අධ්‍යාපනය FAQs

reds-1
රෝසා ලක්ෂම්බර්ග්
January 17, 2019
Sri Lanka_religion_Nov 2016
ජාතිවාදයෙන් සහ ආගමිිික අන්තවාදයෙන් තොර සමාජයක්!
January 18, 2019
Show all

අධ්‍යාපනය FAQs

1දැනුම යනු කුමක් ද?
දැනුම යනු සමස්ත මානව ඉතිහාසය පුරාම මිනිසාගේ කි‍්‍රයාකාරීත්වය තුළ එකතු කර ගත් අත්දැකීම්වල සමස්තය වේ.

 

2

අධ්‍යාපනය යනු කුමක් ද?

මානව වර්ගය සිය ඉතිහාසය පුරා වෙහෙසවී, මහා කැපකිරීම් කොට සොයා ගත්, ඉගෙන ගත්, ඒකරාශී කරගත් මහා දැනුම් සම්භාරයක් සමාජයට දායාද කොට තිබේ. නූතන සමාජයේ ජීවත් වන මිනිසා එම දැනුම් සම්භාරය විධිමත් ආකාරයෙන් මෙන්ම අවිධිමත් ආකාරයෙන්ද පරපුරෙන් පරපුරට දායාද කරමින් නව දැනුම් එකතු කර ගනිමින් ඉදිරියට යයි. අතීත දැනුම අනාගත පරපුර වෙත ක‍්‍රමවත්ව, විධිමත්ව, විද්‍යාත්මකව ලබා දෙන ආකාරය අප හඳුන්වන්නේ අධ්‍යාපනය නමිනි. අධ්‍යාපනය මගින් අප සමාජයට ලබා දෙන්නේ සමස්ත ඉතිහාසයක අප දන්නා හා නොදන්නා ගැහැනුන් හා මිනිසුන් විසින් එක්රැස් කළ අත්දැකීම් හා දැනුමය. එය නැතිව සමාජයට ඉදිරියට යා නොහැක.

 

3දැනුමේ අයිතිය කාගේ ද?
අපගේ දැනුම තුළ පවතින අත්දැකීම් හා පරිසරය පිළිබඳ අවබෝධය අපට ලබා දී ඇත්තේ විද්‍යාඥයින්, දාර්ශනිකයින්, අධ්‍යාපනඥයින් පමණක් නොවේ. ඔවුන්ට අවශ්‍ය වන මූලික දැනුමේ සිට බොහෝ දේ අපට දැනුම ලෙස ලබා දී ඇත්තේ ඉතිහාසය පුරා ජීවත් වූ අප නාඳුනන මිනිසුන්ය.

සහල් ආහාරයට ගත හැකි බව මුල්වරට සොයා ගත්තේ කවුද? එවැන්නෙක් ගැන අපි නොදනිමු. එහෙත් සොබාදහම තුළ කැලෑවල තිබූ විවිධ ධාන්‍ය වර්ග අතරින් අප කෑමට ගන්නා සහල් ඇතුළු ධාන්‍ය වර්ග කෑමට ගත හැකිය යන දැනුම සමාජයට ලබා දී ඇත්තේ, ආදි කාලයේ ජීවත් වූ මිනිසුන්ය. ඔවුන් ඒ සඳහා බොහෝ වෙහෙස වන්නට ඇත. ආහාරයට ගත නොහැකි දේ ආහාර ලෙස ගෙන මිය යන්නටද ඇත. විවිධ පැලෑටි වැඩෙන පරිසරයක් තුළ විෂ සහිත පැලෑටිවලින් විෂ නොවන පැලෑටි අපට හඳුන්වා දී තිබෙන්නේ, කෘෂි විද්‍යාඥයින් නොවේ. කිසිදු විද්‍යාවක් නොදැන සිටි ආදි කාලීන මිනිසාය. දැන් අපි විද්‍යාත්මකව සංවර්ධනය කර ගෙන තිබෙන්නේ එම මිනිසුන්ගේ දැනුමය. එබැවින් ආහාර පිළිබඳ අපේ දැනුමේ ආරම්භක හිමිකරුවන් ලංකාවේ නම් මෙයට අවුරුදු 12,000 කටත් පෙර ජීවත් වූ මිනිසුන්ය. ආචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක මහතා විසින් කරන ලද පර්යේෂණයකදී මෙයට වසර 12,000කට පමණ පෙර හෝර්ටන් තැන්නේ ජීවත් වූ ප‍්‍රාග් ඓතිහාසික දඩයක්කරුවන් එම ප‍්‍රදේශවල ධාන්‍ය වගා කළ බවට සොයා ගෙන තිබේ යැයි පුරාවිද්‍යාඥයකු වන මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කර තිබේ. මිනිසාගේ දැනුමේ ඉතිහාසය ඒ තරම්ම පැරණිය.

දැනුම සමාජමය ප්‍රපංචයකි. මානව සමාජයට අයිති ‌දෙයකි.

 

4දැනුම සම්බන්ධයෙන් සමාජයේ වගකීම කුමක් ද?

මානව දැනුම සමාජයමය ප‍්‍රපංචයකි. එබැවින් එහි අයිතිය පෞද්ගලික නොවේ.  දැනුමේ අයිතිය සමස්ථ සමාජයටම ය.  අතීත දැනුම ඇසුරින් නව දැනුම සොයන පර්යේෂකයන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම ඔවුන් නඩත්තු කිරීම සමාජයේ වගකීමක් විය යුතුය. එසේම එම දැනුම අනාගත පරපුරට බෙදා දෙන ගුරුවරුන්ට, ආචාර්යවරුන්ට ඒ සඳහා පහසුකම් ලබා දීමත් ඔවුන් නඩත්තු කිරීමත් සමාජ වගකීමක් විය යුතුය. එවිට අධ්‍යාපනය විකිණිය යුතු නොවන්නා සේම එහි නියැලෙන්නාට ජීවත් වීම සඳහා අධ්‍යාපනය විකිණීමට අවශ්‍ය වන්නේ නැත. මේ සඳහා රජය මැදිහත් විය යුතුය. සමාජය උපයන සමාජමය ධනයෙන් ප‍්‍රමාණවත් කොටසක් සමාජයට දැනුම දීම සඳහා අධ්‍යාපනයට වෙන් විය යුතුය. පර්යේෂණවලට අවශ්‍ය පහසුකම් සැපයීමටත් පර්යේෂකයන්ට හා ගුරුවරුන්ට වැටුප් ලබා දීමටත් යෙදවිය යුත්තේ ඒ ධනයයි.

 

5ධනවාදී සමාජ ක්‍රමය තුල අධ්‍යාපනය විකුණන්නේ ඇයි?
ධනවාදය තුළ ධනපතියාට, ධනපති ආණ්ඩුවලට සෑම දෙයක්ම වෙළඳ භාණ්ඩයකි. ධනවාදය පවතින්නේ ප‍්‍රාග්ධනය මූලික කරගෙනය. ප‍්‍රාග්ධනයේ පැවැත්ම සඳහා එය සෑම විටම අතිරික්ත වටිනාකම් එකතු කර ගනිමින් ප‍්‍රසාරණය විය යුතුය. එනම් ‘ලාභ’ ලැබිය යුතුය. ඒ අර්ථයෙන් ගත කළ ධනවාදය ලාභය මත පදනම් වූ සමාජයකි. ඒ නිසා එහි සෑම දෙයක්ම, මානව සබඳතා පවා විකිණීමට තබා තිබේ. ධනවාදය තුළ දැනුම වෙළඳ භාණ්ඩයක් වන්නේ ඒ නිසාය.

 

6දැනුම පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය කිරීමේ සමාජ වගකීමේ සිට වෙළඳාමක් දක්වා පටු වූ විට සිදු වන්නේ කුමක් ද?
සියල්ල මුදලින් මැනීමට, සියල්ල ලාභය මත තීරණය කිරීමට පුරුදු කළ සමාජයක යහ පැවැත්මට අත්‍යාවශ්‍ය පොදු සාධක වන සාමූහිකත්වය, මනුෂ්‍යත්වය බිඳ වැටී, නග්න ආත්මාර්ථකාමීත්වය මතු වීම නිසා  මිනිසා නරුමයෙක් බවට පත් වේ. . බටහිර චින්තකයෙක් හා දාර්ශනිකයෙක් වූ ඔස්කා වයිල්ඞ් වරක් නරුමයා කවුද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පවසා තිබුණේ ”නරුමයා යනු හැම දේකම මිල දන්නා එහෙත් වටිනාකම නොදන්නා පුද්ගලයාය.” යනුවෙනි. ධනවාදය, විශේෂයෙන් නව ලිබරල්වාදී ධනවාදය දැන් බිහි කරමින් සිටින්නේද එවැනි මිනිසුන්ය.

 

 

7සමාජවාදී පාලනයේ අධ්‍යාපනය

ලාභයම පදනම් කරගත්, තනි තනි මිනිසාට හුදෙකලාව ජීවත් වීමට බල කරන, සියල්ල විකිණීම ප‍්‍රතිපත්තිය කරගත් ධනවාදය තුළ දැනුම සමානාත්මතාවයකින් අනාගත  පරපුර ‌වෙත ලබා ‌දේවි යැයි අපේක්ෂා කිරීම විහිළුවකි.  සමාජමය දැනුම කිසිදු වෙනසකින් තොරව සාධාරණව සමාජය වෙතම ලැබීමට නම් එය ප‍්‍රතිපත්තිය කර ගත් එවැනි නව සමාජයක් බිහි විම අත්‍යවශ්‍ය වන්නේය.

අතීත පරම්පරාවන් සතු දැනුම යන්න වියුක්තව සාකච්ඡා කිරීමට නොහැකි බවත්, දැනුම් යන්න සෑම විටම යම් නිශ්චිත සමාජ – ආර්ථික වටපිටාවකට සාපේක්ෂව සාකච්ඡා කළ යුතු දැනුම එහි දයලෙක්තිකය වන න්‍යාය හා ව්‍යවහාරය (ඉන්ද්‍රියන්ගේ ගෝචර දැනුම හා තාර්කික දැනුම)ට අනුව නිශ්චිත වන්නත් බවත් මාක්ස්වාදයේ මූලික පැහැදිලි කිරීමයි.

මතවාදයන්, අත්දැකීම් යන සවිඥානිකත්වය ඇති වීම ඉතාමත් මූලිකවත්, ඍජුවත් කිසිසේත් වෙන් කළ නොහැකි ලෙසත් ජනතාවගේ ක්‍රියාකාරීත්වය හා ද්‍රව්‍යමය හුවමාරුව සමඟ අන්තර් සම්බන්ධිත ය. සැබෑ ජීවිතයේ භාෂාව එයයි. ජනතාවගේ අත්දැකීම්, සිතුවිලි හා බුද්ධිමය හුවමාරුව ආදියේ ඍජු ප්‍රභවය, මූලාශ්‍රය වන්නේ ඔවුන්ගේ ද්‍රව්‍යමය භාවිතාවයි.

මාක්ස් – එංගල්ස්

       ඒ අනුව මාක්ස්වාදය දැනුම, සමාජ-ආර්ථික සංදර්භයක තබා විග්‍රහ කළ අතර, දැනුම පිළිබඳ තිබූ “දේවමය” හා “මනුෂ්‍යාගෙන් පිටස්තර බව” ප්‍රථම කොට හෙළිදරුව් කොට බිඳ දැමීය.

        වර්තමානයේ අධ්‍යාපනය ගැනත් අධ්‍යාපනයේ අරමුණු ගැනත් විශාල සංවාදයක් තිබේ. යම් පිරිසක් අධ්‍යාපනය රැකියා ඉලක්ක කර ගත් එකක් විය යුතු බවත්, තවත් පිරිසක් අධ්‍යාපනය දැනුම, අවබෝධය ඉලක්ක කර ගත් එකක් විය යුතු බවත් ප්‍රකාශ කරති.

මාක්ස්වාදය අනුව අධ්‍යාපනය යනු වැඩ ජීවිතය පමණක් හෝ අවබෝධයක් ලබා ගැනීම පමණක් හෝ ඉලක්ක කර ගත් එකක් නොවේ. මාක්ස්වාදයට අනුව අධ්‍යාපනය, වැඩ ජීවිතයත්, අධ්‍යාත්මික ජීවිතයත් භෞතික ශරීරයත් යන තුනටම ප්‍රයෝජනවත් වන “සම්පූර්ණ මිනිසෙකු” නිර්මාණය වීම අරමුණු කර ගත් එකක් වේ. 

        මාක්ස්වාදය, අධ්‍යාපනයේ අරමුණ “සම්පූර්ණ මිනිසෙකු” නිර්මාණය කිරීම ලෙස දුටු අතරම, එය හුදු ඉගැන්වීම් හරහා ලබා ගත හැකි දෙයක් ලෙස නොව සමාජ පරිවර්තනයක් මගින් ලබා ගත හැකි දෙයක් බවත්, කොමියුනිස්ට් සමාජය තුළ දී මෙම “සම්පූර්ණ මිනිසා” නිර්මාණය වීමට අවශ්‍ය සමාජ_ආර්ථික විද්‍යාත්මක පදනම ඇති වෙන බවත් පැහැදිලි කළේය.