමේ වැඩපිළිවෙළ ආදිය දැක්විය හැකිය. මෙලෙස ගොඩනගනු ලබන්නන් ඒ ඒ රටවල මත පලකරන්නන්, දේශපාලන පක්‍ෂ නායකයන්, විවිධ සමාජ සංවිධානවල නායකයන් ලෙස අධිරාජ්‍යවාදී වුවමනාවන් තමන්ගේ රටවලදී ඉටු කරනු ලබයි. එසේම දැනටමත් සමාජ කි‍්‍රයාකාරිත්වයක යෙදෙන සුවිශේෂී චරිත බිලිබා ගැනීමද ඔවුන්ගේ වැඩපිළිවෙළේ කොටසකි.

කලා ක්ෂේත්‍රයට සිදුකරනු ලබන මැදිහත් වීම

අධිරාජ්‍යවාදීන් කලා ක්ෂේත්‍රයටද මැදිහත් වේ. ඒ අනුව ඒ ඒ රටවල කලා කෘතිීන් මගින් තමන්ට අවශ්‍ය මතවාදයන් සමාජගත කරනු ලබයි. මෙහිදී දුර්වල රටවල ඇති තාක්‍ෂණයේ අඩුපාඩු, සම්පත් හිඟය, මූල්‍ය හිඟය, සහ ඒ රටවල කලා ක්ෂේත්‍රයේ සංවර්ධනයට වැඩපිළිවෙළක් නොමැතිකම ඔවුන්ගේ වාසියට හරවා ගනු ලැබේ. කලා කෘති නිෂ්පාදනය සඳහා ආධාර ලබා දීමෙන්, තමන්ට අවශ්‍ය මතවාදයන් සියුම්ව සමාජගත කරනු ලබන කලා කෘතීන්ට සම්මාන ලබා දීම ආදී ක්‍රම මගින් ඔවුන් ක්ෂේත්‍රයට මැදිහත් වේ. මීට අමතරව තමන්ගේ රටවල නිපදවන කලා කෘතිද තමන්ට හානියක් නොවන හා ඇතැම්විට තමන්ට අවශ්‍ය මතවාදයන් සමාජ ගතකරන මෙවලම් බවට පත්කර ගැනීමට ඔවුහු සැලකිලිමත් වෙති. ඇමරිකාවේ විනෝදාංශ කර්මාන්තයේ මර්මස්ථානය වන හොලිවුඞ්හි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු ලෙස ඇමරිකානු රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා නිල වශයෙන් පත්කරනු ලැබ ඇත්තේ අධිරාජ්‍යවාදීන් සංස්කෘතික පෙරමුණෙහි අගය හොඳින්ම තේරුම්ගෙන ඇති නිසාය.

විමර්ශන