කණ්ඩායම්වාදයේ ඉතිහාසය

Martin Heidegger
සාංදෘෂ්ඨිකවාදය (Existentialism)
December 12, 2018
rsz_rohana_poster_2018
අත්දැකීම් කිහිපයක් – රෝහණ විජේවීර
December 13, 2018
Show all

කණ්ඩායම්වාදයේ ඉතිහාසය

leon-trotsky-1118x600

       ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඉතිහාසය තුල වමේ පක්ෂ (කොමියුනිස්ට් පක්ෂ) මුහුණ දුන් එක් ප්‍රධාන ගැටළුවක් වූයේ කණ්ඩායම්වාදයයි. කණ්ඩායම් බිහිවීමේ දී බොහෝ විට එහි ප්‍රධාන සාධකය වූයේ ප්‍රතිපත්ති වැඩ පිළිවෙලක් කේන්ද්‍ර කර ගෙන කණ්ඩායම් බිහිවීමයි. කණ්ඩායම් බිහිවීමට බලපාන්නා වූ හේතු කිහිපයක් ඉතිහාසය තුල දැකිය හැකිය.
ඒවා නම්

  1. න්‍යායික මතවාදී වෙනස්කම් නිසා සමාන මත දරණ අය කණ්ඩායම් ලෙසින් කටයුතු කිරීම. (උදා – බකුනින්වාදීන්, ලසාල්වාදීන්, පෲදෝන්වාදීන්)
  2. දේශපාලන ව්‍යාපාරයන්ගේ පරාජය හා පසුබෑම පිළිබඳව මතුවෙන විවිධ මත ප්‍රවණතා බවට පත් ව කණ්ඩායම් බිහිවීම. (රුසියාවේ ලික්විඩේටර්වරු, ඔත්සෝව්වරු)
  3. දේශපාලන පක්ෂ බලයට ඒමට ආසන්න කාලවලදී හෝ බලය ලබා ගත් පසුව බලය ලබා ගැනීමේ අරමුණින් කණ්ඩායම් බිහිවීම. (චීනයේ 4 දෙනාගේ කල්ලිය)
  4. සංවිධාන මූලධර්ම වෙනස්කම් මත කණ්ඩායම් බිහිවීම (රුසියාවේ බොලෂෙවික් හා මෙන්ෂෙවික්)
  5. පුද්ගල පෞරුෂයන්ගේ ගැටීම්, ප්‍රතිවිරෝධයන් හා පක්ෂ අතර, රාජ්‍ය අතර මතුවන ප්‍රතිවිරෝධයන් හා බෙදීම් නිසා කණ්ඩායම් මතුවීම. (චීන සෝවියට් මතබේද මතුවීම)

       ඉහත ප්‍රධාන කරුණු එකක් හෝ කීපයක් මත කණ්ඩායම් බිහිවී තිබෙන අතර මීට අමතරව වෙනස් කරුණු ද කණ්ඩායම් බිහිවීමේ දී බලපෑ හැක.

කණ්ඩායම් බිහිවීමේ දී එය ආකාර කිහිපයකින් සිදු වේ.

  1. වැරදි පක්ෂවලින් නිවැරදි කණ්ඩායම් බිහිවීම,
  2. නිවැරදි පක්ෂවලින් වැරදි කණ්ඩායම් බිහිවීම හා
  3. වැරදි පක්ෂවලින් වැරදි කණ්ඩායම් බිහිවීම ලෙසිනි.

එහෙත් නිවැරදි පක්ෂවලින් නිවැරදි කණ්ඩායම් ඉවත්වීමක් විය නොහැක.

කණ්ඩායම්වාදයේ ජාත්‍යන්තර අත්දැකීම් කිහිපයක්

       මාක්ස් -එංගල්ස් 1868 පළමු ජාත්‍යන්තරය පිහිටුවන විට ඒ තුල කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මකවීම.
ඒවා නම් බකුනින්වාදය, ලසාල්වාදය,පෲදෝන්වාදය හා බ්ලැන්කිවාදයි. රුසියානු සමාජය ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය තුල 1903දී එහි දෙවවන සමුලුවේදී සංවිධාන මූල ධර්ම ප්‍රශ්නයක් මත බොල්ෂෙවික් හා මෙන්ෂෙවික් ලෙස දෙකට බෙදීම.

    මේ කණ්ඩායම් දෙක කලක් එකම පක්ෂය තුල පැවති අතර, 1912 දී ලෙනින්ගේ නායකකත්වය සහිතව බොල්ෂෙවික්වරු මෙන්ෂෙවිකයන් පක්ෂයෙන් නෙරපා දමන ලදී.

    රුසියානු සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂ තුල 1908 කාලයේ කණ්ඩායම් දෙකක් බිහිවිය. 1905 අසාර්ථක විප්ලවය හෙවත් මොස්කව් නැගිටීමෙන් පසු ඇති වූ මර්ධනකාරී තත්වය තුල මේ ප්‍රවණතා දෙක බිහිවිය. ඉන් එකක් වූයේ නීති විරෝධි කටයුතු සියල්ල අත්හල යුතු බව පැවසූ ලික්විඩේටර්වාදීන් වන අතර අනෙක් කණ්ඩායයම වූයේ නීත්‍යානුකූල කටයුතු නොකළ යුතු බවත් ධුමාවේ විප්ලවාදී මන්ත්‍රීවරුන් ආපසු කැඳවිය යුතු බවත් වෘත්තීය සමිති තුල ක්‍රියාත්මක නොවිය යුතු බවත් පැවසූ ඔත්සෝව්වාදීන්  ය (ආපසු කැඳවන්නන්) 1909 දී ඔත්සෝව්වාදීන්ගේ නායකයා වූ ඒ. බග්දානව් ඇතුළු මේ කණ්ඩායම බොල්ෂෙවික් පක්ෂයෙන් නෙරපන ලදී.

       1912 දී රුසියාවේ ට්‍රොස්කිගේ නායකත්වයෙන් අගෝස්තු හවුල බිහිවිය. ලික්විඩේටර්වරු ඇතුලු පිරිසත් සමග ට්‍රොස්කි විසින් මෙය බිහි කළ අතර , ලෙනින් එය බරපතල ලෙසින් විවේචනය කළේය.
රුසියාවේ විප්ලවයෙන් පසුව ද වරින් වර විවිධ කණ්ඩායම් බිහිවිය. ඉන් එකක් වූයේ “කම්කරු විරුද්ධ පාර්ෂවය” යි. එය පක්ෂ විරෝධී අරාජිකවාදී සින්ඩිකල්වාදී කණ්ඩායමක් විය. සමාජවාදී නායයිකාවක් වූ කොලොන්තායි ද මෙහි නායිකාවක් වූවාය. 1920 දී බිහි වූ මෙය ලෙනින් විසින් විවේචනය කරන ලදී. බොල්ෂෙවික් පක්ෂය එහි 10වන සමුලුවේ දී තීරණයක් ගනිමින් කම්කරු විරුද්ධ පාර්ශවයේ අදහස් ප්‍රකාශ කිරීමේ කටයුතු කොමියුනිස්ට් පක්ෂය සමග එක්ව තැබීමට ඉඩ දිය නොහැකි බවට තීරණය කළේය.
එසේම පක්ෂයේ 8 වන සම්මේලනය සමග බිහි වූ ‘ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදයේ කණ්ඩායම’ ද තවත් කණ්ඩායමක් විය. 1920 -1921 කාලයේ ඔවුන් තමන් අදහස් ඉදිරියට ගෙන ආවේය. සෝවියට් සභා තුල හා වෘත්තීය සමිති තුල පක්ෂයේ නායකත්වය ප්‍රතික්ෂේප කළ ඔවුන් සංවිධාන පිළිබඳ ලෙනින්වාදී මුලධර්මවලට විරුද්ධ විය. 1923 දී දිය වී ගිය මෙම කණ්ඩායම ට්‍රොස්කිවාදී කණ්ඩායම හා එක්විය.

චීනයේ, චීන විප්ලවයෙන් පසු හතර දෙනාගේ කල්ලිය බිහිවීම

      1955 කාලයේ මාවෝ විසින් චීනයේ සමාජවාදය ගොඩ නැගීමට ඉදිරිපත් කළ චීනය කාර්මිකකරණය කිරීමේ වැඩපිලිවෙල වූ ‘මහා ඉදිරි පිම්ම’ අසාර්ථකවීමෙන් පසු 1966 දී පමණ මාවෝගේ ආශිර්වාදය සහිත සංස්කෘතික විප්ලවය ආරම්භ කළ අතර, ඒ සමග හතර දෙනාගේ කල්ලිය බිහිවිය. මවෝගේ බිරිඳ ඇතුලු 4 දෙනෙක් මීට මූලික විය. ඔවුන් පක්ෂය තුල හා රාජ්‍යයේ බලය තමන් වෙත තහවුරු කර ගනිමින් පක්ෂයේ පැරණි නායකයන්ට අවමන් කර ඔවුන් පක්ෂයෙන් පළවා හැරීමට කටයුතු කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ හිටපු උප සභාපති හා මහජන චීනයේ හිටපු ජනාධිපති ලීයූ ෂා ඕචි පක්ෂයෙන් නෙරපා හල අතර, ඩෙන් ෂියාඕ පිං ගේ පක්ෂ සාමාජිකත්වය පමණක් ඉතිරි කර වගකීම්වලින් ඉවත් කරන ලදී. මෙම 4 දෙනාගේ කල්ලිය වසර 10ක් බලවත්ව සිටියේය. 1976 මාවෝගේ මරණින් පසුව මෙම කල්ලිය අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී.

     1929 කාලයේ සෝවියට් දේශයෙන් ට්‍රොස්කි පිටුවහල් කළ පසුව ට්‍රොස්කිවාදී කණ්ඩායම් හා පක්ෂ රැසක් ලොව පුරා බිහිවිය.

        1963 චීන සෝවියට් මතබේදයන් සමග ලොව පුරා කොමියුනිස්ට් පක්ෂ සෝවියට් පිල හා චීන පිල ලෙස බෙදී ගියේය.

විමර්ශන