ඇමරිකාවේ ‌කෙනහිලි මැද බබලන සමාජවාදයේ අභිමානය

120375234
කියුබානු විප්ලවය විජයග‍්‍රහණයක් වන්නේ ඇයි?
January 1, 2019
148478379-DarkMatter_6
ද්‍රව්‍යය හා එහි පැවැත්මේ ස්වරූපය
January 7, 2019
Show all

ඇමරිකාවේ ‌කෙනහිලි මැද බබලන සමාජවාදයේ අභිමානය

us_cuba

කියුබාවේ 60 ‌ෙවෙනි විප්ලවීය සැමරුම ‌ෙවෙනුවෙනි.

cuba60-web-graphic

කියුබාව කැරීබියානු කලාපයේ පිහිටි භූමියෙන් කුඩා රටකි. එහි සිට යෝධ ඇමරිකාවට ඇත්තේ අත පොවන මානයේ තරම් දුරකි. කියුබාවේ සිට බටහිර ප්ලොරිඩාවේ දකුණු ප‍්‍රදේශයට කිලෝ මීටර් 150 කි. 2013 ජුලි මස වන විට කියුබාවේ ඇස්තමේන්තු කල ජනගහනය 11,061,886 (මිලියන 11)කි. එම දත්ත ලබාගන්නා ලද මූලාශ‍්‍රයන්ටම අනුව 2013 වසරට ඇස්තමේන්තු කරන ලද ඇමරිකන් ජනගහනය 316,438,601 (මිලියන 316) කි. ඇමරිකාවට සාපේක්ෂව කියුබාව කුඩා රාජ්‍යකි. තවද  දෙරට සමාජ අර්ථික වශයෙන් එකිනෙකට ප‍්‍රතිපක්ෂව පවති. එනිසාම දේශපාලනයේදිද ඔවුනොවුන් නිරන්තර අරගලයක යෙදී සිටි. මේ තත්වය තුල කියුබාව, ඇමරිකා එක්සත් ජනපදයට වහා ඉවත් කරගත යුතු දැවැන්ත බාධකයකි. එහෙත් එය ක‍්‍රියාවට නැගිම එම වචන පෙළ තරම් සරලවී නැත. කියුබාවට මැදිහත් විමට ගොස් ඇමරිකාව අත පුළුස්සා ගත් වාර අපමණය. ‌ලෝක  අවමානයට පත්වූ වාර ගණන අපමණය. කුඩා කියුබාව ඇමරිකාව තරම්ම ලෝක දේශපාලන කරළියේදි ලොව සුවිශේෂි අවධානයක් සහිත රටකි.

අධිරාජ්‍යවාදි අරගලයේ පෙරමුණෙහිම සිටින්නෙක් ලෙසද, ලොව ජාතික විමුක්ති අරගලයන්හි සමීපතම මිතුරකු වශයෙන්ද කියුබාව ජාත්‍යන්තරවාදයේ පරමාදර්ශයකි. එහි දී සාමාජවාදය රැක ගැනීම හා එහි ගොඩනැගිම උදෙසා අදිටනින් හා ධෛර්යයෙන් ශක්තිමත්ව, ලෝක කොමියුනිස්ට්වාදීන්ට ආදර්ශයක්ද ආශ්වාදයක්ද සපයමින් සිටියි. සමාජවාදි කඳවුර බිඳ වැටුනු පසුවද තම කොමියුනිස්ට්වාදි අරමුණ, දර්ශනය, ප‍්‍රතිපත්තිය හා වැඩපිළිවෙල බොඳ නොකර ගැනීමට තරම් කියුබාව පරිණතය. එහෙත් ධනවාදයේ අයිති කරුවා සේ හැසිරෙන එක්සත් ජනපදය අසල සිටිමින්, සමාජවාදි රටක් වශයෙන් හුදකලාව අල්ලා සිටිම ද පහසුම නැත . සමාජවාදය කෙරෙහි වන අචල විශ්වාසය ද, එය ආරක්ෂා කරගැනිමේදි ජනතාව ප‍්‍රබල බලයක්ය යන්න පිළිබඳ වන විශ්වාසයෙන් ද, රට තුල හා රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් තම උපක‍්‍රමික දක්ෂතාවය පෙන්වමින්, කියුබාව නොසැළී සිටී. ඒ සඳහා ඔවුන් ජාතියක් වශයෙන් බොහෝ මිළ ගෙවා ඇත. එවන් කියුබාවේ අභිමානය කෙරෙහි වන ගෞරවය පිණිසම කියුබාවට එරෙහිව එක්සත් ජනපදයේ සතුරුකම් වල පරිමාණය හා කෲරත්වය විමසා බැලිම ලිපියෙහි අරමුණ බව මුලින්ම පැවසිය යුතුය. සමාජවාදි කියුබාවට එරෙහි ඇමරිකන් මෙහෙයුම් මධ්‍යස්ථානය අන් කවරක්වත් නොව ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ඇමරිකන් මධ්‍යම රහස් ඔත්තු ඒකකය හෙවත් CIAය වේ. සමාජවාදි කියුබාව වෙනුවෙන් ඒවා මැඩලන මෙහෙයුම් මධ්‍යස්ථානය ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා ප‍්‍රමුඛ කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයයි.

මොළ සේදිමේ ඇමරිකන් (CIA) මෙහෙයුම්

කියුබාවට එරෙහි ඇමරිකන් මෙහෙයුම් කේෂත‍්‍ර කිහිපයක් ඔස්සේ දියත් විය. මූළික, පුළුල්තම හා නිරන්තරයෙන් වන මෙහෙයුම වූයේ මතවාදි මෙහෙයුමයි. කියුබන් සමාජවාදි විප්ලවයට එරෙහිව ජනතාවගේ මොළ සේදීම හා ප‍්‍රති විප්ලවවාදි මතයන්ගෙන් දූෂිත කිරීම එහි ඒකායන අරමුණයි. විප්ලවය ජයගත් මොහොතේම රටින් පලාගිය ධනපති පංතියේ හා ධනපති ගැති නිලධාරි පංතිය මාධ්‍ය කොට ගෙන රට තුළට පොම්ප කල මතවාදයන් මේ සඳහා උපයෝගි කරගන්නා ලදි. මුල් වකවානුවේ මෙම පළා ගියවුන්ද සිතා සිටියේ වැඩි දවසක් ෆිදෙල් ඇතුළු පිරිස බලය අල්ලා නොසිටිනු ඇත යන්නය. එය එසේ නොවන විට තව තවත් වියරුවෙන් හැසිරෙන්නටවූ මොවුන් අමරිකන් මෙහෙයුම් වල සජීවි ද්‍රව්‍යමය බළවේගය විය. කියුබන් පළා යන්නන් සාදරයෙන් පිළිගෙන ඇරිකාවේ ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ දකුනු තුඩුවේ කියුබාවට ඉතා ආසන්නතම ස්ථානයේ පිහිටා ඇති මියාමි වල පදිංචි විමට පහසුකම් සැපයුවේද ඔවුන් ඇමරිකන් බළල් හස්තයන් බවට පත්කරගැනිම උදෙසාය. මෙයට අමතරව රට තුල සිටින පලාගියවුන්ගේ ඥාතින්ද, හිතවතුන්ද ආදින් කියුබාව තුලම උපයෝගි කරගන්නා ලදි. සමාජවාදය කෙරෙහි බියකරු චිත‍්‍රයක් මැවිම, සමාජවාදි ක‍්‍රියාමාර්ග කෙරෙහි පූර්ව අනියත බියක් පැතිරවිම මෙහි අරමුණ විය. කටකතා වල සිට පත‍්‍රිකා, පුවත්පත් දක්වා මෙම කඩාක්පල්කාරි ක‍්‍රියා විහිදෙන පරාසය විය. සමාජවාදි ක‍්‍රියා මාර්ග ගැනිමේදි ෆිදෙල් ප‍්‍රමුඛ සහෝදරවරුන්ගේ උපක‍්‍රමශීලිත්වය හා විචක්ෂණ බව නිසාම ප‍්‍රතිවිප්ලවවාදි මතයන්ගෙන්  රැවටීමටලක්විය හැකි පිරිස අවම කරගැනීමට හා ජනතාව, විප්ලවවාදි රජය සමඟ විය හැකි ප‍්‍රතිවිරෝධයන් අවම කර ගැනිමට සමත් විය. කට කතා වලින් නොනැවතී ඇමරිකාව, විද්‍යුත් මාධ්‍ය නවින තාක්ෂණයන් ඔස්සේ දැවැන්ත මෙහෙයුමක් සිදුකරන ලදි. ඇමරිකාව තුල විකාශන මධ්‍යස්ථානයන් හා විකාශන කුළුනු පවත්වා ගනිමින් ඒ හරහා කියුබාවට එරෙහිව එම විද්‍යුත් මාධ්‍ය මෙහෙයුම දියත් කරන ලදි. ගෝතමාලාවේ Omar Perez Salmon නැමැති ලේඛකයා විසින් ලියන ලද Terrorismo en el eter කෘතියෙහි සඳහන් වන පරිදි 1959 විප්ලවයේ සිට CIA විසින් ගුවන් විදුලි හා රූපවාහිනි නාලිකා 123 ක් දකුණු ෆ්ලොරිඩාවේ සිට විවිධ කණ්ඩායම් හරහා මෙහෙයවා ඇත. එවන් ප‍්‍රථමයෙන් පිහිටවූ ගුවන් වදුලිය වූයේ හොන්ඩ්‍යුරාස් වල සිට මෙහෙය වූ Radio Swan යන්නය. රේඩියෝ මාටි යනු එවන් ප‍්‍රබල ප‍්‍රතිවිප්ලවවාදි ගුවන් විදුලි මෙහෙයුමකි. මෙම CIA මෙහෙයුම් එසේ පවතින අතරම අනෙක් අතට කියුබන් මාධ්‍ය ප‍්‍රචාරයන් ඇමරිකාව තුල වසන් කරන ලදි. ඒවා කියුබානුවන්ට හෝ ඇමරිකානුවන්ට දැන ගැනිමට වන හැකියාවන්ට තාක්ෂණය හරහා බාධා කරන ලදි. කියුබාව හා එක්සත් ජනපදයට පමණක් සීමා නොවූ මෙම මතවාදි අරගලය ජාත්‍යන්තරවද පුළුල් පවත්වා ගනිමින් සිටියි. විශේෂයෙන් මානව හිමිකම් ප‍්‍රශ්නයක් මවා පාමින් (සැබවින්ම ඔවුන් මානව හිමිකම් අහිමි වූවා යැයි පැවසුවේ කියුබන් ධනපති පංතියේ හා ධනපති ගැති එහි මුරභටයන්ගේය. ජනතාවට එවන් මානව හිමිකම් ප‍්‍රශ්නයක් නොවීය.) මානව හිමිකම් අහිමි කිරිම යන්න ලොව පහසුවෙන් බෙදා හැරිය හැකි මාතෘකාවකි. කියුබාවට එරෙහිව CIA මෙහෙයුම් සාධාරණිකරණයට හා කියුබාවේ දුෂ්ඨත්වයත්, ඇමරිකාවේ අහිංසකත්වයත් ව්‍යාජ ලෙස හුවා දැක්විම සඳහා කියුබාවට එරෙහිව සැළසුම් කල ව්‍යාජ ඝාතන චෝදනා එල්ල කරන්නට තරම් ඔවුන් සැහැසි විය. කෙනඩි ඝාතනය සම්බන්ධ චෝදනාව එවැන්නකි. 1963 නොවැම්බර් 23 දින කෙනෙඩි ඝාතනයේ සැකකරු වූ Harvy Oswald කියුබන් ඔත්තු කරුවකු බව පැවසිය. නමුත් ඔහු කිසිදා කියුබාවට පැමිණ නැත. ඔහුගේ අත් හරින ලද බිරිඳ  රුසියන් කාන්තාවක් නමුත් ඔස්වල්ඞ් CIA පුහුණු ඔත්තු කරුවකු බව හෙළිදරව් විය. තවද මෙම ඝාතනයේ ස්වභාවය ගත් කළ තනි මිනිසකුට එය එලෙසින් කල නොහැකි බව පැහැදිලි විය. සැබවින්ම ඇමරිකාවේ කුමන්ත‍්‍රණය එහිදී අසාර්ථක විය. තවද කියුබාවට එරෙහි ආක‍්‍රමනික ක‍්‍රියාවන් සාර්ථක කරගැනිම සඳහාද මාධ්‍ය මෙහෙයුම් උපයෝගි කරගන්නා ලදි. 1961 අසාර්ථක කියුබන් ආක‍්‍රමණයට පුර්වගාමිව මෙවැන්නක් සිදුවිය. ඌරුබොක්ක මෙහෙයුම සඳහා CIA ඇස්තමේන්තුව තුල මාධ්‍ය මෙහෙයුමට පමණක් ඇ. ඩොලර් 1,700,000 ක් වෙන් කරන ලදි.

සංක‍්‍රමණික අර්බුදය දඩ මීමකු කොට ගෙන

කියුබන් සංක්‍රමණික ප‍්‍රශ්නය තව දුරටත් වවාගෙන කෑමට ඇමරිකාව ගන්නා ලද උත්සාහය ඉතා නින්දනීය මෙන්ම අසාර්ථකද එකක් විය. සැබවින්ම එක්සත් ජනපදය කරනු ලැබූයේ කියුබන් සංක‍්‍රමනිකයින් උනන්දු කර උසි ගන්වා පසුව ඔවුන්ට ඇමරිකාවට ඒමට අපහසුතා ඇති කිරිමයි. ඒ තත්වය තුලින් ඇති කරනු ලබන අසහනකාරිත්වය හා නොසන්සුන්තාවය විවිධ අර්බුදකාරි තත්වයන්ට පෙළඹුමක් සාදයි. කියුබාවේ සිට ඇමරිකාවට සංක‍්‍රමනය වීම් විප්ලවයට පෙර සිටම තිබූ බව ෆිදෙල් විසින් තම පැය සියයේ සාකච්චාවේ දි පවසයි. ඇමරිකන් ගැති පිරිස්, කියුබන් ධනපති පංතිය, විවිධ මට්ටමේ වෘත්තිකයින්, ඇමරිකාවේ පාරාදීසයක් ඇතැයි මුලා වූවන්, ධනවාදයේ ගැත්තන් ආදි විවිධ කොටස් මේ අතර වේ. 1959 විප්ලවයෙන් පසුව මේ තත්වයේ වර්ධනයක් දක්නට ලැබිණ.  ඇමරිකාව විසින් විප්ලවයට එරෙහි කඩාකප්පල්කාරිත්වයක් උදෙසා මෙම තත්වය වර්ධනය කරගනිමින් එය දඩමීමකු කරගනු ලැබීය. ඇමරිකාව විසින් මේ අර්බුදය ඇති කරලීමේ දි පොළඹවනු ලබන්නේද ඉහත කී සංක‍්‍රමනික පෙළඹුමක් සහිත පිරිස්මය. මියාමි වල පාරාදීසයක් මවා පාමින් හා සංක‍්‍රමනිකයින්ට පහසුකම් දෙන බව පවසමින් එහෙත් ආරක්ෂාකාරීව හා නිත්‍යානුකූලව සංක‍්‍රමනයන්ට බාධා පමුණුවයි. ඉන් පසු ඇමරිකාවට යාමේ පහසුකම් හා වීසා නොමැති හේතුවෙන් රහසිගත සංක‍්‍රමනිකයින් බිහිවේ. ඒ හේතුවෙන් නිතර නිතර අනාරක්ෂිතව ජාවාරම්කාරයින් හා එක්ව බෝට්ටු මඟින් බලහත්කාරයෙන් හා රහසිගතව ඇමරිකාවට පළායෑමට මෙම පිරිස් පෙළඹේ. මෙයින් අනාරක්ෂිත අබලන් බෝට්ටු හා පිරිස යාත‍්‍රා වලට ඔරොත්තු නොදෙන තරම් වීම හෙතුවෙන් අනතුරට පත්වීම් සිදුවූ විට අපවාද නගන්නේ සමාජවාදි කියුබාවටය. එසේම එම අනාරක්ෂිත මුහුදු ගමන් වැලැක්වීමට යෑම හෝ වලක්වාලිමට යාමේදී යම් අනතුරක් හෝ ගැටළුවක් වී නම් එය කියුබාවේ කෲරත්වයක් හා මානව හිමිකම් කඩකිරිමක් ලෙස හුවා දක්වන්නට උත්සාහ දරනු ලබයි. වරක් කියුබන් අලියා බෝට්ටුවක් පැහැරගෙන පළායන්නට වූ සංක‍්‍රමනිකයින් පිරිසක් ලූහුබැඳ යන අතර (එය වරදක් නොවේ. පැහැර ගෙන යන බෝට්ටුව බේරාගැනීම නිත්‍යානුකූල ක්‍රියාවකි.)  එය හරස් කොට නවතාලීමට යාමේදි එහි සිටි සංක‍්‍රමණිකයින් අනතුරට පත්විය. එම සිතා මතා නොකළ අහඹු සිදුවිම පවා ඇමරිකාව විසින් කියුබාවට එරෙහි ප‍්‍රචාරයට යොදවා ගන්නා ලදි. මේ නිසාම එසේ පලායන්නන් කුමන හේතුවක් මත හෝ වළකාලීමට උත්සාහ නොගන්නා ලෙස රජය කියුබන් ආරක්ෂක අංශ වලට විශේෂ උපදෙස් ලබා දී තිබුනි. කියුබන් සංක‍්‍රමනිකයින් ඔවුනට ඇමරිකාවට යාමට ප‍්‍රවාහන පහසුකම් නොමැති විට කියුබාව හා අරගලකාරීව හැසිරේ. කියුබාවට එරෙහි ප‍්‍රතිවිප්ලවීය කි‍්‍රයාවන් සඳහා යොදාගනු ලබන්නේද මෙසේ කලහකාරි වන සංක‍්‍රමනිකයින්ය. ෆිදෙල්ලාට මේ සම්බන්ධව උපක‍්‍රමශීලිව හා පරිණත ලෙස ක‍්‍රියා මාර්ග ගැනීමේ සමත්කම තිබුණ නිසාම ඇමරිකාව බලාපොරොත්තුවූ අරමුණු ඉටු වූයේ නැත. කියුබාව මේ සම්බන්ධව ඇමරිකාව සමඟ ගිවිසුමක් පවා අත්සන් කලේය. 1984 දෙසැම්බර් කියුබාව එවක ඇමරිකන් ජනාධිපතිවූ රොනල්ඞ් රේගන් සමග මෙවන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදි. වීසා 20,000 ක් නිකුත් කිරීමට ගිවිසුම අනුව එකඟ වුවද නිකුත් කරනු ලැබූයේ 1000 ක වීසාය. නීත්‍යානුකූල නොවන හා පිළිගත නොහැකි හේතු මත යැයි පවසමින් කියුබානු සංක්‍රමණිකයන් 2000 ක් ඇමරිකාවෙන් නිදහස් කිරීමට පොරොන්දු වුවද ඔවුන් කියුබාවට එවනු ලැබූයේ කඩින් කඩය. ඒ ඔවුනට සිරදඩුවම් දී එම දඩුවම ඉවත්වීමෙන් නිදහස ලැබූ පසුවය. 1994 අගෝස්තු 5 රේඩියෝ මාටි නම් වූ ප‍්‍රතිවිප්ලවීය ගුවන් විදුලිය මඟින් (කියුබන් දේශපේ‍්‍රමි නායකයකු මෙන්ම කියුබන් අධිරාජ්‍ය විරෝධි අරගලයේ ආධ්‍යාත්මික නායකයා ලෙස සැළකූ ජොසේ මාටිගේ නම මෙයට යොදාතිබීම පිළිබඳව ෆිදෙල් තම කනගාටුව ප‍්‍රකාශකොට තිබුනි.) ඇමරිකාවට යෑමට බලාපොරොත්තු වන කියුබානුවන්ට ගමන් පහසුකම් සැළැස්වීමට ඇමරිකාවෙන් බෝට්ටු විශාල සංඛ්‍යාවක් පැමිණෙන බව ප‍්‍රචාරය කෙරිණි. ඒ අනුව හවානා වලට විශාල වශයෙන් පිරිස් රැස්වන්නටවිය. එහෙත් හිතාමතාම ඇමරිකාව බෝට්ටු එවූයේ නැත. ජනතාව ප‍්‍රකෝපකාරීව හැසිරෙන්නට විය. ගොඩනැගිලි වලට ගල් ගැසිම්,විවිධ පහරදීම් සිදු විය. කියුබානු නායක ෆිදෙල් පෞද්ගලිකවම මැදිහත් වෙමින් ඔවුනට යෑම සඳහා කියුබන් බෝටටු සපයා එම තත්වය පාලනය කළේය.

බාධාවක් නොකරගත් සම්බාධක

බැටිස්ටා පලවා හැරිමෙන් පසු බලය තහවුරු කර ගනිද්දි ඇමරිකාව කියුබාව දන ගැස්විම සඳහා කියුබන් ජනතාව පිඩනයට පත් කරමින්, සම්බාධක පනවන්නට විය. විශේෂයෙන්ම ළදරු ආහාර ඇතුළු ආහාරද. ඖෂධ වර්ග ඇතුළු බොහෝ දේ සඳහා එය අදාල විය. ඒ හරහා කියුබාව අසිරුවට පත් කිරිමට ඔවුන් උත්සාහ කළේය. මානව හිමිකම් පිළිබඳව කියුබාවට දමා ගසන ඔවුන්ම, සම්බාධක හරහා මානව හිමිකම් උල්ලංඝනයකට ලක් කලේය. සුළුතරයක් වන ධනපති පංතියට එරෙහිව බහුතරයක් වන ජනතාව උදෙසා කරනු ලබන විප්ලවයක් යනු අතිශය ප‍්‍රජාතන්ත‍්‍රවාදි හා මානව අයිතින් වෙනුවෙන් පෙනි සිටිමකි. සන්නද්ධ අරගලයක් දියත් කළද ජාතිවාදි හෝ වාර්ගික පදනමින් තොරව හා සැබෑ බහුතරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන පදනමින් ඔවුන් වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදිව කටයුතු කළේය. සැබවින් සමාජවාදි විප්ලවිය අරගලය එක් අතකින් සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අරමුණු කොටගෙන සිදුකරනු ලබන්නකි.. තවද ෆිදෙල් ප‍්‍රමුඛ කියුබාව බලය ගැනීමෙන් පසු එක් පවුල් පාලනයක් වටා ‘මව්බිම’ යන්න අත් අඩංගුවට පත් කළේ නැත. තම සුඛ විහරනය උදෙසා සියල්ල අරමුණු කලේ නැත. සමාජවාදය ගොඩනගද්දී ප‍්‍රදර්ශනය සඳහා නොව වරප‍්‍රසාදවල නොගැලෙමින් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරිමට ඔවුහු කැපවිය. රට බේරා ගැනිමේ අරගලයන් හිදී සියල්ල නිමවූ පසු මම තමයි සියල්ල කලේ මම නැත්තම් යුද්ධයක් පමණක් නොව කියුබාවක් කොයින්ද යනු වෙන් පුරසාරම් දොඩන එම පුරසාරම් ජනතාව මුලා කොට චන්ද සමග හුවමාරු කරන තක්කඩි දේශපාලනයක් ෆිදෙල්ලාට නොවිය. ඌරු බොක්ක ආක‍්‍රමණයේදි පවා තමන් දිවි දෙවැනි කොට දිනාගත් ජනතා ජයග‍්‍රහනය ආපසු හැරවීමට නොදි සජීවිව සටනේ හිදිමින් ඔවුන් පෙන්වු ආදර්ශන් අති ප‍්‍රබලය. ෆිදෙල්ලා සම්බාධක ජනතාව මුලාකරන විජ්ජා බවට කඳුළු බවට හැරවුයේ නැත. එවන් අවශ්‍යතාවයක්ද නොවිය. අභිතව ජනතාව සමග එක්ව එයට මුහුණ දුන්නේය. සම්බාධක වල ප‍්‍රභලත්වය සලකන විට එය අතිමහත්ය. 1961 ජනවාරි 03 සිටම එවකට ඇමරිකානු ජනාධිපති අයිසන්හවර් කියුබාව සමග වන රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා බිඳ දමන ලදි. 1960 වන වන විට කියුබානු සමස්ත අපනයන ප‍්‍රමාණය ඇ. ඩො. මි. 618 කි. ඉන් ඇමරිකාවට කරනු ලැබූ අපනයන ප‍්‍රමාණය ඇ. ඩො. මිලියන 357 කි. එය සමස්ත අපනයනයෙන් අඩකට වැඩිය. ඒ වන විට කියුබාවේ සමස්ත සිනි අපනයන ප‍්‍රමාණය ඇ. ඩො. මි. 240 කි. ඉන් පැහැදිලි වන්නේ සමස්ත සිනි අපනයනයෙන් ඉතා නොගිනිය හැකි තරම් ප‍්‍රමාණයක් හැර ඉතිරි සියල්ලම අපනයනය කලේ ඇමරිකාවට බවයි. 1960 වන විට ඇමරිකාවෙන් කියුබාවට කරනු ලැබූ සමස්ත ආනයනයන් ප‍්‍රමාණය ඇ. ඩො. මි. 223.6 කි. ඒ අනුව අර්ථික සම්බාධක වල බලපෑම ප‍්‍රබල විය. ඉන් නොනැවතී ඇමරිකා එක්සත් ජනපදය සම්බාධක මඟින් ජනතාව පිඩාවට පත් කිරිම හරහා ඔවුන් කැරලි ගසන්නන් බවට පෙළඹවිමට වෙර දැරිය. 1981 දී ඩෙංගු වෛරසය කියුබාව තුල ව්‍යාප්ත කලේය. ෆිදෙල් පවසන පරිදි 350000 ජනතාවක් රෝගීවූ අතර 158 ක් මිය ගියේය. එම මරණ වලින් 101 ළමුන් වේ. ඉන් නොනැවති විද්‍යාගාර තුල නව වෛරස නිපදවා තිබිනි. එම වෛරස මින් පෙර ලොව කිසිදු තැනක හමුවී නැත. ඒවා ජනතාව තුල ව්‍යාප්ත කලේය. එහෙත් එක්සත් ජනපදය යළි අසාර්ථක විය. කියුබන් ජනතාව තම නායකයින් සමඟ දැඩි අදිටනින් එයට මුහුණදි පරාජය කරන ලදි. සම්බාධක පැනවූ සමහර දේවල් වෙනුවට ආදේශක සොයාගැනීම, නාස්තිය දූෂණය වළක්වාලමින් තිබෙන සම්පත් අරපිරිමැස්මෙන් පරිහරණය, යුදමය සිරකරුවන්ට හිළව් වශයෙන් (ඌරු බොක්ක අසාර්ථක ආක‍්‍රමනයෙන් යටත් කරගත් පිරිස වෙනුවට) ඇමරිකාවෙන් ළමා ආහාර හා ඖෂධ හුවමාරු කර ගැනීම ආදි උපායයන් මේ අතර විශිෂ්ටය. එක් අතකින් එය ඇමරිකාව ඇටවූ උගුලටම ඇමරිකාවම හසුකර ගැනීමකි.

විප්ලවයේ මහ මොළය බිම හෙලිමට අසාර්ථක ප‍්‍රයත්නයන්

කියුබන් විප්ලවයේ නායකත්ව කාර්යභාරයේදි ප‍්‍රමූඛතම හා න්‍යෂ්ධිය වන් වූ ෆිදෙල් ඇමරිකාවට සැබවින් බාධකයකටත් වඩා භීතියකි. කියුබාවටද ඔහු ආලෝකයක්, ධෛර්යයක් හා ශක්තියක් විය. ඔහුම පවසන පරිදි බලය ගන්නා විට සමාජවාදය ගොඩනැගිම් වල අත්දැකිම් ඉතාමත්ම අඩු තත්වයක් තුල භාවිතයෙන් උගනිමින්, න්‍යායෙන් සමාජවාදි ගමන් දිසාව තෝරා ගනිමින්, කියුබාව සමාජවාදි මාවතේ ඉදිරියටම ගෙනයාමට ඔහු සමත් විය. එනිසා ඇමරිකාව කෙතරම් ඒ පිළිබඳව අවධානය යොමු කළාද යත් ඇමරිකාව විසින් ගන්නා ලද ෆිදෙල් ඝාතන උත්සාහයන් හයසිය තිස් අට (638) වාරයකට වැඩි විය. විවිධ වකවානු වල සිටි ඇමරිකන් ජනාධිපතිවරුන් ගත් එවන් උත්සාහයන් තුල ඝාතන සැලසුම් විශාල වාර ගනනාවක් අඩංගුවේ. ඒ අනුව 1960 දශකයේ මුල සිටි ඇමරිකානු ජනාධිපති අයිසන්හවර්ගේ සිට එම ඝාතන උත්සාහයන්ගේ දත්තයන් මෙසේය.

  • Eisenhower ඝාතන උත්සාහයන් 38 වාරයකි.
  • Kennedy ඝාතන උත්සාහයන් 42 වාරයකි.
  • Johnson ඝාතන උත්සාහයන් 72 වාරයකි.
  • Nixon ඝාතන උත්සාහයන් 184 වාරයකි.
  • Carter ඝාතන උත්සාහයන් 64 වාරයකි.
  • Reagan ඝාතන උත්සාහයන් 197 වාරයකි.
  • Bush ඝාතන උත්සාහයන් 16 වාරයකි.
  • Clinton ඝාතන උත්සාහයන් 21 වාරයකි.

මෙම ජනාධිපතිවරුන්ගෙන් පසුව  පැමිණි ඇමරිකන් ජනාධිපතිවරුන් ගේ ඒකායන අරමුණ කියුබාව පරදාලීමයි. වර්තමානයේ වෙනසකට ඇත්තේ ෆිදෙල්ට තිබූ ඝාතන අනතුර රාවුල් කස්ත්‍රෝ වෙතද වැඩියෙන් එල්ලවිමයි.
(උපුටා ගැනිම 2012 Mental Floss  සගරාවේ වෙබ් අඩවියේ පල වු ලිපියකිනි.)

1963 සැප්තැම්බර් 18 කියුබානු රාජ්‍ය උත්සවයකදි කිලෝ 60 ක් බර C4 වර්ගයේ බෝම්බයක් ෆිදෙල් ජනතාව ඇමතීමට සූදානම් කර තිබූ වෙදිකාව යට තිබි හසු විය. එයද ෆිදෙල් ඇතුළු සමාජවාදි කියුබාවේ නායකයින් ඝාතන තැතකි.
මෙම ෆිදෙල් ඝාතන උත්සාහයන් හිදී වරෙක විෂබීජ කැවූ ඔහු කැමති වර්ගයේ සුරුට්ටුවක් තෑගි ලෙස එවන ලදි. සුපරික්ෂාකාරිත්වය නිසාම එය හෙළිදරව් විය. (දුම්බ්ම වැලැක්විම සඳහා කියුබන් රජය ආරම්භ කල වැඩසටහනට දිරිගැන්විමක් ලෙස ෆිදෙල් 1985 දි දුම්බිම නතර කරන ලද බව අමතර කරුනක් ලෙස සඳහන් කල යුතුය.) 2000 වසරේ දි ෆිදෙල් පැනමා සංචාරයක නියලෙන විට ඔහු කතා කිරිමට නියමිතව තිබූ වේදිකාවේ යට කිලෝ 90 ක් බර පුපුරන ද්‍රව්‍ය සගවා තබන ලදි. ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයින්ගේ පරික්ෂාවෙන් එය හසු විය. ඇමරිකානු රහස් ඔත්තු සේවයේ 4 ක් ඒ සම්බන්ධව අත් අඩංගුවට ගැනුනි. විෂ කැවු සිරිංජ මඟින්, සයනයිඞ් ඔහුගේ ආහාර වලට මිශ්‍ර කිරිම් මඟින්, විෂ බැක්ටිරියාවන් ඔහුගේ ලේන්සුවේ තැවරිම මඟින් මෙන්ම වෙඩි තැබීමට කරන ලද උත්සාහයන් හා පිපිරවිම් යන විවිධ උපක‍්‍රම මේ ඝාතනයන් තුල විය. ෆිදෙල්ම පැවසූ පරිදි ජිමී කාටර් අනෙකුත් ඇමරිකානු ජනාධිපතිවරුනට වඩා අවංක නිහතමානි කෙනෙකු විය. ඔහුගේ පාලන කාලයේදි හැර වර්තමාන ඔබාමා පාලනය දක්වාම ඇමරිකාව කියුබාව කෙරෙහි දක්වන්නේ සතුරු ආකල්පයකි. එම යුගයේදි වුවද කියුබාව සම්බන්ධව ඇමරිකන් රහස් ඔත්තු ඒකකයේ ආකල්පය වෙනස් නොවීය. වරක් ෆිදෙල් වැටීමෙන් ආබාධිත වූ අවස්ථාවකදී ඇමරිකාව ප‍්‍රචාරය කරනු ලැබූයේ ඔහු පාකින්සන් රෝගයෙන් පෙළෙන බවයි. මෙම ප‍්‍රකාශයේ දුෂ්ට අරමුණ වූයේ ඔහු යළි නොනැගිටිනු ඇතැයි යන ප්‍රාර්ථනයයි.

ලජ්ජාවන් වූ ඇමරිකානු යුදමය මැදිහත්විම්

CIA හරහා කියුබාට යුදමය මෙහෙයුම් දියත් කරන ලදි. දැවැන්ත මුදලක්ද, ශූමයක්ද, කාලයක්ද යොදවමින් ඉතා සැළසුම් සහගතව කරන ලද ‘ඌරු බොක්ක’ මෙහෙයුමද එවැන්නකි. එම සැළැස්ම තුලද මූළිකව වූයේ මාධ්‍ය මෙහෙයුමයි. ඒ සඳහා කියුබාව තුලම වන පුවත්පත්ද, විශේෂ රූපවාහිනි සහ ගුවන් විදුලි මෙහෙයුම්ද, දියත් කරන ලදි. කියුබන් පිටුවහලූන්ගෙන් සැදි 1500 ක පමණ භට පිරිසක් යුදමය පුහුණුවකට ලක් කරන ලදි. ජනාධිපති අයිසන්හවර්ගෙන් ඇරඹි දෙවනුව කෙනඩිගේ සමිපතම මෙහෙයුමෙන් එය දියත් විය. 1961 ආක‍්‍රමනයට පෙර කියුබන් ගුවන් හමුදාවට ප‍්‍රහාරයක් දියත් කළේය. ෆිදෙල් පවසන පරිදි ආක‍්‍රමනයක් පැමිනෙන්නේ යැයි ඔවුනට ඉන් හැගුනු බවය. පසුව 1961 අපේ‍්‍රල් 17 ආක‍්‍රමනය සිදු විය. CIA විසින් පුහුණු කරන ලද 1500 පමණ භට පිරිසක් 200 බැගින් වූ කණ්ඩායම් 7 කට බෙදී Bay of pigs ප‍්‍රදේශයෙන් කියුබාවට ගොඩ බටහ. ඇමරිකන් ගුවන් හමුදාව සහ නාවික හමුදාව සහයට මෙන්ම රැකවලට සිටියදි ඔවුනට පෙනි පෙනිම ආක‍්‍රමිකයින් අත් අඩංගුවට ගන්නට කියුබාව සමත් විය. පැය 24 ක් තුල ඇමරිකන් මධ්‍යම රහස් ඔත්තු ඒකකයේ දිගුකාලින සැලැස්මක ප‍්‍රතිඵලයක් ලෙස සහ කෙනෙඩිගේ සමිපතම අධික්ෂණය යටතේ වූ සටන පරාජය කරන්නට ළදරු සමාජවාදි කියුබාව සමත් විය. ඇමරිකන් රජය මේ මෙහෙයුම සැලසුම් කිරිම සඳහා විශාල මුදලක් වෙන් කළේය.

එය මෙසේය. මෙම මෙහෙයුම සැලසුම් කිරිම ආරම්භ කරනු ලැබූයේ 1959 දීය. වැඩසටහන මෙහෙයවීමට ඒජන්සියක් ගොඩ නැගූ අතර කියුබාව තුල රහස් බුද්ධි අංශයක් ගොඩනැගීමද සැලසුමේ විය. පිටත සිට කියුබාව වෙත මාධ්‍ය මෙහෙයුමක්ද, ගරිල්ලා කණ්ඩායමක් පුහුණු කිරිමද ඒ තුල විය. මේ සඳහා ඇ. ඩො. 4,400,000 ක් වෙන් කරන ලදි. ඉන් දේශපාලන ක‍්‍රියාකාරිත්වයන් සඳහා ඇ. ඩො. 950,000ක් වෙන් විය. ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් ඇ. ඩො. 1,700,000 ක් සහ රජයේ නොවන හමුදාවක් ගොඩනැගිම උදෙසා 1,500,000ක් වෙන් කලේය. තොරතුරු සෙවිමේ බුද්ධි අංශ  කටයුතු සඳහා 250,000ක් වෙන් කොට තිබුනි. මෙම තොරතුරු සටහන් වූයේ Freedom of Information Act නම් පනත අනුව 1998 පෙබරවාරි 22 පළකල CIA වාර්තාවෙනි. උපුටා ගැනිම ENCARTA විෂ්ව කෝෂයෙනි. යුදමය මැදිහත් වීම් වලට අමතරව වරින් වර ජනතාව වෙත බෝම්බ විසි කිරිම්, කර්මාන්ත වලට පහරදීම්, නැව් සහ ගුවන්යානා වලට පහරදිම්, නිරන්තර විය. ගුවන් යානා පැහැර ගැනිම්ද සිදුවිය. සැබවින්ම මෙය සමාජවාදි කියුබාව වටලා පහරදීමකි.

ආර්ථික ඝාතන වලින් පසු නොබා

සන්නද්ධ ක‍්‍රියා මාර්ගයන්ගෙන් නොනැවතුණු ඇමරිකාව, කියුබන් අර්ථිකය බිඳ වැට්ටවිම සඳහා විවිධ මෙහෙයුම් දියත් කරන ලදි. ප‍්‍රධාන ආර්ථික බෝගයක් වන උක් වගාවට ඉහළින් ගිනි ඇවිලෙන ඉන්ධන විසුරවමින් ඒවා විනාශ කලේය. සම්බාධක තුලින් ආහාර වලකමින්, ඉන්ධන මං අහුරමින් කටයුතු කලේය, කෙසෙල් වගාවට වෛරස් හා දිලීර රෝග ව්‍යාප්ත කළේය. 1971 නික්සන්ගේ පාලන සමයේ ඌරු උණ ඇති කරනු ලබන වෛරසය කියුබාව තුල පැතිරවිමෙන් ඌරන් මිලියන භාගයක් විනාශ විය. පළතුරු වගාවන් විනාශ කළේය. කඩාකප්පල් කාරි ක‍්‍රියාවන් හරහා ද ආර්ථිකය විනාශ කළේය. තවද සම්බාධක හරහා අත්‍යාවශ්‍ය අපනයනයන්ද වළකාලිය. ඒ මඟින් රට තුල භාණ්ඩ හිඟයක් ඇති කරලීම ඇමරිකාවේ දුෂ්ට අරමුණ විය.
මේ සියළු මැදිහත්විම් බාධාකිරිම් හා ආක‍්‍රමණයන් සියල්ලම හරහා වුවද කියුබාව අසිරුවට පත් කළද ඔවුනගේ ධෛර්යය බිඳිමට තරම් ඇමරිකාව සමත් වූයේ නැත. ඔවුන් ඉන් වඩ වඩාත් අධිෂ්ඨානශිලි විය. වඩ වඩාත් ජනතාවට සමිප වෙමින්, ජනතා විශ්වාසය දිනා ගනිමින්, රටට එරෙහිව එන බලපෑම් වලදී ජනතාව සමග එක්ව අරගල කරමින් කටයුතු කරයි. කියුබන් කොමියුන්ස්ට් පක්ෂය ගොඩ නගමින් ප‍්‍රමාණයෙන් හා ගුණයෙන් එය වර්ධන කරමින් සමාජවාදයේ නියමුවා හෙවත් පෙර ගමන් කරුවා බවට පත් කොට ගෙන කටයුතු කළේය. ජනතාව සමග ප‍්‍රතිවිරෝධි විමට හැකි අවස්ථා මඟ හරිමින් කටයුතු කිරිමෙහි කියුබන් කොමියුනිස්ට් පක්ෂය සමත් විය. කෙතරම් උත්සාහ කළද ධනවාදි ලෝකය තුල වන ප‍්‍රතිවිරෝධතා සියුම්ව උපයෝගි කර ගැනිම හා රාජ්‍යතාන්ත‍්‍රිකභාවයේ නිරවද්‍ය හා උපක‍්‍රමික බව යන කරුනු නිසාම කියුබාව ලොව තුල හුදකලා කිරිමට ගන්නා ලද අධිරාජ්‍යවාදි උත්සාහයන් සාර්ථක වුයේ නැත. එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේදි පවා ඇමරිකාව, කියුබාවට එරෙහිව ගෙනෙනු ලබන යෝජනාවන්ට විරුද්ධව අත ඔසවන්නන්, මිතුරන් පිරිසක් එක් රැස්කර ගැනිමට කියුබාව සමත් විය.  ඇමරිකාව ඇතුළු ධනවාදි ලෝකයම අර්බුදයේ ගිලෙමින් පැවැත්ම උදෙසා පොරයකට වැටී සිටියි. කියුබාව මෙම කෙනෙහිලි මධ්‍යයේ වුවද කෙමෙන් තම ආර්ථික ඉලක්කයන්ද සපුරා ගනිමින් ජන ජීවිතය ගොඩ නඟමින් කියුබන් සමාජවාදයේ අභිමානය රකිමින් සිටියි.

යැංකින්ට මෙම විප්ලවය කඩා බිඳ දැමීමට බෑ. මක් නිසාදයත්, අවි ආයුධ හසුරුවන්නට හැකි සමස්ත ජාතියක්ම අපට සිටින නිසා. අපගේ වැරදි තිබුණද, ඉහළ හැදියාවක් ඇති සමස්ත ජාතියක්ම අපට සිටින නිසා. එමෙන්ම ජාතියට හොඳ දැනුමක් සහ විදිමත් බවක් තිබෙනවා.
( ‘මගේ ජිවිතය’ ෆිදෙල් කස්ත්‍රෝ )


Fatal error: Uncaught exception 'wfWAFStorageFileException' with message 'Unable to verify temporary file contents for atomic writing.' in /home/chathurangavkd/public_html/wp-content/plugins/wordfence/vendor/wordfence/wf-waf/src/lib/storage/file.php:47 Stack trace: #0 /home/chathurangavkd/public_html/wp-content/plugins/wordfence/vendor/wordfence/wf-waf/src/lib/storage/file.php(648): wfWAFStorageFile::atomicFilePutContents('/home/chathuran...', '<?php exit('Acc...') #1 [internal function]: wfWAFStorageFile->saveConfig('livewaf') #2 {main} thrown in /home/chathurangavkd/public_html/wp-content/plugins/wordfence/vendor/wordfence/wf-waf/src/lib/storage/file.php on line 47