අන්තෝනියෝ ග්‍රාම්ස්කි

face everything and rise concept hand drawing on blackboard
වෙනස්වීමට බිය මිනිසා…
January 22, 2019
Kids-on-Cell-Phones
තාක්ෂණයේ දියුණුවත් සමග සමාජය තුළ හුදකලා වන මිනිසා
January 23, 2019
Show all

අන්තෝනියෝ ග්‍රාම්ස්කි

rsz_1200-607490-concept-of-cultural-hegemony

1891 ජනවාරි 23 ඉතාලියේ දී උපත ලද අන්තෝනියෝ ග්‍රාම්ස්කි, 1914 දී ඉතාලියානු සමාජවාදී පක්ෂයට සම්බන්ධ විය. ප්‍රංශ ජාතික දාර්ශනිකයෙකු වූ ජෝර්ජ් සොරෙල් වැනි සින්ඩිකේට්වාදීන්ගේ මතවල බලපෑමට ලක්ව තිබූ ඉතාලියානු සමාජවාදී පක්ෂයේ උපක්‍රමික ප්‍රවේශයන් පිළිබඳ විවේචනාත්මක ප්‍රවේශයක සිටි අන්තෝනියෝ ග්‍රම්ස්කි 1919 දී “Factory Council” නැමැති ව්‍යූහයක් සංවිධානය කළේය. “‌සෝවියට් සභා” ආකෘති වැනි එම සංවිධාන ව්‍යූහය සමග ග්‍රාම්ස්කි 1919 – 1920 කාලය තුළ “ටියුරින්”හි ක්‍රියාත්මක වූ දීර්ඝ වැඩ වර්ජනයට දායක විය. 1921 දී ඉතාලියානු ‌ෙකොමියුනිස්ට් පක්ෂය ඇරඹීමට පුරෝගාමී වූ ග්‍රාම්ස්කි පසුව ටික කලෙකින්ම එම පක්ෂයේ නායකත්වයට පත් විය.
වසර 46ක ‌කෙටි ජීවිත කාලයේ අවසන් වසර 11 ෆැස්සිට්වාදීන්ගේ අත්අඩංගුවේ පසු වූ ග්‍රාම්ස්කි එම කාලය තුල දීර්ඝ ලිපි ‌‌පෙළක් රචනා කළේය. සිරගෙයි සටහන් ‌පොත් (Prison Note Book) ‌ලෙසින් වූ එම ‌ලේඛනයන් මගින් මාක්ස්වාදී බුද්ධි සම්ප්‍රදායට නව එකතු කිරීම් රැසක් සිදු කරන ලදී. ග්‍රාම්ස්කි විසින් සිදු කරන ලද දාර්ශනික ‌හෙළිදරව් කිරීම් වර්තමානයේ මාක්ස්- ‌ලෙනින්වාදීන්, නූතනවාදීන්, පශ්චාත් නූතනවාදීන් සහ පශ්චාත් මාක්ස්වාදීන් වැනි විවිධ දාර්ශනික ප්‍රභවයන් උපයෝගී කර ගන්නා අතර ඔවුන් ග්‍රාම්ස්තියානු සංකල්පය විවිධාකර ‌ලෙස විග්‍රහ කිරීමෙන් ඇති වූ විකෘති තත්වයන් ද ‌බොහෝ ය.

හෙජමොනිය පිළිබඳ සංකල්පය

ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය තුළ කම්කරු පන්තියේ කර්තව්‍යයන් පැහැදිලි කිරීමේ දී ‌ලෙනින් විසින් ද, ප්ලෙහනොව් විසින් ද භාවිතා කර ඇති සංකල්පයක් වන ‘‌හෙජමොනිය’ යන්න ග්‍රාම්ස්කිි පුනර් අර්ථකතනයක ‌යොදවමින් සමාජ විඥානයේ හැසිරීම පිළිබඳ විග්‍රහ කිරීමට ‌යොදා ගනී. ධනපති පන්තිය, පීඩිත පන්තිය බලහත්කාරය පමණක් ‌යොදා ‌ගෙන පාලනය ‌නොකරන බවත්, එය එක්තරා වසඟයකට ගැනීමක් නැතහොත් සිය කැමැත්තෙන් ධනපති පන්තතියේ පාලනයට අවනත ‌වෙන තත්වයකට පීඩිත පන්තීන් පත් කරන බවට ග්‍රාම්ස්කි පැහැදිලි කරයි. ධනේෂ්වර ඇවතුම් – පැවතුම් සදාචාරයන් සහ ඔවුන් හඳුන්වා ‌දෙන ‘යහපත’ ‌පොදු සමාජ යහපත ‌ලෙස හඳුන්වා ‌දෙමින් එම දෘෂ්ඨිවාදය සමග පීඩිතයන් එකඟතාවයකට ‌ගෙන ඒමට ධනපති පන්තිය කටයුතු කරන බව ග්‍රාම්ස්කි පැහැදිලි කරයි.

උපරි ව්‍යූහය පිළිබඳ සංකල්පය

සමාජ ආර්ථික පදනම හා උත්තර් නිර්මිතය පිළිබඳ මාක්ස් ‌ලෙනින්වාදී විග්‍රහය උපරි ව්‍යූහයේ ක්‍රියාකාරීත්වය විග්‍රහ කිරීමට ප්‍රමාණික ‌‌නොවන බව සඳහන් කරන ග්‍රාම්ස්කි, උත්තර් නිර්මිතය තුළ එකිනෙක සමග අන්තර් ක්‍රියාකාරන බල තුනක ක්‍රියාකාරීත්වයක් විග්‍රහ කරයි. එනම්, “රජය”, “‌දේශපාලන සමාජය” සහ “සිවිල් සමාජය” ‌ලෙසිනි.

ප්‍රති ‌හෙජමොනික සංකල්පය

උපරි ව්‍යූහය සමාජ ආර්ථික පදනමෙන් අර්ධ ස්වාධීනත්වයක් සහිතව කටයුතු කරන බැවින් දැනට එය තුළ ධනපති පන්තිය විසින් ගොඩ නගා ඇති ‌හෙජමොනික තත්වය ප්‍රති ‌හෙජමොනික භාවිතාවක් ආදේශ කළ යුතු යැයි ග්‍රාම්ස්කි ‌යෝජනා කරයි. ධනේෂ්වර ක්‍රමය විසින් හඳුන්වා දී ඇති සමාජ වටිනාකම් සැබෑ සහ ස්වාභාවික යැයි කම්කරු පන්තිය තුළ ඇති දෘෂ්ඨිය බිඳ දමා ඔවුන්ට තමන්ගේම වූ සමාජ පද්ධතියක් හඳුනා ගැනීමට සැලැස්විය යුතු යැයි ද, කම්කරු පන්තිය අවනතවීමේ ක්‍රියාවලිය බිඳ දැමිය හැක්කේ එවැනි ප්‍රති ‌හෙජමොනකි ‌දේශපාලනික ක්‍රියාකාරීත්වයකින් බවත් ග්‍රාම්ස්කි පැහැදිලි කරයි.

ඓන්ද්‍රීය බුද්ධිමතුන් සහ පීඩිතයන්ගේ ‌‌ඓතිහාසික හවුල

ජනතා ක්‍රියාකාරීත්ව සඳහා සහභාගී ‌නොවන,  ජනතාවට ඉදිරියෙන් සිට මග ‌පෙන්වන අපන්තික බුද්ධිමතුන් ‌වෙනුවට ජනතා ක්‍රියාකාරීත්වය තුළ සිටින ඔවුන්ගේම බුද්ධි සම්ප්‍රදායක් සහිත ‌ඓන්ද්‍රීය බුද්ධිමතුන් නිර්මාණය කළ යුතු යැයි ද, ඒ සඳහා වූ අධ්‍යන හා අධ්‍යාපන ක්‍රියාවලියක් තිබිය යුතු යැයි ද ග්‍රාම්ස්කි පවසයි. පීඩිත පන්ති අධ්‍යාපනය පිළිිිිබඳ ග්‍රාම්ස්කිගේ ‌මෙම සංකල්පයන් පසුකාලීනව ෆාවුලෝ ෆයරේ සහ ෆ්‍රාන්ස්ක් ෆැනන් වැන්නන් සිය පීඩිත පන්ති අධ්‍යාපනය පිළිබඳ සංකල්පය ‌ගොඩ නැගීමට ‌යොදා ගත්හ.

එවැනි ‌ඓන්ද්‍රීය බුද්ධිමතුන් හා බුද්ධි සම්ප්‍රදායක් මගින් මඟ ‌පෙන්වන නායකත්වය තුළ විවිධ පීඩිත සමාජ ස්ථරයන් (කම්කරු පන්තික ‌නොවන) ඒකාබද්ධ කර ගත් උපාය මාර්ගික හවුලක් තුළින් පමණක් වත්මන් ධනවාදය ‌පෙරලා දැමිය හැකි බව ග්‍රාම්ස්කි විශ්වාස කළේය. ‌ජෝර්ජ් ‌සොරෙල් භාවිතා කර ඇති වදනක් වන “‌ඓතිහාසික පවුල”  නැමැති ‌යෙදුම ‌‌මෙම උපාය මාර්ගික ‌පෙරමුණ  හඳුන්වාදීමට ග්‍රාම්ස්කි ‌යොදා ගනී.

ෆ්‍රැන්ක්සිස් සංකල්පය

‌ඇරිස්ටෝටල් මිනිස් ක්‍රියාකාරීත්වය හැඳින්වීමට ‌ෙයොදා ගත් අතර ග්‍රාම්ස්කිට අනුව ෆ්‍රැක්සිස් යනු ‘න්‍යාය සහ භාවිතාව” එක්වන තැනයි. එනම් මිනිසා විසින් ‌ලෝකය සංයුක්තව ‌තේරුම් ගනිමින් එය නිර්මාණශීලීව ‌වෙනස් කිරීමට කරන භාවිතාවයි. ග්‍රාම්ස්කි පවසන විප්ලවය ෆ්‍රැන්ක්සිස්මය ක්‍රියාවලියකි. එනම්, නිර්මාණශීලි මිනිස් ක්‍රියාකාරීත්වයකි.

 

විමර්ශන