රෝසා ලක්ෂම්බර්ග් මරා දමා අදට සියවසක් සපුරයි.

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

Image result for rosa luxemburg
Rosa Luxemburg

German: [ˈʁoːza ˈlʊksəmbʊʁk]
Rozalia Luxenburg

1870 මාර්තු 5 දින පෝලන්තයේ උපත ලැබූ ‌රෝසා ලක්සම්බර්ග්, දේශපාලනය ආරම්භ කළේ වයස අවුරුදු 17 දී ය. මාක්ස්වාදී න්‍යායාචාර්යවරියක්, විප්ලවවාදී සමාජවාදිනියක්, ආර්ථික විද්‍යාඥවරියක්,  යුද විරෝධී ක්‍රියාකාරිනියක් සහ දාර්ශනිකයෙක් වූ ඇය වයස 28 දී ජර්මනියේ පුරවැසි බව ලැබීය. ඇයගේ අදහස් සමස්ත යුරෝපයටම ප්‍රබල බලපෑමක් එල්ල කළ අතර මාර්තු 08 වෙනි දින ජාත්‍යන්තර කාන්තා දිනය ලෙසින් නම් කරවීම උදෙසා බලවත් බලපෑමක් කළාය. සියළුම මිනිසුන් එක හා සමාන යැයි විශ්වාස කළ ඇය ජාතිවාදය තරයේ ප්‍රතික්ෂේප කළා ය.

ඇය පිළිවලින් පෝලන්තයේ සහ ලිතුවේනියාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ (Social Democracy of the Kingdom of Poland and Lithuania (SDKPiL) , ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ Social Democratic Party of Germany (SPD) ස්වාධීන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (Independent Social Democratic Party (USPD), සහ ජර්මනියේ කොමියුනිස්ට් පක්ෂයේ (Communist Party of Germany (KPD) සාමාජිකාවක් වූවා ය.

ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර සමාජවාදයකුත් සමාජවාදයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදයකුත් නොමැත.

ඉදිරියට නොයන්නා තමන් බැඳී යදම් ගැන නොදනී

1915 දී, පළමු ලෝක යුද්ධය සඳහා SPD ජර්මානු මැදිහත්වීමට සහාය ලබා දුන් පසුව කාල් ලිබ්කින්ච් සමග එක් වී එක් වී යුද විරෝධී ස්පාටකස් ලීගය (Spartacus League – Spartakusbund) පිහිටුවා ගත්තාය. පසු කාලීනව ජර්මනියේ කොමියුනිස්ට් පක්ෂය (KPD) බවට පත් වූයේ එම යුද විරෝධී ස්පාටකස් ලීගයයි.
ජර්මනියේ නොවැම්බර් විප්ලව සමය තුල ස්පාටකස් ලීගයේ මධ්‍යම කාරක සභාව මගින් ප්‍රකාශයට පත් කළ “රතු කොඩිය” (Die Rote Fahne) පුවත්පතෙහි සම නිර්මාතෘවරිය වූයේ ඇයයි.
ඇය 1919 ජනවාරි ස්පාටසිස්ට් නැගිටීම වරදක් ලෙසින් දුටුවත් එම සිදුවීමට සහාය ලබා දුන්නා ය. කැරැල්ල සහ ස්පාටකස් ලීගය සහ කැරැල්ල ෆෙඩ්රික් ඊබට් හට බහුතරයක් තිබූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව විසින් ආණ්ඩුවේ අනුග්‍රහය ලැබූ පළමු ලෝක යුද්ධයේ අත්දැකීම් සහිත සෙබලුන්ගෙන් සමන්විත වූ ‌ෆ්‍රීකොරොප්ස් නමින් හැඳින්වූ පැරා මිලිටරි කණ්ඩායම යවා මර්ධනය කරන ලදී. එම පැරා මිලිටරි කණ්ඩායම විසින් රෝසා සහ ලිබ්කින්ච් මරා දැමුණු අතර රෝසා ලක්සම්බර්ග්ගේ සිරුර බර්ලිනයේ පිහිටි Landwehr ඇලට වීසි කර තිබිණි.

රෝසා අතුරුදහන් ය. ඇයට සිදුවූයේ කුමක්දැයි කිසිවෙකු නොදනී.. ඇය දුප්පතුන්ට ජීවිතය ගැන කියා දුන්නාය. ඒ නිසාම ධනවතුන් ඇයව මරා දැමුවාය.

ඇය සමාදානයෙන් සැතපේවා…!

බර්ටෝල් බ්‍රෙෂ්ට්

රෝසා ලක්ෂම්බර්ග් මරා දමා අදට සියවසක් සපුරයි.