වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනය වීමේ දී ශ්‍රමය ඉටුකළ කාර්යභාරය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

       මෙම ලිපිය අප විසින් උපුටා ගන්නට යෙදෙනුයේ ෆෙඩ්රික් එංගල්ස්ගේ ඉතා වැදගත් කෘතියක් වන “සොබා දහමේ දයලෙක්තිකය” යන අසම්පූර්ණ කෘතියෙනි. අප එම කෘතිය අසම්පූර්ණ යැයි සඳහන් කරන්නේ එය එංගල්ස්ට තම ශාස්ත්‍රිය කටයුත්තක් ලෙස අවසන් කරන්නට නොහැකි වූ නිසා ය.

       සොබා දහමේ දයලෙක්තිකය යන කෘතියෙහි අන්තර්ගත ලිපි එංගල්ස් විසින් 1873 සිට 1886 දක්වා ලියන ලද ඒවා ය. “සොබා දහමේ දයලෙක්තිකය” කෘතියෙහි අවසාන නොකරනු ලැබුව ද එහි ඇතැම් සංයුක්ත කොටස් ප්‍රාථමික දළ සටහන් සහ සංක්ෂිප්ත සටහන්වල ස්වරූපයෙන් තිබුණ ද මෙම පොදු කෘතිය පොදු මූලික අදහස් සහ මනාව සැකසුණු කෘති සැලැස්මකින් එක්සත් කරන ලද ඒකාබද්ධ සමස්ථයකි.

      සොබා දහමේ දයලෙක්තිකය කෘතියට කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මාක්ස් ලෙනින්වාදය පිළිබඳව විද්‍යායතනය විසින් ලියන ලද පෙරවදනකි. එංගල්ස් විසින් මෙම කෘතියේ දයලෙක්තික විද්‍යාවේ මූලික නියාමයන් සූත්‍රගත කළේය. දයලෙක්තික නියාමයන් පිළිබඳ නිශ්චිත නිර්වචනයක් කළේය.

     මෙම කෘතියෙහි එන වැදගත්ම ලිපියක් ලෙස “වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනය වීමේ දී ශ්‍රමය ඉටු කළ කාර්යය කොටස” යන ලිපිය හඳුනා ගත හැකිය. මෙම ලිපිය එංගලස් විසින් මිනිසා නිර්මාණය වීම සඳහා ශ්‍රමය ඉටු කළ කාර්යභාරය ස්වභාවික විද්‍යාවේ සමකාලීන් වර්ධනයක් ඇසුරෙන් මනාව පැහැදිලි කරයි.

සකලවිධ මානව පැවැත්මේ මූලික කොන්දේසිය ශ්‍රමයයි. එය කොතෙන් දුරට එසේ දැයි කිවහොත් එක්තරා අරුතකින් ශ්‍රමය විසින් මිනිසා නිර්මාණය කළේ යැයි අප විසින් කිව යුතුය.

          එංගල්ස්

          සොබා දහමේ දයලෙක්තිකය (පිටුව 259)

       එංගල්ස් මෙම ලිපියේ ඇති අනෙක් වැදගත්ම කරුණ නම් සොබා දහම හා මිනිසා අතර ඇති ඒකත්වය අවධාරණය කරයි. ඒකත්වය පරිපූර්ණත්වයට පත්වීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය විසින් ඉල්ලා සිටින පන්ති රහිත සමාජ තත්වය අවධාරණය කිරීමයි.

      මේ නිසා එක් අතකින් එංගල්ස් මිනිසා නිර්මාණය වීමේ මූලික සිද්ධාන්තය සංයුක්ත ලෙස පැහැදිලි කරන අතර වත්මන් මිනිසාගේ අවධානයට යොමු වී ඇති සොබා දහම හා මිනිසා අතර සහසම්බන්ධයේ විද්‍යාවට මුල පුරයි. එය අප විසින් වඩාත් මතු කළ යුතු එංගල්ස් විසින් මුල පුරන ලද විද්‍යාවකි.

මේ අනුව   කිසි සේත් දිග්විජය කළ තැනැත්තෙක් ස්වභාව ධර්මය පාලනය නොකරන බවත්, ස්වභාව ධර්මයෙන් පරිබාහිරව සිටින්නා වූ තැනැත්තෙකු ලෙස නොසිටින බවත් අප ද අපේ මස් ලේ, සහ මොළය සහිත ව ස්වභාව ධර්මය තුළම ජීවත් වෙන බවත්, ස්වභාව ධර්මයේ නියාමයන් හඳුනා ගෙන ඒවා නිවැරදි ලෙස අදාළ කර ගැනීමට සමත් වීමෙන් අපට අනෙක් සියළුම සතුන්ට වඩා වාසිදායක තත්වයක් තිබේ ය යන කරුණින් බවත් අපට සෑම පියවරකදී ම මතක් කරනු ලැබේ.

          එංගල්ස්

          සොබා දහමේ දයලෙක්තිකය

          පිටුව 275

වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනය වීමේ දී ශ්‍රමය ඉටුකළ කාර්යභාරය පොතෙහි සිංහල පරිවර්තනයේ පීඩිඑෆ් පිටපත මෙතනින් ලබා ගන්න.

වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනය වීමේ දී ශ්‍රමය ඉටුකළ කාර්යභාරය