සාංදෘෂ්ඨිකවාදය (Existentialism)

download (1)
දේශපාලනයේ උපක්‍රම, උපාය මාර්ග හා මූලධර්ම
December 11, 2018
leon-trotsky-1118x600
කණ්ඩායම්වාදයේ ඉතිහාසය
December 12, 2018
Show all

සාංදෘෂ්ඨිකවාදය (Existentialism)

Martin Heidegger

සාංදෘෂ්ඨිකවාදයේ උපත

පළමු ලෝක යුද්ධය මිනිස් චින්තාවන් තුල ගැඹුරු කළඹීමක් ඇති කළේය. ධනවාදයේ සදාකාලික පැවැත්ම විශ්වාස කළ මැද පන්තික ලිබරල්වාදයක් ලෙසින් සාංදෘෂ්ඨිකවාදය කරලියට එන්නේ ද එම පළමු ලෝක යුද්ධයේ දාර්ශනික පරාවර්තනයක් ලෙසිනි.

මාටින් හෙයිඩෙගර් (Martin Heidegger) මෙම දාර්ශනික ප්‍රවණතාවයේ මූලාරම්භයකි. ඔහුට අනුව මානව වර්ගයාගේ පැවැත්ම වර්ගවාදී විද්‍යාත්මක දෘෂ්ඨි කෝණයන්ගෙන් හෝ සාමාජීය ක්‍රියාකාරීත්වයන් තුළින් හෝ අවබෝධ කර ගත යුතු අතර එය හුදකලා පුද්ගලයින් තුළින් වටහා ගත යුතුය. මරණය අරමුණු කර ගත් ජීවිත අවලෝකනයක් මගින් මිනිසාගේ අධ්‍යාත්මය සුසමය කිරීමකින් ඔහුගේ පැවැත්ම තේරුම් ගැනීමට යොමු කළ යුතුය. හෙයිඩෙගර්ගේ මෙම අදහස් වලට ඔහුට සොරෙන් කර්ගාඩ්,නීට්ෂේ සහ එඩ්ටන් පාර්සාල් වැනි 19 වැනි සියවසේ දාර්ශනිකයන්ගේ දෘෂ්ඨීන් ඍජුව බලපා ඇත.

හේගෙල්යානු නියතිවාදයන්ට අභියෝග කරමින් මානව පැවැත්ම අහම්බයක් සහ වාසනාවක් මතින් පවතින්නේ යැයි කර්ක්ගාඩි විසින් පළ කළ අදහස සිව්වන සියවසේ දෘෂ්ඨිවාදී සංකල්පවලට ප්‍රබල බලපෑමක් කළේය. ඔහුට අනුව දෙවියන්ගේ අපිරිමිත පැවැත්මට සාපේක්ෂව කෙටි මිනිස් පැවැත්ම හැම විටම බලාපොරොත්තු කඩවීමෙන් නැගෙන ආලාපයකි. එහෙත් නීට්ෂේ එයට ප්‍රතිවිරුද්ධව වාර්ගිකත්ව විරෝධි, විඥ්ඥානවාදයට එරෙහි මානවවාදයක් ඉදිරිපත් කළේය. එහෙත් එය පොදු සාමුහික මානව ක්‍රියාකාරීවයට අගුලුලන අතිශය හුදකලා පුද්ගලවාදයකි.

ද්‍රව්‍යවාදයත්, විඥ්ඥාණවාදයත් යන දෙකම ප්‍රතික්ෂේප කරමින් පර්ෂල් කිසිදු පූර්ව කල්පනයකින් තොරව සෑම ප්‍රභවයක්ම සිය නිරීක්ෂණය මගින් අවබෝධ කර ගත යුතු යැයි යන ප්‍රවාදය ඉදිරිපත් කළේය. යමක් යථාර්තයේ පැවතීම නොපැවතීම පිළිබඳ පූර්ව කල්පිතයන් එය නිරීක්ෂකයා විසින් ගැඹුරින් නිරීක්ෂණය කළ යුතු බැවින් කල්පිත, මායාවන් සහ සිහින ආදී සියල්ල එසේ නිරීක්ෂනය කළ යුතු යැයි ඔහු විශ්වාස කළේය. පසු කලෙක පර්ෂල් මිනිස් විඥ්ඥාණයෙන් පරිභාහිරව ද්‍රව්‍යමය පැවැත්මක් නොපවතින්නේ ය යනුවෙන් ප්‍රකාශ කරමින් විශය මූල විඥඥාණවාදියෙකු බවට පත්විය.
සාංදෘෂ්ඨිකවාදය සහ සාත්‍රේ

‘පැවැත්ම සාරයට වඩා වැදගත් ය.’ යනුවෙන් සංක්ෂිප්ත කළ හැකි සාංදෘෂ්ඨිකවාදී මතවාදය ලෝකය පුරා ජනප්‍රිය කිරීමට සිය සාහිත්‍ය භාවිතය තුලින් සුවිසල් මැදිහත්වීමක් කළ ජින් පෝල් සාත්‍රේ (Jean Paul Sartre)හයිඩෙගර්ගේ අදහස්වලින් බලපෑමට ලක් වූවෙකි. මුල් කාලීනව සාත්‍රේ “ජීවිතය අපායක්” යනුවෙන් සර්ව අසුභවාදී මතවාදයක් ඉදිරිපත් කළේය. එහෙත් ඔහු පසුකාලීනව එම දෘෂ්ඨිවාදී මතවාදයෙන් ක්‍රමානුකූලව දුරස්වීමට උත්සාහ කළ බවත් පෙනේ. ඔහු පසුකාලීනව ජීවිතය අපායක් බවට පත්වී ඇත්තේ මානව ක්‍රියාකාරීත්යේ ප්‍රතිඵලයක් ලෙස බව ප්‍රකාශ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ දර්ශනය හුදු පුද්ගලවාදයක සිට නිදහස සහ යහපත ඉල්ලා සිටින සමාජමය දර්ශණයක් බවට පත් විය. එහෙත් එය තව දුරටත් අසීමිත පුද්ගල නිදහසක් ඉල්ලා සිටින දාර්ශනික ප්‍රවණතාවයක් පමණක් විය.

1950 පමණ වන විට සාත්‍රේ සිය මතවාදය මාක්ස්වාදය සමග සමගි කිරීමට උත්සාහ දැරීය. ඔහු මාක්ස්වාදය නවීකරණය කිරීම පිළිබඳ සාකච්ඡා කරන්නට විය. එහෙත් සාංදෘෂ්ඨිකවාදය යනු මාක්ස්වාදයේ සමාජ ඓතිහාසික පදනමට ප්‍රතිවිරුද්ධ පුද්ගල කේන්ද්‍රීය දාර්ශනික මතවාදයකි.

මිනිසාට ඔහුගේ ජීවිතය නිපදවීමට හැකි ඔහු තුල ඇති දයලෙක්තික හැකියාව අප ප්‍රතික්ෂේප කරන්නේ නම් අපට ඉතිහාසය පිළිබඳ දයලෙක්තිකවාදී මතවාදය ද අතහැර දැමීමට ද සිදුවේ.

-දයලෙක්තික හේතුව පිළිබඳ විවේචනය / ජින් පෝල් සාත්‍රේ)

 

සමාජ සංවර්ධනය හුදෙකලා මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය මගින් තීරණය වේ යන සාත්‍රේගේ අදහස මාක්ස්වාදය ප්‍රතික්ෂේප කරයි. මානව හරය යනු හුදකලා පුද්ගලයන්ගේ නෛසර්ගික උපාංගයක් නොව එය ඔහුගේ සමස්ථ මානව සබඳතාවල ප්‍රකාශනයකැයි මාක්ස් ෆොයාර්බාක් පිළිබඳ තීසීසවල සඳහන් කර ඇත. මාක්ස්වාදයට අනුව පුද්ගලයෙකුගේ සාපේක්ෂකත්වය යනු සමාජමය නිර්මාණයකි.

මිනිසා සත්ව රංචුවෙන් වෙන් කර මානව සමාජය බවට ඔසවා තැබුවේ ශ්‍රම ක්‍රියාකාරීත්වයයි. එතැන් පටන් මානව වර්ගයා ලැබූ සියළු ජයග්‍රහනයන්ගේ පදනම එයයි. මානව වර්ගයාට අදට වඩා සුපසන් හෙට දවසක් දිනා ගත හැක්කේද ධනවාදයට එරෙහි සංවිධානාත්මක සාමුහික අරගලයකින් පමණි. සාංදෘෂ්ඨිකවාදය මිනිස්වර්ගයා එම සාමුහික අරගලයෙන් ඉවතට ඇද දමයි. හුදෙකලා බුද්ධිවාදයටත්, පුද්ගලවාදයටත්, සහ අසුභවාදයන්ටත් ඇද දමයි. එබැවින් එය පුළුල් අර්ථයෙන් සේවය කරන්නේ ධනවාදයේ පැවැත්ම වෙනුවෙනි.

සාංදෘෂ්ඨිකවාදයේ වත්මන් ප්‍රවණතා

සමාජ සංවර්ධනයේ නියාම පාලිත බව පිළිනොගනිමින් ඉතිහාසය යනු එකෙන්නෙකින් වියුක්ත අහඹු සිදුවීම් ජාලයක් ලෙස විග්‍රහ කරන වර්තමාන පශ්චාත් මාක්ස්වාදී බුද්ධි ප්‍රවණතාවයන් ද 19 වන සියවසේ හෙයිඩෙගර්ගේ සිට පැවත එන මතවාදයේ වත්මන් ප්‍රකාශයක් ලෙස හඳුනා ගත හැකිය. ඔවුන් සමාජ සංවර්ධනයේ දී සමාජ ආර්ථික පදනමේ ක්‍රියාකාරීත්වය ප්‍රතික්ෂේප කොට සමාජයීය සමාජීය උත්තර් නිර්මිතයේ ක්‍රියාකාරීත්වය අතිශෝක්තියට නංවයි. ඔවුන් මාක්ස්ගෙන් එංගල්ස් ගලවා ගනිම් යැයි උදම් අනමින් මාක්ස්වාදයේ අරමුණ වූ ධනවාදය පෙරලා දැමීමේ ක්‍රියාවලියටම පසු පස හරවා ධනවාදයේ දිගුකාලීන පැවැත්ම සමග එකට සිට ගනී.

විමර්ශන