විද්‍යාව හා දර්ශනය නිවැරදිව වටහා ගැනීමේ වැදගත්කම

148478379-DarkMatter_6
ද්‍රව්‍යය හා එහි පැවැත්මේ ස්වරූපය
January 7, 2019
EMC2
සමාජවාදය ගැන – ඇල්බර්ට් අයින්ස්ටයින්
January 7, 2019
Show all

විද්‍යාව හා දර්ශනය නිවැරදිව වටහා ගැනීමේ වැදගත්කම

illustration of chalkboard with math formula

මිනිසා ජීවත්වීමේදී එදිනෙදා මුහුණපාන සරල ගැටළු වලසිට ජීවත්වීම සඳහා සිදුකරන ශ‍්‍රම කාර්යයේ සිට හොඳ සෞඛ්‍යයක් පවත්වාගෙන යාම හා නීරෝගීව සිටීම වැනි කාරණාවල මෙන්ම සමාජ සංවර්ධනය උදෙසා සොබා දහම ජයගැනීම හා සමාජ පරිවර්තනයක් දක්වාවූ සියල්ලට මගපෙන්වීමට විද්‍යාව අවශ්‍ය වේ.
සාමාන්‍යයෙන් විද්‍යාව පිළිබඳව පොදු හැඟීම වනුයේ තරමක් සංකීර්ණ අවබෝධ කරගැනීමට අපහසු විෂයක් බවයි. ලංකාවේ අධ්‍යාපනය තුල විද්‍යාව ස්ථානගත කර ඇති ආකාරයම අවිද්‍යාත්මකය. අන්තර් සම්බන්ධයක් නොමැතිව වියුක්තව උගන්වනු ලබන විෂය දහරාවක් (විද්‍යා, කලා, වාණිජ) ලෙස බෙදා තිබීම මෙන්ම, අධ්‍යාපනයේ අරමුණුද රැුකියාවන් සොයා යාම, ජීවිතයට වටිනාකමක් ගොඩනගා ගැනීම වැනි පටු සීමාවන් තුල ආකල්පමය ලෙස කොටුකර තිිබීම නිසාත්, විද්‍යාව සමග මිත්‍යාවන් උගැන්වීම විසින්ද විද්‍යාව උගන්වද්දී කට පාඩම් කිරීමට සීමා කිරීම හා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් නොමැතිවීම විසින්ද විද්‍යා අධ්‍යාපනය ජීවිතයට මග පෙන්වීමක් වී නැත. මේ තත්වය නිසාම එදිනෙදා ජීවිතයේ ගැටළුවලදී වැරදිම් හා බරපතල හානිකර ගැනීම් සිදුකරගනු ලබයි.

  1. රෝගයක් වැලඳුනු විට වෛද්‍ය විද්‍යාත්මක ප‍්‍රතිකාර කරනු වෙනුවට මිත්‍යාව පසුපස යාම විසින් ජීවිත අහිමි කරගනු ලබන අවස්ථා සුලබ දෙයක් වී තිබේ.
  2. ප‍්‍රජනන පද්ධතිය පිළිබඳ අවබෝධයක් නොමැතිකම විසින් තරුණ වයසේදීම විවිධ දුර්මතයන්ට ගොදුරුවීම හා රෝග බෝකර ගැනීම සිදුකර ගැනීම.
  3. පාසලේ විද්‍යාව විෂයක් ලෙස ඉගෙන ගනිමින් සිටියදීම දිය ඇල්ලක් අසල ජලාශයකදී දියේ ගිලී මියයන ප‍්‍රවෘත්ති නිතර අසන්නට ලැබේ. (දිය ඇල්ලක් අසලදී කඩා හැලෙන ජල දහරාව සමග විශාල වායු පරිමාවක්ද ජලයට එක්වේ. ජලයේ සඵල ඝනත්වය අඩුවීම නිසා උඩු කරු තෙරපුම අඩුවීම තුලින් ගිලී මියයාමේ සම්භාවිතාව වැඩිය.)
  4. සිංහල අයකු තුල සිංහ ලේ ඇතැයි විශ්වාශ කිරීම නිසා ජාතිවාදය හා ආගම්වාදයට ගොදුරුවී බරපතල සමාජ හා දේශපාලන ප‍්‍රශ්න උග‍්‍ර කිරීමට දායක වීම.
    වැනි අභාවාචක අද්දැකීම් සිදුවන්නේ විද්‍යාත්මක අධ්‍යාපනයේ දුර්වලකම නිසාය.

පොදුවේ ප‍්‍රකෘති විද්‍යාවත්, ශූද්ධ විද්‍යාවත් හා සමාජ විද්‍යාවන් ලෙස ප‍්‍රධාන දහරාවන්  තුනකින් විද්‍යාව සංයුක්ත කරයි. මාක්ස්වාදී දර්ශනය මත පදනම් වන දේශපාලන ව්‍යාපාරයක් වන අපි විද්‍යාව යනු කුමක්ද යන්නත්, එය දර්ශනය සමග ඇති අන්තර් සම්බන්ධයත් විද්‍යාවේ නව වර්ධනයත්, නව සොයාගැනීම් මෙන්ම එතුලින් දයලෙක්තික භෞතිකවාදයේ නිවැරදි බවත් තේරුම් ගත යුතුය.  එමෙන්ම විද්‍යාවේ ජයග‍්‍රහණ, නිස්පාදන ක‍්‍රියාවලිය මත පදනම් වන මිනිිස් සමාජයේ ක‍්‍රියාකාරීත්වයේම ප‍්‍රතිඵලයක් බවත් එනිසාම එහි ජයග‍්‍රහණ වල අයිතිය සමස්ත සමාජයටම ලබාදිය යුතු බවත් මාක්ස්වාදීන් ලෙස අප විශ්වාස කරනු ලබයි.

විද්‍යාවේ උපත හා සංවර්ධනය

පෘතුවිය මත සිදුවූ ජීව පරිණාමයේ එක් සුවිශේෂීම අවස්ථාවක් වූයේ වානර ප‍්‍රබේදයකින් මිනිසා පරිණාමය වීමයි. එතැන් සිට සත්ව රංචුවෙන් තීරණාත්මක ලෙස වෙන්වූ මිනිසා, ශ‍්‍රම ක‍්‍රියාකාරීත්වය මත පදනම් වන නිෂ්පාදන ක‍්‍රියාවලියකට මුලපුරනු ලැබීය. සොබාදහම සෘජුව භාවිතා කරනු වෙනුවට නිෂ්පාදනය මත පදනම් වන සමාජමය ක‍්‍රියාවලිය අරඹනු ලැබීය.
ක‍්‍රම ක‍්‍රමයෙන් සොබාදහම අවබෝධ කරගැනීමටත්, එය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමටත් ඉගෙන ගනු ලැබීය. වන සතෙකු මරා ගැනීම ගල් ආයුධ භාවිතා කිරීම අකුණු හෝ ලැව් ගිණි මගින් හටගත් ස්වභාවික ගින්දර ප‍්‍රයෝජනයට ගැනීමෙන් ආරම්භ කර ගිණි ඇවිලීම සොයා ගැනීම, මැටියෙන් ගෙවල් සෑදීම, දුන්න හා ඊතලය සොයා ගැනීම, මැටි වලං සෑදීම, ගඩොල් සෑදීම මෙන්ම ඒවා පුළුස්සා භාවිතයට ගැනීම, රෝදය ප‍්‍රයෝජනයට ගැනීම ඉගෙනීම වැනි මුල්කාලීන සොයා ගැනීම් තුලින් විද්‍යාවේ දියුණුවට මග පෑදීම ආරම්භ විය. මේ සියලූ සොයා ගැනීම් සඳහා මගපාදනු ලැබුයේ නිෂ්පාදන ක‍්‍රියාවලිය සඳහා සොබදහම සමග ගැටුණු මිනිසා එහිදී ලබාගත් අද්දැකීම් ඔස්සේය.

විද්‍යාව විෂයක් ලෙස සංවර්ධනය වීම හා ඊට ඉවහල්වූ සමාජීය හේතු

කෘෂිකර්මාන්තය හා සත්ව පාලනය ආරම්භ වීම මෙන්ම ගංගා ආශ‍්‍රිත ජනාවාසකරණයද, ප‍්‍රාථමික සාමූහික සමාජය ක‍්‍රමිකව පංති සමාජය (වහල් හිමි සමාජය* බවට පරිවර්තනය වීමද විසින් විද්‍යාව විවිධ විෂයන් ඔස්සේ වර්ධනය වීමට අවශ්‍ය සමාජ පදනම සකස් කරනු ලැබිණ. පංති සමාජය තුල අනුන්ගේ ශ‍්‍රමයෙන් යැපෙන පිරිසක් බිහිවීමත් සමග නිදහසේ හිතන, අධ්‍යයන කටයුතුවල යෙදෙන පිරිසකටත් පැවැත්මට මග පෑදීම තුලින් විවිධ විෂයන්ගේ වර්ධනය වේගවත් විය.

01 ගණිතය විෂයක් ලෙස වර්ධනය වීම.

‘‘ගණිතය යනු විශාලත්වයන්ගේ විද්‍යාවයි. ’’ යනුවෙන් පෙඞ්රික් එංගල්ස් පැවසීය. ඒ අනුව ප‍්‍රකෘතියේ පවතින විශාලත්වයන්ගේ සංඛ්‍යාත්මක රටාවන් පිළිබඳ විමසන විද්‍යාව ගණිතයයි. මිනිසා ගණිත රටාවන් හඳුනා ගනුයේ තම ජීවිත පැවැත්ම තුලදී පැන නඟින අවශ්‍යතාවයන් මතය.
නිදසුනක් ලෙස ගංගා නිම්න ආශ‍්‍රිත ජනාවාසකරණයේදී තමන් මුහුණ දුන් අභියෝග හමුවේ ගණිතයේ ඇතැම් සංකල්ප බිහිවිය. ගංගා පිටාර ගැලීම නිසා වෙනස්වන මායිම් යලි සකස් කරගැනීමට භූමිය මැනීම අවශ්‍යවිය. (ජාමිතිය හඳුන්වන ඉංග‍්‍රීසි වචනය වන Geometry යන්න සකස් වී ඇත්තේද earth measurement හෙවත් පොලොව මැනීම යන අර්ථයෙනි.
ඊජිප්තු වැසියන් වැසියන් පිරමීඩ ගොඩනගද්දී සමතලා බිම් මත හා පිරමීඩ බිත්ති මත තල ජාමිතික මූලධර්මයන් භාවිතා කළේය. නිවාස ඉදිකිරීමට දැව භාවිතයේදී ඒවා එකිනෙකට පිරිද්දීම සඳහා කැපුම් දැමීම අවශ්‍ය විය. මෙම කැපුම් සැකසීමේදී හා පිරිද්දීමේදී එම වඩුවන් චතුරශ‍්‍රය හා ත‍්‍රිකෝණය හඳුනා ගන්නා ලදී. ඒවායේ විවිධ ගුණයන්ද ඔවුන් හඳුනාගනු ලැබීය. චතුරශ‍්‍රාකාරව භූමිය සකසා ගැනීමේදී චතුරශ‍්‍රයක විකර්ණය පිළිබඳ ගුණාංග හඳුනාගනු ලැබූ අතර පෙදරේරුවන් අතර අදටත් මුළු පරස් ඇරීම සඳහා මේ අත්දැකීම භාවිතා කරයි. පයිතගරස් ප‍්‍රමේය ලෙස පසුකලකදී වර්ධනය වන්නේද මෙම අත්දැකීම්ය.

  • පයිතගරස් ප‍්‍රමේයයෙන් කියවෙන සෘජු කෝණි ත‍්‍රිකෝනයක කර්ණයේ දිගෙහි වර්ගය සමානයි අනෙක් පාද දෙකෙහි වර්ගයෙහි ඓක්‍යයට (එකතුවට) යන්න ඊජිප්තු වැසියන් ප‍්‍රායෝගිකව දැන සිටි බව ඊජිප්තුවේ පිරමිඩ අධ්‍යයනයෙන් හොඳින් පැහැදිලිවේ.
  • බැබිලෝනියානු තාරකා ශාස්ත‍්‍රඥයා වෘත්තය අංශක 360 කට බෙදා දැක්විය. වෘත්තයක් පරිධිය 6න් බෙදීම පහසු බව ඔවුන් ක‍්‍රි.පූ. 1500කට පමණ පෙර වටහා ගෙන තිබුණි.

මේ පිළිබඳ ශක්තිමත් සාක්ෂියක් 1936 වර්තමාන ඉරානයට අයත් (අතීත බැබිලෝනියාවේ) පෙදෙසක කරන ලද කැනීමකදී හමුවිය. ඒ මැටි පුවරුවක ලියන ලද ගණිතමය සටහනකි. එහි සඳහන් වන්නේ ච1  25/8 = 3.125 යනුවෙනි. ඉන් පැවසෙන්නේ ඔවුන් 8න් බෙදන්නට දැන සිටි බවය. එය තව වර්ධනය කිරීමෙන් 6න් බෙදන්නට සොයාගෙන තිබේ. ඒ ෂඩශ‍්‍රයක පරිධිය සමානයි අරය මෙන් හය වරක් යන්න ඔවුන් දැන සිටි අත්දැකීම අනුව යමින්ය. ඒ අනුව 60 ට ඉහළ මිනුම් ගන්නා විට 6 න් බෙදෙන ආකාරයේ ක‍්‍රමයක් භාවිතා කොට තිබේ. මේ අනුව වෘත්තය කොටස් 360කට බෙදන්නට ඔවුන් සමත්ව ඇත. තවද කාලය මැනීම සඳහා හිරු නැගීම බැසීම පදනම්ව දවස යන්න සකසා ගන්නා ලදි. පැතැලි පෘතුවිය වටා හිරුගේ සමස්ත ගමන අපට හිරු පෙනෙන (දිවා) සහ හිරු නොපෙනෙන (රාත‍්‍රි) වශයෙන් මූළික බෙදීම කරගන්නා ලදි. ඔවුන් විසින් දිනය පැය 24කටද, පැය මිනිත්තු 60කටද, මිනිත්තුව තත්පර 60කටද බෙදා වෙන් කරන ලදි. දිනය යන්න දිවා රාත‍්‍රි එනම් හිරු බැස යාම, හිර නැග ඒම (සූර්යයා පොළොව වටා ගමන් කරයි යන පදනම) මත නිශ්චය කළේය. වේදයේ ද දිනය හඳුන් වන්නේ ‘අහෝරාත‍්‍ර’ ලෙසින්ය. එනම් දිවා රාත‍්‍රි ලෙසින්ය. ක‍්‍රි.පූ. 700 වන විට පෘථිවි භ‍්‍රමණය හඳුනා ගැනීම සඳහා ගණිතය භාවිතා කොට තිබුණි.

  • ගණිතය ශුද්ධ විද්‍යාවක් බවට පත්වීම.
  • ගණිතය ශුද්ධ විද්‍යාවක් ලෙසින් ගොඩනැගීමේ ගෞරවය හිමිවිය යුත්තේ ග‍්‍රීකයින්ටය.

නමුත් ඒ සඳහා පදනම දමන ලද්දේ පුරාණ මිසර වාසීන් (වර්තමාන ඊජිප්තුවන්) ය. ඔවුන්ගේ ගණිත දැනුම එයට උපයෝගී විය. එම දැනුම පදනම්කොට ගෙන වසර 1000ක පමණ කාලයක් තුලදී අංක ගණිතය, වීජ ගණිතය, ජ්‍යාමිතිය යන ගණිත කේෂ්ත‍්‍රයන් හි ප‍්‍රබල විද්‍යාත්මක අඩිතාලමක් දැමීමට ග‍්‍රීකයින් සමත් විය. එහෙත් ග‍්‍රීකයන්ට තම සංඛ්‍යාත්මක අදහස් දැක්වීම සඳහා යොදාගනු ලැබීමට සංඛ්‍යාංකන ක‍්‍රමයක් නොවිය. ඒ සඳහා ඔවුන් උපයෝගී කොට ගත්තේ තම හෝඩියය. එනම් එක, දෙක, තුන ආදි වශයෙන් වෙනුවට ඇල්ෆා, බීටා, ගැමා ආදි වශයෙන් තම හෝඩියේ අක්ෂරයන් යොදා ගනු ලැබීය.

  • ගණිතය ශූද්ධ විද්‍යාවක් ලෙස වර්ධනයේදී අවධාරනයට ගත හැකි ග‍්‍රීක ගණිතඥයින් කිහිප දෙනෙකු පිළිබඳව කෙටියෙන් සළකා බලමු.

තේල්ස්
Thales of Miletus (ක‍්‍රි.පූ.624 – 546 අතර පමණ)

thales

  1. ආරම්භක ගණිතඥයා ලෙස සැලකේ.
  2. ඔහු තාරකා ශාස්ත‍්‍රයේ හා දර්ශනවාදයේ පියා ලෙසද සැලකේ.
  3. ඔහු ගවේශකයෙකු හා වෙළෙන්දෙකි. වැඩිපුරම ගවේශනයට ලක් කළේ මිසරය හෙවත් ඊජිප්තුවයි.
  4. ලොව ප‍්‍රථම වතාවට ආසන්න වශයෙන් සූර්ය ග‍්‍රහනයක් එළැඹෙන දිනය පවසන්නට සමත් විය.
  5. තල ජ්‍යාමිතිය පිළිබඳව පිළිබඳ මූළික සිද්ධාන්තයන් ගනනාවක් හෙළි කළේය.
  6. ඊජිප්තු පිරමීඩයන්ගේ උස ගනනය කලේ ඔහුය. ඒ සඳහා දන්ඩක් සහ පිරමීඩයේ සෙවනැල්ල යොදාගන්නා ලදි.

පයිතගරස්
Pythagoras(ක‍්‍රි.පූ. 570 – 495 අතර පමණ)

1cafaa0f8cdf3ba68f20a9c7d25fcdfar

  1. ඔහු ශුද්ධ විද්‍යාවක් වෙත ගණිතය තව දුරටත් වර්ධනය කළේය.
  2. තේල්ස් විසින් ඉදිරිපත් කල ජ්‍යාමිතික කරුණු විකාශනය කොට විධිමත් කළේ ඔහුය.
  3. ඔහු සංඛ්‍යා පිළිබඳව මහා ගවේෂණයක යෙදින. තවද සංඛ්‍යා පද්ධතියේ විවිධ රටාවන් ඔහු විසින් ගෙනහැර පාන්නට විය.
  4. අපරිමේය සංඛ්‍යා පිළිබඳව සොයාගැනිමේ ගෞරවය හිමි වන්නේ ඔහුටය.
  5. ඔහු ගණිත දැනුමට සංඛ්‍යා, වීජ ගණිතය හා ජ්‍යාමිතිය පිළිබඳව නව කරුණු එක් කළේය.
  6. විවිධ ඝන වස්තු සහ වර්ග ඵලය පිළිබඳව වැදගත් කරුණු අධ්‍යයනය කළේය.

හිපොක‍්‍රටිස්
Hippocrates of Kos (ක‍්‍රි. පූ. 460 – 370 අතර පමණ)

Hippocratus-father-of-western-medicine

  1. එකල පුද්ගලයින් ආශ‍්‍රිතව විසිරි තිබුණු ගණිත දැනුම එකතු කොට අතින් ලියා පොතක් සකස් කළේය.
  2. ප‍්‍රථම ගණිත පොත සකස් කිරීමට අමතරව වෘත්තය පිළිබඳවද පුළුල් අධ්‍යයනයක් කළේය.

ඉයුඩොක්සස්
Eudoxus of Cyzicus (උපත ක‍්‍රි. පූ. 387)

1c38884afe0f53042b4387abe6200d6f

  1. හිපොක‍්‍රටිස්ට පසු සිටි වැදගත් ගණිතඥයාය.
  2. මුළුමනින්ම සංඛ්‍යා පිළිබඳව අධ්‍යයනයේ යෙදින.

ඉයුක්ලිඩ්
Euclid  (ක‍්‍රි.පූ. 323 – 283 අතර පමණ)
adf

  1. එවකට පැවැති ගණිත දැනුම ග‍්‍රන්ථාරූඪ කළේය. එය වෙළුම් 13කින් සමන්විත ‘එලිමන්ට්ස් ’නම් ග‍්‍රන්ථයයි.හුදු තර්කය මත පදනම් වූ විධිමත් සාධන ක‍්‍රමයක් ඉදිරිපත් කළේය.
  2. ඔහුගේ ග‍්‍රන්ථය වසර දහස් ගනනකට පෙර ලියූවද එහි සිද්ධාන්ත තවමත් වලංගුය.

ආකිමිඩිස්
Archimedes (කි‍්‍ර.පූ. 287 – 212 අතර පමණ)

c526a4af52e64c025974c43bf15a2be6

  1. ලෝකයේ විසූ ශ්‍රේෂ්ඨතම ගණිතඥයින් අතරින් ශ්‍රේෂ්ඨතමයෙකි.
  2. ඔහු විද්‍යාඥයෙකි.
  3. ආකිමිඩිස් විසින් ගණිත ගැටළුවක් විසමින් සිටියදී අසලින් ගිය රෝම සොල්දාදුවකුට ගරු නොකලේ යැයි ඔහු විසින් මෙම මහා චින්තකයා මරා දමන ලදි.
  4. අනුකලනය ආශි‍්‍රත සිද්ධාන්ත මුල් වරට ඉදිරිපත් කරන ලද්දේ ආකිමිඩිස් විසින්ය.
  5. මොවුන්ට පසුවද ඇපලෝනියස්, පැපස්. දියෝෆැන්ටස් ආදීන් ගණිතයට විශාල සේවයක් කරන ලද ගණිතඥයින්ය.

ගණිත විද්‍යා පුනර්ජීවය

ක‍්‍රි.ව. 1500 පෙර යුරෝපයේ සියළුම විද්‍යාවන්ට මෙන්ම ගණිතයටද අඳුරු කාල පරිච්‌‌‌ඡේදයක් විය. එය නිමා කරමින් ගණිතය යළි පුනර්ජිවය ලැබුවේ ක‍්‍රි.ව. 1500 පසුවය. එහිදි විශේෂත්වයක් ගන්නා ගණිතඥයින් කිහිප දෙනෙකි.

ජෝන් නේපියර්
John Napier (ක‍්‍රි.ව.1550 – 1616)

john-napier

  1. ස්කොට්ලන්ත ජාතිකයෙකි.
  2. සංඛ්‍යාවන් හි ගුනිතය ලබාගැනීම සඳහා විවිධ ක‍්‍රම ඉදිරිපත් කලේය.
  3. නූතන ගනක යන්ත‍්‍ර සහ පරිගණකය බිහිවිමට නේපියර්ගේ ඉදිරිපත් කිරීම් මූළිකවී ඇත.
  4. දහයේ පාදයෙන් පමණක් නොව දෙකේ පාදයෙන්ද ගනනය කළ හැකි බව ප‍්‍රථම වරට පෙන්වා දුන්නේ ඔහුය.
  5. ලඝුගණක මගින් ගණනය කිරීම ප‍්‍රථම වරට ගණිතයට පෙන්වා දුන්නේ නේපියර්ය.
  6. ගෝලිය ත‍්‍රිකෝණමිතිය පිළිබඳ සිද්ධාන්තයද ඉදිරිපත් කළේ ඔහුය.

ඩේකාට්
Rene Descartes (ක‍්‍රි.ව. 1596 – 1650)

descartes-render_1x

  1. ප‍්‍රංශයේ විසූ මෙම ගණිතඥයා මුළුමනින්ම තම කාලය යෙදවූයේ ජ්‍යාමිතියේ වර්ධනය සඳහාය. (ඔහු වැඩි කාලයක් ජීවත්වූයේ ඕලන්දයේය.)
  2.  ‘‘ඛණ්ඩාංක ජ්‍යාමිතය’’ ගොඩනැගීමේ පුරෝගාමියා ඔහුය.
  3. මෙම ඛණ්ඩාංක ජ්‍යාමිතික සොයාගැනීම් පසුව නිව්ටන් සහ ලයිබ්නිට්ස්ට ‘‘කලනය’’ පිළිබඳ සොයාගැනීම් සඳහා වැදගත් වූ බව සැළකේ.

බ්ලේස් පැස්කල්
Blaise Pascal (ක‍්‍රි.ව. 1623 – ක‍්‍රි.ව.1662)

download (1)

  1. ස්වොත්සාහයෙන් ගණිතය උගත්බව කියැවේ.
  2. ප‍්‍රථම ගණක යන්ත‍්‍රය නිපදවූයේ ඔහුය.
  3. ඒ සඳහා ගුණ කිරීමේ කෙටි ක‍්‍රම සහ යන්ත‍්‍රානුසාරි ක‍්‍රම පිළිබඳව නේපියර් ඉදිරිපත් කළ කරුණු ඔස්සේ ඔහු තම චින්තනය මෙහෙයවා ඇත.
  4. සූදුවට සම්බන්ධ ගණිත ගැටළුවක් විසදීමට ගත් උත්සාහයකදී ඔහු ‘‘සම්භාවිතාවාදය’’ ගණිතයට එක්කලේය. ෆේර්මා නැමැති තවත් ගණිතඥයෙකුද ඒ සඳහා සහයවූ බව පැවැසේ. අද සම්භාවිතාවාදය වර්ධනය කොට විද්‍යාවේ විවිධ විෂයන් සඳහා යොදාගැනේ.

අයිසැක් නිව්ටන්
Sir Isaac Newton (කි‍්‍ර.ව. 1642 – 1727)

download (2)

  1. එංගලන්ත ජාතිකයෙකි.
  2. ලොව සුපතල විද්‍යාඥයෙකි. එමෙන්ම ගණිතඥයෙකි.
  3. ඔහුගේ සොයාගැනීම් පසුකාලීනව විද්‍යාවේ මහා පරිවර්තනයකට දායක විය.
  4. නිව්ටන් ගණිතය උදෙසා කළ මහඟු සේවය වන්නේ ‘‘කලනය’’ ගොඩනැගීමයි. ඔහුට සමකාලීනව ජර්මන් ජාතික ගොට්ෆ‍්‍රීඞ් ලයිබ්නිට්ස් ද ‘‘කලනය’’ ගොඩනැගිමට දායක විය.
  5. ඔහුගේ බොහෝ විද්‍යාත්මක සොයාගැනීම් සමඟ ගුරුත්වාකර්ශණ නියමය සොයාගැනීම වැදගත් විය. එම සොයාගැනීමද ඇතුලත් කොට ඔහු ‘ප‍්‍රින්සිපියා මැතමැටිකා’ යන වැදගත් ග‍්‍රන්ථය ලොවට දායාද කළේය. විල්හෙල්ම් යුක්ලීඞ්ස්ගේ ‘එලිමන්ට්ස් ’පොත් පෙළට පසුව පැමිණි මිනිස් බුද්ධියේ උසස් ඵලයක් ලෙසටය.

Gottfried Wilhelm Leibniz

නිව්ටන් සහ ලයිබ්නිට්ස් (Gottfried Wilhelm Leibniz )ගෙන් පසු 18 වන සියවස අග භාගය වන විට පහත් සඳහන් කේෂ්ත‍්‍ර ඔස්සේ ගණිතය පූර්ණ වශයෙන් ගොඩනැඟී තිබිණ.

  1. අංක ගණිතය
  2. වීජ ගණිතය
  3. තල ජ්‍යාමිතිය
  4. ඛණ්ඩාංක ජ්‍යාමිතිය
  5. කලනය
  6. ත‍්‍රිකෝණමිතිය

19 වන සියවසේ මුල් අවධියේ සිට සළකා බලන විට ගණිතයේ ඉතිහාසය වඩාත් පුළුල් සහ සංකීර්ණ එකකි.
අවසාන වශයෙන් නැවත හැරී බැලීමක් කරනු ලබන්නේ නම් ගණිතයෙන් කෙරෙන්නේද ප‍්‍රකෘතිය නිවැරැුදිව පරාවර්තනය කිරිමයි. එනම් ද්‍රව්‍යමය යථාර්තය සත්‍ය ලෙස පරාවර්තනය කිරීමයි. එමෙන්ම ගණිතය බිහිවන්නේ මිනිසා ද්‍රව්‍යමය යථාර්තයේ විශාලත්වයන්ගේ සංඛ්‍යාත්මක අගයන් වඩාත් නිවැරැුදිව පරාවර්තනය කරන්නට යාමේදීය. එම අවශ්‍යතාවය ඔහු තුල පැන නඟින්නේ ප‍්‍රකෘතිය සමඟ සිය අරගලයේදීය. ප‍්‍රායෝගික ජීවිතයේදීය. එම උත්සාහයන් හා අත්හදා බැලීම් තුලින් පසු කාලීනව ගණිත මූලධර්මයන් විධිමත්ව සකසාගත් ගණිත විද්‍යාව බිහිවේ. සැබවින්ම ගණිත මූළධර්ම හඳුනා භාවිතයට නඟන්නේ ශ‍්‍රමය වගුරු වන ජනතාවය. එය විද්‍යාවක් බවට පත් කරනුයේ දාර්ශනිකයින් හෙවත් චින්තකයින්ය.

විමර්ශන