ද්‍රව්‍යය හා එහි පැවැත්මේ ස්වරූපය

us_cuba
ඇමරිකාවේ ‌කෙනහිලි මැද බබලන සමාජවාදයේ අභිමානය
January 2, 2019
illustration of chalkboard with math formula
විද්‍යාව හා දර්ශනය නිවැරදිව වටහා ගැනීමේ වැදගත්කම
January 7, 2019
Show all

ද්‍රව්‍යය හා එහි පැවැත්මේ ස්වරූපය

148478379-DarkMatter_6

දර්ශනවාදයේ මූලික ප‍්‍රශ්නය හොඳින් අධ්‍යයනය කර තහවුරු කරන ලද විද්‍යාත්මක පිළිතුරු දීම සඳහා, ද්‍රව්‍යයේ හා විඥානයේ ස්වභාවය පිළිබඳ දැනුමක් අවශ්‍ය වේ. ද්‍රව්‍ය පිළිබඳ සංකල්පය භෞතිකවාදී දර්ශනයේ මූලික පදනමයි. එම නිසාම ද්‍රව්‍ය හා එහි පැවැත්මේ ස්වරූප දෙස වඩාත් සමීපව බැලිය යුතුය.අධ්‍යයනය කළ යුතු ය.

 I. ද්‍රව්‍ය යනු කුමක්ද?

අප අවට ලෝකය අනේක විධ අනන්ත අප‍්‍රමාණ වස්තු රාශියකි. පියවි ඇසට නොපෙනෙන උප පරමාණුක අංශුවල සිට අතිවිශාල ග‍්‍රහලෝක, තාරකා, කළු කුහර, මන්දාකිනි දක්වා වූ අජීවි වස්තූන් ද සරල ෙසෙල (සත්ව හා ශාක) වල සිට සංකීර්ණ සත්වයන් දක්වා වූ සජීවී වස්තූන් ද එයට ඇතුළත් වෙයි. ඇතැම් දේ පියවි ඇසට පෙනේ. ඇතැම් දේ පියවි ඇසට නොපෙනේ. තවත් සමහරක් දේ අපට නුහුරුය. ඒවායේ පැවැත්ම අපේ ඉන්ද්‍රියයන්ට දැනේ. ඇතැම් වස්තු අපෙන් බොහෝ දුරස්ව පවතී. තවත් සමහරක් දේ නිරීක්ෂණය කිරීම පිණිස නවීන හා සංකීර්ණ උපකරණ භාවිත කළ යුතුය.

මේ සෑම එකතුවකටම අතිශය විවිධ ජාති ලක්ෂණ, ගුණ සහ විශේෂතා තිබෙන බව අපි අත්දැකීමෙන් තේරුම් ගෙන සිටිමු. ලෝකයේ පවතින මෙම විවිධත්වය නිසා විශ්මයට පත් මිනිසා තමා වටා ඇති සියලූ වස්තූන්ට පොදු වූ එකම පදනමක් සහ සමාන ලක්ෂණ තිබේදැයි බොහෝ කලක සිට කල්පනා කරන්නට විය.

ලෝකයේ ඇති විවිධ වස්තූන් හා ප‍්‍රපංච එකිනෙකට කෙතරම් වෙනස් වුව ද, ඒවායේ ජාති ලක්ෂණ කෙතරම් විවිධ වුව ද ඒවා සියල්ල මිනිස් විඥානයෙනි පරිබාහිරව පවතින (වාස්තවික) පොදු ගුණයක් පවතින බව කාලානුරූපව එක් කර ගත් මිනිස් අත්දැකීම් සහ විද්‍යාවේ හා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරිත්වයේ වර්ධනය විසින් මිනිසාට ඒත්තු ගන්වන ලදී.

මෙලෙස මිනිස් විඥානයෙන් පරිබාහිරව හා ස්වාධීන (වාස්තවික) යථාර්ථය තුළ පවතින දේ නම් කරනු ලබන්නේ ‘ද්‍රව්‍ය’ නමැති දාර්ශනික සංකල්පයෙනි.

මාක්ස් හා එංගල්ස් විසින් සූත‍්‍රගත කරන ලද දයලෙක්තික භෞතිකවාදයේ ප‍්‍රධාන මූලධර්මවල පදනම මත හා ස්වභාව විද්‍යාවේ නවතම සොයා ගැනීම් සාමාන්‍යකරණය තුළින් ද්‍රව්‍ය දාර්ශනික ප‍්‍රවර්ගයක් වශයෙන් ලෙනින් නිර්වචනය කළේය.

ද්‍රව්‍ය වූ කලී මිනිසාට තමන්ගේ සංවේදනයන් මගින් දෙනු ලබන සහ අපේ සංවේදනයන්ගෙන් පරිබාහිරව පවතිමින් අපේ සංවේදනයන් විසින් පිටපත් කරනු ලබන, ඡුායාරූප ගත  කරනු ලබන සහ පරාවර්තනය කරනු ලබන වාස්තවික යථාර්ථය පෙන්නුම් කරන දාර්ශනික ප‍්‍රවර්ගයකි”

 – ලෙනින් 

 

භෞතිකවාදය හා අනුභූතිවාදී විවේචනය

පෘථිවිය මෙන් ම එය ඇතුළත් සෞරග‍්‍රහ මණ්ඩලය හා ක්ෂීරපථ මන්දාකිනියද, තවත් එවැනි මන්දාකිනි හා ඉමක් කොනක් නැති අවකාශය තුළ පැතිරි ඇති සමස්ත වස්තු පද්ධතිය, මිනිසාගේ බිහි වීමට සහ පොදුවේ සියලූ ජීවින්ගේ (ශාක, සත්ව) බිහි වීමට අවුරුදු කෝටි ගණනකට පෙර සිට ම පවතින බව ප‍්‍රකෘති විද්‍යාව තුළින් ස්ථිර ලෙස ම මේ වන විට සනාථ කොට තිබේ.

ද්‍රව්‍ය හා පොදුවේ ස්වභාව ධර්මය වාස්තවික බවත්, එය මිනිසාට හා ඔහුගේ විඥානයට පරිබාහිරව ස්වාධීනව පවතින බවත්, විඥානය හුදෙක් ද්‍රව්‍යමය ලෝකයේ දීර්ඝකාලීන විකාශනයේ ම ප‍්‍රතිඵලයක් බවත් මේ වන විට ඔප්පු කොට තිබේ.

වඩාත් ප‍්‍රාථමික වන්නේ (සියල්ලට මූලික වන්නේ) ද්‍රව්‍ය බවත්, ද්‍රව්‍ය මැවීමට හෝ විනාශ කිරීමට (අතුරුදහන් කිරීමට) නොහැකි බවත්, ද්‍රව්‍ය සදාකාලික බවත් (ආරම්භයක් සහ අවසානයක් නොමැති බවත්) සිදු වන්නේ ද්‍රව්‍ය එක් ස්වරූපයක සිට වෙනත් ස්වරූපයකට පරිවර්තනය වීම බවත්  දයලෙක්තික භෞතිකවාදී දර්ශනය මගින් මෙන්ම නවීන විද්‍යාවේ සොයා ගැනීම් මගින් ද තහවුරු කර තිබේ.

  1. පුරාණ දාර්ශනිකයෝ ද්‍රව්‍ය ආපෝ, තේජෝ, වායෝ, පඨවි (ජලය, ගින්න, වාතය, පෘතුවිය) සීමාවන්ට ලඝු කොට සැලකූහ.
  2. පසුකාලීනව පරමාණුව සොයා ගනු ලැබීමත් සමග එය ද්‍රව්‍යයේ කුඩාම ඒකකය (තව දුරටත් බෙදිය නොහැකි*බව විශ්වාස කරනු ලැබිණි.
  3. පසුව පරමාණුවල අසාමාන්‍ය සංකීර්ණ ප‍්‍රපංචයක් බව විද්‍යාව විසින්ම සොයා ගනු ලැබිණි.එය ප්‍රෝටෝන හා නියුට්‍රෝන වලින් සමන්විත න්‍යෂ්ඨියකින් ද එය වටා භ‍්‍රමණය වන ඉලෙක්ට්‍රෝන වලින් ද සමන්විත බව සොයා ගනු ලැබිණි.
  4. තවද ඉලෙක්ට්‍රෝනවල ස්කන්ධය එහි චලිතයේ වේගය මත රදා පවතින බවත් සොයා ගනු ලැබිණි.
  5. ශුද්‍ර අංශුවල මේ අසාමාන්‍ය හැසිරීම ප‍්‍රයෝජනයට ගත්  පාරභෞතිකවාදීන් හා විඥානවාදීන් ද්‍රව්‍ය අතුරුදහන් වන බවට මතයක් ගොඩනැගීය.

මෙම තත්ත්වය තුළ සමකාලීන විද්‍යාවේ ජයග‍්‍රහණ ගැන ලෙනින් මෙසේ ලිවීය.

ද්‍රව්‍ය අතුරුදහන් වීම යන්නෙන් අදහස් වන්නේ ද්‍රව්‍යයන් අප දන්නා සීමාවන් අතුරුදහන් වී මිනිස් දැනුම වඩ වඩාත් ද්‍රව්‍යයන්ගේ හරය කරා ව්‍යාප්ත වීමයි.අතුරුදහන් වී ඇත්තේ මුලින් ප‍්‍රාථමික පරිපූර්ණ හා නිරපේක්ෂ යැයි සිතා සිටි ද්‍රව්‍යයන්ගේ ඇතැම් ගුණාංග මිස ද්‍රව්‍ය නොවේ.

ලෙනින් එකතුකළ කෘති වෙළුම 14 ,26 පිටුව (භෞතිකවාදය හා අනුභූතිවාදී විවේචනය )

එපමණක් නොව දයලෙක්තික භෞතිකවාදයට අනුව ද්‍රව්‍යයේ මූලිකම අංශුවක් කිසි දිනක සොයා ගත නොහැක. ඉලෙක්ට්‍රෝනය ද පරමාණුව මෙන්ම නිරවශේෂ (බිඳිය නොහැකි* නොවේ ස්වභාව ධර්මය අනන්තය.                                                                                                                                    ලෙනින් වෙළුම 14 ,249 පිටුව

ලෙනින් විසින් භෞතිකවාදය සහ අනුභූතිවාදී විවේචවය නමැති සිය කෘතිය පළ කළ කාලයේ විද්‍යාව දැන සිටියේ මූලික අංශුවලින් එකකි. එනම් ඉලෙක්ට්‍රෝනය පමණි. ලෙනින් විසින් දාර්ශනික ලෙස පෙන්වා දුන් මෙම සංකල්ප සනාථ කරමින්, මේ වන විට මූලික අංශු සහ ප‍්‍රති අංශු විශාල ගණනක් සොයා ගෙන තිබේ. ඒවා ද පරමාණුව මෙන් නිරවශේෂ නොවන බව පෙන්වා දී තිබේ.

නිදසුනක් වශයෙන් ඉලෙක්ට්‍රෝනය වෙනස් නොවන ඉතා කුඩා ගෝලයක් ලෙස ගණන් ගත හැකිය. අසාන්තත්‍යයක් (අවකාශයේ සීමාසහිත බව) මෙන්ම අවිචින්න  තත්ත්වයක් ද (අවකාශයේ සීමා රහිත බව)

නැතිනම්

  • අංශුවක සහ තරංගයක ද
  • එමෙන් ම ස්කන්ධයක ද
  • විද්‍යුත් ආරෝපණයක ද
  • චුම්බක ඝූර්ණයක ද

ජාතිලක්ෂණ ඉලෙක්ට්‍රෝනය සතුය. සෙසු මූලික අංශුවලද මෙබඳුම පුළුල් ජාතිලක්ෂණ මාලාවක් තිබේ.

(වී.ජී.අපනාසියෙව්. – මාක්ස්වාදී දර්ශනයේ මූල ධර්ම – 41 පිටුව)

II. ද්‍රව්‍ය පැවැත්මේ ආකාර

ද්‍රව්‍ය හා පදාර්ථය ඉතාමත් පුළුල්ය.එය කිසියම් තනි වස්තුවකට හෝ ක‍්‍රියාදාමයකට පමණක් සීමා වී නැත. වස්තු කිහිපයකට හෝ ප‍්‍රපංච කිහිපයකට සීමා  වී නැත. එය වාස්තවික යථාර්ථය සමස්තයක් ලෙස වෙලා ගනී.

ද්‍රව්‍ය පැවැත්මේ ආකාර තේරුම්  ගැනීමේ දී සරලවම තේරුම් ගත හැකි අවස්ථා වනුයේ

  1. ඝන අවස්ථාව
  2. ද්‍රව අවස්ථාව                   පෘථිවියේ බහුලව පවතී.
  3. වායු අවස්ථාවත්ය
  4. ප්ලාස්මා අවස්ථාව           (විශ්වයේ බහුලව පවතී.)

වායුකත්වයට සමාන ආකාරයේ පවත්නා එය විද්‍යුත් ආරෝපන සහිත ඉලෙක්ට්‍රෝන සහ අයනවලින් යුක්තය. මෙය වායු තත්ත්වයට සමාන වුවද, එහි ජාති ලක්ෂණ වායුවකට සමාන නොවේ. ප‍්‍රබල චුම්බක ක්ෂේත‍්‍රයක බලපෑම යටතේ ප්ලාස්මාවේ සංචලනය විශේෂ සර්පිලාකාර ස්වරූපයත් ගනි. චුම්බක ක්ෂේත‍්‍රය එක්තරා ආකාරයක භාජනයක් සේ ප්ලාස්මාව නියමිත තත්වයක හා පරිමාවක තබා ගැනීමට සමත්ය. ප්ලාස්මාව සතු මෙම විශේෂ ජාති ලක්ෂණය නිසා ද්‍රව්‍යයන්ගේ 4 වැනි තත්ත්වය ලෙස එය සලකනු ලැබේ.

(තාරකා, නිහාරිකා, අන්තස්තාරීය වායු ප්ලාස්මා තත්ත්වයක පවතී.)

  1. එපි ප්ලාස්මා (අධිප්ලාස්මාව)

මෙය උපකල්පිත ආකාරයකි.පවතින බවට ස්ථිර නැත.

අංශු හා ප‍්‍රති අංශුවල මිශ‍්‍රණයකි.

අධිකතර උෂ්ණත්වයකුත් බලගතු ගුරුත්වාකර්ෂණයකුත් මේවයේ පැවැත්මට අවශ්‍ය වේ.

(එය පැවතීමේ හැකියාව විද්‍යාවේ නියාමවලට පටහැනි නොවේ.)

  1. ශක්ති – ක්ෂේත‍්‍ර ආකාරය

ශක්තිය – හානිවන ස්කන්ධයක ප‍්‍රතිඵලයක්

ක්ෂේත‍්‍ර – වස්තූන් එකිනෙක සම්බන්ධ කරන්නා වූත් එක් වස්තුවක සිට තවත් වස්තුවක් දක්වා සම්ප්‍රෙෂණය කරන්නා වූත් ද්‍රව්‍යමය ස්වරූපය

 III. ද්‍රව්‍ය පැවැත්මේ මාදිලිය චලිතයයි

චලිතය ද්‍රව්‍යයෙන් වෙන් කළ නොහැකි එහි ආවේණික ලක්ෂණයකි. චලිතය ද්‍රව්‍ය පැවැත්මේ මාදිලියයි. චලිතයෙන් තොර වූ ද්‍රව්‍යයක් කිසි තැනක නොවීය. මතුවටද නොවන්නේ යැයි ප්‍රෙඞ්රික් එංගල්ස් අවධාරණය කළේය

ද්‍රව්‍ය චලිතය නිරෙප්ක්ෂය. සදාකාලිකය. එය මැවීමට හෝ විනාශ කිරීමට හෝ නොපුළුවන. මන්ද ද්‍රව්‍ය මැවීමට හෝ විනාශ කිරීමට හෝ නොහැකි බැවිනි.

චලිතය නිරපේක්ෂ වන අතර නිශ්චලතාවය සාපේක්ෂ වේ.

අවකාශය සහ කාලය යනු කුමක්ද?

මිනිසා තමා  අවට ඇති පරිසරය නිරීක්ෂණය කිරීමේදී හමුවන වස්තූන්ට දිග, පළල සහ උසක් පවතින බවත්, එක් එක් වස්තුවට සාපේක්ෂව ලොකු කුඩා වශයෙන් පරිමාණ වෙනස්කමක් තිබෙන බවත් අත්දැකීමෙන් ඉගෙන ගනු ලැබීය. තවද ඇතැම් වස්තු අපට ළඟින් පිහිටයි. මේ සමස්ත අත්දැකීම් තුළින් ඔහුිඅවකාශය‘ පිළිබඳ සරල වටහා ගැනීමක් කර ගනු ලැබීය.

හිරු නැඟීමත්, බැසීමත් අතර පරතරය ආලෝකය ලෙස ද, බැසීමත්, නැගීමත් අතර පරතරය අන්ධකාරය ලෙස ද නම් කොට දවස නිර්මාණය කර ගත් මිනිසාට ‘කාලය’ පිළිබඳ වූ හැඟීම ද ජනති විය. තව දුරටත් හිරු මුදුන් වන තුරු පරිසරයේ වෙනස දුටු ඔහු එම පරතරය පෙරවරුව ලෙසත්, හිරු මුදුනෙහි සිට බැස යන තෙක් පරතරය පස්වරුව ලෙසත් මෙම කාලය ඒකකය දවස බෙදා ගනු ලැබීය.

ක‍්‍රමානුකූලව සංකීර්ණ ජීවිතයකට මුල පුරනු ලැබූ මිනිසා කාලය මැනීම සඳහා විවිධ උපක‍්‍රම භාවිත කරනු ලැබීය.

  • තිරස්ව සිටවන ලද රිටක සෙවණැල්ලේ දිග මැනීම.
  • වැලි ඔරලෝසුව
  • ජල ඔරලෝසුව
  • කපන ලද කෙසෙල් කඳක ගොබය වැඞීම ඇසුරෙන් කාලය මැනීම

වැනි ප‍්‍රාථමික උත්සාහයන්ගේ සිට අද දියුණු පරමාණු ඔරලෝසුව දක්වා කාලය මැනීමේ ක‍්‍රම දියුණු කර ඇත.

මේ ආකාරයට අවකාශය හා කාලය පිළිබඳ වූ පොදු සාමාන්‍ය සරල හැඟීමක් මෙන්ම ඊට අනුරූපී ප‍්‍රායෝගික අත්දැකීම් ද මිනිසාට තිබේ.

තම ව්‍යවාහාරික ඥානයට ගෝචර වන අවකාශය හා කාලය පිළිබඳ සරල හැඟීම ඉක්මවා යන ගැඹුරු හරයක් පවතින්නේ ද යන්න පසුකාලීනව දර්ශනය හා විද්‍යාවේ වර්ධනය හමුවේ විමසා බලනු ලැබී ය. එහි දී අනාවරණය කර ගත් අවකාශ කාලයේ ජාතිලක්‍ෂණ පිළිබඳ විමසා බැලීමක් වෙත යොමු වෙමු.

අවකාශය හා කාලය පිළිබඳ විද්‍යාත්මක හා දාර්ශනික විමසා බැලීමක්

විඥානවාදීන් අවකාශයේ හා කාලයේ වාස්තවිකත්වය ප‍්‍රතික්ෂේප කරයි. එය මිනිස් විඥානයේ නිෂ්පාදිතයක් යැයි දැක්වීය. විඥානවාදීහු කල්පනා කරති. අවකාශය හා කාලයිපරම සංකල්ප‘ විශ්වීය ආත්මය විසින් බිහි කරනෙ ලද බැව් වාස්තවික විඥානවාදීන්ගේ මතය වේ.

‘භෞතිකවාදය සහ අනුභූතිවාදී විවේචනය’ නමැති සිය කෘතිය මඟින් විඥානවාදීන්ගේ මෙම මතය පදනම් විරහිත බව ලෙනින් විසින් පෙන්වා දෙනු ලැබිණි.

මිනිසා බිහි වීමට බොහෝ කලකට පෙර සිට පෘථිවිය, අවකාශයේ සහ කාලයේ පවත්නා බව විද්‍යාව විසින් ඔප්පු කොට ඇති බිඳහෙළිය නොහැකි සත්‍යයට කුමක් වන්නේ ද යනුවෙන් ඔහු ලිවීය.

අප අවට ලෝකයේ ඇත්තා වූ චලිතය හා සියලූම ද්‍රව්‍යමය වස්තුවලට නිශ්චිත විශාලත්වයක්, පරිමාවක් හා ව්‍යුහයක් ඇති අතර, ඒවා එකිනෙකට සාපේක්ෂව එක්තරා ආකාරයකින් ස්ථානගතව ඇත. (අවකාශය)

ඒ හැරුණු විට මෙම වස්තු එකක් පූර්වගාමී වෙමින් හෝ අනෙක ප‍්‍රතිස්ථාපනය කරමින් අනුක‍්‍රමයන් සාදයි. (කාලය) ද්‍රව්‍යමය වස්තුවල මෙම ගතිලක්ෂණවලින් අදහස් වන්නේ ඒවා අවකාශයේ හා කාලයේ පවතින බවය.

අවකාශය හා කාලය ද්‍රව්‍යයේ පැවැත්මේ විශ්වීය (පොදු) ස්වරූපයන්ය.

ඒ පිළිබඳව ලෙනින් මෙසේ ලිවීය.

චලිතයේ පවතින ද්‍රව්‍යයට අවකාශයක් හා කාලයක් හැර වෙනත් ආකාරයකින් චලනය විය නොහැක.

(වී.අයි. ලෙනින් එකතු කළ කෘති 14 පිටුව 175)

අවකාශය පිළිබඳ සංකල්පය ද්‍රව්‍යමය වස්තු එකිනෙකට සාපේක්ෂව ඒවායේ පිහිටීම විදහා දක්වන අතර, වස්තුවල විශාලත්වයද, ඒවායේ සහපැවැත්මද ප‍්‍රකාශ කරයි. අවකාශමය සබඳතාවලට වස්තුවල දිග, පළල, උස, ස්වරූපය, ව්‍යුහය සහ ඒවායේ සිට වෙනත් වස්තුවලට දුර වැනි ලක්ෂණ ඇතුළත් වේ.

කාලය යනු අවස්ථාවන්ගේ අනුක‍්‍රමයකි. ඇතැම් ප‍්‍රපංච අනෙක්වා අනුගමනය කරන පිලිවෙළ සහ ඒවා සම්බන්ධව ඇති ක‍්‍රියාවල පවතින කාලයයි. කාලය විවිධ වස්තුවල ඉතිහාසය දැන ගැනීමට හැකියාවක් ඇති කරයි.

අවකාශයේ ප‍්‍රධාන ලක්ෂණයක් වනුයේ එහි ත‍්‍රිමාණ ස්වභාවයයි. අවකාශයට දිසා තුනක් ඇත. එනම්, වම-දකුණ, ඉදිරිපස-පසුපස සහ ඉහළ-පහළ ය. මේ සියලූ දිසාවන් අන්‍යොන්‍ය වශයෙන් ලම්බ රේඛා තුනක් මඟින් ප‍්‍රස්තාරික ලෙස ප‍්‍රකාශ කරනු ලැබේ. මෙම රේඛා තුනෙන් අයෙකුට  ඕනෑම වස්තුවක් අවකාශමය වශයෙන් නිර්ණය කළ හැකිය.

අවකාශයට පටහැනි ලෙස කාලයට ඇත්තේ එක් මානයකි. එය නිතරම එක් දිසාවකට ඉදිරියට කාලයයි. එනම්, අතීතයේ සිට වර්තමානයට හා වර්තමානයේ සිට අනාගතයට ගලා යයි. කාලය ආපසු හැරවිය නොහැකිය. එය විරුද්ධ දිසාවට ගලා යාමට සැලැස්විය නොහැකිය.

ද්‍රව්‍යමය වස්තුවල අවකාශීය හා කාලික ගතිලක්ෂණ අන්තර්සම්බන්ධිතව ඇත. එය ඒවායේ චලිතයේදී පැහැදිළි ලෙස විද්‍යමාන වේ. සියලූ වස්තු එක්තරා වේගයකින් චලනය වන (ගමන් කරන) බව කවුරුත් දනිති. වේගය යනු නිශ්චිත කාලයක දී ගමන් කර ඇති දුර ප‍්‍රමාණයයි. මෙහිදී අපට අවකාශයේ හා කාලයේ අන්තර්සම්බන්ධය ගමන් කරන ද්‍රව්‍යමය වස්තුවත් සමඟ ඒවායේ සම්බන්ධය දක්නට ලැබේ.

අවකාශයේ හා කාලයේ තවත් ප‍්‍රධාන ලක්ෂණයක් වන්නේ ඒවායේ අනන්තයයි. නැතිනම්, අපරිමිතයයි. අවකාශය හා කාලය බැලූ බැල්මට පරිමිත සේ පෙනී යනු ඇත. මක්නිසාද යත්, ඒවා සිය පැවැත්මේ ආරම්භයක් හා අවසානයක් ඇත්තා වූ ද්‍රව්‍යමය ලක්ෂණ හා සබඳතා වශයෙන් පවතින හෙයිනි. එහෙත්, පරිමිත වස්තු මාර්ගයෙන් පවතින අතරම අවකාශය හා කාලය අපරිමිත වේ. එක් එක් වස්තුව අනෙක් වස්තු සමඟ සම්බන්ධ වී ඇත. මෙයාකාරයෙන් ඒවා අනන්තය දක්වා සම්බන්ධ වී ඇත. පරිමිත විශාලත්වයන්ගෙන් සමන්විත අවකාශය අනන්තය බවට විහිදි යයි. එක් එක් තනි වස්තුවේ පැවැත්මෙහි ආරම්භයක් හා අවසානයක් ඇත. එහෙත්, වෙනත් වස්තු අපරිමිත සංඛ්‍යාවක් ඊට පූර්වගාමී වූ අතර, එයාකාරයෙන් ම තවත් දේවල් විසින් ප‍්‍රතිස්ථාපනය කරනු ලබන අතර, මෙයාකාරයෙන් එය කෙළවරක් නැතිව සිදු වෙයි.

දයලෙක්තික භෞතිකවාදය යනු කුමක්ද? – වී. ක‍්‍රපීවින්

අවකාශය – කාලය පිළිබඳ විද්‍යාවේ සංකල්ප

සම්භාව්‍ය යාන්ති‍්‍රක විද්‍යාව අවකාශයේ හා කාලයේ වාස්තවිකත්වය පිළිගනිමින්, එය ද්‍රව්‍යයෙන් වෙන් කොටගෙන ඒවා නිරපේක්‍ෂ ලෙස ඒකාකර බවත් වෙනස් නොවන බවත් සැලැකී ය.

සම්භාව්‍ය භෞතික විද්‍යාවේ ප‍්‍රධානතම විද්‍යාඥයා වූ අයිසැක් නිව්ටන් (1643-1729) නිදසුනක් වශයෙන් අවකාශය අති විශාල භාජනයක් සේ සලකමින්, එය තුළ වස්තු එක්තරා නියමිත ක‍්‍රමයකට තබා ඇතැයි ද, ඒ වස්තූන් හා අවකාශය අතර තිබූ සම්බන්ධකමක් නැතැයි ද සිතුවේ ය.

විශ්වයේ සියලූ වස්තූන්ගේ අවකාශමය ජාතිලක්‍ෂණ එක සමාන බව සිතූ නිව්ටන් අප හැම දෙනෙකුම පාහේ පාසලේ දී ඉගෙන ගන්නා ඉයුක්ලිඩියානු ජ්‍යාමිතිය විසින් එය සම්පූර්ණයෙන් ම විස්තර කර ඇතැයි කල්පනා කළේ ය. නිව්ටන් ඉයුක්ලිඩියානු ජ්‍යාමිතිය ගණන් ගත්තේ තිබිය හැකි නිරපේක්‍ෂ ජ්‍යාමිතිය ලෙසිනි.

කාලය පිළිබඳ නිව්ටන්ගේ මතය ද එලෙස ම පාරභෞතිකවාදී විය.

රුසියානු ගණිත විද්‍යාඥයකු වූ නිකොලායි ලොබචෙව්ස්කි (1792-1856) ඉයුක්ලිඩියානු නොවන අලූත් ජ්‍යාමිතික විද්‍යාවක් සොයා ගත්තේ ය. අවකාශය පිළිබඳ පාරභෞතිකවාදී මත නිෂ්ප‍්‍රභ කළ මේ අලූත් ජ්‍යාමිතිය වස්තූන්ගේ අවකාශමය ජාතිලක්‍ෂණ පිළිබඳ අදහස් පුළුල් කළේ ය. විශ්වයේ විවිධ ප‍්‍රදේශවල අවකාශයේ ජාතිලක්‍ෂණ එක හා සමාන නොවන බව ද, එය භෞතික වස්තූන්ගේ ස්වභාවය මත සහ ඒ ඒ වස්තූන්ගේ අභ්‍යන්තරික ද්‍රව්‍යමය කි‍්‍රයාදාම මත රඳා පවතින බව ද ලොබචෙව්ස්කි පෙන්වා දුන්නේ ය. ඉයුක්ලිඩියානු ජ්‍යාමිතික රාමුවට හසු නොවන අවකාශමය ජාතිලක්‍ෂණ සහිත වස්තූන් ස්වභාව ධර්මයේ තිබෙන බව ඒත්තු ගත් හෙතෙම එම අලූත් ජාතිලක්‍ෂණ සොයමින් ති‍්‍රකෝණයක කෝණයන්ගේ සමස්තය ඉයුක්ලිඩියානු ජ්‍යාමිතිය කියන පරිදි අංශක 180ක් නොව සමහර අවස්ථාවල දී එයට (අංශක 180) වඩා අඩු බව ද විශේෂයෙන් පෙන්වා දුන්නේ ය.

අවකාශයේ හා කාලයේ සාපේක්‍ෂ බව

අවකාශය හා කාලය පිළිබඳ නිව්ටෝනියානු භෞතික විද්‍යාවේ සංකල්ප අභියෝගයට ලක් කරමින්, එහි සාපේක්‍ෂ ස්වභාවය අනාවරණය කරනු ලැබූයේ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයකු වූ ඇල්බට් අයින්ස්ටයින් විසිනි. (1879-1955)

වස්තූන්ගේ අවකාශ කාල ජාතිලක්‍ෂණය ඒවායේ චලන ප‍්‍රවේගය මත රඳා පවතින බව සාපේක්‍ෂතාවාදය මඟින් පෙන්වා දෙයි. සාපේක්‍ෂ වශයෙන් විශාල නොවන ප‍්‍රවේගයන් පවතින තත්ත්වයන්වල දී මේ රඳා පැවැත්ම පෙන්වා දිය නොහැකි ය. අවකාශ – කාල ජාතිලක්‍ෂණය වෙනස් වීම ප‍්‍රායෝගික වශයෙන් සොයා ගත හැක්කේ ආලෝකයේ වේගයට ආසන්න වේගයන් ඇති විට පමණි.

  • නිශ්චලතාවයේ පවතින වස්තූන් සමඟ සසඳා බැලූ විට ආලෝකයේ වේගයට සමීප වේගයකින් චලිත වන වස්තුවක දිග ප‍්‍රමාණය එහි වේගය වැඩි වන ප‍්‍රමාණයට අඩු වන බවත්,
  • කාලය සෙමෙන් ගලා යන බවත්,
  • ස්කන්ධය වැඩි වන බවත්,

සාපේක්‍ෂතාවාදය මඟින් අනාවරණය කරනු ලැබී ය.

සාපේක්‍ෂතාවාදය අනුව අවකාශය හා කාලය වෙනස් වන්නේ ඉබේට ම නොවේ. එකිනෙකට අඛණ්ඩ ලෙස වෙළී පවතින සම්බන්ධතාවය අනුව ය. මේ සම්බන්ධතාවය කොතරම් දැඩි ලෙස වෙළී පවතී ද යත්, එය අඛණ්ඩ ඒකීයතාවයක් බවට පත් වී අවකාශයේ ති‍්‍රමාණයට තවත් අමතර මානයක් එකතු වන්නාක් මෙනි.

සාපේක්‍ෂතාවාදය මඟින් අවකාශයේ සහ කාලයේ ජාතිලක්‍ෂණය: ද්‍රව්‍යයේ ස්කන්ධය මත දරා පවතින බව පෙන්වා දෙයි.

විශාල ස්කන්ධයක් සහ විශාල ගුරුත්වාකර්ෂණයක් ඇති වස්තු සමීපයේ දී අවකාශය වෙනස් වෙයි. නැතහොත්, එහි වක‍්‍රතාවයක් ඇති වෙයි. ඊට අනුකූලව කාලය ද වෙනස් වෙයි. එය සෙමින් ගෙවී යයි.

සාපේක්‍ෂතාවාදය මඟින් අනාවරණය කර ගනු ලැබූ මෙම සිද්ධාන්ත පරීක්‍ෂණ මඟින් සනාථ කොට ඇත. නිදසුනක් වශයෙන් ‘මෙසෝනය’ (පරමාණු න්‍යෂ්ටියක් විකණ්ඩනය වීමේ දී බිහි වන මූලික අංශුවකි.) පවතින්නේ ඉතා සුළු කාලයකි. එහෙත්, වේගය වැඩි කරන්නේ නම්, මෙසෝනයේ ආයුෂ දීර්ඝ වේ.

විමර්ශන