සමාජවාදය පිළිබඳ ග්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තිසීසය

gramsci-prison-notebooks-vol1-121125140619-phpapp02-thumbnail-4
Selection from the PRISON NOTEBOOKS – Antonio Gramsci
November 9, 2018
නොවැ.
විමර්ශන – 2018 නොවැම්බර් / දෙසැම්බර්
November 13, 2018
Show all

සමාජවාදය පිළිබඳ ග්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තිසීසය

kke
අඩංගුව

අ.   සමාජවාදී ක්‍රමය විසින් දෙන ලද දායකත්වය

. කොමියුනිස්ට් ක්‍රමයේ පහළ අවධිය වන සමාජවාදය පිළිබඳව න්‍යායික ස්ථාවරයන්
ඇ. සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමයේ සමාජවාදය හා ප්‍රතිවිප්ලවය ජයග්‍රහනය කිරීම සඳහා බලපෑ හේතූන්
සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමය තුළ සමාජවාදී ගොඩනැංවීමේ මෙහෙයුම තුල ආර්ථිකයේ ස්වභාවය              පිළිබඳ ඇගයීම

i.  සමාජවාදී ගොඩනැංවීමේ ක්‍රියාවලිය තුළ දී කොමියුනිස්ට් පක්ෂයේ භූමිකාව පිළිබඳ එළඹි නිගමන
ii. සෝවියට් බලයේ වැඩීම
iii.ජාත්‍යන්තර කොමියුනිස් ව්‍යාපාරයේ විවිධ වර්ධනයන් හා එහි උපාය මාර්ග
iv. ග්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ ස්ථාවරයන් පිළිබඳ අධ්‍යනයන්

ඈ. සමාජවාදයේ අවශ්‍යතාවය හා අදාළත්වය
සමාජවාදය ගොඩනැගීම පිළිබඳ අප පක්ෂයේ සංකල්පීය වැඩපිළිවෙල වඩාත් පොහොසත් කර ගැනීම.

සමාප්තිය.

සමාජවාදය පිළිබඳ ග්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තිසීසය.

1. සමාජවාදී ක‍්‍රමය මඟින් ලබා දුන් ජයග‍්‍රහණ

ධනවාදයේ සංවර්ධනයත්, පන්ති අරගලයේ වර්ධනයත් විසින් 19වැනි සියවසේ මැද භාගය වන විට වැළැක්විය නොහැකි ලෙසටම කොමියුනිස්ට්වාදය ඓතිහාසික සාකච්ඡාවේ මුදුනටම ආවේය. කොමියුනිස්ට්වාදය පිළිබඳ ප‍්‍රථම විද්‍යාත්මක ලියැවිල්ල වූ කොමියුනිස්ට් ප‍්‍රඥප්තිය මීට වසර 160කට පෙර කාල් මාක්ස් හා ප්‍රෙඞ්රික් එංගල්ස් විසින් රචනා කරන ලදී. ලොව පළමු නිර්ධන පාන්තික විප්ලවය වූයේ, 1871දී සිදු වූ පැරිස් කොමියුනයයි. 20වැනි සියවස එළැඹීමත් සමඟ 1917දී සිදු වූ රුසියාවේ ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ජයග‍්‍රහණය මිනිස් ශිෂ්ටාචාරයේ අනගිතම ජයග‍්‍රහණ රැසක ආරම්භය සලකුණු කළ අතරම, එය මිනිසා විසින් මිනිසා සූරාකෑම අහෝසි කරන ලදී. මින් පසු 1945 දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේද ආසියාවේද ලතින් ඇමෙරිකාවේ කියුබාවේද ධනපති රාජ්‍ය බලය පැහැරගෙන සමාජවාදය ගොඩනැංවීම ආරම්භ කෙරිණි.
එම සමාජවාදී රටවල් මුහුණ දුන් විවිධාකාර ගැටලූ එසේ ම තිබිය දීත් 20වැනි සියවස තුළ සමාජවාදී ක‍්‍රමය විසින් ධනවාදයට වඩා එහි ඇති විශිෂ්ටභාවයත් මිනිසාගේ ජීවිතයට හා වැඩ කරන තත්වයන් යහපත් කිරීමට සමාජවාදයට කළ හැකි අති දැවැන්ත දායකත්වයත් මොනවට ඔප්පු කළේ ය. එමෙන් ම සෝවියට් සංගමයත් ලෝක සමාජවාදී ව්‍යාපාරයත් පමණක් ලෝක අධිරාජ්‍යවාදයට එරෙහි එකම හා ඇත්ත ප‍්‍රතිවිරෝධාත්මක බලය බවට පත් වූයේ ය.
දෙවැනි ලෝක යුද්ධයේ දී ෆැසිස්ට්වාදය පරදවා ජනතාව ලැබූ ජයග‍්‍රහණයේ දී සෝවියට් සංගමයේ භූමිකාව තීරණාත්මකය. සෝවියට් භූමිය ආක‍්‍රමණය කළ ජර්මන් හා ෆැසිස්ට් සන්ධානයේ හමුදාවල මුළු යුද යාන්ත‍්‍රණයම සෝවියට් සංගමය විසින් කුඩුපට්ටම් කර දමන ලදී. සෝවියට් සංගමය විසින්, ජර්මනිය මඟින් යටත් කර තිබූ යුරෝපා රාජ්‍යයන් රාශියක් නිදහස් කර ගන්නා ලදී. සෝවියට් පුරවැසියෝ මිලියන 20ක් තම ජීවිත පරිත්‍යාගයෙන් සිය සමාජවාදී මාතෘභූමිය ආරක්‍ෂා කළ අතර එමෙන්ම තවත් මිලියන 10ක් ඒ අරගලය තුළ දී ආබාධිත හෝ අනතුරුවලට ලක් වූහ. දෙවැනි ලෝක යුද්ධය තුළ සෝවියට් දේශයට සිදු වූ භෞතික විනාශය ද අතිමහත් ය.
සෝවියට් රතු හමුදාව විසින් ලබා ගත් ජයග‍්‍රහණයන් කොමියුනිස්ට් පක්‍ෂ විසින් නායකත්වය දුන් ජාතික විමුක්ති ව්‍යාපාරයන්ගේ හා ෆැසිස්ට් විරෝධී ව්‍යාපාරයන්ගේ වර්ධනයට ඉමහත් දායකත්වයක් සැපයී ය. විශේෂයෙන් ම මධ්‍යම හා නැෙඟනහිර යුරෝපය තුළ දී රතු හමුදාවේද තීරණාත්මක සහාය මත පදනම් වෙමින් එම රටවල ෆැසිස්ට් විරෝධී ජනතා ව්‍යාපාරයන්ට ධනපති රාජ්‍ය බලය මුලිනුපුටා දැමීමට හැකි විය.
සමාජවාදී ක‍්‍රමය විසින් සූරාකෑමට එරෙහිව සටන් කරන ජනයාටත්, යටත්විජිතකරණයට එරෙහිව සටන් කරන ජනයාටත් අධිරාජ්‍යවාදී ආක‍්‍රමණවලට එරෙහිව සටන් කරන ජනයාටත් සහාය ලබා දෙමින්, ජාත්‍යන්තරවාදී සහෝදරත්වය හා සහයෝගය පිළිබඳ ඓතිහාසික අත්දැකීම් රාශියක් ලබා දෙන ලදී. සමාජවාදී ක‍්‍රමය ලොව පුරා යටත්විජිත ක‍්‍රමය බිඳවැටීමටත් මිලිටරිමය ගැටුම් හා යුද්ධ අවම කරවීමටත් සුවිශාල දායකත්වයක් සැපයී ය.
සමාජවාදී රටවල කම්කරු පන්තිය ලබා ගත් ජයග‍්‍රහණ හා අයිතීන් ලොව පුරා අරගලයේ යෙදී සිටි ධනපති රටවල කම්කරු පන්තිය හා පොදු ජන ව්‍යාපාරවල නිරන්තර සාකච්ඡුාවට හා අවධාරණයට දශක ගණනාවක් තිස්සේ ලක් වූ අතර, ධනපති රටවල කම්කරු පන්තියට ඉල්ලීම් දිනාගැනීමට ද මෙම තත්වය බෙහෙවින් උපකාරී විය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇති වූ ජාත්‍යන්තර බල තුලනය විසින් යම් ප‍්‍රමාණයකට ධනපති රාජ්‍යයන්ට බලපෑමක් ඇති කරන ලදී. ඒ අනුව තම ධනපති රාජ්‍යයේ විවිධ මර්දන කි‍්‍රයාමාර්ග තරමක් දුරට සීමා කිරීමට ධනපති රටවලට සිදු වූ අතර, එම තත්වය ඒ ඒ රටවල කම්කරු පන්ති ව්‍යාපාරයන්ට හා විප්ලවීය කි‍්‍රයාකාරීත්වයට තරමක හිතකර තත්වයක් ඇති කළේ ය.
ධනපති නිෂ්පාදන සබඳතා අහෝසි කිරීම මඟින් එතෙක් මිනිසා බැඳ තිබූ වේතන වහල් ක‍්‍රමය අහෝසි කිරීමටත් මහජනයාගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම ඉලක්ක කර ගත් නිෂ්පාදන සංවර්ධනයකට හා නිදහස් සංවර්ධනයට මාවත විවෘත කරන ලදී. මේ හේතූන් නිසා සෑම කෙනෙකුට ම රැුකියාවක් ලැබීම ස්ථිර වීම, නොමිලේ අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් ලැබීම, රජය මඟින් ඉතා අඩු මිලකට නිවාස, බුද්ධිමය හා සංස්කෘතිකමය සේවාවන් භුක්ති විඳීමට ඉඩ ලැබීම සිදු විය.

1913දී රුසියානු අධිරාජ්‍යයේ සිටි ගොවීන්, කම්කරුවන් හා රජයේ සේවකයන් රුසියානු අධිරාජ්‍යයේ සමස්ත ආදායමෙන් 53%ක් පමණ ලබද්දී ඉතා සුළුතරයක් වූ සූරාකන පන්තිය අධිරාජ්‍යයේ ජාතික ආදායමෙන් 47%ක් එනම් අඩක් පමණ භුක්ති වින්දේ ය. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවයෙන් පසු සූරාකන පන්තියේ ආදායම විශාල වශයෙන් පහත වැටිණි. 1927-28 වන විට සූරාකන පන්තිය ජාතික ආදායමෙන් සියයට 8.1ක් භුක්ති වින්දේය. නමුත්. 1930 දශකය තුළ දී සමස්ත රාජ්‍ය ආදායමම කම්කරුවන්ට අයිති විය.

අකුරු කියැවීමට නොදත්කමේ අඳුර සම්පූර්ණයෙන් ම අහෝසි කිරීමත් ජනතාවගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමත් විශේෂඥයන් නිර්මාණය කිරීමත් මෙන් ම පූර්ණ වශයෙන් විරැකියාව අහෝසි කිරීමත් සමාජවාදය තුළ ලබා ගත් ඉහළම ජයග‍්‍රහණවලින් කිහිපයකි. 1970 ජනසංගණනය අනුව මුළු මහත් සෝවියට් දේශයේ නගරබද වැඩකරන ජනතාවගෙන් සියයට 75%ක් හා ග‍්‍රාමීය ප‍්‍රදේශවල වැඩ කරන ජනතාවගෙන් සියයට 50%ක් මධ්‍යම මට්ටමේ හෝ උසස් අධ්‍යාපනය හෝ ලැබූවෝ වූහ.

විප්ලවයේ 24වැනි වර්ෂයේ දී එල්ල වූ නාසි ආක‍්‍රමණයට පෙර සමාජවාදී සෝවියට් සංගමය විසින් කාර්මික ආර්ථික සංවර්ධනයේ අත්‍යවශ්‍ය මූලික පියවර සම්පූර්ණ කර තිබූ අතර, එයට ධනපති ක‍්‍රමයෙන් උරුම වී තිබූ පසුගාමීත්වය පැරදවීමට උත්සාහ කර තිබිණි.
සමාජවාදී ගොඩනැංවීමේ අත්හළ නොහැකි අංශයන් වන සංස්කෘතික විප්ලවය විසින් ජනතාවන්ට මුළු මහත් මානව සංස්කෘතියේ ජයග‍්‍රහණ භුක්ති විඳීමටත් දැනගැනීමටත් සැලැස්විණි.
1975දී සෝවියට් සංගමය විසින් සතියක වැඩ කාලය පැය 41ට වඩා වැඩි නොවිය යුතු බවට නීති පැනැවී ය. එය ඒ මොහොතේ ලොව තිබූ සතියකට වැඩ කළ යුතු කාලය පිළිබඳ අඩුම අගයකි. සියලූ ම වැඩ කරන ජනයාට වැටුප් සහිත දීර්ඝ නිවාඩු හා විවේකය සහතික කර තිබිණි.
වැඩ කරන ජනයාගේ නිදහස් කාලය වැඩි කළ අතර එම නිදහස් කාලය ගත කිරීමට වඩා යහපත් සේවා හා අවස්ථා සකසන ලදී. වැඩකරන ජනයාට ලබා දෙන නිදහස් කාලය, ඊ ළඟ දිනයේ ශ‍්‍රමය වැගිරීම මඟින් භාණ්ඩ නිපදවීමට අවශ්‍ය ශ‍්‍රම ශක්තිය නිර්මාණය කර දිමේ ‘නිදහස් කාලයක්’ වූයේ නැත. කම්කරුවන්ට ලැබුණු නිදහස් කාලය ඔවුන්ගේ සංස්කෘතික ම්ට්ටම ඉහළ නංවා ගැනීමටත් වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීම සඳහාත් කම්කරු බලයට අදාළ ආයතනවල කටයුතු කිරීමටත් හා නිෂ්පාදන කළමනාකරණ කටයුතුවලටත් නිදහසේ යොදා ගැනීමට ඔවුනට හැකි විය.
සමාජවාදී රාජ්‍යයේ ප‍්‍රමුඛතම කාර්යය වූයේ, වැඩ කරන ජනතාවගේ සමාජ ආරක්‍ෂණය සහතික කිරීමයි. විශ‍්‍රාම ප‍්‍රතිලාභ සඳහා සම්පූර්ණ ප‍්‍රතිලාභ ලැබෙන විස්තීර්ණ වැඩපිළිවෙළක් වූ අතර කාන්තාවන්ට වයස අවුරුදු 55න්ද පිරිමින්ට 60න්ද විශ‍්‍රාම යා හැකි විය. වැඩකරන ජනතාවගේ විශ‍්‍රාම අරමුදල මූල්‍යකරණය කිරීම රාජ්‍ය අයවැයෙන්, රාජ්‍ය සමාගම්වලින් හා ආයතනවලින් සේවක රක්‍ෂණය සඳහා ලැබෙන අරමුදල්වලින් සිදු විය. මේ හා සමාන තත්වයන් යුරෝපා සමාජවාදී රටවලද පැවැතියේ ය.
කාන්තාවන් මුහුණ දෙන අසමානතාවයන් මුලිනුපුටා දැමීමට අවශ්‍ය පදනම සමාජවාදී බලය මඟින් ඇති කළ අතර, එමඟින් ඔවුන් දීර්ඝ කාලයක් මුහුණ දෙමින් තිබූ ඉතා පීඩාකාරී තත්වයන් අහෝසි කෙරිණි. මාතෘත්වය හා දරුවන් රැකබලා ගැනීම සමාජ කටයුත්තක් බව ප‍්‍රායෝගිකව ම සමාජවාදය විසින් ජනතාව තුළ ස්ථාපිත කරන ලදී. එය ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික ක්‍ෂේත‍්‍ර තුළ කාන්තා හා පිරිමි සමානතාවය ආයතන ගත කළේ ය. (එසේ වුව ද, වසර දහස් ගණනක් තිස්සේ පිරිමියා හා කාන්තාව අතර තිබූ සියලූ ම අසමානතා විගසින් අහෝසි කළ බවක් මින් අදහස් නොවේ.)
සූරාකෑමට බඳුන් වූ බහුතර ජනයාගේ වුවමනාවන් නියෝජනය කළ, සූරාකෑම සිදු කළ සුළුතරයේ වුවමනාව නියෝජනය නොකළ වැඩ කරන ජනතාවගේ රාජ්‍ය බලය එනම්, විප්ලවීය කම්කරු බලය ප‍්‍රජාතන්ත‍්‍රවාදය උපරිමව ලබා දිය හැකි රාජ්‍ය බලයක් බව ඔප්පු කළේ ය. ලෝක ඉතිහාසයේ ප‍්‍රථම වරට කර්මාන්ත ශාලාව හෝ කර්මාන්ත ශාලාවේ එක් වැඩ අංශයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලයේ මූලික ‍සෛලය බවට පත් විය. ඒ රාජ්‍ය පාලනයට අදාළ නියෝජිතයන් පත් කිරීම සිදු කළේත් එම ඒකකයෙන් වීම නිසා ය. එමෙන් ම ඉහළ වගකීම්වලට අදාළ කම්කරු පන්ති නියෝජිතයන් පත් කිරීම හා නැවත කැඳවීම සිදු කළේ වැඩපළේ වැඩ ඒකකය තුළ සිටි වැඩ කරන පන්තියේ මිනිසුන් විසින්, එම මිනිසුන් අතුරින් වීමය.
එතෙක් කොන් කර සිටි වැඩකරන හා සාමාන්‍ය ජනතාවගේ සංවිධාන වර්ධනය කෙරිණි. වෘත්තීය සමිති, කලා හා අධ්‍යාපනික සමිති ආදී පොදු ජනයා බහුලව කි‍්‍රයාකාරී වන, සම්බන්ධ වන සමිති සංවිධාන ශක්තිමත්ව ගොඩනැංවිණි.
මෙහි දී ධනපති පන්තියේත් අවස්ථාවාදයේත් ප‍්‍රචාරක යාන්ත‍්‍රණය නිරන්තරව ම සමාජවාදී රටවල ‘නිදහස නොමැතිකම’ හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයන් ලෙස හඳුන්වයි. ධනපතීන්ට අනුව ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ හා ‘නිදහස’ යන සංකල්ප ධනේශ්වර අඩංගුවක් සහිත ඒවා ය. එනම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු පාර්ලිමේන්තු ක‍්‍රමය වන අතර, නිදහස යනු ධනපති පෞද්ගලිකත්වය හා පෞද්ගලික දේපළ අයිතියට ඇති හිමිකම වේ. ධනපති ක‍්‍රමය යටතේ සැබෑ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු ධනපති ආඥාදායකත්වය යටතේ වැටුප් වහල් සේවයේ යෙදීමට කම්කරුවාට සිදු වීමය. මෙම තත්වය පොදුවේ ධනපති සමාජය තුළම දක්නට ඇති අතර, ධනපති ව්‍යාපාර තුළ දී විශේෂයෙන් ධනපති ආඥාදායකත්වය වැටුප් ශ‍්‍රමිකයන්ව බලහත්කාර ලෙස වැඩෙහි යොදවන අයුරු මොනවට ප‍්‍රදර්ශනය වේ. අප පක්‍ෂය විසින් සමාජවාදී සෝවියට් සංගමයේ කම්කරු හා මහජන පාලනයේ ගැටලූ පිළිබඳව හා ආණ්ඩුකරණයට කම්කරු පන්තියේ සහභාගිත්වය ලබා නොගැනීම පිළිබඳව ඉදිරිපත් කරන විවේචනාත්මක ඇගයීමත් ධනපතීන් හා අධිරාජ්‍යවාදීන් විසින් සෝවියට් සංගමයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කරන ප‍්‍රලාප අතරත් කිසිදු සම්බන්ධයක් නැති බව මෙහි දී සඳහන් කළ යුතු ය.
එමෙන් ම ඔක්තෝබර් විප්ලවය විසින් ජාතීන් හා ජාතිකත්වයන් අතර සමානාත්මතාවය ඇති කිරීම උදෙසා දැවැන්ත බහුජාතික රාජ්‍යයක රාමුවක් තුළ ජාතීන් හා ජාතිකත්වයන් අතර පීඩනය, සෑම ආකාරයක ම අසමනතාවය අහෝසි කිරීම උදෙසා ගත යුතු පියවර රාශියක් ගත්තේය. මෙම කි‍්‍රයාවලිය කොමියුනිස්ට් සබඳතා පිරිහීමට ළං වූ අවධියේ තරමක් දුරට නොසලකා හැරි අතර 1980 ගණන්වල ප‍්‍රතිවිප්ලවවාදී බලවේගවල නැඟීමත් සමඟ සම්පූර්ණයෙන් ම නතර විය.
සමාජවාදී රාජ්‍යයන් අතර ආර්ථික කටයුතු නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය මත පදනම් කරගෙන විවිධ ආකාරයේ ආර්ථික සහයෝගීතාවයන් හා සංවර්ධන ආධාර ලබා දීමේ බරපතළ උත්සාහයක් ගත්තේය.
1944දී ආරම්භ කළ අන්‍යොන්‍ය සහයෝගීතාවය පිළිබඳ කවුන්සිලය (Council of Mutual Assistance – CMA) පිහිටුවීමත් සමඟ ලෝකයේ සමාජවාදය ගොඩනඟන රාජ්‍යයන් අතර සමානතාවය, අන්‍යොන්‍ය ප‍්‍රතිලාභ හා අන්‍යොන්‍ය ආධාර මත පදනම් වූ අති දැවැන්ත අන්තර්ජාතික සබඳතා පද්ධතියක් ආරම්භ කරන ලදී. මෙහිලා අධ්‍යයනය කළ යුතු තවත් කරුණක් වන්නේ සී.එම්.ඒ. හා ධනපති රටවල් අතර ආර්ථික සබඳතාවල තත්වය විශේෂයෙන් ම සමාජවාදය ගොඩනැංවීමේ කි‍්‍රයාවලිය පසුබෑමට ලක් වූ කාලය තුළ සිදු වූයේ කුමන අයුරකින් ද යන්නයි.
සමාජවාදී රටවල් ආර්ථික ක්‍ෂේත‍්‍රයේ අත්පත් කර ගත් ජයග‍්‍රහණත් ඔවුන් එම ආර්ථික ගමන ආරම්භ කළ තැන හා අත්කර ගත් වර්ධනයත් සැලැකූ විට ධනපති ලෝකයේ වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වයන් හා සංසන්දනය කළ විටත් ඔප්පු වන ප‍්‍රධාන කරුණ වන්නේ, සමාජවාදයට (උපතින් ම) නිසගයෙන් මනුෂ්‍ය වර්ගයාගේ ජීවිත අඛණ්ඩව දියුණු කිරීමට හා මිනිසාගේ පෞරුෂ වර්ධනය කිරීමට අති විශාල ධාරිතාවයක් හා හැකියාවක් ඇති බව ය.
සමාජවාදී රාජ්‍ය එකිනෙක අත්පත් කර ගත් සංවර්ධන මට්ටම් සමාන නොවූ අතර, එය විශාල වශයෙන් ඒවායේ සමාජවාදී බලය ස්ථාපිත කරන විට තිබූ ධනේශ්වර සංවර්ධන මට්ටමට සාපේක්‍ෂ විය. සමාජවාදී රටවල් අතර ආර්ථික හා සමාජමය කරුණු පිළිබඳ සංසන්දනයක දී එය අවධානයේ තබා ගැනීම වැදගත් ය.
මේ සියල්ල අතුරින් වැදගත් ම කරුණ වන්නේ, රුසියාවේ ඕක්තෝබර් විප්ලවයෙන් ආරම්භ කළ හා තහවුරු කළ මිනිසාගේ ඓතිහාසික පිම්මයි. ඔක්තෝබර් විප්ලවය විසින් මිනිසාගේ සංවර්ධනයට යෝධ බලයක් හා ජවයක් ඇති කළ අතරම, ප‍්‍රධාන නිෂ්පාදන බලවේගය ලෙස මිනිසා සංවර්ධනය කිරීම ඔහුගේ විද්‍යාත්මක හා තාක්‍ෂණික ජයග‍්‍රහණ ඉහළට ගෙන ඒම, ඔහුගේ ජීවන මට්ටම ඉහළ නැංවීම, ඔහුගේ අධ්‍යාපනික හා සංස්කෘකික මට්ටම් ඉහළ නැංවීම යන යෝධ කාර්යභාරය සිදු කරන ලදී.
මෙහිලා සලකා බැලිය යුතු වන්නේ, ඓතිහාසිකව නව සංවර්ධන මොඩලයක් වු සමාජවාදයට ඊට පෙර සංවර්ධන ආකාරය වූ ධනවාදය සමඟ සංසන්දනය කිරීමේ දී පොදු මහජනතාව ලැබූ සංවර්ධනයේ ප‍්‍රතිඵල අනුව හිමි වන ස්ථානය පිළිබඳ කරුණයි. සමාජවාදය තුළ පොදු ජනතාව ලැබූ සංවර්ධනයට සාපේක්‍ෂව ධනපති සංවර්ධනය සූරාකෑම හා සමාජ අසාධාරණය සමඟ එකට වෙළී පවතී. එමෙන් ම එය ඇමරිකාවේ හා ඕස්ටේ‍්‍රලියාවේ ස්වදේශික ජනයා සමූලඝාතනය කරමින් මුලිනුපුටා දමන ලද අතර ඇමරිකා එක්සත් ජනපදය මුල් කර ගත් දැවැන්ත වහල් ක‍්‍රමය ශතවර්ෂ ගණනාවක් ධනවාදය විසින් පවත්වාගෙන ආවේය. එමෙන්ම යටත්විජිතකරණයත් නිෂ්පාදනයේ අරාජිකත්වයත් විසින් දැවැන්ත ආර්ථික විනාශයන් ගෙනැවිත් දෙන ආර්ථික අර්බුදයනුත් අධිරාජ්‍යවාදී යුද්ධත් ළමා ශ‍්‍රමය ඇතුළු අනේක විධ ආකාරයේ කි‍්‍රයාවලීන් රාශියක් ධනපති නිෂ්පාදන මොඩලයට අයත් ය.
සමාජවාදී සෝවියට් සංගමය විසින් ලබා දෙන ලද ප‍්‍රතිඵලත් එහි විශිෂ්ටත්වයත් සලකා බැලීමේදී කළ යුතුම දෙයක් වන්නේ, එය එම විජයග‍්‍රහණයන් ළඟා කර ගත්තේ අති දැවැන්ත අධිරාජ්‍යවාදී වටලෑමක් විසින් කරන ලද මහා විනාශයකින් හා ඉන් පසුවත් තිබූ අඛණ්ඩ බාධා හා තර්ජන මධ්‍යයේය යන්න පිළිගනිමිනි. විප්ලවවාදී කම්කරු බලයට එරෙහි අධිරාජ්‍යවාදී උපායමාර්ග විවිධ කාලසීමාවල දී විවිධ විය. (1918දී හා 1941දී සෘජු අධිරාජ්‍යවාදී ප‍්‍රහාරත් 1946න් පසු සීතල යුද උපායමාර්ගයත් මධ්‍යම හා නැෙඟනහිර යුරෝපයේ එක් එක් සමාජවාදී රටට අධිරාජ්‍යවාදය විසින් විවිධ දේශපාලන හා රාජ්‍ය තාන්ති‍්‍රක ප‍්‍රවේශයන්
අනුගමනය කිරීමත් ආදී වශයෙන් එය විවිධ විය.)
මෙම කරුණ විසින් සමාජවාදී රටවල අභ්‍යන්තර සාධක පිළිබඳ අධ්‍යයනය කිරීම හෝ ඒවායේ ආර්ථික – දේශපාලන සබඳතා අධ්‍යයනය කිරීම හෝ වළක්වන්නේ නැත. සැබැවින් ම එම සමාජවාදී රාජ්‍යවල සහ විෂයමූලික තත්ත්වය පිළිබඳවත්, නව සමාජ සබඳතාවල සංවර්ධනය හා එහි උසස් බව පිළිබඳවත් අධ්‍යයනය කළ යුතු ය.

සමාජවාදය කොමියුනිස්ට් ක්‍රමයේ පහළ අවධිය බව තහවුරු කරන න්‍යායික කරුණු

2. සමාජවාදය යනු කොමියුනිස්ට් සමාජ ආර්ථික ක‍්‍රමයේ පළමු අදියර වේ. එය ස්වාධීන සමාජ – ආර්ථික ක‍්‍රමයක් නොවේ. එය ළාබාල, නොදියුණු කොමියුනිස්ට් ක‍්‍රමයයි.
කොමියුනිස්ට් නිෂ්පාදන සබඳතා සම්පූර්ණයෙන් ම ස්ථාපිත කිරීම්ට නම් සහ එහි පහළ අවධිය වන සමාජවාදය තුළ ඇති පරිණතභාවයට පත් නොවූ අංග පරිණතභාවයට පත් විය යුතු වේ.
ළාබාල කොමියුනිස්ට් ක‍්‍රමය නිරූපණය කරන්නේ, නිෂ්පාදනයේ හා බෙදාහැරීමේ අදාළ කොමියුනිස්ට් සබඳතා ඒ වන විටත් සම්පූර්ණ වශයෙන් නොපවතින බවය.
කොමියුනිස්ට් නිෂ්පාදන මොඩලයේ මූලික නියාමය වන්නේ, ‘පුළුල් කරන ලද සමාජ අවශ්‍යතා තෘප්ත කිරීම සඳහා නිෂ්පාදනය කිරීම’ යන්න වේ.
මධ්‍යගත කරන ලද නිෂ්පාදන බලවේගවල හිමිකම සමාජය සතු කරන අතර ම ආරම්භක කාලසීමාවේදී (සමාජවාදය තුළ) පෞද්ගලික දේපළ හිමිකම හා කතිපයාධිපති දේපළ හිමිකම සහිත අය සිටි අතර එම බලවේගවලින් භාණ්ඩ – මුදල් සබඳතාවය (ධනවාදය) ඉබේම නිර්මාණය වන තත්වයක්ද මුලින් පැවැතියේය.
පෞද්ගලික අවශ්‍යතා සඳහා වන භාණ්ඩ සහ සේවාවන් ඒ ඒ පුද්ගලයන්ට ලැබීම වැඩි ප‍්‍රමාණයකින් ඔවුන්ගේ ශ‍්‍රමය අනුව ලබා දුන් අතර ඔවුනගේ අවශ්‍යතා අනුව ලබා දීමක් නොවීය. එය සමාජවාදයේ මූලික ආර්ථික සංකල්පය වූ “සෑම කෙනාම වැය කරන ශ‍්‍රමය අනුව භාණ්ඩ හා සේවා ලබා ගත හැක.” නමුත්, දියුණු කොමියුනිස්ට් සමාජයේ ආර්ථික සංකල්පය වන්නේ, “සෑම කෙනෙකුම තමාගේ හැකියාව අනුව ශ‍්‍රමය වැය කරන නමුත් සෑම කෙනාටම තමාට අවශ්‍ය වන සියලූ ම භාණ්ඩ හා සේවා හිමි වේ” යන්නය.
සමාජවාදය තුළදීත් සමාජ අසමානතාද, විවිධ සමාජ ස්ථරද, සමාජ කණ්ඩායම්ද සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් හෝ ප‍්‍රතිවිරෝධතාද පවතී. එනම්, ගම සහ නගරය අතර බුද්ධිමය කම්කරුවන් හා කය වෙහෙසා වැඩකරන කම්කරුවන් අතර පුහුණු ශ‍්‍රමිකයන් හා නුපුහුණු ශ‍්‍රමිකයන් අතර යනාදී වශයෙනි. මෙම සියලූම අසමානතා සැලැසුමක් ඇතිව ක‍්‍රමානුකූලව සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම කළ යුතුය.
නොමේරු සමාජවාදය යනු කුමක්ද? එහි තේරුම නම්, කම්කරුවන්ගේත් අතිවිශාල කොටසක්ම තවමත් ඔවුනට අධ්‍යාපනික හා තාක්‍ෂණික දැනුමේ අඩුකම විසින් නිෂ්පාදන කි‍්‍රයාවලියේ විවිධ අදියරවලදී එම නිෂ්පාදන කි‍්‍රයාවලිය පරිපාලනය කිරිමට අවශ්‍ය කරන දැනුම හා සංවිධානාත්මක හැකියාව නොමැති වනවා යන්නය. මේ නිසා සිදු වන්නේ, කර්මාන්ත ශාලාවල කළමනාකාර තනතුරු දරන සේවකයන් තම පෞද්ගලික අවශ්‍යතා සහ පොදු අවශ්‍යතාවලින් වෙන් කරගෙන නිෂ්පාදන ඒකකය කළමනාකරණය කිරීම, මානව සම්පත් කළමනාකරණය තම පෞද්ගලික අවශ්‍යතාවලට ගැලපෙන ලෙස වෙන් කර ගැනීමට පෙළැඹීමයි. එමෙන් ම බුද්ධිමය කටයුතු සහ ඉහළ විද්‍යාත්මක දැනුමක් කම්කරුවන් තම විශේෂ හැකියාව භාවිත කරමින්, සමාජ නිෂ්පාදනයෙන් වැඩි පංගුවක් අත්පත් කර ගැනීමට පෙළඹීමයි. එසේ වන්නේ ‘සියලූ ම කම්කරුවන් එක හා සමාන ලෙස සමාජ නිෂ්පාදන භුක්ති විඳිය යුතුය’ කොමියුනිස්ට් ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීමට තරම් දියුණු තත්වයක් ්කම්කරු පන්තියේ සියලූම සාමාජිකයන් අතර නොපැවැතීමය.
කොමියුනිස්ට් නිෂ්පාදන මොඩලය තවත් ව්‍යාප්ත කිරීමටත් එම තත්වය සංවර්ධනය වීමට පොදු තත්වයක් ලෙස පැවැතීමටත් කම්කරු පන්තිය කළ යුතු අනිවාර්ය කරුණ වන්නේ, නව තත්වයන් යටතේත් පන්ති අරගලය අඛණ්ඩව කරගෙන යාමය. නව තත්වයන්ට ගැලපෙන පන්ති අරගල ආකාර හා ක‍්‍රමවේද යොදා ගන්නා අතරම ධනවාදය යටතේ පන්ති අරගලය සඳහා භාවිත කළ ආකාර හා ක‍්‍රමවේදත් විප්ලවීය කම්කරු බලයේ පළමු වසරවලදී ධනපති නිෂ්පාදන සබඳතා අහෝසි කිරීමට භාවිත කළ ආකාරයේ ක‍්‍රමවේදයන් යොදා ගැනීමයි. එය සියලූ ම ආකාරයේ පෞද්ගලික දේපොළ හා කණ්ඩායම් දේපොළ (සමුපකාරික දේපොළ) අහෝසි කිරීමත් ඓතිහාසිකව ඉතා ගැඹුරු මුල් ඇතිව තහවුරු වී තිබෙන සුළු ධනේශ්වර විඥානය අහෝසි කිරීමත් ඉලක්ක කර ගත් අනවරත සටනක් විය යුතුය. එමෙන්ම එය සියලූම වැඩකටයුතු පිළිබඳ සමාන අගැයීමක්, පිළිගැනීමක් සහිත සමාජ විඥානයක් හා ප‍්‍රකෘතියක් සමාජය තුළ ගොඩනැඟීම ඉලක්ක කර ගත් අනවරත සටනක් විය යුතු ය. මේ හේතුව නිසා කම්කරු පන්තිය විප්ලවකාරී බලය සහිත රාජ්‍යයක පැවැත්මක්, එනම්, නිර්ධන පන්ති ආඥාදායකත්වයේ පැවැත්මක් අවශ්‍යය.
ධනවාදයේ සිට දියුණු කොමියුනිස්ට් ක‍්‍රමය දක්වා වන විප්ලවීය පරිවර්තනය සිදු කරන සමාජ සංවර්ධනයේ පිම්ම ඉන් පෙර තිබූ සියලූ ම සමාජ – ආර්ථික ක‍්‍රමවලට වඩා ගුණාත්මක වශයෙන් ඉහළය. මන්ද යත්, කොමියුනිස්ට් සබඳතා එනම්, සූරාකෑම අහෝසි කළ, සූරාකෑම සහිත මානව සබඳතා එම යුගය තුළ සකස් වූයේ ධනවාදී රාමුවක් තුළ නොවන බැවිනි.
3. සමාජවාදය ගොඩනැඟීම නතර කළ නොහැකි කි‍්‍රයාවලියක් වන අතර, එය ආරම්භ වන්නේ, කම්කරු පන්තිය විසින් රාජ්‍ය බලය පැහැර ගත් මොහොතේ සිට ය. ආරම්භයේ දී සිදු වන්නේ එතෙක් පැවැති ප‍්‍රාග්ධනය හා වැටුප් ශ‍්‍රමය යන සබඳතාවය බිඳ දමමින්, ධනපති නිෂ්පාදන සබඳතා සම්පූර්ණයෙන් ම අහෝසි කිරීම ඉලක්ක කර ගත් නිෂ්පාදන මොඩලයක් ගොඩනැංවීමට කටයුතු කිරීම ය. යම් කාලයකට පසු කොමියුනිස්ට් සබඳතා මෙන් ම නව මාදිලියක මිනිසකුද මේ මඟින් නිර්මාණය වන අතර එම සංවර්ධනය අත්පත් කර ගත් පසු එම තත්වය නැවත ආපසු හැරවිය නොහැකි ලෙස බලවත්ව ස්ථාපිත වේ.
සමාජවාදී ගොඩනැංවීමේ කාලය තුළ දී එය බිඳ වැටී, නැවත ධනවාදය දක්වා පහළට ඇදවැටීමේ ඉඩක් හා හැකියාවක් එය තුළ පවතී. එනම්, පැරැණි ධනපති සබඳතාවලට එරෙහිව නව කොමියුනිස්ට් සබඳතා ස්ථාපිත කිරීමේ අරගලය පරාජයට පත් වීමයි.
එවැනි පසුබෑමක් සමාජ සංවර්ධනයේ ඉතිහාසය තුළ කිසිසේත්ම නව සිදුවීමක්, ප‍්‍රපංචයක් නොව සමාජ සංවර්ධනයේ සෑම අවධියකදීම මෙවැනි තාවකාලික පසුබෑම් අත්විඳ ඇත. මෙහිලා කිසිසේත් ම ප‍්‍රතික්‍ෂේප කළ නොහැකි ඓතිහාසික සත්‍යයක් හා කරුණක් වන්නේ, ඉතිහාසයේ කිසිදු සමාජ – ආර්ථික ක‍්‍රමයක් එකවර කෙටි කලක් ඇතුළත ස්ථාපිත නොවූ බවය. සමාජ සංවර්ධනයේ පහළ අවධියක සිට ඉහළ සංවර්ධන අවධියකට සමාජය සංවර්ධනය වීම සරල රේඛීයව ඉහළ නඟින කි‍්‍රයාවලියක් නොවේ. මෙය ධනවාදයේම ඉතිහාසය තුළ පවා හොඳින් සනාථ වී ඇති කරුණකි.
4. මෙහි දී අපි ‘සංක‍්‍රමණීය අවධිය’ පිළිබඳ යෙදුම වර්තමානයේ යොදා ගන්නා උපායමාර්ගිකව වැරැදි ආකාරය පිළිබඳව සලකා බැලිය යුතු ය. මෙහි දී සංක‍්‍රමණික අවධිය තුළ ‘ඉතා ම සුවිශේෂී අනන්‍ය ලක්‍ෂණ’ එම සමාජය තුළ පවතීය යන්නත් ධනවාදයේ සිට සමාජවාදයට සංක‍්‍රමණය වීම සඳහා ‘ඉතා දීර්ඝ අවධියක්’ පසු කළ යුතුය යන්නත් වැරැදි උපායමාර්ගික ප‍්‍රවේශයන් බව සඳහන් කරමු. (එනම්, කොමියුනිස්ට් සමාජය සඳහා අවශ්‍ය වන සමාජ – ආර්ථික පදනම සකස් කිරීම සඳහා විශාල කාලයක් අවශ්‍ය වේය යන කාරණය) විශේෂයෙන් ම වර්තමානයේ චීනයේ සහ වියට්නාමයේ දැනට පවතින සමාජ ක‍්‍රමය ඔවුන් විසින් විග‍්‍රහ කරනු ලබන්නේ, ‘විවිධ සමාජ කණ්ඩායම් සහිත සමාජයක්’ ලෙසත් හා සූරාකන ධනපති සබඳතා හා කොමියුනිස්ට් නිෂ්පාදන සබඳතා එක විට දශක ගණනාවක් තිස්සේ පැවැතිය හැකි බවය.
අපි මාක්ස්වාදී ලේඛනයේ ‘සංක‍්‍රමණීය අවධිය’ ලෙස සඳහන් කර ඇති අවධිය තුළ විශේෂ සමාජ – ආර්ථික තත්වයන් පැවැතිය හැකිය යන්න ප‍්‍රතික්‍ෂේප නොකරමු. විශේෂයෙන් සමාජවාදී විප්ලවය ජය ගත් කාලය තුළ බොහෝ විට ඇති විය හැකි සිවිල් යුද තත්ත්වයක් තුළ තවමත් අහෝසි වී නැති ධනපති සූරාකෑමේ සබඳතා අහෝසි කර නව කොමියුනිස්ට් නිෂ්පාදන සබඳතා බිහි කරලීමට තියුණු පන්ති අරගලයක් කි‍්‍රයාත්මක වන කාලයක විශේෂ තත්වයක් ඇති විය හැකි බව අපි විශ්වාස කරමු. මෙම ‘සංක‍්‍රමණික අවධියේ’ කාලසීමාව රඳා පවතින්නේ, අලූතින් ස්ථාපිත කළ සමාජවාදයටම ඊට පෙර තිබූ ධනවාදයෙන් උරුම වන පසුගාමීත්වයේ ප‍්‍රමාණය හා ගුණය මතය. එහෙත්, ඓතිහාසික අත්දැකීම් පෙන්නුම් කරනු ලබන්නේ, මෙම යුගය විශාල කාලයක් පැවැතිය නොහැකි බව ය. සමාජවාදී සෝවියට් සංගමය තුළ මෙම අවධිය 1930 දශකයේ මැද භාගය පමණ වන විට සම්පූර්ණ කරන ලදී. විශේෂයෙන් ම ධනපති නිෂ්පාදන සබඳතා අහෝසි කිරීමට කරන ලද අරගලයත් සමාජවාදී පදනම දමා ගැනීමට තිබූ දුෂ්කරතාවයත් තවදුරටත් සංකීර්ණ, දුෂ්කර හා තියුණු එකක් බවට පත් වූයේ විශේෂයෙන් ම සාර්වාදී රුසියාව සතුව තිබූ යටත්විජිතවල තිබූ වැඩවසම් හා පීතෘමූලික ස්වභාවයන්ය. ලෙනින් ඔහුගේ කාලය තුළදීම අවධාරණය කළ කරුණක් වූයේ, කාර්මිකකරණය වූ වඩා සංවර්ධිත රටවලට සමාජවාදය ගොඩනැඟීම සඳහා අවශ්‍ය වන සංක‍්‍රමණීය කි‍්‍රයාමාර්ග ඉතාම සීමිතව අවශ්‍ය වන බව හා සමහර රටවලට අදාළව සම්පූර්ණයෙන්ම පාහේ් අවශ්‍ය නොවන බව ය.
ඉහත සඳහන් කළ ‘සංක‍්‍රමණීය අවධිය’ සමාජවාදය ගොඩනැංවීමේ කි‍්‍රයාවලියෙන් තොර ඉතා ස්වාධීන වූ එකක් නොවේ. එම සංක‍්‍රමණීය අවධිය තුළ දීම එය කොමියුනිස්ට් සමාජ සංවර්ධනයට අවශ්‍ය කරන මූලික පදනම සකස් කර ගත යුතු ය.

5. කොමියුනිස්ට් නිෂ්පාදන මොඩලය ආරම්භ වන්නේ,

i.    නිෂ්පාදන මාධ්‍යය සමාජය සතු කිරිම
ii.   මධ්‍යම සැලසුම්කරණය මඟින් ශ‍්‍රම බලකාය ආර්ථිකයේ විවිධ අංශවලට වෙන් කිරීම
iii.  සමාජ නිෂ්පාදනය සැලැසුම් සහගත වැඩපිළිවෙළක් මඟින් බෙදාහැරිම ආරම්භ කිරීම මඟිනි.

මෙම නව ආර්ථික සබඳතාවය නිසා නිෂ්පාදන බලවේග සංවර්ධනය වීම වේගවත් වේ. එමෙන්ම මිනිසා සහ නිෂ්පාදන උපකරණයන්ද මුළු මහත් ආර්ථිකයේම නිෂ්පාදන සංවිධානයද වේගවත්ව දියුණු වේ. අලූතින් රාශිභූත කර ගත් සමාජවාදී දේපළ මඟින් සමාජයට නව මට්ටමක සෞභාග්‍යයක් අත්පත් වේ. මෙම නව තත්වය සිදු කරන්නේ කුමක්ද? එය විසින් ඊට පෙර කාලය තුළ නිෂ්පාදන බලවේග අවශ්‍ය තරම් පරිණත වී නොතිබීම නිසා එම යුගය තුළ කළ නොහැකි වූ සමස්ත සමාජමය නිෂ්පාදන කි‍්‍රයාවලිය ආරම්භ කිරීමට අවශ්‍ය කරන නව නිෂ්පාදන සබඳතා ක‍්‍රමානුකූලව පුළුල් කිරීමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කර දෙයි.
මීට අමතරව වැඩ කරන පන්තියේ විවිධ කොටස් අතර අසමානතාවයන් අහෝසි කර දැමීමටත් එමඟින් සමාජමය නිෂ්පාදිතය වෙනස්කමකින් තොරව කම්කරු පන්තියේ සෑම කෙනාටම සාධාරණව හිමි කර ගැනීමට අවශ්‍ය කරන ද්‍රව්‍යමය කොන්දේසි සම්පූර්ණ කිරීමක්ද සිදු කරයි.
පූර්ණ කොමියුනිස්ට් සබඳතා ස්ථාපිත කිරිමට නම් එනම්, ඉහළ නව සමාජ – ආර්ථික ක‍්‍රමය ස්ථාපිත කිරීමට නම්, නිෂ්පාදන මාධ්‍යවල හා සමාජයීය නිෂ්පාදනයේ ධනපති හිමිකාරීත්වය අහෝසි කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. ඒ සඳහා නිෂ්පාදන මාධ්‍යවල හිමිකම හා සමාජයීය නිෂ්පාදනය අත්පත් කොටගෙන සියලූ ම පෞද්ගලික හිමිකාරීත්වය හා කණ්ඩායම් හිමිකාරිත්වය (සමුපකාරික දේපළ) අහෝසි කිරීම අත්‍යවශ්‍යය. එමෙන්ම ගම සහ නගරය අතර ඇති පරතරය සම්පූර්ණයෙන් ම අහෝසි කිරීමද සමාජ අසාධාරණයේ ඉතාම ප‍්‍රබල මූලයක් වන කායික ශ‍්‍රමිකයන් හා බුද්ධිමය ශ‍්‍රමිකයන් අතර ඇති වෙනස මුලිනුපුටා දැමීමද ජාතීන් අතර ගැටුම් සම්පූර්ණයෙන් ම අහෝසිවීමද අවශ්‍යය.
සමාජ සංවර්ධනය පිළිබඳ මඟ කියන සෑම සමාජ නියාමයකින්ම පෙන්නුම් කරනු ලබන්නේ, ඕනෑ ම සමාජ – ආර්ථික ක‍්‍රමයක නිෂ්පාදන බලවේගවල සංවර්ධන මට්ටම, නිෂ්පාදන සබඳතාවයේ ස්වභාවය මත රඳා පවතින බවය. සමාජවාදය ගොඩනැංවීමේදී ලබා ගන්නා නිෂ්පාදන බලවේගවල සංවර්ධනයේ සෑම ඓතිහාසික නව මට්ටමකදීම නිෂ්පාදන සබඳතාවල හා ආර්ථික සබඳතාවල තවත් ගැඹුරු ‘විප්ලවීයකරණයක්’ ඉල්ලා සිටියි. නිෂ්පාදන සබඳතාවල එම ‘විප්ලවීයකරණය’ ඉල්ලා සිටින දිශාව වන්නේ, එම සබඳතා සම්පූර්ණයෙන්ම කොමියුනිස්ට් සබඳතා බවට පත් කිරිමේ දිශාවය. එය සිදු කළ හැක්කේ, විප්ලවීය ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නැඟීම තුළින් පමණි. ඉතිහාසයේ අත්දැකීම්වලින් පෙන්නුම් කරන්නේ, කොමියුනිස්ට් නිෂ්පාදන සබඳතා සංවර්ධනය කිරිම ප‍්‍රමාද කිරීම හෝ ඊටත් වඩා කොමියුනිස්ට් නිෂ්පාදන සබඳතා සංවර්ධනය කිරීම ආපසු හැරවීමේ කි‍්‍රයාමාර්ග ගැනීම විසින් නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන සබඳතා අතර ප‍්‍රතිවිරුද්ධතාවය තවත් තියුණු කරවන බවයි. මෙම තත්වය මත ඉහතින් සඳහන් කළ සමාජ ප‍්‍රතිවිරෝධතා සහ වෙනස්කම් සමාජ ඝට්ටනයන් දක්වා වර්ධනය විය හැකි අතරම ඉන් පසුව එය පන්ති අරගලය තියුණු කරන දිශාවට වර්ධනය වීමද විය හැක. අප 1980 දශකයේදී සමාජවාදී සෝවියට් සංගමය තුළ අත්විඳි දේ කුමක් ද? සමාජවාදය තුළදී යම් යම් කොන්දේසි නිසා සෑම විටම සූරාකෑමේ සබඳතාවල නියෝජිතයන් බවට පත් විය හැකි සමාජ බලවේගවල පැවැත්මට මනෝමූලික පදනමක් පවතින බව ය.

6. කොමියුනිස්ට් ක‍්‍රමයේ පළමු අදියර වන සමාජවාදය තුළ දී කොමියුනිස්ට් නිෂ්පාදන මාදිලියේ සංවර්ධනය යනු සමාජමය නිෂ්පාදනයේ මූල්‍යමය ආකාරය අහෝසි කිරීමේ කි‍්‍රයාවලියකි.

කොමියුනිස්ට් නිෂ්පාදනය – එහි නොමේරුම අවධියේදී පවා සෘජු සමාජ නිෂ්පාදනයකි. සමාජවාදය තුළ ඇති ශ‍්‍රම බෙදිම කිසි විටෙක හුවමාරු භාණ්ඩයක් ලෙස යොදා ගැනීම සඳහා නොවේ. ශ‍්‍රම ශක්තියට ගෙවීම වෙළෙඳපොළ මඟින් තීරණය වී කි‍්‍රයාත්මක වන්නක් නොවේ. ශ‍්‍රමයේ නිෂ්පාදිත වන නමුත්, මිනිසුන් පෞද්ගලිකව පරිභෝජනය කරන භාණ්ඩ වෙළෙඳ භාණ්ඩ ලෙස නොසලකයි.
සමාජය සතු කාරණාත් නිෂ්පාදන මොඩලයකදී සිදු කරනු ලබන්නේ සැලැස්මක් අනුව ය. එම සැලැස්ම සකස් වනු ලබන්නේ, සමාජයීය අවශ්‍යතා තෘප්ත කිරීමේ ඉලක්කය සහ ඒ අරමුණු ඉටු කර ගැනීමට සරිලන පරිදි එම නිෂ්පාදන බෙදාහැරීමේ (ප‍්‍රයෝජ්‍ය වටිනාකම්) ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය වන නිෂ්පාදනයේ ප‍්‍රමාණය හා ගුණය අත්පත් කර ගැනීමට හැකි වන පරිදි ශ‍්‍රම බළකාය සංවිධානය කරන්නේ අවශ්‍ය කරන ශ‍්‍රමයේ ප‍්‍රමාණය, ගුණය තීරණය වන්නේ ඉහත අරමුණු ඉටු කිරීමට අවශ්‍ය පරිදි ය. (එසේ නැතිව ලාභය උපරිම කර ගැනීමේ අවශ්‍යතාවයට නොවේ) වෙනත් වචනවලින් පවසන්නේ නම්, මධ්‍යම සැලැසුම් සමාජ ශ‍්‍රම බලකාය සංවිධානය කිරීමේ අංශය විසින් සෘජුව ම සම්බන්ධ වී – වෙළෙඳපොළ මගින් නොවේ – සම්බන්ධ කර ගන්නා පෞද්ගලික ක‍්‍රමය එකින් එක එකතු කර ගැනීම මඟින් සකස් කර ගනු ලබන සමස්ත සමාජ ශ‍්‍රමයකි. මධ්‍යම සැලැසුම මඟින් සමස්ත සමාජයීය අවශ්‍යතා නිපදවීමට අවශ්‍ය සමස්ත ශ‍්‍රම කාලය විවිධ සමාජ අවශ්‍යතා සම්පූර්ණ කිරිමට අවශ්‍ය කරන විවිධ ශ‍්‍රම හැකියාවන් පරිදි අනුපාතය අනුව බෙදා දෙනු ලබයි. සැලැසුම්කරණය පිළිබඳ සංකල්පය තාක්‍ෂණික – ආර්ථිකමය උපකරණයක් ලෙස හඳුනා නොගත යුතු ය. එය කොමියුනිස්ට් නිෂ්පාදන සබඳතාවය මත සමාජවාදී කර්මාන්ත සමඟ කම්කරුවන් සම්බන්ධ කරන කි‍්‍රයාවලියකි. එම සැලැසුම්කරණය සකස් වන්නේ, අරමුණුසහගතව තෝරා ගන්නා සමාජයීය නිෂ්පාදන අවශ්‍යතාවයන් පිළිබඳ අරමුණු හා ප‍්‍රතිපත්ති සපුරා ගැනීමේ ඉලක්කය ඇතිවය. එසේ නොමැතිව වෙළෙඳ භාණ්ඩ හුවමාරුව ඉලක්ක කරගෙන නොවේ. සැබැවින් ම මෙම සැලැසුම්කරණය සිදු කරන්නේ සැලැසුම්සහගතව පුළුල් කරනු ලබන සමාජ අවශ්‍යතා තෘප්ත කිරීමට හැකි වන ලෙස නිෂ්පාදනය සංවිධානය කිරීමය (කොමියුනිස්ට් නිෂ්පාදන මාදිලියේ ප‍්‍රධාන ආර්ථික නියාමය එයයි).
මධ්‍යම සැලැසුම්කරණය මුහුණ දෙන එක් ප‍්‍රධානතම සංකීර්ණ ගැටලූවක් වන්නේ, ‘සමාජ අවශ්‍යතා’ යන්න තීරණය කරන්නේ කෙසේද යන්නයි. විශේෂයෙන් ම අන්තර්ජාතික තත්වයන් යටතේ ධනපති ක‍්‍රමය වෙනත් රටවල පවතින වටාපිටාවක දී ධනපති ක‍්‍රමය විසින් මද ‘සමාජ අවශ්‍යතා’ යන්නට වෙනමම අර්ථකථන ලබා දෙන බැවිනි.
සැබැවින්ම සමාජයීය අවශ්‍යතා යන්න තීරණය කරනු ලබන්නේ, යම් ඓතිහාසික සමාජ ක‍්‍රමයක් තුළ දී එහි නිෂ්පාදන බලවේගවල සංවර්ධනයේ මට්ටම අනුවය. මෙම අවශ්‍යතා තේරුම් ගත යුත්තේ, ඒවායේ ඓතිහාසික පදනම තුළ තබාය. එනම්, නිෂ්පාදන බලවේගවල සංවර්ධනය සමඟ නිෂ්පාදන සබඳතාවයේ සිදු වන වෙනස්කමට අනුවය. මෙයට අනුව කොමියුනිස්ට් ක‍්‍රමයේ මූලික නියාමය යොදා ගත යුතු ය. එය ආරම්භ කළ යුත්තේ, සමාජ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ඇති ප‍්‍රධාන බාධක වන නිෂ්පාදනය ප‍්‍රමාණවත් නොවීම හා පරිභෝජනයේ ඇති අසමානතා ඉවත් කිරීමේ ඉලක්කය සාක්‍ෂාත් කර ගැනීමට ය.

7. කොමියුනිස්ට් සබඳතාවල පළමු අවධියේ මූලික ලක්‍ෂණය වන්නේ, නිෂ්පාදිත භාණ්ඩ බෙදාහැරීම සිදු කරන්නේ ‘වැය කරන ලද ශ‍්‍රමයට’ අනුව වීම ය. මෙම ‘වැය කරන ශ‍්‍රමය’ යන්න ගණනය කිරීම යන්නට න්‍යායික හා දේශපාලන විවාදයක් ගොඩනඟා ඇත.
සමාජයීය නිෂ්පාදනයෙන් කොටසක් ‘වැය කරන ශ‍්‍රමයට අනුව ගෙවීම’ යනු (මෙය වෙළෙඳ භාණ්ඩ හුවමාරුවට සමාන ආකාරයකි) අහෝසි වෙමින් යන ධනපති ක‍්‍රමයේ ම එක් ආකාරයක පැවැත්මකි. මෙයට හේතුව නව නිෂ්පාදන මාදිලිිය වන සමාජවාදයට තවමත් ධනපති නිෂ්පාදන මාදිලිය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට නොහැකි වීමේ ප‍්‍රතිඵලයකි. එනම්, සමාජවාදයට සම්පූර්ණ කොමියුනිස්ට් නිෂ්පාදන මාදිලියක් සඳහා අවශ්‍ය වන තරම් මිනිසාගේ නිෂ්පාදන ශක්තිය දියුණු කර ගැනීමට නොහැකි වීමත් නිෂ්පාදන බලවේග නිෂ්පාදනයේ සියලූ අංශවලට ගැලපෙන පරිදි දියුණු කර ගැනීමට නොහැකි වීමත් පුළුල් වශයෙන් නව තාක්‍ෂණය යොදා ගැනීම සම්පූර්ණ කර ගැනීමටත් නොහැකි වීම නිසා ඇති වන තත්වයකි. තවත් පැහැදිලි කළහොත්, ‘වැය කරන ශ‍්‍රමයට අනුව ගෙවීම’ යන ධනවාදී නිෂ්පාදන මෙඩාලයේම ආකෘතියක් (වෙනස්කම් සහිතව) පවත්වාගෙන යාමට කොමියුනිස්ට් ක‍්‍රමයේ නොමේරු අවධිය වන සමාජවාදයේ දී පවත්වාගෙන යාමට සිදු වී ඇත්තේ, නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශ‍්‍රම කාලය විශාල වශයෙන් අඩු කර ගැනීමට තරම් ශ‍්‍රම ඵලදායිතාව දියුණු කර ගැනීමට නොහැකි වීමත් අධික ලෙස ශ‍්‍රමය වැය කිරීමට සිදු වීම සහ කායික හා මානසික ශ‍්‍රමය දෙකෙන් එකක් පමණක් ඇති ශ‍්‍රමයේ කටයුතු අහෝසි කර ගැනීමට නොහැකි වීමත් නිසා ය. මේ නිසා සමාජ අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් ‘අනිවාර්ය ශ‍්‍රමය වැගිරවීමේ’ කොන්දේසිය අහෝසි කර ගැනීමට නොහැකි වීම නිසාත් ය. මනා ලෙස මධ්‍යගතව සැලැසුම් කරනු ලැබූ ශ‍්‍රම ශක්තිය විවිධ නිෂ්පාදන අංශවලට බෙදාහැරීමත් මනා ලෙස මධ්‍යගතව සැලැසුම් කරනු ලැබූ නිෂ්පාදන මාධ්‍ය විසිනුත් සැලැසුම්සහගත ලෙස සමාජ නිෂ්පාදනය බෙදාහැරීම සහතික කරයි. සමාජ නිෂ්පාදන බෙදාහැරීම ධනවාදයේ දී මෙන් වෙළෙඳපොළ බලවේග හරහා සිදු නොවිය හැකි අතර ම, වෙළෙඳ භාණ්ඩ හුවමාරුවට අදාළ මූලික නියාම මත පදනම් වී සිදු කළ නොහැකිය.
මාක්ස්ට අනුව නිශ්චිත සමාජ – ආර්ථික ක‍්‍රමයක නිෂ්පාදන මාදිලියේ සිදු වන වෙනස්කමක් එම ඓතිහාසික තත්වයටම ගැලපෙන සේ නිෂ්පාදන බලවේගවල සිදු වන වෙනස තුළිනුත් නිෂ්පාදනයේ ඵල ජනතාවට බෙදාහරිනු ලබන මාදිලියද වෙනස් වේ. (උදාහරණයක් ලෙස සමාජවාදී සෝවියට් සංගමයේ 1930 ගණන්වල දී තිබූ නිෂ්පාදනයේ ඵල බෙදාහැරීමේ මාදිලිය 1950-60 දශක වන විට වෙනත් මට්ටමක පැවැතිණි.*
මාක්ස්වාදය ඉතා පැහැදිලිව නිර්වචනය කරනු ලබන දෙයක් නම්, නිෂ්පාදනයක් සඳහා අවශ්‍ය පොදු ක‍්‍රමයට එක් එක් ශ‍්‍රමිකයාගේ දායකත්වය මනින මිම්ම වන්නේ, ‘වැය කරන ශ‍්‍රම කාලයයි.’ එමෙන් ම, ශ‍්‍රමිකයාට (සැබෑ ලෙස ම යෙදෙන්නාට* නිෂ්පාදනයෙන් හිමි පංගුව තීරණය කරනු ලබන්නේ, ඔහු නිෂ්පාදනය සඳහා ‘වැය කරන ලද ශ‍්‍රම කාලය’ ගණනය කිරීම මඟිනි. සැබැවින්ම ඔහුට ගෙවනු ලබන පංගුව තීරණය කරනු ලබන්නේ, ඔහුගේ පෞද්ගලික පරිභෝජන අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට ප‍්‍රමාණවත් වන පරිදි සමාජවාදය තුළදී ඔහුගේ අවශ්‍යතාවලින් යම් ප‍්‍රමාණයක් (අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි) පොදු සමාජ අවශ්‍යතා සැපිරීමේ සමාජවාදී ප‍්‍රතිපත්තිය මත ඔහුට වෙනත් ආකාරයකින් ලැබීමද සැලකිල්ලට ගනිමිනි.
සමාජවාදී නිෂ්පාදන මාදිලියක් තුළ කම්කරුවන් නිෂ්පාදනයට කරන ලද දායකත්වය මැනීමට ‘කාලය’ යොදා ගැනීම තේරුම් ගත යුත්තේ ”එය වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදනයට සමාන්තරව යන්තමින් පවත්වාගෙන යන්නක් ලෙසින් පමණි.”
මාක්ස් – ප‍්‍රාග්ධනය, වෙළුම 1, පිටු 91-92
සමාජවාදී නිෂ්පාදන මාදිලියක් තුළ දී ‘ශ‍්‍රම කාලය’ යනු ”වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදනයේ දී වෙළෙඳ භාණ්ඩ හුවමාරුව සඳහා වටිනාකම ගණනය කිරීමට යොදා ගන්නා ඒකකය සකස් කිරීමට යොදා ගනු ලබන සමාජයීය ශ‍්‍රම කාලය යන්න නොවේ.” සමාජවාදයේ දී ‘ශ‍්‍රම කාලය’ යනු යම් නිශ්චිත භාණ්ඩයක් සම්පූර්ණයෙන් ම නිපදවීම සඳහා අවශ්‍ය සම්පූර්ණ ශ‍්‍රම කාලයට තනි තනි පුද්ගලයාද වැය කළ ශ‍්‍රම කාලයයි. මෙය නිශ්චිතවම මාක්ස්ගේ ප‍්‍රාග්ධනය කෘතියේ පැහැදිලි කර ඇත.

 

‘සමාජයීය වූ නිෂ්පාදන මාදිලියක් තුළ දී මූල්‍ය ප‍්‍රාග්ධනය කි‍්‍රයාවලියෙන් ඉවත් වේ. සමාජය විසින් නිෂ්පාදනයේ විවිධ අංශ සඳහා අවශ්‍ය කරන ශ‍්‍රම පංගුව හා නිෂ්පාදන මාධ්‍ය ප‍්‍රමණය වෙන් කර බෙදාහරිනු ලබයි. මෙහි දී නිෂ්පාදක කම්කරුවාට උදාහරණයක් ලෙස කඩදාසි වවුචර් ලබා දිය හැකි අතර, එමඟින් ඔහුට ඔහු විසින් වැය කරන ලද ශ‍්‍රම කාලයට සමාන වන තරම් පරිභෝජනය සඳහා අවශ්‍ය භාණ්ඩ එම වවුචර් ලබා දීමෙන් ඔහුට ලබා ගත හැක. එහෙත්, මෙම වවුචර් මුදල් නොවේ. ඒවා සංසරණය නොවේ.’

මාක්ස් – ප‍්‍රාග්ධනය, වෙළුම 2, පිටුව 357
සමාජ නිෂ්පාදනයේ ඉහත එදිනෙදා පරිභෝජනයට අදාළ භාණ්ඩ (නිෂ්පාදන) එක් එක් කම්කරුවාට අත්පත් කර ගත හැකි වන්නේ, ඔහු විසින් යම් නිෂ්පාදනයක් සම්පූර්ණ කිරිමට අවශ්‍ය සමස්ත ශ‍්‍රමයෙන් කොපමණ ප‍්‍රමාණයක් පෞද්ගලිකව ලබා දුන්නේද යන ‘වැය කරන ලද ශ‍්‍රමය’ මත පදනම්වය. එහෙත්, මෙහිදී ඔහුගේ ශ‍්‍රම කාලයට අත්පත් කර ගත හැකි නිෂ්පාදනවල වටිනාකම තීරණය කිරීමේදී ඔහුගේ ශ‍්‍රමය සංකීර්ණ, සරල, කායික හා මානසික ආදී වශයෙන් වෙනස් කොට සැලැකීමක් සිදු නොකෙරේ. මෙහි දීද එක් පුද්ගලයකුගේ ශ‍්‍රම දායකත්වය මනින මිම්ම වන්නේ ශ‍්‍රම කාලයයි. එම ශ‍්‍රම කාලය තීරණය කරනු ලබන්නේ, සමාජයීය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශ‍්‍රම ශක්තියේ හා අනෙකුත් අවශ්‍යතා මත පදනම්ව සකස් කරනු ලබන සැලැසුමට අනුව ය. එනම්, පහත. සඳහන් සාධක ගණනාවක් අනුව ය. ඒවා නම්;

I. පෞද්ගලික ශ‍්‍රම දායකත්වයද අඩංගු වන නිෂ්පාදන කි‍්‍රයාවලිය පවත්වාගෙන යනු ලබන ද්‍රව්‍යමය වටාපිටාව මත,

II. විශේෂිත වුවමනා මත නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශ‍්‍රම බලකාය විශේෂිත ප‍්‍රදේශවල ස්ථානගත කිරීමට සිදු වීම හෝ                නිෂ්පාදන කි‍්‍රයාවලියේ විවිධ ශාඛාවල ස්වභාවය මත,

III. මාතෘත්වයට අදාළ නිෂ්පාදන; විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා කරනු ලබන නිෂ්පාදන වැනි විශේෂ සමාජ               අවශ්‍යතා මත නිෂ්පාදනය සිදු කරන අවස්ථා අනුව,

IV. නිෂ්පාදන කි‍්‍රයාවලිය තුළ එක් එක් කම්කරුවා ශ‍්‍රම සංවිධානය තුළ දරන වගකිම හා නිෂ්පාදන                                            බලවේග කළමනාකරණය කරමින්, නිෂ්පාදන කි‍්‍රයාවලිය සිදු කිරීමට දරන දායකත්වය මත
ආදී සාධක රාශියක් මත ය. තවත් විදියකට පවසන්නේ නම්, ශ‍්‍රම කාලය යන්න නිෂ්පාදන ඉලක්ක සමඟ                         සම්බන්ධ කොටය.
එම ඉලක්කවලින් කිහිපයක් විය හැක්කේ;

  • අමුද්‍රව්‍ය පරිස්සමින්, අවශ්‍ය ප‍්‍රමාණය පමණක්ම යොදා ගනිමින් නිෂ්පාදනය සිදු කිරීම
  • වඩා ඵලදායී තාක්‍ෂණය හැකි තරම යෙදවීම
  • වඩාත් තර්කානුකූල ශ‍්‍රම සංවිධානය
  • පරිපාලනය හා කළමනාකරණ කටයුතු වැඩ කරන කම්කරුවන් මඟින් සිදු කිරීම යනාදියයි.

කොමියුනිස්ට් නිෂ්පාදන මාදිලියක් තුළ දී සිදු කරනු ලබන සැලැසුමක් සහිතව නිෂ්පාදන බලවේග සංවර්ධනය කිරීමේ ඉලක්කය විය යුත්තේ ක‍්‍රමානුකූලව කම්කරුවන් වැඩ කරන වේලාව අඩු කරමින්, ඔවුන්ගේ නිදහස් කාලය වැඩි කිරීම ය. එම නිදහස් කාලය වැඩ කරන ජනතාවගේ අධ්‍යාපනික හා සංස්කෘතික මට්ටම ඉහළ දැමීමට යොදා ගැනීමටද සැලැසුම් කළ යුතුය. එමෙන්ම ඔවුනට ලැබෙන නිදහස් කාලය නිෂ්පාදන කටයුතුවලට කම්කරුවන්ගේ සහභාගිත්වය වැඩි කිරීමටද නිෂ්පාදන කටයුතු පරිපාලනයට හා කළමනාකරණයට වැඩ කරන ජනතාවගේ මැදිහත් වීම වැඩි කිරීමටද යොදා ගත යුතු ය. නිෂ්පාදන බලවේගයක් ලෙස මිනිසා පූර්ණ හා විස්තීර්ණ සංවර්ධනයකට ලක් කරමින්, නව වර්ගයක සමාජයක් නිර්මාණය කර ගැනීමත් කොමියුනිස්ට් සබඳතා ස්ථාපිත කර ගැනීමත් ද්විත්ව සම්බන්ධතාවයකි. (මෙයට කොමියුනිස්ට් නිෂ්පාදන මාදිලියේ අරමුණ වන සමස්ත සමාජයීය නිෂ්පාදනය ම සෘජුවම සමාජය සතු නිෂ්පාදන මාධ්‍ය මඟින් නිපදවීමත් සමස්ත ශ‍්‍රම බළකායට සමාජ ක‍්‍රම සංවිධානය මඟින් සංවිධානය කිරීමේ හැකියාව අත්පත් කර ගැනීමත් ඉලක්ක විය යුතු ය.) මෙම ද්විත්ව සම්බන්ධයේ ප‍්‍රමුඛ පාර්ශ්වය (එනම්, නිෂ්පාදන බලවේගවල විස්තීර්ණ සංවර්ධනය හා කොමියුනිස්ට් සබඳතා යන දෙකෙන්) කුමක්ද යන්න තීරණය වන්නේ එය සිදු වන ඓතිහාසික අවධිය අනුවය.
මධ්‍යම සැලැසුම්කරණය වඩ වඩාත් සංවර්ධනය කිරීමෙන් සහ නිෂ්පාදන මාධ්‍යවල සමාජමය හිමිකාරිත්වය සියලූම ක්‍ෂේත‍්‍රවල දිගින්දිගටම පුළුල් කිරීම මඟින්ද වටිනාකමේ ඒකකයක් ලෙස එහි තිබූ අඩංගුව ඉවත් කර ගැනීමෙන් ද මුදල් යන්න ක‍්‍රමානුකූලව අනවශ්‍ය දෙයක් බවට පත් වේ.

8. පෞද්ගලික හා සමුපකාරික හිමිකම සහිතව කරනු ලබන නිෂ්පාදනයෙන් වැඩි කොටස කෘෂිකර්මාන්තයෙන් ලැබේ. මෙම නිෂ්පාදන වෙළෙඳ භාණ්ඩ – මුදල් (C -M) සබඳතාවය මත පදනම් වී සමාජවාදී නිෂ්පාදන සමඟ හුවමාරු වේ. මෙයිනුත්, සමුපකාරික දේපළ හිමිකම සහිතව සිදු කරන නිෂ්පාදන යම් ප‍්‍රමාණයකට මධ්‍යම සැලැසුමට යටත් වේ. එමඟින් මධ්‍යම සැලැසුම්කරණයේ එක් අවශ්‍යතාවයක් වන නිෂ්පාදනය සැලැස්මකට අනුව සිදු කිරීම සිදු වන අතරම, අනෙක් අතට එම නිෂ්පාදන සඳහා රජයේ මිල ස්ථාපිත කළ හැකි වීම ද සිදු වේ.
නගරය සහ ගම අතර ඇති පරතරයත්, කාර්මික හා කෘෂිකාර්මික නිෂ්පාදනයන් අතර ඇති වෙනසත් අහෝසි කිරීමේ දිශාව වන්නේ,

අ.   ගොවීන්ට ඒකාබද්ධව වගා කළ හැකි විශාල ගොවිපොළවල් නිර්මාණය කිරීමත්,

ආ. ශ‍්‍රම ඵලදායකත්වය දියුණු කර ගැනීම සඳහා කෘෂිකර්මය නව කාර්මිකකරණයට ලක් කිරීම සහ අනෙකුත්                    විද්‍යාත්මක හා තාක්‍ෂණික ක‍්‍රමවේද ගලපාලීම මඟින් සමාජයීය නිෂ්පාදනය පුළුල් කිරීමත්,

ඇ. හදිසි කාලගුණික ආපදාවලින් කෘෂිකාර්මික නිෂ්පාදනයට සිදු විය හැකි හානිවලින් නිෂ්පාදන ආරක්‍ෂා කර                    ගැනීමට සමත් ශක්තිමත් යටිතල පහසුකම් පද්ධතියක් ගොවිපොළවල සකස් කිරීමත්,

ඈ. සමාජවාදී නිෂ්පාදන කර්මාන්ත සම්බන්ධ තරගකාරිත්වය හා ඒවා සතු සමාජමය ශ‍්‍රම සංවිධානය යොදාගෙන           කෘෂිකාර්මික අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සහ කෘෂි නිෂ්පාදන කාර්මික සැකසුම්කරණයට ලක් කර නව හා                   දියුණු  කෘෂිකාර්මික නිෂ්පාදන සිදු කිරීමට කටයුතු කිරීමත් මඟිනි.මෙම දිශාවට කරනු ලබන අඛණ්ඩ                               සංවර්ධනය විසින් සමස්ත කෘෂි නිෂ්පාදනයම සමාජවාදී නිෂ්පාදනයක් බවට පරිවර්තනය කළ හැක.           

සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමය තුල සමාජවාදය සහ ප්‍රතිවිප්ලවය ජය ගැනීමට බලපෑ සාධක

 

9. අපි සෝවියට් අත්දැකීම අධ්‍යයනය කළේ එය සමාජවාදය ගොඩනැඟීමේ පෙරමුණු කාර්යභාරය ඉටු කළ රට බැවිනි. එමෙන්ම යුරෝපයේ රටවල සමාජවාදය ගොඩනැඟීීම ගැනත් චීනය, වියට්නාමය, උතුරු කොරියාව යන ආසියානු රටවල සමාජවාදී රාජ්‍ය බලය පිළිබඳවත් කියුබාව පිළිබඳවත් මීටත් වඩා අවධානයක් අවශ්‍ය ය.

සෝවියට් සංගමයේ සමාජවාදයේ මූලික ලක්‍ෂණ වූයේ මේවා ය:
නිෂ්පාදන සබඳතාවල ධනපති ස්වභාවය අහෝසි කිරීම, පෞද්ගලික හෝ සමුපකාරික දේපළ අයිතියට වඩා සමාජවාදී දේපළවල අයිතිය (විවිධ ගැටලූ හා අඩුපාඩුකම් තිබියදීත්) විශාල වීම, මධ්‍යගත සැලැසුම්කරණය, වැඩ කරන ජනතා බලය හා සමස්ත වැඩ කරන ජනතාවට යහපත් ප‍්‍රතිඵල ගෙන දුන් කිසිදා නොවූවිරූ තරම් වූ ජයග‍්‍රහණ ලැබීම.
ඉහත ජයග‍්‍රහණ කිසිවක්, විශේෂයෙන්ම එක් නිශ්චිත කාලසීමාවක් තුළ දී පක්‍ෂයේ විප්ලවවාදී ගුණාංග ක‍්‍රමිකව පිරිහීමත් එහි ප‍්‍රතිඵලයන් ලෙස 1980 දශකය තුළ දී ප‍්‍රතිවිප්ලවීය බලවේග විසින් පක්‍ෂයේ හා ආණ්ඩුවේ බලය අත්පත් කර ගැනීමත් විසින් අහෝසි නොවේ.
අප 1989-1991 කාලය තුළ වූ ප‍්‍රතිවිප්ලවයේ ජයග‍්‍රහණය දකින්නේ, සමාජවාදී රාජ්‍ය බලය පැහැර ගැනීමක් හා සමාජයීය පරාජයක් වශයෙනි. එමෙන් ම එම සමාජවාදය ගොඩනැඟීමේ ව්‍යාපාරයට (විශේෂයෙන් ම ධනපති නිෂ්පාදන සබඳතා අහෝසි කරමින්, සමාජවාදය ගොඩනැංවූ විශේෂයෙන්ම දෙවැනි ලෝක යුද්ධය දක්වා කාලය තුළ) එරෙහිව අන්තර්ජාතික අධිරාජ්‍යවාදයේ මතවාදීමය හා දේශපාලන ආධාර හා සහයෝගය ලැබීම අහඹු කි‍්‍රයාවක්ද නොවී ය.
අපි සමාජවාදී සෝවියට් දේශය ‘බිඳවැටීම’ (collapse) යන අදහසට විරුද්ධ වෙමු. ඒ එමඟින් සමාජවාදී සෝවියට් දේශය බිඳවැට්ටවීමට කරන ලද ප‍්‍රතිවිප්ලවීය කි‍්‍රයාවලිය අඩු තක්සේරු කිරීමක් වන බැවිනි. එමෙන් ම එමඟින් සමාජවාදය ගොඩනැංවීමේ කි‍්‍රයාවලිය තුළ විෂයමූලික තත්වයන් නිසා සිදු වු දුර්වලතා සහ පීලිපැනීම් නිසා ප‍්‍රතිවිප්ලවයට වාසිදායක වන සමාජ පදනමක් වර්ධනය වූ ආකාරය අවතක්සේරු කරන නිසා ය.
1989-1991 කාලය තුළ ප‍්‍රතිවිප්ලවය සිදු වූයේ රුසියාවේ සමාජවාදී විප්ලවයට අවශ්‍ය අවම ද්‍රව්‍යමය කොන්දේසි සම්පූර්ණ වී නොතිබුණු තත්වයක් යටතේ විප්ලවය කළ නිසාය යන අදහස වැරදිය.
මාක්ස් පැවසූ පරිදි මිනිසා තමා විසින්ම තමාට විසැඳිය හැකි ප‍්‍රශ්න ඉදිරිපත් කර නොගනී. මන්ද යත්, ඒ වෙනුවට සිදු වන්නේ, ප‍්‍රශ්න මතු වන්නේම ඒවාට අදාළ විසඳුමට අවශ්‍ය ද්‍රව්‍යමය කොන්දේසි සම්පූර්ණ වූ විට පමණක් නිසාවෙනි. එනම්, ප‍්‍රධාන නිෂ්පාදන බලවේගය වන කම්කරු පන්තිය ඔවුන්ගේ ඓතිහාසික කාර්යභාරය සිදු කිරීමට සූදානම්ව සිටීමත් එය විප්ලවීය ආකාරයෙන් සිදු කිරීමත් එමෙන්ම නිෂ්පාදන බලවේග හා නිෂ්පාදන සබඳතා අතර ගැටුම පුපුරා යන තරමට වර්ධනය වී තිබීමත් සමාජවාදී විප්ලවය සඳහා අවශ්‍ය වන මූලික ද්‍රව්‍යමය කොන්දේසි වන බැවිනි. විප්ලවීය තත්වය පැන නැඟුණේ මෙම ගැටුමේ ප‍්‍රතිඵලයක් ලෙස ය.
සංඛ්‍යා දත්ත අනුව බලන විට පැහැදිලි වන්නේ, විප්ලවීය අවධිය තුළ රුසියාවේ ධනපති නිෂ්පාදන සබඳතාවය මූලික වශයෙන් ම රාජ්‍ය ඒකාධිකාරී ධනපති ස්වභාවයක් ගත් බවයි. විප්ලවීය රජයට ද සිය පැවැත්මට අදාළ ද්‍රව්‍යමය පදනම සකස් කර ගැනීමට සිදු වූයේ, එම සංකේන්ද්‍රණය වී තිබූ නිෂ්පාදන බලවේග සමාජය සතු කිරීම මඟිනි.
රුසියානු කම්කරු පන්තියේ, විශේෂයෙන් ම කර්මාන්ත අංශය තුළ වූ කොටස් සෝවියට් සභා නම් විප්ලවීය සංවිධාන ආකෘතිය නිර්මාණය කරගෙන තිබූ අතර, ඒවා ධනපති රාජ්‍ය බලය පැහැර ගැනීමේ කි‍්‍රයාවලියේ දී බොල්ෂෙවික් පක්‍ෂයේ උපදෙස් මත කි‍්‍රයාත්මක විය. බොල්ෂෙවික් පක්‍ෂය ලෙනින්ගේ නායකත්වයෙන් සමාජවාදී විප්ලවය සඳහා න්‍යායිකව සූදානම් කර තිබිණි. එනම්, රුසියානු සමාජයේ ස්වභාවය පිළිබඳ විශ්ලේෂණයේ දී අධිරාජ්‍යවාදී දම්වැලේ දුර්වල පුරුකෙන් එය බිඳ දැමීම පිළිබඳ න්‍යායෙන්ද විප්ලවීය තත්වය පිළිබඳ මනා විශ්ලේෂණයකින්ද නිර්ධන පන්ති ආඥාදායකත්වය පිළිබඳ න්‍යායෙන්ද බොල්ෂෙවික් පක්‍ෂය සන්නද්ධව සිටියේය. එමෙන්ම බොල්ෂෙවික් පක්‍ෂය තම උපායමාර්ගය සාර්ථක කර ගැනීමට විශාල දක්‍ෂතාවයක් දැක් වූ අතර, එම උපායමාර්ගයට අදාළව පන්ති අරගලයේ ඒ ඒ අවස්ථාවේ දී සන්ධාන, සටන් පාඨ, ප‍්‍රයෝග ආදී විවිධ උපක‍්‍රම භාවිත කිරීමටද සමත් වූයේ ය.
එසේ වුව ද, දියුණු ධනපති රටක සමාජවාදය ගොඩනැංවීමට වඩා සහ විශාල වශයෙන් පූර්ව ධනේශ්වර නිෂ්පාදන සබඳතා පැවැතීම විසින් ඇති කරන ලද අති විශාල අසමානතාවය ආදිය විසින් සමාජවාදී ගොඩනැංවීමේ කි‍්‍රයාවලියට අමතර නිශ්චිත කාර්යභාරයක් පැටවිණි. ඒ නිෂ්පාදන බලවේග අඩුවෙන් සංවර්ධනය වූ රටක (මධ්‍යම – දුර්වල ලෙනින් සඳහන් කළ පරිදි) සමාජවාදී විප්ලවය සිදු කිරීම නිසා ය.
1913දී රුසියාවේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙන් 11.5%කි. ජනගහනයෙන් තුනෙන් දෙකක් අකුරු නූගත් අය විය.
සමාජවාදී ගොඩනැංවීම ආරම්භ කිරීමට සිදු වූයේ, පළමු ලෝක යුද්ධයේ අතිමහත් විනාශයකින් හා සිවිල් යුද්ධයක් තුළ දීය. එමෙන් ම පසුව දෙවැනි ලෝක යුද්ධය තුළ දී සෝවියට් දේශය අතිවිශාල විනාශයකට මුහුණ දුන්නේ ය. ඊට ප‍්‍රතිපක්‍ෂව එක්සත් ජනපදය සිය දේශසීමා අසල යුද්ධයකට මුහුණ නොදුන් අතරම යුද්ධය තම 1930 ආර්ථික අර්බුදය විසඳා ගැනීමට යොදා ගත්තේ ය.

මේ සියල්ල මැද සෝවියට් සංගමය අත්පත් කර ගත් දැවැන්ත වූ ආර්ථික හා සමාජයීය ජයග‍්‍රහණ ඔප්පු කරනු ලබන්නේ, කොමියුනිස්ට් නිෂ්පාදන සබඳතාවල ධනපති නිෂ්පාදන සබඳතාවලට වඩා ඇති අද්විතීය හැකියාවයි.

සෝවියට් සංගමය ලැබූ අතිමහත් ආර්ථික හා සමාජ ජයග‍්‍රහණ සමහර අවස්ථාවාදී හා සුළු ධනේශ්වර විග‍්‍රහයන් වැරදි බව සනාථ කරයි. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විග‍්‍රහය වූ රුසියාව තුළ සමාජවාදී විප්ලවය සිදු කිරීමට මෝරා තිබුණේ නැතැයි යන මතය විප්ලවයේ ජයග‍්‍රහණ මඟින් නිෂේධ කළේය. එමෙන්ම සෝවියට් සංගමය තුළ සමාජවාදය ගොඩනැඟිය නොහැක යන ට්‍රොට්ස්කිවාදී මතය සම්පූර්ණයෙන් ම බිඳවැටිණි. එමෙන් ම ධනේශ්වර විප්ලවයෙන් පසු බිහි වූ රුසියානු සමාජය සමාජවාදී එකක් නොවේ යැයිද, එය විප්ලවයේ මුල් අවුරුදු කීපයෙන් පසුව වේගයෙන් දියාරු වෙමින්, පිරිහීමට ලක් වූ බව ද, 70 අවුරුදු සමාජවාදී සෝවියට් සංගමයේ ගමනට ඉතිහාසයෙන් බාධා වීම වැළැක්වීමට නොහැකි යැයි යන මතයද මනෝමූලික හා කරුණු මඟින් සනාථ නොකරයි.
එමෙන් ම සෝවියට් සමාජවාදය යනු ‘නව ආකාරයක සූරාකෑමේ ක‍්‍රමයක්’ බව ද, එමෙන් ම එය ‘රාජ්‍ය ධනවාදී අකෘතියක්’ බවට ද වන අවස්ථාවාදී මතවාදයන් ප‍්‍රතික්‍ෂේප කරමු.
එමෙන් ම, සෝවියට් දේශය තුළ ප‍්‍රතිවිප්ලවය ජය ගැනීම විසින් මාවෝවාදය විසින් ප‍්‍රකාශ කළ පරිදි සෝවියට් සංගමය තුළ තිබුණේ සමාජවාදී ගොඩනැංවීමක් නොව ‘සමාජ අධිරාජ්‍යවාදය’ යැයි සෝවියට් සංගමය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සමාන කළ මාවෝවාදී ස්ථාවරය නිවැරදි වීමක් ද සිදු වී නැත. (චීනය තුළ සමාජවාදය ගොඩනැඟීමේ දී ඔවුන් ජාතික ධනපති පන්තිය එහි සහායක බලවේගයක් ලෙස සලකන ලද අතර, සෝවියට් සංගමය එසේ නොසලකන ලදී.)
ඒ අනුව සෝවියට් සංගමය හා අනෙකුත් රටවල සමාජවාදය ගොඩනැංවීම පිළිබඳ අපගේ විවේචනාත්මක විශ්ලේෂණය පහත සඳහන් කරමු.

10. සෝවියට් සංගමය තුළ ප‍්‍රතිවිප්ලවය ජයග‍්‍රහණය කිරීමේ හේතු විශ්ලේෂණයේ දී එයට ප‍්‍රමුඛව බලපානු ලැබුවේ, අභ්‍යන්තර හේතූන් බව (බාහිර සාධක අවතක්සේරු නොකරමින්ම) අපි විශ්වාස කරමු. මන්ද යත්, සෝවියට් සංගමය තුළ ප‍්‍රතිවිප්ලවය ජය ගනු ලැබුවේ, අධිරාජ්‍යවාදී යුදමය ආක‍්‍රමණයක් නිසා නොව සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රතිපත්ති නිසා එම පක්‍ෂයේ ඉහළින්ම, පක්‍ෂයේ ඇතුළතින්ම නිසාවෙනි.
විද්‍යාත්මක කොමියුනිස්ට්වාදයේ න්‍යාය මත පදනම් වෙමින්, අපි අපගේ අධ්‍යයනය පහත මූලික සාධක මත සිදු කරනු ලැබුවෙමු.

          1. සමාජ ප‍්‍රතිවිරෝධතා හා වෙනස්කම් පිළිබඳ ගැටලූව විසඳිය හැක්කේ නිෂ්පාදන සබඳතා සංවර්ධනයෙන් හා                          සමාජවාදයේ ප‍්‍රතිලාභ බෙදා දීමෙන් නිසා ආර්ථික සාධකය ඉටු කළ කාර්යභාරය

         2. සමාජවාදය ගොඩනැංවීමේ දී නිර්ධන පන්ති ආඥාදායකත්වය මෙහෙයවීම හා සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ                  භූමිකාව

        3. ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ උපායමාර්ගය හා වර්ධනයන්

11. සෝවියට් සංගමය තුළ නව සමාජයක් ගොඩනැංවීමේ කි‍්‍රයාවලිය මූලික වශයෙන් ම තීරණය වී තිබුණේ, බොල්ෂෙවික් පක්‍ෂයට එම විප්ලවීය, නායකත්ව කාර්යභාරය ඉටු කිරීමට තිබූ හැකියාව මතය. ඉන් පළමු හා ප‍්‍රමුඛතම කටයුත්ත වන්නේ, සෑම පියවරකදීම අත්‍යවශ්‍ය හා නිවැරැුදි විප්ලවීය උපායමාර්ගයක් සකස් කර ගැනීම හා කි‍්‍රයාවට නැංවීමත් අවස්ථාවාදය සමඟ ගැටෙන ගමන්ම සමාජවාදය – කොමියුනිස්ට් ක‍්‍රමය ගොඩනැංවීමේ දී මුහුණ දෙන නව හා හදිසි අභියෝගයන්ට හා අවශ්‍යතාවයන්ට ස්ථිර ප‍්‍රතිචාර දැක්වීමයි.
දෙවැනි ලෝක යුද්ධය වන තෙක් නව සමාජය ගොඩනැංවීමට අවශ්‍ය පදනම සකසනු ලැබිණි. මධ්‍යගත සැලැසුම්කරණය තුළ පදනම් වෙමින් සමාජවාදී නිෂ්පාදන කි‍්‍රයාවලිය ස්ථාපිත කළ අතර, ධනපති නිෂ්පාදන සබඳතා අහෝසි කෙරිණි. ධනපති පන්තිය පරාජය කිරීමට, අහෝසි කිරීමට අවශ්‍ය පන්ති අරගලය සාර්ථකව කි‍්‍රයාවට නැංවිණි. සමාජ සෞභාග්‍යය පැත්තෙන් බලන විට අතිශය අගය කළ හැකි ජයග‍්‍රහණ අත්පත් කර ගන්නට යෙදිණි.
දෙවැනි ලෝක යුද්ධය අවසාන විමෙන් පසු සමාජවාදය ගොඩනැංවීමේ කි‍්‍රයාවලිය නව අදියරකට පිවිසිණි. සමාජවාදය – කොමියුනිස්ට් ක‍්‍රමය ගොඩනැංවීම පිළිබඳ නව අවශ්‍යතා සහ අභියෝගවලට පක්‍ෂයට මුහුණ දීමට සිදු විය. මේ අතුරින් 1956දී පැවැති සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ 20 වැනි සමුළුව තීරණාත්මක හැරවුම් ලක්‍ෂ්‍යයක් විය. එම සමුළුවේ සිට ආර්ථික කටයුතු පිළිබඳවත් ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරය පිළිබඳවත් ජාත්‍යන්තර සබඳතා පිළිබඳවත් අවස්ථාවාදී ස්ථාවරයන් රාශියක් පිළිගැනීම හා කි‍්‍රයාවට නැංවීම සිදු විය. සමුළුවට පෙර සිටම අවස්ථාවාදී ප‍්‍රවණතාවය විසින් සිදු කරමින් තිබූ අරගලය සමුළුව තුළ දී ප‍්‍රතිසංස්කරණවාදී හා අවස්ථාවාදී ස්ථාවරයන්ට වාසිදායක වන අයුරින් ම පෙරළිණි. සමුළුව තුළ සිදු වූ මෙම තත්වය සමඟ බොල්ෂෙවික් පක්‍ෂය තුළ තිබූ විප්ලවවාදී ගුණාංග ක‍්‍රමිකව පිරිහීම හා අහිමි වීම සිදු විය. 1980 දශකය වන විට පෙරෙස්ත්‍රොයිකාව සමඟ අවස්ථාවාදය, ද්‍රෝහී, ප‍්‍රතිවිප්ලවීය බලවේගයක් බවට වර්ධනය විය. පක්‍ෂයේ 28 වැනි සමුළුවේ දී කොමියුනිස්ට්වාදය පාවාදීමේ අවසාන අදියරට එරෙහිව ස්ථාවර කොමියුනිස්ට් බලවේග කි‍්‍රයා කළ ද, ඔවුනට එම ප‍්‍රතිවිප්ලවීය බලවේග අවශ්‍ය කාලය තුළ දී හෙළිදරව් කිරීමට නොහැකි විමත් කම්කරු පන්තිය සමඟ එයට එරෙහි විප්ලවීය කි‍්‍රයාකාරී සැලැස්මක් සංවිධානය කර ගැනීමට නොහැකි වීමත් සිදු විය.
සෝවියට් සංගමය තුළ සමාජවාදය ගොඩනැංවීමේ කි‍්‍රයාවලිිය තූළ ආර්ථිකය මෙහෙයැවූ ආකාරය පිළිබඳ අධ්‍යයනය

12. සෝවියට් සංගමය සිය පළමු මධ්‍යගත සැලැසුම සකස් කරනු ලැබූ මොහොතේම පහත සඳහන් න්‍යායාත්මක ගැටුම් හා දේශපාලන ගැටුම්, ආර්ථිකය පිළිබඳව මතු විය. ඒවා නම්;

            1. හුවමාරු භාණ්ඩ නිෂ්පාදනය සමාජවාදී නිෂ්පාදනයක්ද?
           2. සමාජවාදය තුළ දී වටිනාකම් නිර්මාණය පිළිබඳ න්‍යායේ ඇති භූමිකාව කුමක්ද?
           3. එමෙන් ම භාණ්ඩ, මුදල් සම්බන්ධතාවය සමාජවාදී ගොඩනැංවීම තුළදී අදාළද?

කෙසේ වුව ද, මෙම සංවාදය හා ඒ ආශි‍්‍රත දේශපාලන කරුණු පිළිබඳ සංවාදයට දෙවැනි ලෝක යුද්ධය නිසා අතරමඟ දී බාධා වූ නමුත්, එය දිගටම පැවැති අතර හා යුද්ධය අවසානයෙන් පසු තියුණු තත්වයකට පත් විය.
13. සමාජවාදය තුළ දී වටිනාකම් පිළිබඳ නියාමය, කොමියුනිස්ට් නිෂ්පාදන සංවිධාන ඇති කිරීමේ කොමියුනිස්ට් ක‍්‍රමයේ පළමු අදියරේදී එහි නාමික නියාමය ලෙස සැලැකීම වැරැුදි න්‍යායාත්මක ප‍්‍රවේශයක් ලෙස අපි දකිමු. මෙම න්‍යායාත්මක ප‍්‍රවේශය 1950 සිට සෝවියට් සංගමය තුළත් බොහෝ කොමියුනිස්ට් පක්‍ෂ තුළත් ස්ථාපිත වී තිබූ න්‍යායාත්මක ස්ථාවරය විය. මෙම ස්ථාවරය තවත් ශක්තිමත් වූයේ ධනේශ්වර නොවන හුවමාරු භාණ්ඩ නිෂ්පාදනය පුළුල් වීමත් නිසාය. එය විශේෂයෙන් ම පූර්ව ධනපති නිෂ්පාදන සබඳතා ස්ථාපිත වී තිබූ කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍ෂේත‍්‍රයේ සිට සමාගම් මඟින් සිදු කරන හුවමාරු භාණ්ඩ – මුදල් සබඳතාවය සහිත ක්‍ෂේත‍්‍ර තුළද මූලික වශයෙන් මතු විය.
තිබූ ද්‍රව්‍යමය තත්වය න්‍යායාත්මක දුර්වලතා තවත් වැඩිදියුණු කළ අතර, මධ්‍යගත සැලසුම් කි‍්‍රයාවලිය භාවිතයට නැංවීමේදී තිබූ විෂයමූලික තත්වය නිසා සිදු වූ අඩුපාඩුද මේ අතර විය. මේ පසුබිම විසින් අවස්ථාවාදී ප‍්‍රතිපත්ති සඳහා අවශ්‍ය වන න්‍යායික පසුබිම සකස් කෙරුණු අතර එමඟින් මධ්‍යම සැලැසුම්කරණය දුර්වල විය. එමෙන් ම නිෂ්පාදන මාධ්‍ය සමාජය සතු කිරීමේ කි‍්‍රයාවලිය ඛාදනය වූ අතර ප‍්‍රතිවිප්ලවීය බලවේග ශක්තිමත් කෙරිණි.
දෙවැනි ලෝක යුද්ධය දක්වා වූ සමාජවාදය ගොඩනැංවීමේ පළමු අදියර තුළ දී මූලික හා ප‍්‍රධාන ගැටලූව ලෙස ධනපති පන්තියේ දේපළ අයිතිය අහෝසි කිරීමත් අධිරාජ්‍යවාදී වට කිරීම් හා ආක‍්‍රමණ හමුවේ තවත් අර්බුදකාරී තත්වයට පත්ව තිබූ පැරැුණි ධනපති ක‍්‍රමයෙන් උරුම වී තිබූ සමාජ හා ආර්ථික ගැටලූ සැලැසුම්සහගත සමාජවාදී ආකාරයෙන් කළමනාකරණය කරන්නේ කෙසේද යන්නත් ප‍්‍රධාන අභියෝග බවට පත්ව තිබිණි.
1917-1940 කාලය තුළ සෝවියට් සංගමය බොහෝ ක්‍ෂේත‍්‍රවල සැලැකිය යුතු ජයග‍්‍රහණ අත්පත් කරගෙන තිබිණ. සෝවියට් සංගමය විසින් එම කාලය තුළ රට විද්‍යුතනය කිරීම හා කාර්මීකරණය කිරීමත් ප‍්‍රවාහන මාර්ග පුළුල් කිරීමත් කෘෂිකර්මාන්තයේ විශාල කොටසක් කාර්මීකරණය කිරීමත් කරන ලදී. සැලැසුම්ගත නිෂ්පාදනය ආරම්භ කළ අතර, එමඟින් ඇදහිය නොහැකි තරම් වර්ධනයක් සමාජවාදී කාර්මික නිෂ්පාදන ක්‍ෂේත‍්‍රයේ අත්පත් කර ගැනිණි. එය සියලූම කර්මාන්ත අංශවල නිෂ්පාදන ධාරිතාවය වැඩි කළේය. නිෂ්පාදන සමුපකාර (Sockhoz) හා රජය සතු ආයතන Kolkohe) ආරම්භ කරන ලදී. එමඟින් කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍ෂේත‍්‍රයේ කොමියුනිස්ට් නිෂ්පාදන සබඳතා ව්‍යාප්ත කරන ලද අතරම එය එහි ප‍්‍රශස්ත ආකාරය බවටද පත් කෙරිණ. ‘සංස්කෘතික විප්ලවය’ යථාර්ථයක් වන ලදී. නව පරම්පරාවේ කොමියුනිස්ට්වාදී විශේෂඥයන් හා විද්‍යාඥයන් බිහි වීම ආරම්භ විය. ඉතාම වැදගත් ජයග‍්‍රහණය වූයේ, ධනපති නිෂ්පාදන සබඳතා සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමත් ශ‍්‍රමය විකිණීම අහෝසි කිරීමත් කොමියුනිස්ට් ක‍්‍රමය ගොඩනැංවීමට අවශ්‍ය පදනම දමා ගැනීමත්ය.

14. 1917-1921 කාලය තුළ දී ධනේශ්වර සබඳතා සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමේ වුවමනාවෙන් සිදු කරන ලද ‘සමහර සංක‍්‍රමණීය කි‍්‍රයාමාර්ග’ රුසියාව වැනි රටක වැළැක්විය නොහැක.
මෙහිදී රුසියානු බොල්ෂෙවික් පක්‍ෂයට යම්තාක් දුරකට හෝ ධනේශ්වර නිෂ්පාදන සබඳතා තාවකාලිකව හෝ ආරක්‍ෂා කිරීමට බලපෑ හේතු සාධක වූයේ,
         1. සමාජයේ පන්ති සැකැස්ම අනුව බහුතරය සුළු ධනේශ්වර කෘෂිකාර්මික පන්තිය වීම
        2. බෙදාහැරීමේ හා සැපයීමේ කටයුතු අධීක්‍ෂණය කිරීමේ යාන්ත‍්‍රණයේ තිබූ දුර්වලතා
        3. පසුගාමී කුඩා පරිමාණ නිෂ්පාදන පදනමක් තිබීම
        4. ප‍්‍රධාන වශයෙන් ම සිවිල් යුද්ධයත් අධිරාජ්‍යවාදී ආක‍්‍රමණත් නිසා ජන ජීවිතය වේගයෙන් කඩාවැටීම යන                         සාධකය.

මෙම සියලූ ම සාධක නිසා මධ්‍යකාලීන මධ්‍යම සැලැසුම්කරණ කි‍්‍රයාවලියක් දියත් කිරීම ඒ මොහොතේ දුෂ්කර කරනු ලැබී ය.
සිවිල් යුද්ධය අවසාන වීමත් සමඟ ම කි‍්‍රයාත්මක කරනු ලැබූ නව ආර්ථික ප‍්‍රතිපත්ති (NEP) හි මූලික ඉලක්කය වූයේ, යුද්ධය නිසා විනාශ වී තිබූ කර්මාන්ත පද්ධතිය යළි ස්ථාපිත කිරීමත් එම කාර්මික පදනම මත ගොඩනඟන නව කෘෂිකාර්මික නිෂ්පාදන සබඳතා මත ගොවීන් සමුපකාරවලට ආකර්ෂණය කර ගැනීමත්ය.
එන්.ඊ.පී. (NEP) තුළ තාවකාලික පදනමින් ධනවාදයට සහන සැපයීමක් විය. සමාගම් ගණනාවක්ම ධනපතීන් සඳහා භාණ්ඩ නිෂ්පාදනයට නැවත ලබා දෙන ලදී. (එසේ වුව ද, ඒවායේ අයිතිය ඔවුන්ට ලබා නොදෙන ලදී.) වෙළෙඳාම දියුණු කරන ලදී. කෘෂිකාර්මික නිෂ්පාදන සහ සමාජගත කරන ලද කර්මාන්තවල නිෂ්පාදන අතර හුවමාරුව නව බදු සංකල්පයක් මත (Tax inkind) නියාමනය කරන ලදී. එම බදු ගෙවීමෙන් පසු ඉතිරි වන ධාන්‍ය කොටස වෙළෙඳපොළේ විකිණීමට ගොවි ජනතාවට ඉඩ ලබා දෙන ලදී.
මෙම උපක‍්‍රම හා ධනපති ක‍්‍රමයට දෙන ලද තාවකාලික සහන නිශ්චිත හා විශේෂ වටාපිටාවක් තුළ දී කරන ලද ඒවා මිස සමාජවාදී ගොඩනැංවීමේ කි‍්‍රයාවලියක් තුළ වැළැක්විය නොහැකි අනිවාර්යයක් නොවේ.
1980 දශකය තුළ කි‍්‍රයාත්මක කරන ලද කි‍්‍රයාමාර්ග සම්පූර්ණයෙන් ම සමාජවාදයේ සිට ධනවාදය දක්වා පල්ලම් බැසීමට පෙරෙස්ත්‍රොයිකාව මඟින් කි‍්‍රයාත්මක කරන ලද වැඩපිළිවෙළට එන්.ඊ.පී. (භෑඡු* යන නම යොදා ගන්නා ලද්දේ තම ඓතිහාසික පාවාදීම වසන් කිරීමේ උපායයක් වශයෙනි.

15. 1920 දශකය අවසානය වන විට එන්.ඊ.පී. (NEP) වැඩපිළිවෙළ වෙනුවට ‘ධනපති ක‍්‍රමයට එරෙහි සමාජවාදී ප‍්‍රහාරය’ නම් වූ ආර්ථික වැඩපිළිවෙළෙහි මූලික ඉලක්කය වූයේ, ධනේශ්වර නිෂ්පාදන සබඳතා සම්පූර්ණයෙන් ම අහෝසි කිරීමයි.
ධනපතීනට ලබා දුන් සහන ඉවත් කරනු ලැබූ අතර දේපළ සාමුහිකකරණ ප‍්‍රතිපත්තිය ඉදිරියට ගන්නා ලදී. මෙමඟින් කෘෂි ආර්ථිකය සංවිධානය කිරීම මුළුමනින් ම පාහේ සමූහ ගොවිපළ මත සිදු කරන ලද අතර මෙහි වර්ධිත ආකාරය වූයේ Kolkhoz නමින් හැඳින් වූ යන්ති‍්‍රකකරණයට ලක් වූ මධ්‍යම හා ඉහළ පරිමාණයේ සමුපකාරික ගොවිපළ ය. එමෙන් ම Sorkhozes  නමින් හැඳින් වූ රාජ්‍ය – සමාජවාදී කෘෂිකාර්මික ඒකක පිහිටු වූ අතර, ඒවා මූලික වශයෙන් ම නිෂ්පාදනය කාර්මිකකරණය කිරීමත් ඒවායේ සම්පූර්ණ නිෂ්පාදන පොදු දේපළ ලෙස ද සලකන ලදී. මේවායේ පංගුව ආරම්භයේ දී සුළු විය.
පළමු පස් අවුරුදු සැලැස්ම 1928දී සිවිල් යුද්ධය අවසන් වී (1921) වසර හතකට පසු ආරම්භ විය. ආරම්භක වකවානුවේදී මධ්‍යම සැලැසුමක් මත සමාජවාදී ආර්ථිකයක් ගොඩනැංවීමට සෝවියට් බලයට දුෂ්කර විය. එයට හේතු වූයේ ධනේශ්වර නිෂ්පාදන සබඳතා (NEP) දිගට ම පැවැතීමත් අති විශාල ප‍්‍රමාණයක් වූ තනි තනි හුදෙකලා නිෂ්පාදකයෝ (බහුතරය ගොවීන්ව) සිටීමත්ය. එමෙන් ම විප්ලවවාදී පක්‍ෂය පැත්තෙන් ද විවිධ දුර්වලතා විය. එනම්, නිෂ්පාදන සංවිධානයට මඟපෙන්වීමට තරම් දියුණු පක්‍ෂයේ විශේෂඥ කාඩර්වරුන් හිඟ වීම නිසා යම් කාලයක් යන තෙක් සම්පූර්ණයෙන් ම ධනපති විශේෂඥයන් මත යැපීමට සිදු වීමයි.
මෙහි දී ඇති වූ විශේෂිත තත්වයක් නිසා (විශේෂයෙන් ම අධිරාජ්‍යවාදී වටලෑමත් නව යුද්ධයක තර්ජනයක් සමඟ ඇති වූ අති විශාල පසුගාමී සමාජයත්) දේපළ සාමුහිකකරණය වේගවත් කිරීමට බල කළ අතර මේ නිසා ම ග‍්‍රාමීය ප‍්‍රදේශවල පන්ති අරගලය තියුණු තත්වයකට පත් විය.
සිදු වූ අතපසුවීම් හා සමහර නිලධාරීවාදී කි‍්‍රයාවන් තිබුණේ වුව ද, කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රයේ දේපළ සාමුහිකකරණ වැඩපිළිවෙළ සෝවියට් බලය ශක්තිමත් කරන හා සාමුහික දේපළ ක‍්‍රමය පොදු බවට පත් කිරීමේ නිවැරැුදි දිශාවට ගමන් කෙරිණි. එය සුළු පෞද්ගලික දේපළ, සමුපකාරික දේපළ බවට පත් කරමින්, එනම්, අවසානයේ සමූහ දේපළ බවට පත් කිරීමට පෙර අතරමැදි දේපළ ආකාරයක් වන සමුපකාරික දේපළ බවට පත් කිරීමේ දිශාවට වර්ධනය විය.

16. ‘ධනපති ක‍්‍රමයට එරෙහි සමාජවාදී ප‍්‍රහාරය’ නම් වූ වැඩපිළිවෙළ කි‍්‍රයාවට නැඟුණේ අතිමහත් ලෙස තියුණු වූ පන්ති අරගලයක ආකාරයෙනි. එහි දී කුලාක්වරුන් (ග‍්‍රාමීය ධනපති පන්තිය) එන්.ඊ.පී. (NEP) මඟින් වරප‍්‍රසාද ලබා ගත් සමාජ ස්ථරය (NEP men) හා පැරැුණි ධනපති පන්තියෙන් පැවැත එන බුද්ධිමතුන් හා වෘත්තික ස්ථරවල පිරිස් මෙම වැඩපිළිවෙළට එරෙහිව විවිධාකාරයෙන් කි‍්‍රයාත්මක විය. ඒ අතර කර්මාන්ත කඩාකප්පල් කිරීම (උදා: ශාක්ටි සිදුවීම Shakhty affair)  ගම්වල ප‍්‍රතිවිප්ලවීය කි‍්‍රයා මෙහෙයැවීම ආදී කි‍්‍රයාවන් විය. මෙම පන්ති අරමුණු මත පදනම් වූ, සමාජවාදයට එරෙහි වුවමනාවන් කොමියුනිස්ට් පක්‍ෂය තුළ ද නියෝජනය වූ අතර, ඒවා තුළින් අවස්ථාවාදී ප‍්‍රවණතා දියුණු වීම ආරම්භ විය.
එමෙන් ම එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ ධාරා දෙකක් වූ (ට්‍රොට්ස්කි – බුහාරින්) මතවාදයන් මෙම යුගය තුළ ප‍්‍රකාශයට පත් විය. එම ප‍්‍රතිවිරුද්ධ ස්වරූපයන් ගත් මත දෙකෙහි ම පදනම වූයේ සෝවියට් සමාජය මුහුණ දී ඇති පසුගාමී ස්වභාවය අධිනිශ්චය කිරීම මත වූ අතර එයින් 1930 දශකය තුළ දී සෝවියට් ආර්ථිකය මුහුණ දී ඇති ගැටලූ විසැඳිය හැක්කේ කෙසේ ද යන්න මත පදනම් විය. ඔවුනගේ ස්ථාවරයන් බොල්ෂෙවික් පක්‍ෂය විසින් ප‍්‍රතික්‍ෂේප කරන ලද අතර යථාර්ථය මඟින්ද සනාථ නොවී ය.
මේ අතර ම, අවස්ථාවාදී බලවේග ගණනාවක් ප‍්‍රතිවිප්ලවීය බලවේග සමඟ විවෘතව ම ඒකාබද්ධ වූ අතර අධිරාජ්‍යවාදී රටවල රහස් ඔත්තු සේවාවල ද සහාය ලබා ගනිමින්, සෝවියට් බලය විනාශ කිරීමට සැලැසුම් සකස් කරන ලදී.
මෙහි දී සනාථ වන එක් මූලික කරුණක් වේ. එනම්, සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ හා ආණ්ඩුවේ ඉහළ මට්ටමේ තනතුරු හෙබවූ කාඩර්වරු පවා අවස්ථාවාදී ප‍්‍රවණතාවලට ගොදුරු විය හැකි බවය. එමෙන් ම ඉදිරි පෙළ පෙරමුණේ කාඩර්වරුන් පවා පන්ති අරගලය ඉතාම තියුණු අවස්ථාවල දී තම ස්ථාවරයන් දුර්වල කර ගත හැකි බවත් අවසානයේදී කොමියුනිස්ට් වා්‍යාපාරය සමඟ තමාගේ ඇති සබඳතා බිඳ දමාගෙන ප‍්‍රතිවිප්ලවීය බලවේග සමඟ සම්මුතිගත වන බවත් ය.

17. මෙහි දී පක්‍ෂ කාඩර්වරුන් හා ආර්ථික විශේෂඥයන් අතර න්‍යාය හා ප‍්‍රතිපත්ති පිළිබඳ මූලික ප‍්‍රවණතා දෙකක් වර්ධනය විය. එක් ප‍්‍රධාන ප‍්‍රවණතාවයක් වූයේ ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් ස්ථාවර මාක්ස්වාදී න්‍යාය ප‍්‍රතිපත්තිවලින් යුතු වූ ධාරාවයි.
එම ධාරාවේ මූලික මතය වූයේ සමාජවාදී නිෂ්පාදනය හුවමාරු භාණ්ඩ නිෂ්පාදනයක් නොවන නිසා වටිනාකම් පිළිබඳ නියාමය (මාක්ස්ගේ මෙම නියාමයෙන් පැහැදිලි කළේ, ඕනෑම හුවමාරු භාණ්ඩයක වටිනාකම යනු එම භාණ්ඩය නිපදවීමට යන සමාජයීය ශ‍්‍රම කාලයයි.) සමාජවාදී නිෂ්පාදනයට බලපාන මූලික ආර්ථික නියාමයන් සමඟ ගැටෙන බවය. ඔවුන්ගේ තර්කය වූයේ, සෝවියට් සංගමය තුළ සමුපකාරික හා තනි පුද්ගල කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රය තුළ වටිනාකම් නියාමය (භාණ්ඩය – මුදල් සබඳතාවය) මුල් බැස තිබුණද, සමාජවාදී නිෂ්පාදනය හෝ බෙදාහැරීම (මින් අදහස් වූයේ සමාජය සතු කළ මහා පරිමාණ කර්මාන්ත, කෘෂිකර්මාන්ත ගැනය) පරිපාලනය වූයේ, (මිල තීරණය වූයේ) වටිනාකම් නියාමය අනුව නොවන බවය. සෝවියට් සංගමය තුළ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කළ අතරම, ඒවා පාරිභෝගික භාණ්ඩ ලෙසම පරිභෝජනයද කරන ලදී. එසේ වුවත්, ඒවා නිපද වූ නිෂ්පාදන මාධ්‍ය හුවමාරු භාණ්ඩ නොවූයේය. එසේ වුව ද, ඒවායින් නිපද වූ භාණ්ඩවල පෙනුම ‘හුවමාරු භාණ්ඩ ලෙසම විය. එනම්, ඒවා ආකෘතියෙන් හුවමාරු භාණ්ඩ වුවද, අඩංගුවෙන් හුවමාරු භාණ්ඩ නොවීය. ඒවා හුවමාරු භාණ්ඩ වූයේ අපනයනයේ දී පමණි.

එහි දී ‘වෙළෙඳපොළ ක‍්‍රමය’ ගැන වැඩි අවධාරණයක් කළ ආර්ථික විද්‍යාඥයන්ට හා දේශපාලන නායකයන්ට එරෙහිව තියුණු දේශපාලන විවේචන ඇති විය. ඔවුනගේ තර්කය වූයේ නිෂ්පාදනය කරන්නේ තනි පුද්ගල පරිභෝජනය සඳහාද නැතහොත්, සමාජයේ පොදු පරිභෝජනය සඳහා ද යන්න නොසලකා සමාජවාදී නිෂ්පාදනයද හුවමාරු භාණ්ඩ නිෂ්පාදනයක් බවත්, සමාජවාදයේ දීද වටිනාකම පිළිබඳ නියාමය මූලික ආර්ථික නියාමය වන බවයි. මෙහි දී මධ්‍යම ආර්ථික සැලසුම් කොමිටිය – Gosplan හි ප‍්‍රධානියා වූ එන්. ඒ. වොස්නෙසන්ස්කිගේ පැහැදිලි කිරීම පහත පරිදි ය:

 

”වටිනාකම් පිළිබඳ නියාමය සෝවියට් සමාජය තුළ භාණ්ඩ බෙදාහැරීමට පමණක් නොව සෝවියට් සංගමයේ ආර්ථිකයේ විවිධ ක්‍ෂේත‍්‍රවලට අදාළව ශ‍්‍රමය බෙදාහැරීමේ දී ද මූලික නියාමය ලෙස භාවිත කරනු ලැබිය යුතු ය. මෙහි දී මධ්‍යම සැලැසුම් මණ්ඩලය සමාජවාදයේ පොදු වුවමනාව වෙනුවෙන් සෝවියට් ආර්ථිකයේ විවිධ ක්‍ෂේත‍්‍රවලට නිවැරදි අයුරින් සමාජයීය ශ‍්‍රමය බෙදාහැරීම සහතික කිරීම සඳහා වටිනාකම් පිළිබඳ නියාමය යොදා ගනු ලබයි.”


එමෙන් ම මේ හා සමානව ම සම්පූර්ණයෙන් ම මුදල් භාවිතය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටි ආර්ථික විද්‍යාඥයන්ට එරෙහිව ද විශාල විවේචනයන් ගොඩනැඟුණේය. ඒ, ඔවුන් විසින් එම නිශ්චිත වකවානුව තුළ සමාජයේ තිබූ නිෂ්පාදනයේ පදනම විසින් ඇති කර තිබූ අනිවාර්ය සීමාවන් හා බාධාවන් නොසලකා සම්පූර්ණයෙන් ම මුදල් භාවිතය අහෝසි කිරීමට යෝජනා කිරීම නිසාය.
ජේ.වී. ස්ටාලින් විසින් රචිත ‘සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමයේ ආර්ථික ප‍්‍රශ්න’ නම් කෘතියෙහි ඔහු මේ ගැටලූව නිරවුල්ව විග‍්‍රහ කර තිබිණි. එනම්, සමාජවාදය තුළ සංවර්ධනය වෙමින් පවතින නිෂ්පාදන බලවේගත් පසුගාමී තත්වයේ පසු වන නිෂ්පාදන සබඳතාත් අතර ගැටුම මෙලෙස ප‍්‍රකාශයට පත් වන බවයි. ඔහුට අනුව සෝවියට් සංගමය තුළ ඇති සමුපකාරික දේපළ හා පුද්ගල පරිභෝජනය සඳහා නිපදවනු ලැබූ හුවමාරු භාණ්ඩත්, නිෂ්පාදන බලවේගවල ප‍්‍රබල සංවර්ධනයට බාධාවක් ලෙස කි‍්‍රයාත්මක වේ. මන්ද යත්, ඒවා විසින් පූර්ණ වශයෙන් සැලැසුම්සහගත ආර්ථික කළමනාකරණයන් සකසා ගැනීමට බාධා කරන බැවිනි. ඔහු එකිනෙකාට සහයෝගීව කටයුතු කරන වෙනස් පන්ති දෙකක් වූ කම්කරු පන්තිය හා Kolkhos සමුපකාරික ගොවි පන්තිය අතර වූ වෙනස්කම් නිශ්චිතව ගෙනහැර දැක්වී ය. එමෙන් ම මෙම Kolkhos සමුපකාරික ගොවි පන්තිය මඟින් නිෂ්පාදනය කරනු ලබන කෘෂිකාර්මික හුවමාරු භාණ්ඩ නිෂ්පාදනය සැලැසුම්සහගත වැඩපිළිවෙළක් මගින් අහෝසි කළ යුතු බවටද කරුණු ගෙනහැර දැක්වී ය.
මෙහි දී ප‍්‍රධාන ප‍්‍රවණතාවය විසින් කෘෂිකාර්මික දේපළ සාමුහිකකරණය වෙනස් කිරීමට සහාය පළ කළ අතර, කුඩා පරිමාණයේ කෘෂිකාර්මික සමුපකාර විශාල Kolkhos සමඟ ඒකාබද්ධ කිරීම ද, Kolkhos පොදුවේ ක‍්‍රමානුකූලව සමුපකාරික දේපළවල සිට කෘෂිකාර්මික සමූහ දේපළ ආකාරය වූ Sovkhoze බවට පත් කිරීම ද සිදු කරන ලද අතර, එමඟින් මුළුමහත් කෘෂි නිෂ්පාදනය ම රාජ්‍යය සතුකරණයට අවශ්‍ය පළමු පියවර තබන ලදී.
මෙහිලා සමාජවාදී ගොඩනැංවීමට නායකත්වය දුන් ප‍්‍රධාන බලවේගය නිවැදි අයුරින් මෙම ආර්ථිකමය කරුණ විශ්ලේෂණය කර ගන්නා ලදී. නිෂ්පාදනය පිළිබඳ සැලැකීමේ දී ප‍්‍රධාන අංශ දෙකක් වේ. ඉන් පළමු අංශය වන්නේ නිෂ්පාදන උපකරණ නිෂ්පාදන අංශයයි. එනම්, පාරිභෝගික භාණ්ඩ නිපදවීමට යොදා ගත හැකි යන්ත‍්‍ර සූත‍්‍ර නිෂ්පාදන අංශයයි. දෙවැන්න වනුයේ, පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනයයි. මෙහි දී සෝවියට් බලයේ ප‍්‍රධාන ධාරාවේ තීරණය වූයේ, සමාජවාදය ගොඩනැඟීමේ කි‍්‍රයාවලියේ දී එනම්, මධ්‍යගත සැලැසුම්සහගත ආර්ථික කි‍්‍රයාවලියේ දී ජාතික ආර්ථිකයේ විවිධ අංශවලට ශ‍්‍රම සැපයුම හා නිෂ්පාදනය ගණන් බැලිය යුත්තේ, ආරම්භයේ එම ශාඛාවේ ඇති නිෂ්පාදන උපකරණ නිෂ්පාදන අංශයේ ධාරිතාව හා ප‍්‍රමාණය අනුව බවය. මන්ද යත්, ප‍්‍රතිනිෂ්පාදන කි‍්‍රයාවලිය පුළුල් කරමින්, අනාගත සමාජ සෞභාග්‍යය ඇති කිරීමට අවශ්‍ය සමාජ වත්කම් ඒකරාශී කර ගැනීමටත් තීරණාත්මකව බලපෑවේ නිෂ්පාදනයේ පළමු අංශය වන නිෂ්පාදන උපකරණ නිෂ්පාදන අංශය බැවිනි. මෙහි දී විප්ලවවාදී ධාරාවේ එක් දුර්වලතාවයක් විය. එනම්, නිෂ්පාදන උපකරණ නිෂ්පාදන විවිධ අංශවලට බෙදා දෙනු ලැබීමේදී යොදා ගනු ලැබූ නිර්ණායකය වූයේ එම ආර්ථික අංශය තුළ ඇති ශ‍්‍රම සැපයුමට සමානුපාතිකවය. එහෙත්, එම කි‍්‍රයාවලිය
ප‍්‍රායෝගිකව සිදු කිරීමේ දී විප්ලවවාදී ධාරාවේ නිර්වචනය හා ගැලපීම මෙම බෙදාහැරීමේ සබඳතාවයන් පිළිබඳව අසම්පූර්ණ වීම එහි දුර්වලතාවයක් විය.

18. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ආර්ථිකය පිළිබඳ සංවාදය අඛණ්ඩ මෙන්ම තියුණුද විය. සමහර නිශ්චිත ගැටලූ පිළිබඳ නිර්වචනයන් හා පැහැදිලි කිරීම් පදනම් කරගෙන ගැටුමක් ආරම්භ විය. අප මෙම තත්වය සලකනු ලබන්නේ, දියුණු වෙමින් පැවැති නිෂ්පාදන බලවේග සහ එයට බාධාවක්ව තිබූ යාවත්කාලීන නොවූ නිෂ්පාදන සබඳතා අතර ගැටුම තියුණු වීම මෙයට හේතුව බවත් 1950 දශකය මුලදී මෙම ගැටුම පිළිබඳ සෝවියට් නායකත්වයේ විශ්ලේෂණ සහ තීරණ නිවැරදි බවත් ය. විශේෂයෙන් ම 50 දශකයේ මැද වන විට පශ්චාත් යුද කාලීන ආර්ථිකය නිෂ්පාදන බලවේගවල සංවර්ධනය නව සංවර්ධන තත්ත්වයකට පත් වී තිබිණි. එම නව නිෂ්පාදන බලවේගවල වැඩිදුර සංවර්ධනය සඳහා නිෂ්පාදනයේ කොමියුනිස්ට් සබඳතා තව දුරටත් ගැඹුරු කිරීම හා පුළුල් කිරීම අත්‍යවශ්‍ය විය. ආර්ථිකය පහත සඳහන් ප‍්‍රධාන ක්‍ෂේත‍්‍රවල ප‍්‍රමාද වෙමින් තිබූ ප‍්‍රතිසංස්කරණ නිෂ්පාදන බලවේගවල සංවර්ධනයට බාධාවන් විය.

           1. මධ්‍යම සැලැසුම්කරණය අවශ්‍ය තරමට පුළුල් හා ගැඹුරු නොවීම
          2. බෙදාහැරීමේ දී සබඳතාවල කොමියුනිස්ට් ගුණාංග තවත් ගැඹුරු කිරීමේ අවශ්‍යතාවය
          3. නිෂ්පාදන කටයුතු සඳහා කම්කරු පන්තියේ වඩාත් සවිඥානික හා වඩාත් ජවසම්පන්න මැදිහත් වීමේ අඩුව හා                   ආයතන පරිපාලනයේ දී ශ‍්‍රමිකයන් බිම් මට්ටමේ සිට ඉහළට සහභාගිත්ව පරිපාලන ක‍්‍රමවේදයක් නොවීමේ අඩුව
          4. පෞද්ගලික දේපළ අයිතියේ සිට ඊ ළඟ දේපළ අයිති ආකාරයක් වූ සමුපකාරික දේපළ අයිතිය පොදු සමාජ                             දේපළ බවට පරිවර්තනය කිරීමේ ප‍්‍රමාදය

මෙම වකවානුව වන විට ඊට පෙරදී කොමියුනිස්ට් නිෂ්පාදන සබඳතාවන් පුළුල් කිරීමට නොහැකිව
තිබූ සමාජමය නිෂ්පාදන ක්‍ෂේත‍්‍රවල (එයට හේතු තිබිණි. විශේෂයෙන් ම පෙර දී එම ආයතනවල නිෂ්පාදන බලවේගවල සංවර්ධිත මට්ටම දුර්වල වීමත් ශ‍්‍රම ඵලදායකත්වය දුර්වල වීමත් වැනි) කොමියුනිස්ට් නිෂ්පාදන සබඳතා පුළුල් කිරීමේ අවශ්‍යතාවය පරිණත වී තිබිණි.
මෙම සමාජ නිෂ්පාදන ක්‍ෂේත‍්‍රවල කොමියුනිස්ට් සබඳතා පුළුල් කිරීම සවිඥානිකවත්, දේශපාලනිකවත්
මුහුකුරා ගිය තත්වයක් 50 දශකයේ මැද භාගය වන විට නිර්මාණය වී තිබිණි.
මෙම කොමියුනිස්ට් නිෂ්පාදන සබඳතා ගැඹුරු හා පුළුල් කිරීමට එරෙහිව සමාජ ප‍්‍රතිවිරෝධයන් මූලික වශයෙන් සමුපකාරික ගොවීන්ගෙන් හා කර්මාන්ත ශාලාවල විධායක නිලධාරීන්ගෙන් මතවාදී හා දේශපාලන මට්ටමින් පක්‍ෂ අභ්‍යන්තරය තුළ ගොඩනැඟිණි. මෙම තියුණු වූ විවාදයේ ප‍්‍රතිඵලයක් ලෙස සමාජවාදී නිෂ්පාදනයේ ආර්ථික නියාමය ලෙස වටිනාකම පිළිබඳ නියාමය (භාණ්ඩ, මුදල් සබඳතාව) න්‍යායිකව පිළිගන්නා ලදී. එම මොහොතේ සිදු කළ එම දේශපාලන තෝරා ගැනීම කොමියුනිස්ට්වාදයේ සංවර්ධනයට හදිසි හා බරපතළ ප‍්‍රතිවිපාක ඇති කළේය. එම තෝරා ගැනීම මේ අවස්ථාවේ දී සිදු නොකර පූර්ව යුද වකවානුවේ සිදු කළේ නම්, එම වකවානුවේ තිබූ නිෂ්පාදන බලවේගවල ද්‍රව්‍යමය පසුගාමී ස්වභාවය නිසා කොමියුනිස්ට්වාදයේ සංවර්ධනයට සිදු විය හැකිව තිබූ හානිදායක බලපෑම අඩු වේදනාකාරී විය හැකිව තිබිණි.
සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ 20 වැනි සමුළුවෙන් පසු ක‍්‍රමානුකූලව දේශපාලන තෝරා ගැනීම බවට පත් වූයේ භාණ්ඩ-මුදල් සබඳතාවය (ධනේශ්වර ලක්‍ෂණ සහිත) පුළුල් කරන ඒවා ය. ඒවා සිදු කරන ලද්දේ මධ්‍යගත සැලැසුම්වල දුර්වලතා නිවැරැුදි කිරීම හා සමාජවාදී ආයතන හා කම්හල්වල පරිපාලන දුර්වලතා නිවැරදි කිරීම යන්න යොදා ගනිමිනි.
ආර්ථිකයේ පැනනැඟී තිබූ ගැටලූ විසැඳීමට යොදා ගනු ලැබුවේ පැරණි කාලයේ යොදා ගනු ලැබූ ක‍්‍රමවේදය. එහි දී ‘වෙළෙඳපොළ’ ප‍්‍රතිපත්ති යොදා ගැනීම ව්‍යාප්ත කළේය. ඒ වෙනුවට කළ යුතුව තිබූ සමාජමය දේපළ පංගුව වැඩි කිරීම, මධ්‍යගත සැලැසුම් තවත් ප‍්‍රබල හා ගැඹුරු කිරීම, කම්කරු පන්තිය එකිනෙකාට සමාන පිළිගැනීමක් හා විශේෂඥතා සහිත පිරිසක් බවට පත් කරමින්, කම්කරු පන්තියේ කොටස් අතර තාක්‍ෂණික බෙදීම් මත පදනම් වී ගොඩනැඟී ඇති ප‍්‍රතිවිරෝධී ස්ථාවරයන් අහෝසි කිරිමට කටයුතු කිරීම, අනාගතයේ ස්වයං පරිපාලන කොමියුනිස්ට් පරිපාලනයකට අවශ්‍ය පුහුණුව හා අත්දැකීම ලබා දෙන ආයතන හා කම්හල් පරිපාලනය කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් හා ඔවුන්ගේ අතින් සිදු කිරීමේ තත්වය පුළුල් කිරීම ආදිය නොසලකා හරින ලදී. හඳුන්වා දෙන ලද වෙළෙඳපොළ ප‍්‍රතිපත්ති හා අනෙකුත් කි‍්‍රයාමාර්ගවලින් සිදු වූයේ ඒ වන විට කොමියුනිස්ට්වාදී නිෂ්පාදන සබඳතා ශක්තිමත් කිරීමේ දිශාවට සංවර්ධනය වෙමින් තිබූ සෝවියට් සමාජය හා සමාජ සවිඥානිකත්වය කොමියුනිස්ට්වාදයට එරෙහි දිශාවට ජන විඥානය සකස් කෙරෙන දිශාවකට තල්ලූ කිරීමයි. උදාහරණයක් ලෙස මීට පෙර සෝවියට් කර්මාන්ත ශාලාවල කාර්යක්‍ෂමතාවය වැඩි කිරීම, නිෂ්පාදන ගුණාත්මකභාවය වැඩි කිරීම, නව නිපැයුම් දියුණු කිරීම, අමුද්‍රව්‍ය හා කාලය ඉතිරි කිරීම හා මනා සංවිධානය හා පරිපාලනය ඇති කිරීම සඳහා කම්කරු පන්තිය විසින් ම හඳුන්වා දුන් Stakhnovite ව්‍යාපාරය වැනි අත්දැකීම් යොදා ගැනීම අත්හරින ලදී.
‘වෙළෙඳපොළ’ ආර්ථික විද්‍යාඥයන් විසින් (ලිබර්මෑන්, නෙම්ට්සිකොව්, ට‍්‍රාපෙට්ස්නිකොව් වැනි) ආර්ථිකයේ එවකට තිබූ ගැටලූ විග‍්‍රහ කරන ලද්දේ, මධ්‍යගත සැලැසුම්වල විෂයමූලික දුර්වලතා ලෙස නොව සමාජයේ විවිධ අවශ්‍යතා සංවර්ධනය වන ප‍්‍රමාණයට හා සමාජයට අවශ්‍ය මහා පරිමාණ නිෂ්පාදනය සිදු කිරීමටත් එහි නව ශක්‍යතා හඳුනා ගැනීමටත් මධ්‍යගත සැලැසුම් ක‍්‍රමයට ඓන්ද්‍රිය වශයෙන් ම නොහැකි වීම නිසා ඇති වූ ගැටලූ ලෙසය.
ආර්ථිකයේ පැවැතුණු ගැටලූවලට බලපෑ න්‍යායාත්මක හේතු ලෙස ඔවුන් පැවසූයේ,

           1. සමාජවාදය තුළ දීත් පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනයේ දී ඇති හුවමාරු භාණ්ඩයක ඇති පොදු ගුණාංග හේතු                     රහිතව ප‍්‍රතික්‍ෂේප කිරීම.
          2. කෘෂිකාර්මික සංවර්ධනයේ ඇති වැදගත්කම අවතක්සේරු කිරීම.
         3.  ආර්ථික කළමනාකරණයේ දී විෂයමූලිකව කරනු ලබන බාහිර බලපෑම්වලින් ආර්ථික කළමනාකරණය කළ                           හැකි යැයි යන්න පිළිබඳව තිබූ අධිතක්සේරුව.
               යනාදිය ආර්ථික ගැටලූවලට හේතු බවයි.
ඔවුන් විසින් යම් භාණ්ඩයක ප‍්‍රමිතිය, ඒ සඳහා යොදා ගත යුතු තාක්‍ෂණය, සියලූ ම භාණ්ඩවල මිල, වැටුප් යනාදිය පිළිබඳව සියලූ තීරණ ගැනීම මධ්‍යම ආයතනවලට නොහැකි බවත්, ඒ සඳහා වෙළෙඳපොළ යාන්ත‍්‍රණයන්ගේ සහායද, මධ්‍යගත ආර්ථිකයේ ඉලක්ක සපුරා ගැනීමට ලබා ගත යුතු බවත් ප‍්‍රකාශ කරන ලදී. එමෙන් ම පරිභෝජන අවශ්‍යතාවයට අනුව නිෂ්පාදනය කළ යුතු ප‍්‍රමාණය හා නිෂ්පාදනය සිදු කරන ආකාරය පිළිබඳ ගැටලූත් ආර්ථිකයේ එක් එක් ශාඛාව අතර අන්තර් නිෂ්පාදන හා ශ‍්‍රම සැපයුමේ අනුපාතයන් පිළිබඳ ගැටලූත් විසඳීම සඳහා ඉල්ලූම හා මිල පිළිබඳ සාධකය යොදා ගත යුතු බවත් එම මිල වටිනාකම් පිළිබඳ නියාමය මත පදනම් වී ගණනය කළ එකක් විය යුතු බවටත් මෙම ආර්ථික විද්‍යාඥයෝ තර්ක කළෝය.
ඒ අනුව ක‍්‍රමක‍්‍රමයෙන් න්‍යායාත්මක තලයේදී ‘සමාජවාදී පරිභෝජන නිෂ්පාදනය’ සහ ‘වෙළෙඳපොළක් සහිත සමාජවාදය’ යන න්‍යායන් පිළිිගැනීමත් කොමියුනිස්ට් නිෂ්පාදන මාදිලිය තුළ ආර්ථික නියාමය, ධනපති ආර්ථිකයේ නියාමයම වන වටිනාකම් නියාමය ම බව පිළිගැනීමත්, එය දියුණු සමාජවාදී අවධියක දී වුව ද ආර්ථික නියාමය බවත් පිළිගැනිණි. ඊ ළඟ යුගයේ ආර්ථික ප‍්‍රතිපත්තීන් සකස් කිරීමේ දී යොදා ගත් පදනම වූයේ මෙම ආර්ථික න්‍යායාත්මක පදනම්ය.
19. සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ 20වැනි සමුළුවෙන් පසු මධ්‍යගත සැලැසුම්කරණය හා සාමුහික දේපළ අයිතිය පුළුල් කිරීම යන අංශ දෙක ම දේශපාලන වශයෙන් දුර්වල වීම උපරිම තලයකට පැමිණියේය. කලින් සැලැසුම් කර සිටි පරිදි සමුපකාරික ඒකක (Kolkohoz), සාමුහික දේපළ (රාජ්‍ය දේපළ) ආකාරයට පරිවර්තනය කරනවා වෙනුවට 1958දී මෙම සමුපකාර අයිතිය තිබූ (Kolkohoz) සඳහා ට‍්‍රැක්ටර් හා වෙනත් යන්ත‍්‍ර සූත‍්‍ර ලබා දීම කි‍්‍රයාවට නැඟිණි.
ඒ අවස්ථාව වන විට මෙම (Kolkohoz)සමුපකාරික ඒකක ඉතාමත් ඉහළ මට්ටමකට දියුණු වී තිබූ අතර, අනෙකුත් යන්ත‍්‍ර සූත‍්‍ර ඇතුළුව සාමාන්‍යයෙන් සෑම Kolkohoz එකක් සතුවම ට‍්‍රැක්ටර් 10ක් පමණවත් තිබිණි. සැබැවින්ම මෙම (Kolkohoz) සමුපකාරික දේපළවල සිට සාමුහික දේපළ බවට පත් කිරීමට අවශ්‍ය කරන ද්‍රව්‍යමය තත්වය ඒවා බොහොමයක් සම්පූර්ණ කර තිබිණි. ඒ අනුව මුලින් සඳහන් කළ පරිදි කොමියුනිස්ට්වාදීන් විසින් 1950 දශකයේ මුල දී රැුගෙන තිබූ තීන්දුව වූ කුඩා පරිමාණ( Kolkohoz)සමුපකාරික එක විශාල පරිමාණ සමුපකාරික ඒකක බවට පත් කිරීමේ තීරණය ආපසු හැරවිණි.
1957දී සෝවියට් සංගමයේ ද, එහි එක් එක් ජනරජවල ද කාර්මික නිෂ්පාදනයේ මධ්‍යගත සැලැසුම්කරණය සඳහා විවිධ අමාත්‍යාංශ එක් කර සකසමින් තිබූ කමිටු විසුරුවා හරින ලදී. ඒ වෙනුවට ප‍්‍රාදේශීය ආර්ථික කවුන්සිල පිහිටුවන ලද අතර, ක‍්‍රමානුකූලව මධ්‍යගත සැලැසුම්කරණය දුර්වල කරන ලදී. sovanakhoz
මෙම වෙනස්කම් තිබූ ගැටලූ නොවිසැඳුවා පමණක් නොව නව ගැටලූ මතුපිටට ගෙනාවේ ය. උදාහරණ ලෙස සත්ත්ව ආහාර හිඟ වීම, Kolkohoz ඒකක තාක්‍ෂණිකව කළ යුතු යාවත්කාලීන කිරීම් අතහැරීම මේ අතර විය.
1960 මැද පමණ වන විට මෙම වැඩපිළිවෙළෙහි ඇති ඓන්ද්‍රියමය දෝෂය දකිනු වෙනුවට කෘෂිකාර්මික කළමනාකරණයේ ඇති විෂයමූලික සිදුවීම් මගින් පැනනඟින ගැටලූ ප‍්‍රධාන ආර්ථික ප‍්‍රශ්න ලෙස හුවාදක්වන්නට යෙදිණි.
මෙහි දී සිදු කරන ලද සමහර ප‍්‍රතිසංස්කරණ අතර,

 

1. Kolkohos මඟින් ආණ්ඩුවට ලබා දිය යුතු කෘෂි නිෂ්පාදන පංගුව අඩු කිරීම
2. Kolkohos‘ හි අතිරික්ත නිෂ්පාදන වැඩි මිලට විකිණීමට අයිතිය දීම
3. Kolkohos සමුපකාරික ඒකකවල පවුල්වලට වෙළෙඳ ගනුදෙනු සඳහා පනවා තිබූ සීමා කිරීම් ඉවත් කිරීම
4. පෞද්ගලික සත්ව පාලන නිෂ්පාදකයන්ට පනවා තිබූ රාජ්‍ය බදු ඉවත් කිරීම
5. Kolkohos මඟින් රාජ්‍ය බැංකුවලට තිබූ ණය කපා දැමීම
6. Kolkohos සඳහා ලබා දී තිබූ අත්තිකාරම් හා මූල්‍ය පහසුකම් සඳහා ගෙවිය යුතු වාරික ගෙවීම්                         කාලසීමාවන් දීර්ඝ කිරීම 
7. සත්ව ආහාර සෘජුවම පෞද්ගලික සත්ව නිෂ්පාදන හිමිකරුවන්ට අලෙවි කිරීමට අවසර ලබා දීම

ආදිය සිදු කෙරිණි.
මේ නිසා තනි පුද්ගල නිෂ්පාදන හා Kolkohos මඟින් කරන ලද කෘෂිකාර්මික නිෂ්පාදන පංගුව වැඩි වූ අතර ම, වෙළෙඳපොළ තුළ නිදහසේ විකුණනු ලැබූ ඉහත තනි පුද්ගල හා Kolkohos නිෂ්පාදන පංගුව ද ඉහළ ගියේ ය. එසේ වුව ද, සමස්ත සත්ත්ව නිෂ්පාදන ක්‍ෂේත‍්‍රයන්ට අදාළ නිෂ්පාදනය පහළ ගියේ ය. එමෙන් ම සෝවියට් සංගමයේ විවිධ ජනරජ අතර කෘෂිකාර්මික නිෂ්පාදන පරිභෝජනයේ අසමානතාවය ඉහළ ගියේ ය.
මේ හා සමාන ම ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රමාණයක් පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ක්‍ෂේත‍්‍රයට හඳුන්වා දුන් අතර, ඒවා නිපදවූයේ සම්පූර්ණයෙන් ම සාමුහික දේපළ අයිතිය (රාජ්‍ය දේපළ) සතු කර්මාන්ත ශාලාවලිනි. එම ප‍්‍රතිසංස්කරණ kosygin reforms නමින් හඳුන්වනු ලැබිණි. (එම වැඩපිළිවෙළෙහි හරය වූයේ ‘කර්මාන්ත ස්වාධීන පරිපාලනයයි’ මෙම ප‍්‍රතිසංස්කරණවලින් කර්මාන්ත ශාලාවක සාර්ථකත්වය, එහි ලාභය හා අලෙවිය යන ප‍්‍රධාන කරුණු මත පිහිටා මනින ලදී.)මෙම ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ දී යොදා ගත් මූලික තර්කය වූයේ, 1960 මුල් වසර කිහිපය තුළ වාර්ෂිකව වැඩි විය යුතු ශ‍්‍රම ඵලදායකත්වය අඩු වෙමින් තිබීමත් එමෙන් ම සමස්ත නිෂ්පාදන වර්ධනය අඩු වෙමින් තිබීමත් යන ගැටලූවලට විසඳුම් සපයනු ඇති බවත් ය. මෙම අඩුවීම්වලට මූලික වශයෙන් බලපෑවේ කාර්මික ක්‍ෂේත‍්‍රය තුළ මධ්‍යගත සැලැසුම් දුර්වල කරමින් ගන්නා ලද කි‍්‍රයාමාර්ගයන් ය.
ඉහත Kosygin ප‍්‍රතිසංස්කරණවල පළමු ධාරාවේ ප‍්‍රතිසංස්කරණ 1966දී පැවැති 23වැනි සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂ සමුළුවේ සිට 1971 පැවැති 24වැනි සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂ සමුළුව දක්වා කාලය තුළ කි‍්‍රයාවට නැඟිණි.
මෙම නව ක‍්‍රමවේදය මඟින් රාජ්‍ය කර්මාන්ත හා සංස්ථාවල අධ්‍යක්‍ෂවරුන්ට අතිරේක දීමනා (Bonus) දීම පදනම් කර ගනු ලැබුවේ සමාගමේ සම්පූර්ණ නිෂ්පාදන සැලැස්මට වඩා වැඩියෙන් නිෂ්පාදනය කරන ලද ධාරිතාවය නොවේ. ඒ වෙනුවට සංස්ථාවේ අලෙවි සැලසුමට වඩා කරන ලද අලෙවියත්, සමාගමේ ලාභාංශ වර්ධනය වීමේ ප‍්‍රතිශතයත් යන සාධක දෙක ය.
එමෙන් ම සේවකයන්ට ලබා දෙන අතිරේක දීමනාද ලබා දීම සංස්ථාවේ ලාභය මඟින්ම ගෙවනු ලැබිණි. සමහර අවස්ථාවල දී එය මුදල් වශයෙන් නොව ගෘහමය අවශ්‍යතා සම්පූර්ණ කිරීම හරහාද සිදු කෙරිණි.මේ අනුව ලාභ ඉපදවීම නිෂ්පාදනයේ තීරක මෙහෙයුම් බලවේගය බවට පත් කෙරිණි. එම නිසා ම වැටුප් අසමානතාවයද වර්ධනය විය.
රාජ්‍ය සංස්ථා අතර තිරස් ආකාරයේ භාණ්ඩ සහ මුදල් ගනුදෙනු සඳහා අවසර ලබා දීම සිදු විණි. ඒ අනුව ලාභ සහතික කර ගැනීම අරමුණු කරගෙන රාජ්‍ය සංස්ථාවල පාරිභෝගික භාණ්ඩ ඒකක හා රාජ්‍ය වෙළෙඳ සංස්ථා අතර මිල කලින් නිශ්චිත කර ගැනීමේ (Price Fixing) ගිවිසුම්වලට එළැඹීමට අවකාශ ලැබිණි.
ඒ අනුව මධ්‍යගත සැලැසුම් මඟින් සිදු කරනු ලබන්නේ, නව රාජ්‍ය සංස්ථා සඳහා පමණක් සම්පූර්ණ නිෂ්පාදනය හා ආයෝජනය පිළිබඳ සැලැසුම් සකස් කිරීම පමණි. පැරැුණි සංස්ථා නවීකරණය කිරීමට මුදල් යෙදවීම සිදු කළේ සංස්ථා මඟින් උපයා ගත් ලාභය මඟිනි.
මෙම න්‍යායික අපගමනය සහ දේශපාලන පසුබැසීම සෝවියට් සංගමය තුළ සිදු වූයේ එහි නිෂ්පාදන බලවේග වඩාත් සංවර්ධන අදියරකට එළැඹෙමින් තිබිය දී ය. එම නිෂ්පාදන බලවේගවල සංවර්ධනය ඉල්ලා සිටියේ කර්මාන්ත ශාලා මට්ටමින්, කර්මාන්ත ක්‍ෂේත‍්‍ර මට්ටමින් හා මුළු මහත් ආර්ථිකයේම මධ්‍යගත සැලැසුම්කරණය හරහා ලැබෙන වඩාත් කාර්යක්‍ෂම උත්පේ‍්‍රරක හා කාර්ය පටිපාටීන්ය. එනම්, කොමියුනිස්ට් නිෂ්පාදන මාදිලිය ශක්තිමත් කිරීමේ දිශාවට මධ්‍යගත සැලැසුම්කරණය යොදා ගැනීමේ අවශ්‍යතාවය ඒ මොහොතේ නිෂ්පාදන බලවේගවල ඉහළ සංවර්ධනයට අත්‍යවශ්‍ය විය.
මෙම වෙළෙඳපොළ ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවට යෙදවූයේ සමස්ත දේපළ අයිතිය සතු නිෂ්පාදන ඒකක හරහා වුවත්, ක‍්‍රමානුකූලව නිෂ්පාදන මාධ්‍යවල සමාජමය අයිතිය දුර්වල කෙරිණි. ඒ අනුව ‘සෑම කෙනාට ම තමා කරන වැඩ ප‍්‍රමාණය අනුව’ යන සමාජවාදී ප‍්‍රතිපත්තිය උල්ලංඝනය වන වටාපිටාවක් ගොඩනැඟිණි.
ඒ සමඟ ම නිෂ්පාදනය සඳහා අවශ්‍ය දත්ත ක්‍ෂණිකව සකස් කරමින්, නිෂ්පාදන කි‍්‍රයාවලිය දියුණු කිරීමට, නිරීක්‍ෂණයට හා පාලනයට යොදා ගත හැකි භෞතික තාක්‍ෂණ උපාංගත්, පරිගණක සහ තොරතුරු තාක්‍ෂණය කර්මාන්ත ආයතනවලට යොදා ගැනීමට ඉදිරිපත් වූ යෝජනා හා සැලැසුම් ප‍්‍රතික්‍ෂේප කෙරිණි.
1971දී පැවැති සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ 24 වැනි සමුළුව තුළ දී එහි සෝවියට් සංගමයේ 9වැනි පස් අවුරුදු සැලැස්ම සකස් කිරීමේ දී (1971-1975* පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනයට වඩා එතෙක් ප‍්‍රමුඛත්වය දී තිබූ භාණ්ඩ නිෂ්පාදනය කරන යන්ත‍්‍ර නිෂ්පාදනය යන කාර්මික අංශය දෙවැනි තැනට දමා පරිභෝජන භාණ්ඩ නිෂ්පාදන අංශයට ප‍්‍රමුඛතාවය දෙනු ලැබිණි. මෙම යෝජනාව 20වැනි සමුළුවේ දී යෝජනා වී තිබුණේ වුවද, එය එහිදී ප‍්‍රතික්‍ෂේප වී තිබිණි. මෙම භාණ්ඩ නිෂ්පාදන අංශයට ප‍්‍රමුඛතාවය ලබා දීම සාධාරණීයකරණය වී තිබුණේ ජනතාවගේ එදිනෙදා භාණ්ඩ පරිභෝජන අවශ්‍යතාවය හා ගුණාත්මක බව ඉහළ දැමීම අත්‍යවශ්‍ය බව සඳහන් කරමිනි. නමුත්, යථාර්ථයේ දී එය සමාජවාදය ගොඩනැංවීමේ මූලික නියාමයක් උල්ලංඝනය කිරීමක් පමණක් නොව ප‍්‍රායෝගික වශයෙන් ශ‍්‍රම ඵලදායකත්වය පහළ දැමීමටද හේතු විය. මෙහි දී ශ‍්‍රම ඵලදායකත්වය යනු කුමක්ද? සමාජයේ වත්කම් වැඩි කර ගැනීමේ ප‍්‍රධාන සාධකය වන්නේ ශ‍්‍රම ඵලදායකත්වය ඉහළ නංවා ගැනීමයි. එමෙන් ම මිනිසාගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම මෙන්ම මිනිසාගේ පූර්ණ සංවර්ධනයට ද අත්‍යවශ්‍ය කරුණ වන්නේ ශ‍්‍රම ඵලදායකත්වය වර්ධනය කිරීමයි. නිෂ්පාදන මාධ්‍ය සංවර්ධනය කිරීමේ
පූර්වගාමී කොටස වන්නේ ශ‍්‍රමඵලදායකත්වය වැඩි කිරීමයි. මධ්‍යගත සැලැසුම් මඟින් පහත සඳහන් ක්‍ෂේත‍්‍ර වඩාත් කාර්යක්‍ෂම හා දැවැන්ත ලෙස ප‍්‍රතිසංවිධානය කිරීමට ඉඩ තිබිණි. එනම්,
කර්මාන්ත සඳහාත්. ප‍්‍රවාහන සේවා සඳහාත් ගබඩාකරණය සහ බෙදාහැරීම සඳහාත් සමකාලීන දියුණු තාක්‍ෂණය හඳුන්වා දීමට තිබූ ඉඩකඩයි.
කෙසේ වුව ද, මධ්‍යගත සැලැසුම්කරණය හා කොමියුනිස්ට් නිෂ්පාදන සබඳතා ශක්තිමත් කිරීම වෙනුවට වෙළෙඳපොළ ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දීම හා පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන අංශයට ප‍්‍රමුඛතාවය ලබා දීමෙන් එසේ බලාපොරොත්තු වූ ප‍්‍රතිඵල හෝ අත් නොවිණි. උදාහරණයක් ලෙස ජනතාව අතේ වැඩිපුර මුදල් තිබුණේ වුව ද, ඒවායින් මිලට ගැනීමට අවශ්‍ය
පාරිභෝගික භාණ්ඩ, විශේෂයෙන් ම නිවාසවල එදිනෙදා කටයුතු සඳහා යොදා ගන්නා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, වර්ණ රූපවාහිනී යන්ත‍්‍ර වැනි දේ ඇති තරම් වෙළෙඳපොළේ තිබුණේ නැත. මධ්‍යගත සැලැසුම්කරණය එහි ප‍්‍රධාන ඉලක්කය වූ සමාජ වත්කම් නිපදවීමේ හා වැඩි කිරීමේ අරමුණින් ඈත් කර තැබිණි. මෙම තත්වය නැවත වටයකින් නිෂ්පාදන බලවේග හා කොමියුනිස්ට් නිෂ්පාදන හා බෙදාහැරීමේ සබඳතා අතර ගැටුම වැඩිදියුණු කළේ ය.
1982 නොවැම්බරයේ සිට 1984 පෙබරවාරි දක්වා කාලය තුළ සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ධුරය දැරූ යූරි ආන්ද්‍රපෝව්ගේ කාලසීමාව ඉතා කෙටි වූ බැවින්, ඒ පිළිබඳ නිශ්චිත නිගමනයකට ඒම දුෂ්කර ය. ආන්ද්‍රපෝව් ප‍්‍රධානියා ලෙස කටයුතු කළේ පෙරෙස්ත්‍රොයිකාවට පෙර වසර දෙක ය. කෙසේ වුව ද, මෙම කාලය තුළ සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ ලිපි ලේඛන අනුව සමාජවාදය ගොඩනැංවීමට එරෙහි ධනේශ්වර සහ සංශෝධනවාදී මතවලට එරෙහිව අරගල කිරීමේ අවශ්‍යතාවයත්, අධිරාජ්‍යවාදය විසින් සමාජවාදය විනාශ කිරීමට කළ හැකි විනාශකාරී කි‍්‍රයා පිළිබඳ අවධානයෙන් සිටීමේ වැදගත්කමත් අවධාරණය කර තිබිණි.
1986දී පැවැති සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ 27 වැනි සමුළුවේ දී අවස්ථාවාදී ප‍්‍රවණතාවයන්ගේ වුවමනාව තවත් තහවුරු කරන තීරණවලට දේශපාලන මට්ටමින් එළැඹිණි. එමෙන් ම 1987දී විවිධ නාමකරණයන් යටතේ වන දේපළ හිමිකමට මුවා වෙමින්, ධනේශ්වර ආර්ථික සබඳතා ආයතනගත කරමින්, නීතිගත කරන ලදී. එය ප‍්‍රතිවිප්ලවය වර්ධනය කිරීමට සෘජුවම හේතු වන ලදී.
1990 මුල් කාලය තුළ දී පක්‍ෂයේ 28 වැනි සමුළුවේ දී අනුමත කරනු ලැබූ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවේශයක් වන ‘සැලැසුම්සහගත වෙළෙඳපොළ ආර්ථිකයක්’ යන පදනම අත්හැර ‘පාලිත වෙළෙඳපොළ ආර්ථිකයක්’ යන පදනමට පක්‍ෂය තල්ලූ විය. ටික කලෙකින් ම එම ස්ථාවරය ද අත්හැර ‘නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය’ යන්න පිළිගන්නා ලදී.
20. දශක කිහිපයක් තිස්සේ සෝවියට් ආර්ථිකය මෙහෙයැවීමේ ප‍්‍රතිඵල අද වන විට න්‍යායාත්මකව පමණක් නොව භෞතික ප‍්‍රතිඵල අනුව ද දැකිය හැකි ය. දශක දෙකක් තිස්සේ මෙම ප‍්‍රතිසංස්කරණ සෘජුව ම කි‍්‍රයාවට නැංවීම මඟින් සැබැවින් ම සිදු වී ඇත්තේ, තිබූ ගැටලූ වර්ධනය වීම පමණි. සමාජවාදී ගොඩනැංවීමේ ඉතිහාසයේ පළමු වතාවට ආර්ථිකය එක තැන පල්වීම එහි උච්චම ස්ථානයට පත් විණි. බහුතරයක් කර්මාන්තවල තාක්‍ෂණික පසුගාමීත්වය පොදු ලක්‍ෂණයක් බවට පත් විය. බොහෝ පාරිභෝගික භාණ්ඩවල හිඟතාවයන් ඇති විය. එමෙන් ම සෑම ආයතනයක් ම කෘති‍්‍රම ලෙස තම භාණ්ඩවල මිල ඉහළ නැංවීම නිසා අමතර ගැටලූ රාශියක් පැනනැඟිණි. සමහර ආයතන භාණ්ඩ මිල නැංවීම සඳහා තම නිෂ්පාදන ගබඩාවල සඟවා තබා ගත් අතර, තවත් ඒවා සීමිත ප‍්‍රමාණයන්ගෙන් පමණක් වෙළෙඳපොළට නිකුත් කරමින්, අධික මිල ගණන්වලට භාණ්ඩ විකුණන ලදී.
දිගින්දිගට ම වර්ධනය කළ වෙළෙඳපොළ ආර්ථික සාධකවල බලපෑම විසින් සමාජවාදයේ සමාජයීය නිෂ්පාදනය දුර්වල කෙරිණි. එමඟින් සමාජවාදී සංවර්ධනයේ මූලික ලක්‍ෂණ බිඳ දමමින්, කෙටිකාලීනව තනි පුද්ගල හා පුද්ගල කණ්ඩායම්වල වුවමනාවන් (මේ යටතේ එක් එක් සමාගම්වල සේවකයන් අතර ද එමෙන් ම කම්කරුවන් හා කළමනාකරුවන් අතරද සැලකිය යුතු ආදායම් පරතරයක් ඇති විණි.) ශක්තිමත් වූ අතර, ඒවා සමස්ත සමාජයේ යහපතට බාධා වන ඒවා විය. ක‍්‍රමානුකූලව ප‍්‍රතිවිප්ලව සඳහා අවශ්‍ය කරන සමාජ කොන්දේසි නිර්මාණය විය. ප‍්‍රතිවිප්ලවය ජයග‍්‍රහණය කිරීම සඳහා එය විසින් පෙරෙස්ත්‍රොයිකා වැඩපිළිවෙළ තම වාහනය ලෙස යොදා ගත්තේ ය.
මෙම වෙළෙඳපොළ ආර්ථික ප‍්‍රතිසංස්කරණ මඟින් ප‍්‍රධාන වශයෙන් ම නීති විරෝධී ආකාරයෙන් ඒකරාශී කරගෙන තිබූ මුදල් (හොර බඩු ජාවාරම වැනි) නීති විරෝධී පාතාල ආර්ථිකය තුළ ආයෝජනය කිරීමට හැකි වටාපිටාවක් නිර්මාණය කෙරිණි. මෙහි දී මෙම අවස්ථා වැඩිපුර ප‍්‍රයෝජනයට ගැනීමට සංස්ථා හා ආයතනවල ඉහළ කළමනාකරණ මට්ටමේ ස්ථරවල සිටි අයටත්, විදේශ කටයුතුවලට සම්බන්ධ පක්‍ෂ කාඩර්වරුන්ටත් අවස්ථා ලැබිණ. එවකට සෝවියට් සංගමයේ බිහිව තිබූ මෙම ‘නිල නොවන ආර්ථිකය’ අදාළ දත්තද එවකට සෝවියට් සංගමයේ ප‍්‍රධාන විගණන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබිණි. මෙම සංඛ්‍යා දත්ත අනුව ම විශේෂයෙන් ම සමුපකාරික හා සමාජවාදී කෘෂිකාර්මික කර්මාන්තවල නිෂ්පාදනයන් සැලැකිය යුතු පංගුවක් නීති විරෝධී ආකාරයෙන් පාරිභෝගිකයන් අතට පත් කිරීම දක්වා තිබිණි.
තනි තනි කෘෂිකාර්මික නිෂ්පාදකයන් අතර, ගොවීන් අතර ම එක් අතෙකින් ආදායම් පරතරය එන්න එන්න ම වැඩි වූ අතර ම අනෙක් අතට කෘෂිකාර්මික කර්මාන්තවල අයිතීන් සාමුහික කිරීමට එරෙහි ප‍්‍රතිවිරෝධය ද එන්න එන්න ම වැඩි විය. මෙසේ ක‍්‍රමානුකූලව වැඩි ආදායම් ලැබීම හරහා පොහොසතුන් වී සිටි කෘෂි නිෂ්පාදකයන්ගෙන් සෑදී තිබෙන ස්ථරයක් සමාජය තුළ ගොඩනැඟී තිබූ අතර, සමාජවාදී ගොඩනැංවීම්වලට බාධාකයක් බවට ද පත් වී තිබිණි.
කර්මාන්ත ක්‍ෂේත‍්‍රයේ විවිධ සංස්ථා හා ක්‍ෂේත‍්‍ර අතර සමාජමය වෙනස්කම් වඩාත් ඉහළ ගිය අතර, එයට බලපෑවේ ඒ ඒ සංස්ථාහි ලාභ පදනමයි. ‘කළු ප‍්‍රාග්ධනය’ නැතහොත්, ‘සෙවණැලි ප‍්‍රාග්ධනය’ නමින් හඳුන්වනු ලැබූ ප‍්‍රාග්ධනය ලැබුණේ සංස්ථාවල ලාභයන් මඟින් පමණක් නොවේ. එය කළු ආර්ථිකය මඟින් ද, සංස්ථාවල පොදු ලාභ සොරකම් කිරීම මඟින් ද, විවිධ වංචනික හා දූෂිත කි‍්‍රයාමාර්ග මඟින් ද සකස් විය. එම කළු ප‍්‍රාග්ධනය ඊ ළඟට උත්සාහ කළේ, ‘කළු මුදල්’ යොදවා නීත්‍යනුකූල ධනේශ්වර ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථා සෙවූ අතර, එයට පහසු මාර්ගයක් වූයේ රාජ්‍ය දේපළ පෞද්ගලිකකරණය කිරීමයි. එමඟින් ධනපති ආර්ථික ක‍්‍රමය ස්ථාපිත කිරීමයි. මෙම ‘කළු සල්ලි’වල හිමිකරුවන් ප‍්‍රතිවිප්ලවයේ ප‍්‍රධාන ගාමක සමාජ බලවේගය බවට පත් විය. මෙම සමාජ කණ්ඩායම ඒ වන විටත් ඔවුනට සෝවියට් ආණ්ඩුවේ විවිධ ආයතන තුළ හා පක්‍ෂය තුළ ඔවුනට තිබූ තනතුරු හා අවස්ථා යොදාගෙන ජනතාවගෙන් ඒ වන විටත් ධනේශ්වර මතවාදයට ගොදුරු වී සිටි කොටස් ද, තරුණ ප‍්‍රජාවෙන් කොටසක් ද විශේෂයෙන් ම ශිෂ්‍යයන්ද වැනි විවිධ හේතු නිසා සෝවියට් පාලනය පිළිබඳ කලකිරී සිටි කොටස් තම ප‍්‍රතිවිප්ලවීය ව්‍යාපෘතීන් සඳහා යොදා ගන්නා ලදී. මෙම බලවේගයන් සෘජුව හා වක‍්‍රව පක්‍ෂයට බලපෑම් කරන ලදී. එමඟින් අවස්ථාවාදී දියාරු කිරීම් හා ප‍්‍රතිවිප්ලවීය කි‍්‍රයාමාර්ග පක්‍ෂය තුළින්ම ශක්තිමත් කර ගත් අතර, පෙරෙස්ත්‍රොයිකාව මඟින් සිදු කරන ලද්දේ එම ධනපති සබඳතා ශක්තිමත්ව ආයතනගත කිරීමයි. එම අරමුණ පෙරෙස්ත්‍රොයිකාවෙන් පසු සමාජවාදී රාජ්‍ය බලය බිඳවැට්ටවීමෙන් පසු සාක්‍ෂාත් කර ගන්නා ලදී.

 

සමාජවාදය ගොඩනැගීමේ ක්‍රියාවලියේ දී කොමියුනිස්ට් පක්ෂයේ භූමිකාව

21. සමාජවාදය ගොඩනැංවීමේ ක‍්‍රියාවලියේ දී කොමියුනිස්ට් පක්‍ෂය සතු අත්හැරිය නොහැකි කාර්යභාරය කම්කරු පාන්තික රාජ්‍ය බලය හොබවන එහි නායකත්වය මඟින් නිරූපණය වන අතර, පොදු මහ ජනතාව සමාජවාදය ගොඩනැංවීමේ කි‍්‍රයාවලියට යොදවා ගැනීමේ කාර්යභාරය ඇත්තේ ද පක්‍ෂයට මය.
නව සමාජයක් ගොඩනැංවීම සඳහා වන අරගලය සිදු කරනු ලබන්නේ විප්ලවීය කම්කරු රාජ්‍ය බලයෙන් යුත් කොමියුනිස්ට් පක්‍ෂයයි. එය ඒ සඳහා සමාජවාදී කොමියුනිස්ට් සමාජයක මූලික චලිතයේ නියාම යොදා ගන්නා න්‍යෂ්ටිය ලෙස කි‍්‍රයා කරයි. මිනිසා ප‍්‍රථම වතාවට සමාජ සංවර්ධනයේ ප‍්‍රධානියා බවට පත් වන අතර, මිනිස් සමාජය අවශ්‍යතාවයේ රාජධානියේ සිට නිදහස් රාජධානිය දක්වා (From Kingdom of necessity to Kingdom of
Freedom) ක‍්‍රමානුකූලව පරිවර්තනය වෙයි.
මෙම තත්වය විසින් මෙතෙක් පැවැති සියලූ සමාජ – ආර්ථික රටාවන්ට වඩා වෙනස් හා ඉහළ විෂයමූලික තත්වයන් නිර්මාණය වෙයි. එනම්, මීට පෙර පැවැති සෑම සමාජ ක‍්‍රමයකදීම මිනිස් කි‍්‍රයාකාරීත්වය අවිඥානක, පූර්වයෙන් සැලැසුම් නොකරන ලද සමාජ නීතිවලට යටත් වී ඒවාට අනුව කටයුතු කිරීමට මිනිසාට සිදු විය.
එමෙන් ම සමාජවාදය ගොඩනැංවීම සඳහා අත්‍යවශ්‍ය හා අතිශය තීරණාත්මක පූර්ව කොන්දේසියක් වන්නේ, කොමියුනිස්ට් පක්‍ෂය විසින් විද්‍යාත්මක හා පන්ති පදනමකින් තම ප‍්‍රතිපත්ති සකසා ගැනීමය. කොමියුනිස්ට් නිෂ්පාදන සබඳතාවන් සංවර්ධනය කිරීමට කළ යුතු මූලික කාර්යභාරයන් වන්නේ, විද්‍යාත්මක කොමියුනිස්ට්වාදයේ නියාම නිසි අධ්‍යයනයක් සහිතව පන්ති අරමුණු වෙනුවෙන් කොමියුනිස්ට් පක්‍ෂය මඟින් යොදා ගැනීම ය. එනම්, කොමියුනිස්ට් සමාජ – ආර්ථික මොඩලයට අදාළ සමාජ චලිතයේ නියාම අධ්‍යයනය කරමින්, ඒවා යොදා ගැනීමය. අත්්දැකීම් විසින් තහවුරු කරනු ලබන්නේ සෝවියට් සංගමයේ සහ අනෙකුත් සමාජවාදී රටවල පාලක කොමියුනිස්ට් පක්‍ෂ විසින් මෙම කටයුත්ත හොඳින් සම්පූර්ණ කර නැති බවයි.
කම්කරු පන්තිය තුළ පන්ති සවිඥානකත්වය ඉබේ ගොඩනැෙඟන්නේ නැතිවාක් මෙන් ම එක සමාන ආකාරයකින් ගොඩනැෙඟන්නේද නැත. කම්කරු පන්තිය තුළ පන්ති සවිඥානකත්වය ගොඩනැඟීමට අන් සියලූම ආකාරයන්ට වඩා ප‍්‍රබල ලෙස බලපානු ලබන්නේ, නිෂ්පාදන කි‍්‍රයාවලිය තුළ කොමියුනිස්ට් සබඳතා ශක්තිමත් කිරිමේ ප‍්‍රමාණයටය. එමෙන් ම ජනතාව අතර විප්ලවවාදී සවිඥානකත්වය පතුරුවාලන ප‍්‍රධාන වාහකයා වන කොමියුනිස්ට් පක්‍ෂයේ නායකත්ව මණ්ඩල තුළ කම්කරු පන්තියේ නියෝජනය වැඩි වන ප‍්‍රමාණයටය. මෙම භෞතික කි‍්‍රයාවලිය පදනම් කොටගෙන කම්කරු පක්‍ෂය තුළ පන්ති සවිඥානකත්වය වැඩිදියුණු කිරීම සඳහා ගැඹුරට මුල් බැස ගත් මතවාදී අරගලයක් ද අත්‍යවශ්‍යය. එමඟින් සමාජවාදය ගොඩනැංවීමේ කි‍්‍රයාවලියට කම්කරු පන්තිය දායක කර ගැනීමට විප්ලවවාදී පක්‍ෂය සතු වන බලපෑමේ ප‍්‍රමාණය මතය.
කම්කරු පන්තියේ පෙරමුණු බලඇණිය වන පක්‍ෂයේ පන්ති සවිඥානකත්වය සෑම විට ම පොදු කම්කරු පාන්තික ජනයාගේ පන්ති සවිඥානකත්වයට වඩා සෑම විට ම ඉහළ මට්ටමක තිබිය යුතු අතර, එය ආර්ථික සබඳතා මතින් තහවුරු වූවක් විය යුතු ය. මේ තත්ත්වය නිසා පක්‍ෂය තුළ ඉතා ම ඉහළ න්‍යායික, මතවාදීමය මට්ටමක් සහ දැඩි බවක් අත්‍යවශ්‍ය වන අතර, අධිරාජ්‍යවාදයට එරෙහිව නොසැලෙන අරගලයක් කිරීමේ ශක්තියක්ද තිබීම අත්‍යවශ්‍ය වේ. ඒ තත්ත්වය ධනපති ක‍්‍රමය තුළ දීටත් වඩා සමාජවාදය ගොඩනැංවීමේ දී අත්‍යවශ්‍ය ය.
22. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු 1950දී ක‍්‍රමානුකූලව ආරම්භ වුණු අවස්ථාවාදී ප‍්‍රවණතාවය එනම්, විප්ලවවාදී පක්‍ෂයේ විප්ලවවාදී භූමිකාවේ ක‍්‍රමානුකූල දියාරු වීම විසින් පසක් කරනු ලබන්නේ සමාජවාදී සමාජයක් පීල්ලෙන් පිට පැනීමේ අනතුර කිසි විටෙක පහව නොයන බවය. අධිරාජ්‍යවාදී වටලෑමෙන් හා එහි අහිතකර බලපෑමටද වඩා අවස්ථාවාදය පැනනැඟීමට අවශ්‍ය සමාජ – ආර්ථික පදනම, පෞද්ගලික දේපළ හා කණ්ඩායම් දේපළ (සමුපකාර) ලෙස පවතින තාක් කල්ද, භාණ්ඩ – මුදල් සබඳතාවය පවතින තාක් කල්ද, සමාජ අසමානතා පවතින තාක් කල්ද නොනැසී පවතී. එමෙන් ම බලවත් ධනපති රටවල් ලොව පවතින තාක් කල්ම අවස්ථාවාදය පැනනැඟීමේ සමාජ – ආර්ථික පසුබිම සමාජවාදය ගොඩනැඟීමේ මුළු කාලය පුරා ම නොනැසී පවතී.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එළැඹි පක්‍ෂයේ දෙවැනි අවධියේ පක්‍ෂය පන්තිමය වශයෙන් ද, න්‍යායාත්මකව ද දුර්වල විය. පන්ති අරගලය තුළ අත්දැකීම් හා පන්නරය ලැබූ මිලියන ගණනක් පක්‍ෂ කාඩර්වරුන් එකවර අහිමි වීම විසින් ද (ලෝක යුද්ධය නිසා) නව ගැටලූවලට නිවැරදි න්‍යායාත්මක ප‍්‍රතිචාර හා පිළිතුරු නොදැක්වීම විසින් ද පක්‍ෂයේ තත්ත්වය නරක අතට හැරීම ආරම්භ විය. එමෙන් ම පැවැති සමාජ – ආර්ථික වෙනස්කම්වල ප‍්‍රතිඵලයක් ලෙස පක්‍ෂ අභ්‍යන්තරය තුළ ඇති වූ ගැටුම විසින්ද පක්‍ෂය තවත් දුර්වල විය. මෙම තත්වය මත මීට පෙර අවධිය තුළ දී පක්‍ෂ අභ්‍යන්තර අරගලය තුළ දී පරාජයට පත් කර තිබූ අවස්ථාවාදී හා සංශෝධනවාදී ප‍්‍රවණතාවයන්ට හා පුද්ගලයන්ට නැවත පක්‍ෂ අභ්‍යන්තරය තුළ ඉඩකඩ විවෘත වීමේ වාසිදායක තත්වයක් ඇති විය.
ඒ අනුව සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ නායකත්වය මණ්ඩල තුළත් අනෙකුත් කොමියුනිස්ට් පක්‍ෂ නායකත්ව මණ්ඩල තුළත් අවස්ථාවාදී හා සංශෝධනවාදී අදහස් පිළිගැනීම විසින් 1980 පමණ වන විට මෙම පක්‍ෂයම ප‍්‍රතිවිප්ලවය රැගෙන යන වාහක බවට පත් විය.
1956දී සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ 20වැනි සමුළුවේ දී අවස්ථාවාදී දිශානතියකට ගත් බරපතළ හැරවුම නිසා ද, පක්‍ෂය තුළ ක‍්‍රමානුකූලව සිදු වෙමින් පැවැති විප්ලවීය ජීවගුණයේ පිරිහීම නිසා ද ඇති වෙමින් තිබූ තත්වයට එරෙහිව පක්‍ෂය තුළ සිටි ස්ථාවර කොමියුනිස්ට් බලවේගවලට අවදි වීම හා නැඟී සිටීම හේතු දෙකක් නිසා දුෂ්කර විය. එකක් නම්, පාලක පක්‍ෂයක් ලෙස ආණ්ඩුකරණයේ අභියෝග නිසාත්, අනෙක දැවැන්ත අධිරාජ්‍යවාදී ප‍්‍රහාරයකට පක්‍ෂය ලක් වී තිබීම නිසාත්ය.
මේ නිසා ස්ථාවර කොමියුනිස්ට් බලවේගයනට 1985 අපේ‍්‍රල්වල පැවැති සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා
රැස්වීම තුළත් 1986දී පැවැති සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ 27වැනි සමුළුව තුළත් සෘජුව මතු වූ ප‍්‍රතිවිප්ලවීය වැඩපිළිවෙළ කල් තබා හෙළිදරව් කිරීමට නොහැකි විය. ඔවුනට සමාජවාදයේ ආරක්‍ෂාව වෙනුවෙන් තම ස්ථාවරය හා නිවැරදි ප‍්‍රතිපත්තිය පක්‍ෂයට හා ජනතාවට පෙන්වා දිය හැකි, එමෙන් ම ප‍්‍රතිවිප්ලවීය බලවේග සමඟ ගැටී ජයග‍්‍රහණය කළ හැකි ප‍්‍රබල කේන්ද්‍රයක් වටා ගොනුවීමට නොහැකි විය. කම්කරු පන්තියට නායකත්වය දිය හැකි එමඟින් ප‍්‍රතිවිප්ලවයට එරෙහිව හොඳින් මුහුණ දිය හැකි කොමියුනිස්ට්වාදී පෙරමුණු බලඇණියක් අවශ්‍ය මොහොතේ දී නිර්මාණය නොවිණි.
අනෙක් අතට 1980 දශකය වන විට එවැනි ස්ථාවර කොමියුනිස්ට් බලවේග විසින් ප‍්‍රතිවිරෝධයක් මතු කළා වුව ද, ප‍්‍රතිවිප්ලවය ගොස් තිබූ දුර විසින් එය පරාජයට පත් කිරීමට නොහැකි වීමට තිබූ ඉඩකඩ වැඩි ය. එසේ වුව ද, එවන් ස්ථාවර කොමියුනිස්ට් බලවේග ප‍්‍රතිවිරෝධයක් පාලක කොමියුනිස්ට් පක්‍ෂ තුළ හා ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරවල මතු වූයේ නම්, වර්තමානයේ ජාත්‍යන්තර කෙමියුනිස්ට් ව්‍යාපාරය නැවත ගොඩනැඟීමට වඩා යහපත් ඉඩකඩක් නිර්මාණය වීමට ඉඩකඩ තිබිණි. එමඟින් ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය මුහුණ දී තිබෙන ගැඹුරුතම අර්බුදයෙන් එළියට ඒමට අවශ්‍ය මූලික පදනම් සකස් කර ගත හැකිව තිබිණි.
සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේත්, අනෙක් පාලක කොමියුනිස්ට් පක්‍ෂ තුළත් වේගයෙන් තහවුරු වෙමින් තිබූ සංශෝධනවාදී න්‍යායික ස්ථාවරයන් හා අවස්ථාවාදී ප‍්‍රතිපත්තීන් ද, ක‍්‍රමක‍්‍රමයෙන් සිදු වූ අවස්ථාවාදී පිරිහීම් ද, රාජ්‍ය බලයේ විප්ලවීය ලක්‍ෂණයන්ගේ ගරාවැටීම් ද වැළැක්විය නොහැකි දෙයක් ලෙස අපි කල්පනා නොකරමු. අපි ඒ සඳහා බලපාන ලද සියලූ ම හේතුසාධක අධ්‍යයනය කරන්නෙමු. ඒ සඳහා බලපාන ලද හේතු පහත පරිදි ගෙනහැර දක්වමු.
. කොමියුනිස්ට් පක්‍ෂයේ නායක මණ්ඩල තුළත්, සමස්ත පක්‍ෂය තුළත් මාක්ස්වාදී දේශපාලන අධ්‍යාපන මට්ටම පහළට වැටීම. මේ සඳහා විශේෂ කරුණු කිහිපයක් බලපා ඇත. එනම්, යුද්ධය තුළ ඇති වූ විශේෂ තත්වය. දස ලක්‍ෂ ගණනින් කාඩර්වරුන් කෙටි කලක් තුළ අහිමි වීම. පක්‍ෂ සාමාජිකත්වය ක්‍ෂණිකව විශාල වශයෙන් ඉහළ දැමීම බලපානු ලැබී ය. පක්‍ෂය තුළ පොදුවේ ඇති වූ මාක්ස්වාදී අධ්‍යාපන මට්ටමේ අඩු වීමද සමාජවාදී ආර්ථිකයක් ගොඩනැඟීමට බාධා කරනු ලැබී ය.

ස පක්‍ෂය තුළ පන්ති සංයුතිය වෙනස් වීම, එහි ව්‍යුහය හා කි‍්‍රයාකාරීත්වය සඳහා මතවාදීමය ලෙසත්, විප්ලවකාරී ගුණාංගවලට සිදු කරන ලද බලපෑමත්, එහි සාමාජිකත්වයට හා කාඩර්වරුන්ට කරන ලද බලපෑමත් පරීක්‍ෂා කළ යුතු ය.

* සමාජවාදී සෝවියට් සංගමයේ කොමියුනිස්ට් රාජ්‍ය බලයේ පැවැත්ම සාපේක්‍ෂව ධනේශ්වර පසුබිමක් සහිත
පරිපාලන හා විද්‍යාත්මක ක්‍ෂේත‍්‍රවල කාඩර්වරුන් මත වැඩිපුර රඳා පැවැතීම

* සෝවියට් සංගමයට ඓතිහාසිකව උරුම වූ පූර්ව ධනේශ්වර ලක්‍ෂණ බහුල පසුගාමී අසමාන ධනේශ්වර සංවර්ධනයේ බලපෑම

* දෙවැනි ලෝක යුද්ධයේ දී අති විශාල කාඩර්වරුන් පිරිසක් මිය යාම මෙන් ම සමාජවාදය ගොඩනැඟීමේ කි‍්‍රයාවලියේ දී යොදා ගත හැකිව තිබූ අතිවිශාල සම්පත් ප‍්‍රමාණයක් යුද්ධයෙන් වූ විනාශයන් ප‍්‍රතිසංස්කරණයන්ට වැය කිරීමට සිදු වීම. මෙය සිදු වූයේ බටහිර යුරෝපයේ සංවර්ධන කි‍්‍රයාවලියට තරගකාරී ලෙස බැවිනුත්, බටහිර යුරෝපයේ සංවර්ධන කටයුතුවලට යුද්ධයෙන් ආරක්‍ෂා වූ එක්සත් ජනපදයට විශාල වශයෙන් ප‍්‍රාග්ධන අපනයනය කිරීමට අවස්ථාව ලැබීම

* නැඟනහිර යුරෝපීය සමාජවාදී රටවල් සමාජවාදී පද්ධතියට ඇතුළු කර ගැනීමේ දී ඇති වූ ගැටලූ හා ප‍්‍රතිවිරෝධතා

* කොරියානු යුද්ධයට අධිරාජ්‍යවාදීන් සිදු කළ මැදිහත් වීම සමඟ ඇති වූ නව යුද්ධයක් ඇති වේ ය යන බිය

* සීතල යුද තත්වය

* බටහිර ජර්මනිය විසින් නැඟනහිර ජර්මනිය රටක් ලෙස නොපිළිගැනීම හා සෝවියට් දේශය විසින් අල්ලා ගත් ප‍්‍රදේශයන් යැයි සාදන ලද හෙලස්ටියම් (Hellsteim) මත ය.

ආ. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ද සහාය ඇතිව අන්තර්ජාතික අධිරාජ්‍යවාදය විසින් තෝරා බේරාගෙන සිදු කළ අධිරාජ්‍යවාදී මැදිහත් වීම්වල බලපෑම. උදාහරණ ලෙස සමාජවාදී සෝවියට් දේශයට සෘජු මතවාදී හා දේශපාලන පීඩනයක් එල්ල කරන ගමන් ම මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ තෝරා ගත් සමාජවාදී රටවල් සමඟ නම්‍යශීලී වෙළෙඳ ගනුදෙනු රටාවක් පවත්වාගෙන යාම දැක්විය හැක.

ඇ. ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ උපායමාර්ගික ගැටලූ හා එහි බෙදීම්.

සෝවියට් බලයේ වැඩීම

 

 

 

23. සෝවියට් බලය පිළිබඳ න්‍යායාත්මක පදනම වන්නේ, ‘සමාජවාදී රාජ්‍ය බලය යනු නිර්ධන පන්ති ආඥාදායකත්වය’ යන්නයි. එය කම්කරු පන්තියේ රාජ්‍ය බලය වන අතර, සෑම රාජ්‍ය බලය දරන ආකාරයකදීම මෙන් කම්කරු පන්ති රාජ්‍ය බලයද වෙනත් බලවේග සමඟ බෙදා නොගනු ලබයි. නිර්ධන පන්ති ආඥාදායකත්වය යනු පන්ති අරගලය පවත්වාගෙන යාමට කම්කරු පන්තිය සතු ප‍්‍රධාන උපකරණය වන අතර, ඊට අමතරව වෙනත් ක‍්‍රම හා ආකෘති ද පන්ති අරගලය සඳහා කම්කරු පන්තිය යොදා ගනියි.
කම්කරු පන්තිය යනු එක් අතකින් සමාජය සතු කරනු ලැබූ නිෂ්පාදන මාධ්‍යවල සාමුහික හිමිකරුවා වන අතර, අනෙක් අතින් ගොඩනඟමින් පවතින කොමියුනිස්ට් නිෂ්පාදන සබඳතාවල නිමැවුම්කරුවාද වේ. පන්ති රහිත ක‍්‍රමානුකූලව රජය අහෝසි වන ආකාරයට පූර්ණ කොමියුනිස්ට් නිෂ්පාදන සබඳතා ස්ථාපිත කිරීමේ අරගලයට නායකත්වය දිය හැකි පන්තිය කම්කරු පන්තිය පමණි.
එය කම්කරු පන්තියේ විප්ලවීය රාජ්‍ය බලය වුව ද, පාලක පක්‍ෂය ලෙස කම්කරු පන්තිය විසින් තවමත් සමාජය සතු නිෂ්පාදන මාධ්‍ය තුළ වැඩ නොකරන, වෙනත් වැඩ කරන ජනතා කොටස් සමඟ සන්ධානයක් එය පවත්වාගෙන යයි.
එනම්, ග‍්‍රාමීය හා නගරබද සමුපකාරික හිමිකරුවන්, සේවා ක්‍ෂේත‍්‍රයේ සිටින ස්වයං රැුකියාලාභීන්, තම පන්ති පදනම ධනපති හෝ ඉහළ මධ්‍යම පාන්තික වන නිෂ්පාදන කි‍්‍රයාවලියේ කළමනාකරණ වගකීම් දරන විද්‍යාඥයන්, බුද්ධිමතුන් හා තාක්‍ෂණඥයන්* ඉහත සන්ධානය මඟින් කම්කරු පන්තිය උත්සාහ ගනු ලබන්නේ ඉහත සමාජ ස්ථරයන් ද සමාජවාදය ගොඩනැඟීමේ කි‍්‍රයාවලියට දායක කරගෙන අවසානයේ පූර්ණ කොමියුනිස්ට් සබඳතා ස්ථාපිත කර ගැනීමට ය.
නිර්ධන පන්ති ආඥාදායකත්වය පවත්වාගෙන යාමේ තවත් අවශ්‍යතාවයක් වන්නේ, අන්තර්ජාතික වශයෙන් පන්ති අරගලය පවත්වාගෙන යාමට ඇති වුවමනාවයි. සියලූ ම සමාජවාදී නිෂ්පාදන සබඳතා කොමියුනිස්ට් නිෂ්පාදන සබඳතා බවට පත් වන තෙක් නිර්ධන පන්ති ආඥාදායකත්වය පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය ය. එනම්, තවත් ආකාරයකට පවසන්නේ නම්, දේශපාලන ආධිපත්‍යය පවත්වාගෙන යාමේ උපකරණයක් ලෙස රජය අවශ්‍ය වන තාක් කල් ම නිර්ධන පන්ති ආඥාදායකත්වය පවත්වාගෙන යා යුතු ය.
24. සමාජ ආර්ථික රටාවේ උත්තර් නිර්මිතියේ ඇති නිර්ධන පන්ති ආඥාදායකත්වය පවත්වාගෙන යාමට අදාළ ආයතනයත්, ආර්ථික ප‍්‍රතිපත්ති පිළිබඳ තීරණ ගන්නා ආයතනත් සෘජුව හා ළඟින් බැඳී පවතින බව මෙහිලා තේරුම් ගත යුතු ය. මෙහිලා තේරුම් ගත යුතු වැදගත් ම කරුණක් වන්නේ නිර්ධන පන්ති ආඥාදායකත්වයේ ආකෘතියක් ලෙස ‘සෝවියට් සභාවල’ වර්ධනයයි. රුසියානු සමාජවාදී ෆෙඩරල් සෝවියට් ජනරජයේ පළමු ව්‍යවස්ථාවේ ද, 1924දී සම්මත කළ සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමයේ පළමු ව්‍යවස්ථාවේ ද (අනෙක් සමාජවාදී ජනරජවල ව්‍යවස්ථාවල 1925 සිට ද) නිර්ධන පන්ති රාජ්‍යය හා ජනතාව අතර කොමියුනිස්ට් සබඳතාවය සහතික කරනු ලැබුවේ, නිෂ්පාදන ඒකකය (කර්මාන්ත ශාලාව) පදනම් කර ගනිමින්, කම්කරුවන් විසින් ඡන්දයෙන් පත් කරන ගනු ලබන කම්කරු නියෝජිතයන් මඟිනි. එසේ පත් වන කම්කරු නියෝජිතයන් ජනතාව හා රජය අතර සබඳතාවය ගොඩනඟන ලදී. ඡන්දය දීමේ අයිතිය වැඩ කරන ජනතාවට පමණක් හිමි වූ අතර, සියලූ ම පුරවැසියන්ට ඡන්ද අයිතිය නොතිබිණි.
එම නිසා ධනපති පන්තිය, ඉඩම් හිමියන් තවත් කෙනෙකුගේ ශ‍්‍රමය සූරාකන ඕනෑ ම අයෙක් පූජකයන් හා ප‍්‍රතිවිප්ලවීය කොටස්වලට ඡන්දයක අයිිතිය ප‍්‍රතික්‍ෂේප කෙරිණි. නව ආර්ථික ප‍්‍රතිපත්ති (NEP) යටතේ සිට ධනපතීන්ට ආර්ථික සහන ලබා දුන්න ද, දේශපාලන අයිතිවාසිකම් ලබා නොදෙන ලදී.
එසේ වුව ද, 1936 ව්‍යවස්ථාවෙන් මැතිවරණ නියෝජිත ක‍්‍රමය හඳුන්වා දුන් අතර, භූමිය පදනම් කර ගත් ඡන්ද කොට්ඨාස හඳුන්වා දෙන ලදී. (ප‍්‍රථම ප‍්‍රදේශය ඡන්ද කොට්ඨාස වූ අතර, ප‍්‍රදේශයේ ඡන්දදායක සංඛ්‍යාවට අනුරූප වන පරිදි පත් වන නියෝජිතයන් ප‍්‍රමාණය තීරණය කෙරිණි.) සෘජු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය අනුව මහා සභා කැඳවා නියෝජිතයන් තෝරා ගැනීමේ ක‍්‍රමය අත්හරින ලද අතර, ඡන්ද අයිතිය භාවිත කිරීම සාමාන්‍ය රහස්‍ය ඡන්දය භාවිත කිරීම බවට පත් කෙරිණි.
1936දී සිදු කෙරුණු ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණු හා ඉලක්ක වූයේ නිශ්චිත ප‍්‍රශ්න කිහිපයකට විසඳුම් ලබා ගැනීමට ය. එනම් ;

1. පක්‍ෂය හා පහළ සෝවියට් නිලධාරීන් අතර තිබූ සම්බන්ධීකරණය දුර්වල වීමේ ගැටලූව විසඳීම

2. සෝවියට් සභාවල කි‍්‍රයාකාරිත්වය වර්ධනය

3. නිලධාරීවාදී ප‍්‍රශ්න පාලනය කිරීමට

4. දෙවැනි ලෝක යුද්ධයට සූදානම් වීමක් වශයෙන් මතුපිටින්ද සෝවියට් බලය ස්ථාපිත කිරීමට

කම්කරු පන්ති රාජ්‍ය බලයේ මූලික සංවිධානය ලෙස සැලැකූ නිෂ්පාදන ඒකකය (කර්මාන්ත ශාලාව) ඉහත ව්‍යස්ථා සංශෝධනය මඟින් පහත හෙළීම තවත් අධ්‍යයනය කළ යුතු ය. (මෙම කම්හල් හෝ නිෂ්පාදන ඒකක තුළින් කම්කරු නියෝජිතයන් තෝරා පත් කර ගනු ලැබුවේ මහ සභා රැුස්වීම් හෝ සමුළු මඟිනි.) එම කම්කරු නිෂ්පාදන ඒකක මඟින් නියෝජිතයන් තෝරා ගැනීම අතහැරීම විසින් පක්‍ෂයේ ඉහළ ආයතනවල පන්ති සංයුතියේ වෙනස් වීමට නරක ලෙස බලපෑවේ ය. එමෙන් ම ලෙනින් සහෝදරයා විසින් නිර්ධන පන්ති ආඥාදායකත්වයේ මූලික ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්‍ෂණය ලෙස සැලැකූ කියෝජිතයන් නැවත කැඳවීමේ බලයද ඔවුන් පත් කළ අයට අහිමි වීමත් තව දුරටත් අධ්‍යයනය කළ යුතු ය.
25. 1956දී පැවැති සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ 20වැනි සමුළුවේදී ‘ස්වයං කළමනාකරණය’ හා ‘ස්වයංපෝෂිත’ බව පිළිබඳ කරුණු සලකා ප‍්‍රාදේශීය සෝවියට් සභාවල බලතල වැඩි කෙරිණි. මෙමඟින් දේශපාලන තලයේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගතභාවය දුර්වල වූ අතර, ආර්ථික තලයේ දී මධ්‍යම සැලැසුම්කරණය දුර්වල විය. එමෙන් ම සෝවියට් සභා සඳහා ‘ස්ථිර’ නිලධාරීන් පත් කිරීමේ දිශාවට වන රෙගුලාසි සම්පාදනය කෙරිණි. එනම්, සෝවියට් සභාවලට පත් වන නිලධාරීන්ට ධුර කාලය දැරිය හැකි වාර ගණන ක‍්‍රමානුකූලව ඉහළ දැමීමයි. අනෙක් ක‍්‍රමය වූයේ එසේ පත් වන නිලධාරීන් තම නිෂ්පාදන වගකීම්වලින් නිදහස් කිරීමට ක‍්‍රමක‍්‍රමයෙන් කටයුතු කිරීමයි.
1961දී පැවැති සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ 22වැනි සමුළුවේදී යථාර්ථවාදී නොවන තක්සේරු කිරීම් මත පදනම් වෙමින්, සෝවියට් දේශය ‘දියුණු සමාජවාදී රාජ්‍යයක් බවට පත්ව ඇතැ’යි ද, ‘පන්ති අරගලය අවසාන වී ඇතැ’යිද යන තීරණවලට එළැඹිණි. ඒ අනුව සමාජ පන්ති හා ස්ථර අතර අන්තර් විනිවිද යන ප‍්‍රතිවිරෝධතා අහෝසි වී ඇතැයිද, සෝවියට් සංගමය ‘සියලූ ජනතාවගේ රාජ්‍යයක් යැ’යි ද (මෙය 1977 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී ව්‍යවස්ථාවටද එක් කෙරිණි.) සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂය ‘සියලූ ජනතාවගේ පක්‍ෂය යැ’යි ද
පිළිගැනිණි.

මෙම වර්ධනයන් විසින්;

I. කම්කරු පාන්තික රාජ්‍යයේ විප්ලවකාරී ගුණාංග වෙනස් කිරීමටත්,

II. පක්‍ෂයේ හා කාඩර්වරුන්ගේ පන්ති සංයුතිය වෙනස් කිරීමටත්,

III. විප්ලවකාරී සුපරීක්‍ෂණයන් අඩු වීමත් සිදු විය.

ඒ සඳහා සෝවියට් සංගමය තුළ සිදු වී ඇති සමාජවාදී සංවර්ධනය ‘ආපසු හැරවීමට නොහැකි ය’ යන න්‍යායික ඉදිරිපත් කිරීම ද දායක කර ගන්නා ලදී.
1988දී දේශපාලන ක‍්‍රමයේ සිදු කළ ප‍්‍රතිසංස්කරණ හා පෙරෙස්ත්‍රොයිකාව මඟින් සෝවියට් බලය ධනපති පන්ති උපකරණයක් බවට පත් විය.

26. ප‍්‍රායෝගික අත්දැකීම් පෙන්වා දෙන්නේ ක‍්‍රමානුකූලව ජනතාව සෝවියට් සභාවලින් ඈත් වෙමින් සිටි බවත්, 1980 ගණන් වන විට එය සම්පූර්ණයෙන් ම නිල ව්‍යුහයක් බවට පමණක් පත් වී තිබුණු බවත් ය. ජනතාවගේ මෙම දුරස් වීම සම්පූර්ණයෙන් ම ඒවායේ කි‍්‍රයාකාරීත්වයේ දුර්වලතා නිසා පමණක් සිදු වූ ඒවා ලෙස සැලකිය නොහැකි ය. ඒ සඳහා ඒ වන විට පවත්වාගෙන ගිය ආර්ථික ප‍්‍රතිපත්ති විසින් ඇති කර තිබූ සමාජ අසමානතාවයන් ප‍්‍රබල වී තිබීමත් පුද්ගල වුවමනාවන් හා කණ්ඩායම්වල අවශ්‍යතාවයන් හා පොදු සමාජ අවශ්‍යතාවයන් අතර ප‍්‍රතිවිරෝධතාවන්ද උත්සන්න වී තිබීම හේතු වූ බව සැලැකිය හැකි ය.
සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ නායකත්වය විසින් දිගින් දිගටම සාමුහික දේපළ අයිතිය දුර්වල කරමින්, පුද්ගල හා කණ්ඩායම් අවශ්‍යතා ශක්තිමත් කිරීම විසින් සාමුහික දේපළ හිමිකම පිළිබඳ පරත්වාරෝපිත හැඟීමක් ජනතාව තුළ වර්ධනය වූ අතර, සාමුහික දේපළ හිමිකාරීත්වය පිළිබඳ විඥානය ඛාදනයට ලක් විය. සමාජය තුළ පුද්ගලයා නිෂ්කී‍්‍රය, උදාසීන හා පුද්ගලවාදයේ ගිලූණු කෙනෙකු බවට පත් වීමට අවශ්‍ය මාර්ගය විවෘත විණි.
ආණ්ඩුවේ නිල නිවේදන හා යථාර්ථය අතර ඇති ආසන්න බව වඩ වඩා ඉවත් වන්නට විය. කාර්මික හා කෘෂිකාර්මික නිෂ්පාදනය බිඳවැටීමත් සමඟ ම සම්පූර්ණ කළ හැකි සමාජ අවශ්‍යතා බිඳ වැටිණි. කම්කරුවන්ගේ පාලනය යන්න පහළට ම වැටුණු අතර, නැති නම්, එම පාලනය තනිකර ම නිල ස්වභාවයක් පමණක් ගත්තේ ය.
එසේ වුව ද, පොදු මහජනතාවත්, කම්කරු ජනයාත් සමාජවාදයට එරෙහි වූයේ නැත. පෙරෙස්ත්‍රොයිකාව පිළිබඳ මහජන උද්ඝෝෂණවල දී ඔවුන් යොදා ගත් සටන් පාඨවලින් පවා එය පැහැදිලි වේ. ඒ සටන් පාඨ වූයේ ‘විප්ලවය තුළ විප්ලවයක්’ (Revolution with in Revelution), ‘වැඩි ප‍්‍රජාතන්ත‍්‍රවාදය – වැඩි සමාජවාදය’ (More Democracy – more Socialism) යන ඒවා ය. මන්ද යත්, තිබෙන ගැටලූ දුටු සමාජයේ බහුතර ජනතාවට අවශ්‍ය වූයේ සමාජවාදී රාමුව තුළ වෙනස්කම් හා විසඳුම්ය.
මේ හේතුව නිසා ම ආරම්භයේ දී කොමියුනිස්ට් නිෂ්පාදන සබඳතා දුර්වල කර භාණ්ඩ, මුදල් සබඳතා ශක්තිමත් කෙරිණි. එමෙන් ම පසුව නිෂ්පාදන මාධ්‍ය හිමිකම පෞද්ගලික අයිතියට පත් වීමට පාර කැපූ කි‍්‍රයාමාර්ගම සමාජවාදය ශක්තිමත් කිරීමේ කි‍්‍රයාමාර්ග ලෙස නාමකරණය කර ප‍්‍රවර්ධනය කරනු ලැබී ය.
ඉදිරි කාලය තුළ දී කළ යුතු සංසන්දනාත්මක අධ්‍යයනයන් වන්නේ සෝවියට් බලයේ එක් එක් කාල තුළ දී කම්කරු පන්තිය රාජ්‍ය පාලනයට සම්බන්ධ කර ගැනීමට යොදා ගත් සංවිධාන ආකෘති පිළිබඳවත්, ඒ ඒ යුගය තුළ කම්කරු පන්තියේ අයිතීන් හා වගකීම් පිළිබඳවත් අධ්‍යයනය කිරීමයි. මධ්‍යගත සැලැසුම් ආර්ථිකයක් ගොඩනැංවීමේ අවශ්‍යතාවයට හා නිෂ්පාදන මාධ්‍යවල සාමුහික හිමිකම පුළුල් කිරීම යන අවශ්‍යතාවයට සාපේක්‍ෂව ලෙනින්ගේ යුගයේ කි‍්‍රයාත්මක වූ කම්කරු කමිටු ව්‍යුහය ද, ඉන් පසුව කි‍්‍රයාත්මක වූ ‘ස්ටැක්නොවයිට්’ (stakhnovite) ව්‍යාපාරය ද ගොර්බචොප් යටතේ ස්වයං කළමනාකරණ සහා (Self Management Council) ද කි‍්‍රයාත්මක වූ ආකාරය අධ්‍යයනය කළ යුතු ය.
එම අධ්‍යයනයේ ම කොටසක් ලෙස යුරෝපයේ හා ආසියාවේ සමාජවාදී රටවල් තුළ සමාජවාදය ගොඩනැංවීමේ කි‍්‍රයාවලිය පිළිබඳව ද අධ්‍යයනය කළ යුතු ය. එහි දී පහත සඳහන් කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය ය.

I. මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන් හඳුන්වන සමාජවාදී රටවල කම්කරු පන්ති රාජ්‍ය බලය කි‍්‍රයාත්මක වූයේ කෙලෙස ද?

II. කම්කරු පන්තිය හා සුළු ධනේශ්වර ස්ථරය අතර සන්ධානය හා අරගලය සිදු වූයේ කෙලෙස ද?

III. බලයේ සිටින කොමියුනිස්ට් පක්‍ෂවලට දේශීය ධනපති පන්තියේ බලපෑම විශේෂයෙන් ම සමහර ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් සිදු වූයේ කෙසේ ද? උදා: චීන කොමියුනිස්ට් පක්‍ෂය, යුගෝස්ලාවියානු කොමියුනිස්ට් සංගමය.

II. 1945න් පසු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොටස් සමඟ එක්සත් වීම බලයේ සිටින කොමියුනිස්ට් පක්‍ෂවල සන්ධාරයට බලපෑවේ කෙසේ ද? උදා: පෝලන්ත එක්සත් කම්කරු පක්‍ෂය, එක්සත් සමාජවාදී පක්‍ෂය, ජර්මනිය, චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් පක්‍ෂය, හංගේරියානු කම්කරු පක්‍ෂය.

27. ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඇති වූ වර්ධනයන් හා එහි උපායමාර්ග :

ලෝක පරිමාණ පන්ති අරගලයේ ස්වභාවයත්, පංති බලවේග සකස් වී තිබූ ආකාරයත් අන්තර්ජාතික කොමියුනිස්ට් ව්‍යාපාරයේ වර්ධනයන් හා එහි උපායමාර්ගයන්හි තිබූ ගැටලූ ද විශාල බලපෑමක් සෝවියට් දේශයේ සිදු වූ සිදුවීම්වලට ඇති කළේ ය. තුන්වැනි ජාත්‍යන්තරයේ මුළු කාලය තුළම න්‍යායික හා උපායමාර්ගික කරුණුවල දී ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ එකමුතුකමක් නැති වීම පිළිබඳ ගැටලූව, විශේෂයෙන් ම සිදු කළ යුතු විප්ලවයේ පන්ති ස්වභාවය හා එළැඹෙන යුද්ධයේ (දෙවැනි ලෝක යුද්ධය) පන්ති ස්වභාවය පිළිබඳ ගැටලූව යනාදිය පදනම් කරගෙන මතු විය. විශේෂයෙන් ම බොල්ෂෙවික් පක්‍ෂය තුළ අවස්ථාවාදී කණ්ඩායම් (ට්‍රොට්ස්කි, බුහාරින්වාදීන්) විසින්ම එම ගැටුම ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළද මතු කරන ලදී,
1920 දශකය අවසාන වන විට තුන්වැනි ජාත්‍යන්තරයේ සභාපති ලෙස කටයුතු කළ බුහාරින් විසින් කොමියුනිස්ට් පක්‍ෂ හා තුන්වැනි ජාත්‍යන්තරය තුළ සිටි ‘ධනපති ක‍්‍රමයේ ස්ථාවරත්වය’ පිළිබඳ වැඩි අවධාරණයක් කළ බලවේගවලට සහාය පළ කළ අතර, නව විප්ලවවාදී නැඟීසිටීම්වලට අකැමැති ස්වභාවයක් පළ කරන ලදී. ඒ වෙනුවට එය විශේෂයෙන් ම සමාජ – ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවල ‘වාමාංශික ධාරාව’ සමඟ සම්මුතිකාමී ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ ය.
මේ නිසා ම 1943 මැයිවල දී තුන්වැනි ජාත්‍යන්තරය විසුරුවා හැරීමට පෙර වර්ෂ කිහිපයකට කලින් ම ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ එක්සත් ආයතනයක් ලෙස එහි පැවැත්ම දුර්වල වී තිබිණි. මෙහිලා කොමියුනිස්ට් ජාත්‍යන්තරය තුළ වූ ප‍්‍රධාන දුර්වලතාවය වූයේ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය හෝ යටත්විජිතවාදයට එරෙහි අරගලයන් කම්කරු පන්තියට රාජ්‍ය බලය ලබා ගැනීමේ උපායමාර්ගයක් සකස් කරගෙන එය ඒ ඒ රටට ගැලපෙන ලෙස සම්බන්ධීකරණය කර ගැනීමට තිබූ නොහැකියාවයි.
තුන්වැනි කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසුරුවා හැරීමට බලපෑ සාධක කුමක් වුවත්, ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයට ඒකාබද්ධ විප්ලවවාදී උපායමාර්ගයක් සැලැසුම් කිරීමටත් සම්බන්ධීකරණයට අනිවාර්ය අවශ්‍යතාවයක් ඇතිවාක් මෙන් ම ඒ සඳහා මධ්‍යස්ථානක් තිබිය යුතුය යන්න ද අනිවාර්යයකි.
තුන්වැනි කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසුරුවා හැරීමට බලපෑ කරුණු අධ්‍යයනයේ දී ඒ සඳහා බලපෑ විවිධ වර්ධනයන් ගණනාවක් අධ්‍යයනය කළ යුතු ය.

I. රතු වෘත්තීය සමිති ජාත්‍යන්තරයේ කටයුතු 1937දී අත්හිටුවමින්, ඒවායේ බහුතර කොටසක් ප‍්‍රතිසංස්කරණවාදී විශාල වෘත්තීය සමිති සමඟ එක් වීම හෝ ඒකාබද්ධ වීම

II. තරුණ කොමියුනිස්ට් සංගම් ජාත්‍යන්තරයේ හයවැනි සමුළුවේ දී 1935දී ෆැසිස්ට්වාදයට හා ළඟ එන ලෝක යුද්ධයට මුහුණ දීම සඳහා තරුණ කොමියුනිස්ට් සංගම්වල පන්ති ස්වභාවයේ වෙනසක් කළ යුතුය යන තීරණයට එළැඹීමත් එම තීරණය සමඟ සමහර රටවල කොමියුනිස්ට් තරුණ සංගම් ප‍්‍රතිසංස්කරණවාදී වාමාංශික තරුණ සංගම් සමඟ ඒකාබද්ධ වීමත් සිදු වීම. උදා: ස්පාඤ්ඤයේ හා ලිතුවේනියාවේ.

අධිරාජ්‍යවාදී යුද්ධය තුළ දී සෑම රටක ම පන්ති ප‍්‍රතිවිරෝධතාවයන් තවත් උත්සන්න තත්වයට පත් කළා වුවද, ෆැසිස්ට් විරෝධී අරගලයත් පොදු ජන ව්‍යාපාරයත් රතු හමුදාවේ තීරණාත්මක සහයෝගයත් විසින් ධනපති පන්ති රාජ්‍ය බලය මුලිනුපුටා දැමීමට සමත් වූයේ මධ්‍යම හා නැෙඟනහිර යුරෝපයේ රටවල් තුළ පමණි.
බටහිර යුරෝපයේ දී ඒවායේ කොමියුනිස්ට් පක්‍ෂ අධිරාජ්‍යවාදී යුද්ධය හෝ ජාතික විමුක්ති අරගලය හෝ රාජ්‍ය බලය ලබා ගැනීමේ උපායමාර්ගයක් බවට පත් කර ගත්තේ නැත. කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් බොහෝ රටවල ෆැසිස්ට් විරෝධී – ජාතික විමුක්ති අරගලයේ අනිවාර්ය ලක්‍ෂණයක් වී තිබුණු ප‍්‍රාග්ධනය හා ශ‍්‍රමය අතර ගැටුම යුද්ධයෙන් පසු බිහි කර ගත යුතු රාජ්‍යයේ පන්ති ස්වභාවය කුමක් විය යුතු ද යන්න පිළිබඳ ප‍්‍රශ්නය මතු කර ගැනීමට උත්සාහ නොකළේය. මන්ද යත්, ධනපති ම්ලේච්ඡත්වයට එරෙහි එක ම ස්ථිර විසැඳුම සමාජවාදය හා කොමියුනිස්ට්වාදය බැවිනි. මෙහි දී ධනවාදය හා සමාජවාදය අතර වෙනත් අතරමැදි සමාජ ක‍්‍රමයක් නොමැති බවටත් ධනපති පන්ති රාජ්‍ය බලය හා කම්කරු පන්ති රාජ්‍ය බලය අතර අතරමැදි වෙනත් රාජ්‍ය බලයක් නොමැති බවටත් වන විද්‍යාත්මක න්‍යාය අත්හැර දමන ලදී.
මෙම විද්‍යාත්මක න්‍යාය සෑම විට ම නිවැරදි ය. එය බල තුලනයේ බලපෑම මත හෝ අන්තර් අධිරාජ්‍ය ප‍්‍රතිවිරෝධය වර්ධනය වීමේ ප‍්‍රතිඵලයක් නිසා හෝ අධිරාජ්‍යවාදී යුද්ධ නිසා හෝ ධනපති රාජ්‍ය බලයේ ආකෘතියේ (පෙනුමේ) කුමන වෙනසක් සිදු වුව ද, එම සියලූ ම කරුණු නොසලකා ධනපති රාජ්‍ය බලයත් නිර්ධන පන්ති රාජ්‍ය බලයත් අතර වෙනත් රාජ්‍ය බලයක් නොමැත.

28. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝක යුද්ධය තුළ ගොඩනැඟුණු සන්ධාන ප‍්‍රතිසන්ධානගත විය. ජාතික විමුක්ති අරගලයට සහභාගි වූ ධනපති රාජ්‍යයත් ධනපති පන්තියත් සමඟ සමාජ – ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග කොමියුනිස්ට් ව්‍යාපාරයට හා සමාජවාදී රාජ්‍ය බලයට එරෙහිව සන්ධානගත විය.
මේ තත්වය තුළ දී ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ සමහර කොටස්වල වැඞී වර්ධනය වූ අවස්ථාවාදී පිරිහීම්වල සෘණාත්මක ප‍්‍රතිඵල වැඩි වැඩියෙන් පෙනෙන්නට විය. තුන්වැනි ජාත්‍යන්තරය විසුරුවා හැරීමෙන් පසු ලෝකයේ කොමියුනිස්ට් පක්‍ෂ අතර සංවිධානමය සබඳතාවයන් බිඳවැටීම විසින්ද, විශාල වශයෙන් මතවාදීමය ඒකත්වයට ගැති වී තිබීම විසින් ඒකාබද්ධ උපායමාර්ගික වැඩපිළිවෙළක් අන්තර්ජාතික අධිරාජ්‍යවාදයට විරුද්ධව ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයට සකස් කර ගැනීමට නොහැකි වීම ද සිදු විය.
1947 (48)දී ආරම්භ කළ ‘කොමින්ෆෝම් (Cominform)  ආරම්භ කර නැවත 1956දී විසුරුවා හරින ලදී. 1956න් පසු කොමියුනිස්ට් පක්‍ෂවල අන්තර්ජාතික රැස්වීම් පැවැත්වුවද, මේ කිසිවකට කොමියුනිස්ට් ජාත්‍යන්තරය ඉටු කළ කාර්යභාරයට සමාන කාර්යයක් කිරීමටත් අන්තර්ජාතික අධිරාජ්‍යවාදයට එරෙහි පොදු උපායමාර්ගයක් සකස් කර ගැනීමටත් නොහැකි විය.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සමාජවාදී බලවේගවල වැඩි වර්ධනය වූ ශක්තිය තිබිය දී ම අන්තර්ජාතික අධිරාජ්‍යවාදයත් ශක්තිමත්ව පැවැතිණි. දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ විගස ම ඇමෙරිකා එක්සත් ජානපදයේ නායකත්වයෙන් අධිරාජ්‍යවාදය සිතල යුද්ධය ආරම්භ කළේ ය. එය සමාජවාදය යටපත් කිරීම සඳහා පරිස්සමින් සකසා දියත් කළ වැඩපිළිවෙළකි.

සීතල යුද්ධ වැඩපිළිවෙළට වැඩසටහන් රාශියක් අයත් විය:

1. සමාජවාදයට එරෙහි මානසික යුද්ධය

2. සෝවියට් සංගමය ආර්ථික වශයෙන් අඩපණ කිරීම ඉලක්ක කරගෙන අති විශාල යුද වියදමකට තල්ලූ කිරීමට ගත් කි‍්‍රයාමාර්ග

3. සමාජවාදී රටවල් තුළ කඩාකප්ප්ල්කාරී කි‍්‍රයා සැලැසුම් කිරීම

4. සමාජවාදී සමාජ ඒවා තුළින්ම විනාශ කිරීමට විවිධාකාර වැඩසටහන් සිදු කිරීම.

5. විවෘත ප‍්‍රකෝපකිරීම්

6. ප‍්‍රතිවිප්ලවීය කි‍්‍රයාමාර්ග සඳහා උසිගැන්වීම් සිදු කිරීම. (උදා : 1947-48 – යුගෝස්ලාවියාව, 1953 – නැෙඟනහිර ජර්මනිය, 1956 – හංගේරියාව, 1968 – චෙකොස්ලොවැකියාව)

අන් සමාජවාදී රටවල් සෝවියට් සංගමය සමඟ ඇති සබඳතාවය බිඳ දැමීමට හා අවස්ථාවාදී ප‍්‍රවාණතා වර්ධනය කිරීම අරමුණු කරගෙන අධිරාජ්‍යවාදීන් විසින් විවිධ සමාජවාදී රටවල් සමඟ වෙනස් වූ ආර්ථික හා රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා පැවැත්වීම. ඊට සමාන්තරව ම අධිරාජ්‍යවාදී කඳවුර විසින් (ඇමෙරිකාව එහි ප‍්‍රමුඛයා විය) විවිධ යුදමය, දේශපාලනමය, ආර්ථිකමය සංගම් හා ලෝක පරිමාණ ණය දෙන සංවිධාන (NATO, EC, IMF, World
Bank අන්තර්ජාතික වෙළෙඳ සම්මුතීන්) රාශියක් ඇති කරනු ලැබී ය. ඒවා මඟින් ධනපති රාජ්‍ය අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කළ අතර ම ඒවා අතර ප‍්‍රතිවිරෝධතාද යම් පමණකට විසඳීමට කටයුතු කරනු ලැබී ය. ඒවා සියල්ලේ ම එකම ප‍්‍රධාන අරමුණ වූයේ සමාජවාදී රාජ්‍ය පද්ධතිය ගිල ගැනීම ය. මෙමඟින් අධිරාජ්‍යවාදී ආක‍්‍රමණද සැලසුම් කරන ලදී. ක‍්‍රමානුකූල හා විවිධ ආකාරයේ ප‍්‍රකෝප ගැන්වීම් හා කොමියුනිස්ට් විරෝධී ව්‍යාපාර ලෝක පරිමාණයෙන් දියත් කරන ලද්දේය. ඔවුහු ඉතාම නවීන මතවාදී උපක‍්‍රම යොදාගෙන සමාජවාදී රටවලට හා පොදුවේ කොමියුනිස්ට් ව්‍යාපාරයට එරෙහි ප‍්‍රතිවිරෝධාත්මක මතවාදයන් ජනතාවන් තුළ පොදුවේ ගොඩ නැඟුහ. ඒ සඳහා ඔවුහු කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ තිබූ අවස්ථාවාදී ප‍්‍රවණතා හා මතවාදීමය ක්‍ෂේත‍්‍රයේ ගැටලූ භාවිත කළහ. ඔවුහු සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයට හා සෝවියට් දේශයට එරෙහිව ඕනෑ ම හෝ කුමන ආකාරයක වෙනසක්, විරුද්ධතාවයක් පෙන්වන ආර්ථික, දේශපාලන, ආගමික සියලූ ම ආයතනවලට සහාය දුන්නේය. ඒ සඳහා තම රාජ්‍ය අයවැයවලින් ඩොලර් බිලියන ගණන් වෙන් කරන ලදී.
29. සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂය විසින් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු 1952 පැවැති 19වැනි සමුළුවේ දී යම් පමණකටත් 1956 පැවැති 20වැනි සමුළුවේ දී පූර්ණ වශයෙනුත් ‘සාමකාමී සහජීවනයේ’ දේශපාලන වැඩපිළිවෙළ අනුමත කරන ලදී. එමඟින් එක්සත් ජනපදයේ හා බි‍්‍රතාන්‍යයේ අධිරාජ්‍යවාදී සැහැසිකම් හා ප‍්‍රකෝපකිරීම් ද බටහිර යුරෝපයේ ධනපති පන්තියේ හා එයට අදාළ දේශපාලන බලවේගවල කි‍්‍රයාකාරීත්වය ද යන දෙක ම ඒකාධිකාරී ධනවාදයේ එනම්, අධිරාජ්‍යවාදයේ අනිවාර්ය අත්‍යවශ්‍ය අංගය ලෙස නොදකින ලදී. ඒ අනුව යුරෝපියානු අදහස් වර්ධනය කළ අතර, එමඟින් අධිරාජ්‍යවාදයේ ලෝක ව්‍යාප්ත ආධිපත්‍යය බිඳවැටුණු සමාජවාදී බලවේග හා අධිරාජ්‍යවාදයට දිගුකාලීනව සහජීවන ප‍්‍රකාශනය යටතේ සිටිය හැකි යැයි යන නිගමනයට එළැඹෙන ලදී. සැබැවින් ම සෝ්වියට් කොමියුනිස්ට් පක්‍ෂයේ 20 වැනි සමුළුවෙන් පසු යුරෝපය තුළ ධනවාදයේ සිට සමාජවාදයට පාර්ලිමේන්තුව හරහා සංක‍්‍රමණය විය හැකිය යන මතය ද යම් ප‍්‍රමාණයකට මේ නිසා ස්ථාපිත කෙරිණි.
ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ පාර්ශ්ව දෙක ම (එනම්, රාජ්‍ය බලය හිමි රටවල කොමියුනිස්ට් පක්‍ෂ සහ බලය හිමි නැති රටවල කොමියුනිස්ට් පක්‍ෂ) කොමියුනිස්ට් ව්‍යාපාරයේ ශක්තිය අධිතක්සේරු කළ අතර, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නැවත ප‍්‍රතිසංවිධානය වූ ධනවාදයේ ශක්තිය අවතක්සේරු කරන ලදී. එමෙන් ම ආරම්භයේ දී සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂය හා චීන කොමියුනිස්ට් පක්‍ෂය අතර සබඳතා පළුදු වීම හරහා ඇරැඹි ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ බෙදීම පසුව ‘යුරෝ කොමියුනිස්ට්වාදී’ ප‍්‍රවණතාවය ඇරැුඹීමත් සමඟ තවත් විශාල විය. එය සිදු වූයේ ද ඉහතින්ම සඳහන් සිදුවීම්වලට අදාළ කාලසීමාව තුළමය.

බටහිර යුරෝපයේ බොහෝ කොමියුනිස්ට් පක්‍ෂ තම රටවල ඇති විශේෂ සමාජ – ආර්ථික කොන්දේසි අනුව එනම්, යුරෝ කොමියුනිස්ට්වාදී අවස්ථාවාදී මතවාදයට අනුව සමාජවාදී විප්ලවය පිළිබඳ විද්‍යාත්මක නියමයන් බැහැර කළ අතර, නිර්ධන පන්ති ආඥාදායකත්වය යන්නත්, විප්ලවවාදී අරගලය පොදුවේත් අත්හරින ලදී. ඒවා බොහොමයක් ‘සමාජවාදය සඳහා පාර්ලිමේන්තු මාවත’ පිළිගත් අතර, එය පැරැණි සංශෝධනවාදී සමාජ – ප‍්‍රජාතන්ත‍්‍රවාදී උපායමාර්ගයකි. පොදුවේ සිදු වූයේ කොමියුනිස්ට් පක්‍ෂ විසින් අවස්ථාවාදී ප‍්‍රවණතාවයක් වූ සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව අරගල කරනවා වෙනුවට සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ‘වම’ හා ‘දකුණ’ ලෙස බෙදාගෙන කටයුතු කිරීම ය. ‘කම්කරු පන්තියේ සමඟිය’ යන්න ඉදිරිපත් කරමින්. කොමියුනිස්ට් පක්‍ෂ රාශියක් න්‍යායික හා දේශපාලන ස්ථාවරයන් ගණනාවක් අත්හැර ගන්නා ලදී. එමෙන් ම සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වැඩපිළිවෙළෙහි හා නිවේදනවල ඉලක්කය වූයේ ධනපති ක‍්‍රමය මුලිනුපුටා දැමීම සඳහා කම්කරු පන්තිය එකතු විය යුතු ය යන ඉලක්කය නොව කම්කරු පන්තිය කොමියුනිස්ට් අදහස්වලින් හා ව්‍යාපාරයේ බලපෑමෙන් ඉවත් කිරීම හා කම්කරු පන්තිය කොමියුනිස්ට් ව්‍යාපාරයෙන් විතැන් කිරිම ය.
බොහෝ කොමියුනිස්ට් පක්‍ෂ ‘සමාජ – ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ පිළිබඳ දැක් වූ ආකල්පය වූයේ, එය අධිරාජ්‍යවාදයට එරෙහි බලවේග පිළිබඳ තබා තිබූ උපායමාර්ගයට සම්බන්ධ
කරගෙනය. එය අලූත් ආකාරයකින් සමාජවාදය හා ධනවාදය අතර වූ අතරමැදි අවධියක් ලෙසිනි. එමෙන් ම සමාජ – ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවල සහාය ඇතිව ආණ්ඩුකරණයේ යෙදුණු ධනපති ආණ්ඩුවල දේශපාලන ප‍්‍රකාශනය වූයේද එවැනි ස්වභාවයකි. මෙම උපායමාර්ගය මූලිකව සකස් වූයේ, ලේකයේ විවිධ රටවල් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට දැක් වූ ‘යටත් වීමේ හා යැපීමේ’ ප‍්‍රමාණයට සාපේක්‍ෂවය. මෙහි ලා විශේෂයෙන් සඳහන් කළ යුත්තේ අධිරාජ්‍යවාදයේ මුදුනෙහිම සිටින රට වන එක්සත් ජනපදයේ කොමියුනිස්ට් පක්‍ෂය ද මෙම උපායමාර්ගය පිළිගැනීමය.
මෙම උපායමාර්ගය ‘විශේෂ කොන්ද්සි යටතේ සමාජවාදය වෙත පරිවර්තනය වීමට විවිධ ආකාර තිබිය හැක’ යන තිසීසය 1956දී පැවැති සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ 20 වැනි සමුළුවේ දී අනුමත කර ගැනීමත් සමඟ තවත් ව්‍යාප්ත වීම හා තහවුරු වීම සිදු විය. මෙම තිසීසය සෝවියට් දේශයේ විප්ලවීය අත්දැකීම්වලට එරෙහි සංශෝධනවාදී ස්ථාවරයක් වූයේ ය. සමාජවාදී රටවලට හා ධනපති රටවල් තුළ පැවැති කම්කරු පන්ති ව්‍යාපාරයන්ට එරෙහි ධනවාදයේ සමස්ත උපායමාර්ගික වැඩපිළිවෙළවල් අඩු තක්සේරු කෙරිණි. අධිරාජ්‍යවාදී යුගයේ දී එහි මුදුන තුළ අධිරාජ්‍යවාදී හා ධනවාදී රටවල් අතර වැළැක්විය නොහැකි ලෙසට ඇති වන ප‍්‍රතිවිරෝධතා නිවැරදිව විශ්ලේෂණය නොකරන ලදී.
කොමියුනිස්ට් පක්‍ෂ විසින් අධිරාජ්‍යවාදයේ සෘජු සේවකයන් ලෙස සැලැකූ රටවල් හා ‘ජාතික චින්තනයක්’ සහිත ධනේශ්වර දේශපාලන බලවේග ලෙස ධනපති රටවල් හා දේශපාලන බලවේග ලෙස දෙකට බෙදා ගත් අතර, ඉන් ‘ජාතික චින්තනයක්’ සහිත ධනේශ්වර බලවේග සමඟ සන්ධාන ගත විය. දේශපාලන ප‍්‍රකාශනයන් අනුගමනය කළේ ය. විශේෂයෙන් ම 1960න් පසු මෙම තිසීසය ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ තවත් තහවුරු වූ අතර, එයට චීන කොමියුනිස්ට් පක්‍ෂයේ මැදිහත් වීම ද සුවිශේෂීව බලපෑවේ ය.
නව අධිරාජ්‍යවාදී යුද්ධයන් ඇති වීම ද (වියට්නාමය, කොරියාව) සමාජවාදී රටවලට එරෙහිව න්‍යෂ්ටික ප‍්‍රහාරයක් එල්ල වේය යන තර්ජනය හා බිය විසින් සමාජවාදී රටවල් තුළ අභ්‍යන්තර පන්ති ප‍්‍රතිවිරෝධතා තදින් තියුණු වීම ද, (මධ්‍යම හා නැඟනහිර යුරෝපයේ) විසින් ධනපති රටවල කොමියුනිස්ට් පක්‍ෂ හා පාලක සමාජවාදී රටවල කොමියුනිස්ට් පක්‍ෂ අතර අවස්ථාවාදී ප‍්‍රවණතාවලට ගොදුරු වීමට වැඩි නැඹුරුතාවයක් දැක් වූ කොටස් අතර අවස්ථාවාදී ප‍්‍රවණතා හා ස්ථාවරයන් ශක්තිමත් විය. අධිරාජ්‍යවාදය විසින් විවිධ සමාජවාදී රටවල් සඳහා අනුගමනය කළ නම්‍යශීලී හා (tailor-made) එයටම ගැලපෙන උපක‍්‍රම විසින් එම සමාජවාදී රටවල අවස්ථාවාදී ප‍්‍රවණතාවයන් වැඩි වර්ධනය කිරීමට උත්තේජනයක් සැපයීය. එමෙන් ම එම සමාජවාදී රටවල කොමියුනිස්ට් පක්‍ෂ මේ නිසා ම ලෝක මට්ටමින් හා යුරෝපීය මට්ටමින් විප්ලවවාදී අරගලය අධිතක්සේරු කිරීමට මෙම පක්‍ෂ විසින් පෙළඹෙන ලදී. මේ සියල්ල මඟින් සෘජුව හා වක‍්‍රව සමාජවාදී රාජ්‍ය කෙරෙහි වූ අධිරාජ්‍යවාදී බලපෑම වැඩිදියුණු වීම සිදු විය.
30. ගී‍්‍රක කොමියුනිස්ට් පක්‍ෂයේ ස්ථාවරය පිළිබඳ අගැයීමක්
ගී‍්‍රක කොමියුනිස්ට් පක්‍ෂයේ 1991දී පැවැති 14 වැනි සමුළුවේ දී හා 1995දී පැවැති ජාතික සම්මන්ත‍්‍රණයේ දී එය සෝවියට් සංගමයේ හා අනෙකුත් රටවල සමාජවාදය බිඳවැටීම පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කළේ ය. ඒ යටතේ ;
සමාජවාදය පිළිබඳ වැරදි හා සෘණාත්මක මතයන් ගොඩනැඟීම වැළැක්වීමට පක්‍ෂයක් ලෙස අසමත් වීම
අප විසින් දකින ලද ගැටලූ අධිතක්සේරු කිරීම හා ඒවා මූලික වශයෙන් විෂයමූලික තත්වයන්ගේ පැන නැඟීමක් ලෙස නොව මනෝමූලික තත්ත්වයන්ගේ පැන නැඟීමක් ලෙස සැලැකීම
අප ඒවා සමාජවාදය ගොඩනැඟීමේ දී සිදු වන ගැටලූ ලෙස සාධාරණීයකරණය කිරීම තුළ ද යථාර්ථය ගවේෂණයේ දී ඒවා එසේ බවට ප‍්‍රත්‍යක්‍ෂ නොවීම.
අපගේ පක්‍ෂයට සෝවියට් සංගමය හා අනෙකුත් සමාජවාදී රටවල සිදු වෙමින් පැවැති තත්වය පිළිබඳව නිවැරැුදි නිගමනයකට එළැඹීමට බාධා වූ කරුණු ගණනාවක් විය.
පක්‍ෂය විසින් එවන් අධ්‍යයනයක් සඳහා අවශ්‍ය කරන න්‍යායික මට්ටම අත්පත් කර ගැනීමට අවශ්‍ය තරම් අවධානය යොමු නොකිරීම
අපගේ න්‍යායාත්මක දැනුම වැඩිදියුණු කිරීමට හේතු වන නිර්මාණාත්මක අධ්‍යයනයන් සඳහා යොමු නොවීම
පන්ති අරගලයේ හා විප්ලවීය අරගලයේ පොහොසත් අත්දැකීම් ඒ සඳහා පාදක කර නොගැනීම
වර්ධනය වෙමින් පැවැති තත්වයන්ට අනුව පක්‍ෂයේ ම බලවේග යොදාගෙන න්‍යායාත්මක හා දේශපාලන තත්වයන් විග‍්‍රහ කිරීමට සමත් තිසීසයන් සකස් කර නොගැනීම
එමෙන් ම විශාල වශයෙන් අපගේ පක්‍ෂයද සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ දෝෂ සහිත වැරදි න්‍යායාත්මක දේශපාලන ස්ථාවරයන් හා කි‍්‍රයාමාර්ග එලෙස ම අනුමත කිරීම
අප පක්‍ෂය යම් කාලයක් ගත වන විට සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ න්‍යායාත්මක ස්ථාවරයන් හා දෘෂ්ටිය කිසිදු විවේචනයකින් තොරව පිළිගැනීමත් එවකට කොමියුනිස්ට් පක්‍ෂ අතර ඇති වී තිබූ නිල සබඳතාවය මත පමණක් කරුණු විශ්ලේෂණයට පුරුදු වී තිබීම හා එම තත්වය ඉවසීමටත් පත් වී තිබිණි. වත්මනෙහි අප ඒ පිළිබඳ පැමිණ ඇති නිගමනය වනුයේ, අනෙකුත් පක්‍ෂවල අත්දැකීම්වලට ගරු කරන ගමන්ම ඒවා අපගේ ම විශ්ලේෂණ මඟින් එම පක්‍ෂවල ප‍්‍රතිපත්තින් හා කි‍්‍රයාමාර්ග විශ්ලේෂණය කළ යුතු බවත්, සහෝදරාත්මක විවේචන මඟින් ඔවුනගේ අත්වැරදීම් පෙන්වා දීම හා ඔවුන්ගේ වැරදි දේශපාලන හා න්‍යායාත්මක පීලිපැනීම්වලට විරුද්ධ විය යුතු බවත් ය.
1995දී පැවැති පක්‍ෂයේ ජාතික සමුළුවේ දී පෙරෙස්ත්‍රොයිකා වැඩපිළිවෙළ එදා පක්‍ෂය මඟින් විවේචනයකින් තොරව සමාජවාදයට යහපත් ප‍්‍රතිඵල අත් කර දෙන එකක් ලෙස පිළිගැනීම බරපතළ ලෙස විවේචනයට ලක් කළේ ය. මෙම පෙරෙස්ත්‍රොයිකා වැඩපිළිවෙළ අප පක්‍ෂය තුළ ද විවේචනයකින් තොරව අනුමත වීම තුළින් පෙන්නුම් කෙරෙන්නේ, අප පක්‍ෂය තුළද අවස්ථාවාදය කෙතරම් දුරට පක්‍ෂ ශ්‍රේණි අතර එම යුගයේදී තහවුරු වී තිබුණේ ද යන්නය.
අප පක්‍ෂය විසින් එදා ගන්නා ලද කි‍්‍රයාමාර්ගවල ඇති වැරදි සහගත බව පිළිබඳ වර්තමානයේ අප විසින් සිදු කරන විවේචනාත්මක ඇගයීම විසින් කිසි ම අයුරකින් පක්‍ෂය සිය ඉතිහාසය පුරා ම සිය ජාත්‍යන්තරවාදී ස්ථාවරය ආරක්‍ෂා කරගෙන කටයුතු කිරීමත් විසිවැනි සියවසේ සමාජවාදී ගොඩනැංවීම ආරක්‍ෂා කිරීමට කටයුතු කිරීමටත් ඒ වෙනුවෙන් පක්‍ෂය සතු අනගිතම සාමාජිකයන් හා කාඩර්වරුන් දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කිරීමත් ප‍්‍රතික්‍ෂේප නොකරයි.
අප පක්‍ෂය සමාජවාදයේ ජයග‍්‍රහණ සටන්කාමීව ප‍්‍රචාරය කළේ ය. අතීතයේ හා වර්තානයේ කුමන සෘණාත්මක වර්ධනයන්ට අප මුහුණ දී සිටිය ද, විසිවැනි සියවස තුළ සමාජවාදයේ ආරක්‍ෂාව වෙනුවෙන් අප පක්‍ෂයේ ස්ථාවර මැදිහත් වීම පක්‍ෂය දුෂ්කර කොන්දේසි යටතේ දීත් කැමැත්තෙන් තෝරා ගත්තක් විය.
ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ සමාජවාදී සෝවියට් සංගමය හා අනෙකුත් සමාජවාදී රටවල්වලට එරෙහිව කරන ලද විවේචන ක‍්‍රමානුකූලව එම රටවල සමාජවාදී ස්වභාවය ප‍්‍රතික්‍ෂේප කිරීම දක්වා ද, අධිරාජ්‍යවාදී කොමියුනිස්ට් විරෝධී ප‍්‍රචාරණය පිළිගැනීම දක්වා ද වර්ධනය විය. ගී‍්‍රක කොමියුනිස්ට් පක්‍ෂය තුළද ලොව සමාජවාදී රටවල පැවැති දුර්වලතා පැවැතිය ද, එහි ඉතිහාසයේ කිසි විටෙක ඉහත ප‍්‍රතිගාමීත්වයට සේවය කළ බලවේග සමඟ එක් නොවුණා මෙන් ම එම රටවල සමාජවාදය ආරක්‍ෂා කිරීම අත්හැරීම ද නොකළේය.

සමාජවාදයේ අවශ්‍යතාවය සහ අදාළත්වය

31. අපගේ පක්‍ෂ වැඩපිළිවෙළ මෙසේ සඳහන් කරයි :
“ප‍්‍රතිවිප්ලවයේ ජයග‍්‍රහණයන් විසින් යුගයේ පන්ති හා ආර්ථික ස්වභාවය වෙනස් නොකරයි. 21 වැනි සියවස තුළ ලෝක විප්ලවවාදී ව්‍යාපාරය ඉහළ නඟින සියවස වන අතර, එය නව වටයක සමාජ විප්ලව රාශියක් සිදු වන සියවස වනු ඇත.”
දැනට ඇති අරගල අතුරින් දැනට ලබාගෙන ඇති ජනතා අයිතීන් ආරක්‍ෂා කර ගැනීමට පමණක් සීමා වී ඇති අරගල එම අයිතීන්වල අවශ්‍යතාවය කොතරම් වුව ද, එවැනි අරගලවලට සැබෑ විසැඳුම් ලබා දිය නොහැක. 20 වැනි ශතවර්ෂය අගදී සමාජවාදය පරාජය වුව ද, මෙයට ඇති එක ම විසැඳුම වැළැක්විය නොහැකි ලෙස ම රඳා පවතින්නේ සමාජවාදය තුළ ය.
සමාජවාදයේ අවශ්‍යතාවය මතු වන්නේ තත්කාලීන ධනවාදී ලෝකය තුළ එනම්, ලෝක අධිරාජ්‍යවාදී පද්ධතිය තුළ ප‍්‍රතිවිරෝධතා උත්සන්න වීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. එය පැනනඟින්නේ ධනවාදයේ, අධිරාජ්‍යවාදී අවධිය තුළ දී ඒකාධිකාරවල පූර්ණ ආධිපත්‍යය ඇති වීමත්, ඉහළ සමාජ – ආර්ථික ක‍්‍රමයක් බිහි කිරීම සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍යමය කොන්දේසි පූර්ණ වශයෙන් ම සම්පූර්ණ වී ඇති විට ය. ධනවාදය විසින් කිසිදා නොවූ විරූ මට්ටමින් නිෂ්පාදනය සමාජමය කර ඇත. එසේ වුව ද, නිෂ්පාදන මාධ්‍යත්, සමාජයීය ශ‍්‍රමයේ නිෂ්පාදනත් නිමවනු ලබන්නේ පෞද්ගලික ධනපති දේපළයි. වත්මන් ධනපති සමාජ මුහුණ දී ඇති මහා අර්බුදයේ මූලික හේතුව වන්නේ ඉහත සඳහන් ප‍්‍රතිවිරෝධතාවයයි. එනම්, ආර්ථික අර්බුද කාලය තුළ දී පුපුරා යන මට්ටමට ඉහළ නැඟි විරැුකියාව හා දුප්පත්කමත්, ශ‍්‍රම ඵලදායිතාව විශාල ලෙස සංවර්ධනය වී තිබිය දීත්, වැඩකරන කාලය දීර්ඝ කිරීමත් වර්තමාන සමාජ අවශ්‍යතාවයන් වන අධ්‍යාපනය සහ වෘත්තීයමය විශේෂඥ භාවය ඇති කිරීමට අපොහොසත් වීමත් සෞඛ්‍ය ආරක්‍ෂාව නූතන විද්‍යාත්මක හා තාක්‍ෂණික ජයග‍්‍රහණයන් මත පදනම් කර ගැනීමට අසමත් වීමත් පොදු ජනතාවගේ හා වැඩ කරන කම්කරුවන්ගේත් සෞඛ්‍යයටත් බලවත් ප‍්‍රතිවිපාක ගෙන දීමේ මට්ටමට සිදු කරන මහා පරිමාණ ස්වාභාවික පරිසරය විනාශයත් අති දැවැන්ත තාක්‍ෂණික හැකියාවන් අත්පත් කරගෙන තිබියදීත්, ස්වාභාවික විපත්වලින් ආරක්‍ෂා වීමට ඇති නොහැකියාවත් අධිරාජ්‍යවාදී යුද්ධ විසින් කරන විනාශයත්, මත්ද්‍රව්‍ය වෙළඳාම සහ මනුෂ්‍ය අවයව වෙළඳාම ආදියත් සඳහන් කළ හැකි ය.
එමෙන් ම ධනපති ක‍්‍රමයේ මෙම ප‍්‍රතිවිරෝධතාවය ම එයට විසැඳුමට පාර ද කියයි. එනම්, නූතන නිෂ්පාදන බලවේගවල සංවර්ධන මට්ටමට ගැලපෙන පරිදි නිෂ්පාදන සබඳතා සකස් කර ගැනීම එයට ඇති විසැඳුමයි. නිෂ්පාදන මාධ්‍යවල පෞද්ගලික හිමිකාරීත්වය අහෝසි කිරීමත් සමාජ අවශ්‍යතා තෘප්ත කිරීම අරමුණු කරගෙන ඒ සඳහා අවශ්‍ය සමාජයීය නිෂ්පාදනය අත්පත් කර ගැනීම සඳහා නිෂ්පාදන මාධ්‍යය සංකේන්ද්‍රණය කර ඒවා සමාජයීය කර මධ්‍යම සැලැසුම්කරණයක් මඟින් කි‍්‍රයාවට නැඟීමත් එම විසඳුමට ඇති කි‍්‍රයාමාර්ගයයි. ආර්ථිකයේ මධ්‍යම සැලැසුම්කරණය සකස් කළ යුත්තේ, විප්ලවීය කම්කරු පන්ති රජය මඟින් සහ කම්කරුවන්ගේ පාලනය තුළිනි. සමාජවාදයේ ඉලක්කය යථාර්ථවාදී ය. මන්ද යත්, ධනවාදයේ සංවර්ධනය මත පදනම් වී ඇති බැවිනි. සමාජවාදයේ අනිවාර්ය ජයග‍්‍රහණය පන්ති බලවේගවල ශක්තිය මත පදනම් නොවේ. සිදු විය හැක්කේ විවිධ කොන්දේසි යටතේ කුමන විප්ලවකාරී කි‍්‍රයාමාර්ගය විසින් සමාජවාදී ජයග‍්‍රහණය ඉදිරියට යාද? වේගවත් වේද? හා කුමන කි‍්‍රයාමාර්ගය විසින් එහි වේගය බාල වේද යන්න පමණි. මෙහි අදහස මෙම කුමන තත්වයන් යම් යම් කාලවල පැවැතුණද, ධනවාදයේ සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස සමාජවාදය බිහි වීම අනිවාර්ය බව හා එය කිසිසේත් වැළැක්විය නොහැකි බවය.
ආරම්භයේ දී එක් රටක හෝ රටවල් කිහිපයක හෝ සමාජවාදී විප්ලවය ජයග‍්‍රහණය කිරීමට හේතුව නම්, ඒ ඒ රටවල ධනවාදයේ අසමාන ආර්ථික හා දේශපාලන වර්ධනයන් විසින් සමාජ විප්ලවයේ නියාමයන් කි‍්‍රයාත්මක වීම නිසා සිදු වීම ය. සමාජවාදී විප්ලවය සඳහා අවශ්‍ය කොන්දේසි පරිණත වීම ලොව පුරා එකවිට සිදු නොවේ. අධිරාජ්‍යවාදී දම්වැලේ දුර්වලම පුරුකෙන් එය බිඳීම ආරම්භ වේ.
සෑම කොමියුනිස්ට් පක්‍ෂයක ම නිශ්චිත ‘ජාතික’ වගකීම වන්නේ ලෝක විප්ලවය සාක්‍ෂාත් කර ගැනීමේ කි‍්‍රයාවලියේ එක් පියවරක් වශයෙන් තම රට තුළ සමාජවාදී විප්ලවය ජයග‍්‍රහණය කරවීමත් සමාජවාදී ගොඩනැංවීම තම රට තුළ කි‍්‍රයාත්මක කිරීමත්ය. මෙසේ එක් එක් රටවල සමාජවාදී විප්ලවය ජයග‍්‍රහණය විසින් ”ලොව සියලූ රටවල නිර්ධන පන්තියේ ‘විප්ලවකාරී සහයෝගයේ’ රාමුවක් තුළ ‘පරිපූර්ණ සමාජවාදයක්’ ගොඩනැඟීම සිදු කරනු ඇත.”
අධිරාජ්‍යවාදයේ දුර්වල ම පුරුක බිඳවැටීම පිළිබඳ ලෙනින්ගේ තිසීසය විසින් ජාතික හා අන්තර්ජාතික විප්ලවීය කි‍්‍රයාවලිය අතර ඇති දයලෙක්තික සබඳතාවය ප‍්‍රතික්‍ෂේප කිරීමක් සිදු නොවේ. මන්ද යත්, එම තිසීසය විසින් නිශ්චිතව ම දක්වා ඇති කරුණ වන්නේ කොමියුනිස්ට් ක‍්‍රමයේ ඉහළ අවධියට පත් වීමට ලෝක පරිමාණයෙන් සමාජවාදී විජයග‍්‍රහණය අවශ්‍ය බවත්, අවම වශයෙන් ඒ සඳහා ලොව ප‍්‍රධාන අධිරාජ්‍යවාදී හා දියුණු රටවල සමාජවාදී විප්ලවයේ ජයග‍්‍රහණයේ අවශ්‍යතාවය එය අනිවාර්ය කරන බැවිනි.
32. අප පක්‍ෂයේ සමාජවාදය ගොඩනැඟීම පිළිබඳ සංකල්පීය වැඩපිළිවෙළ පොහොසත් කර ගැනීම
ලෝකයේ විවිධ ධනපති රටවල්වල ධනවාදයේ සංවර්ධන මට්ටම් අසමාන නිසා ම සමාජවාදී විප්ලවය සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍යමය කොන්දේසිවල පරිණත විමේ මට්ටමද එක් එක් රට අනුව වෙනස් වේ. යම් සමාජයක ධනපති නිෂ්පාදන සබඳතා ව්‍යාප්ත වීම හා ස්ථාපිත වීම පිළිබඳ ප‍්‍රධාන මිනුම වන්නේ එම රටේ වැටුප් ශ‍්‍රමයේ ව්‍යාප්තිය හා සංකේන්ද්‍රණයේ ප‍්‍රමාණය මත ය.
අධිරාජ්‍යවාදී තත්ත්වයන් යටතේ යම් රටක ධනවාදයේ සාපේක්‍ෂ පසුගාමීත්වය විසින් පන්ති ප‍්‍රතීඝතිකතාවයන්හි හදිසි ගිනි දලූ ඇති විය හැකි අතර, එය විප්ලවීය අර්බුදයක් බවට පත් වූ විට සමාජවාදී විප්ලවයට ජය ගැනීමට ඉඩක් නිර්මාණය වීම සිදු විය හැක. කෙසේ වුව ද, ධනවාදයෙන් උරුම වන සමාජ – ආර්ථික පසුගාමීත්වයේ ප‍්‍රමාණය විසින් අනාගත සමාජවාදී ගොඩනැංවීම වඩාත් දුෂ්කර කරනු ඇති අතර, නව හා පැරැුණි දේ අතර අරගලය වඩාත් තියුණු වනු ඇත. සමාජවාදී ගොඩනැංවීමේ වේගය රඳා පවතින්නේ එයට ඊට පූර්වයෙන් තිබූ ධනවාදයෙන් ලැබෙන ‘උරුමය’ අනුව ය.
කෙසේ වුව ද, කුමන තත්වයක් යටතේදීවත් විප්ලවකාරී කම්කරු පන්ති බලයට පැරැණි ධනපති ක‍්‍රමයෙන් උරුම වන කිසිම කරුණක් මත සමාජවාදී විප්ලවයේ හා සමාජවාදී ගොඩනැංවීමේ මූලික නියාමයන් ප‍්‍රශ්න කිරීම සාධාරණීයකරණය නොකරයි. මෙම සමාජ නියාමයන් ලොව ඕනෑ ම ධනපති රටකට පොදුවේ අදාළ වේ. එය ඒ ඒ රටවල පවතින ඓතිහාසිකව සකස් වුණු විශේෂත්වයන් නොසලකාම සමාජවාදී විප්ලවය සහ සමාජවාදී ගොඩනැංවීම කළ හැකි අතර සැකයෙන් තොරව ම 20 වැනි ශතවර්ෂය තුළ සමාජවාදය ගොඩනැංවීමේ දී ද එම විශේෂ තත්වයන් විවිධ රටවල පැවැතීම නොසලකා ම ඒවායේ සමාජවාදී විප්ලව හා ගොඩනැංවීම් සාර්ථකව සිදු කෙරිණි. එම නිසා අනාගත සමාජවාදී විප්ලව හා සමාජවාදය ගොඩනැංවීමේ දී ඒ ඒ රට තුළ එයට ඓතිහාසිකව උරුම වූ විශේෂතා ස්ථිරව ම තිබෙනු ඇත.
33. ගී‍්‍රක කොමියුනිස්ට් පක්‍ෂයේ 15 වැනි සමුළුව විසින් ගී‍්‍රසියේ වත්මන් විප්ලවයේ අවධිය සමාජවාදය බව තීරණය කරන ලදී. එමෙන් ම ඒ සඳහා කම්කරු පන්තිය සමඟ එක්ව අනෙකුත් ජනතා බලවේග ඒකරාශී කරගෙන ගොඩනඟන ජනතා සන්ධානයේම හෝ පෙරමුණේ පන්තිමය ස්වභාවය අධිරාජ්‍ය විරෝධී, ඒකාධිකාර විරෝධී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී විය යුතු බවට ද තීරණය කරන ලදී. ඉන් පසුව පැවැත් වූ සමුළු මඟින් හා විශේෂයෙන් ම 16 වැනි සමුළුවේද මෙම ‘පෙරමුණ’ පිළිබඳ වැඩපිළිවෙළ තවත් දියුණු හා තියුණු කරන ලදී.
ගී‍්‍රක කොමියුනිස්්ට් පක්‍ෂයේ පක්‍ෂ වැඩපිළිවෙළ තුළ සමාජවාදය පිළිබඳ අපගේ මූලික තිසීසයන් පැහැදිලිව සඳහන්ව ඇත. එම නිසා 20 වැනි ශතවර්ෂය තුළ සමාජවාදී සෝවියට් සංගමය තුළ සමාජවාදය ගොඩනැංවීමේ කි‍්‍රයාවලිය පිළිබඳව අප විසින් දෙවැනි පරිච්ෙඡ්දයේ සඳහන් කර ඇති මාක්ස් – ලෙනින්වාදය මත පදනම් වූ තිසීසයන් පදනම් කරගෙන එළැඹි නිගමනයන් ද යොදාගෙන වර්තමානයේ අපගේ පක්‍ෂයේ පක්‍ෂ වැඩපිළිවෙළ තවත් දියුණු හා තියුණු කළ හැක.
34. විශේෂයෙන් ම ආසන්න වර්ෂවල දී ඒකාධිකාරීන්ගේ ඉතා ඉහළ වර්ධනය විසින් ම නිෂ්පාදන මාධ්‍ය සමාජයීයකරණය කිරීමට අවශ්‍ය පූර්ව කොන්දේසි සකස් වී තිබේ. විශේෂයෙන් ම කාර්මික අංශය, වෙළෙඳාම හා සංචාරක ක්‍ෂේත‍්‍රය වැනි ප‍්‍රධාන අංශවල නිෂ්පාදන මාධ්‍ය සමාජය සතු කිරීම කළ හැකි අතර එමඟින් කර්මාන්ත මගින් නිපදවන වත්කම් මඟින් සමාජවාදී දේපළ නිර්මාණය කිරීම ආරම්භ කළ හැකි ය. සෞඛ්‍යය, අධ්‍යාපනය, සුභසාධනය හා සමාජ ආරක්‍ෂණ ක්‍ෂේත‍්‍රවල ඇති සියලූ ම පෞද්ගලික ව්‍යාපාර වහා ම අහෝසි කළ යුතු ය.
නිෂ්පාදන මාධ්‍ය සමාජය සතු කිරීමත්, මධ්‍යම සැලැසුම්කරණයත් විසින් විරැුකියාව අවසන් කිරීමට අවශ්‍ය තත්වයන් නිර්මාණය කර දෙනු ඇත. සමාජයීය දේපළ හිමිකම මත පදනම්ව නිෂ්පාදන මාධ්‍ය සංකේන්ද්‍රණය කර ගනිමින්, ආර්ථිකය මධ්‍යම සැලැසුමක් මඟින් මෙහෙයවීම මඟින් කරන නිෂ්පාදනය කොමියුනිස්ට් නිෂ්පාදන සබඳතා මඟින් කරන නිෂ්පාදනයකි. රජය විසින් සමාජවාදය ගොඩනැංවීමට හා සමාජ සෞභාග්‍යය අත්පත් කර ගැනීමට අවශ්‍ය දිගුකාලීන, මධ්‍යකාලීන හා කෙටිකාලීන ඉලක්ක සැලැසුම් කරනු ඇත.
මධ්‍යම සැලසුම්කරණය කි‍්‍රයාත්මක කිරීම ඒ ඒ ආර්ථික ක්‍ෂේත‍්‍ර අනුව ප‍්‍රාදේශීය හා කර්මාන්ත මට්ටමේ ශාඛා සහිත තනි ඒකාබද්ධ රාජ්‍ය අධිකාරියක් මඟින් සිදු කරනු ඇත. සැලසුම්කරණය පදනම් වනු ඇත්තේ, පහත සඳහන් සම්පූර්ණ ඉලක්ක හා ක්‍ෂේත‍්‍ර පදනම් කරගෙන ය.

1. බලශක්තිය :

I. මධ්‍යම සැලැසුම්කරණයට අවශ්‍ය වන පරිදි බලශක්ති යටිතල පහසුකම් පද්ධතිය දියුණු කිරීම

II. රටේ බලශක්ති සැපයුම අන් රටවල් මත රඳා පැවැත්මේ ප‍්‍රමාණය අඩු කිරීම

III. අවශ්‍ය තරම් බලශක්තිය ආරක්‍ෂා කර ගැනීම සහ ඒවා සමාන්‍ය පොදු ජනයාට පහළ මිල ගණන්වලට
පරිභෝජනය කිරීමට සැලැස්වීම

IV. බලශක්ති ක්‍ෂේත‍්‍රයේ ශ‍්‍රමිකයන්ගේ ආරක්‍ෂාව දියුණු කිරීම හා නේවාසික කලාපවල බලශක්ති ආශි‍්‍රත ආරක්‍ෂාව ඉහළ දැමීම

V. මහජන සෞඛ්‍යය අරක්‍ෂා කිරීම

VI. සොබාදහම ආරක්‍ෂා කිරීම

මේ දිශාවට කටයුතු කිරීමේ දී අපගේ බලශක්ති ප‍්‍රතිපත්තිය පහත සඳහන් මූලික කරුණු මත ගොඩනඟනු ඇත.
දේශීයව ඇති සියලූ ම බලශක්ති ප‍්‍රභව යොදා ගැනීම (උදා: ලිග්නයිට්, ජල විදුලිය, සුළං බලය වැනි)
නව බලශක්ති ප‍්‍රභව සොයා ගැනීම සඳහා ක‍්‍රමානුකූලව සිදු කරන පර්යේෂණ වැඩි කිරීම.
අන්‍යොන්‍ය වාසි සහතික කර ගත හැකි රාජ්‍ය රාජ්‍ය අතර ඒකාබද්ධ ව්‍යාපෘතිවලට එළැඹීම.

2. ප‍්‍රවාහනය :
පෞද්ගලික ප‍්‍රවාහනයට වඩා පොදු ප‍්‍රවාහනයට මුල් තැන දෙනු ලබන අතර, විශේෂයෙන් ම දුම්රිය මඟින් සිදු කරන ප‍්‍රවාහනයට මුල් තැන දෙනු ඇත. ඒ ඉලක්කය ජයග‍්‍රහණය සඳහා ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රය සංවර්ධනය හා සැලැසුම් කිරීමේ දී,
I. සියලූ ම ආකාරයේ ප‍්‍රවාහන මාධ්‍ය මඟින් භාණ්ඩ ලාභදායක හා වේගවත් අයුරින් ප‍්‍රවාහනය කිරීම අරමුණු කරගෙන එකිනෙක හා ජාලගත කිරීම.

II. බලශක්ති අරපිරිමැස්ම

III. පරිසර සංරක්‍ෂණය

IV. ප‍්‍රදේශ අතර අසමාන සංවර්ධනය අහෝසි කිරීම ඉලක්ක කර ගත් සැලසුම්සහගත සංවර්ධනය

V. රාජ්‍යයේ ආරක්‍ෂාව උපරිම වශයෙන් සහතික කිරීම

මෙම ඉලක්ක සපුරා ගැනීමට බලපාන මූලික පූර්ව කොන්දේසියක් වන්නේ, එම සැලැස්ම අනුව අවශ්‍ය වන ප‍්‍රවාහන යටිතල පහසුකම් පද්ධතියක් – එනම්, වරායන්, ගුවන් තොටුපළවල්, දුම්රිය ස්ථාන, මහාමාර්ග පද්ධතියක් නිර්මාණය කිරීම හා දියුණු කිරීමත් ප‍්‍රවාහණය සඳහා අවශ්‍ය යාන, වාහන, දුම්රිය, නැව් ආදිය නිපදවිය හැකි එනම්, නිෂ්පාදන මාධ්‍ය නිපදවිය හැකි කර්මාන්ත පද්ධතියක් නිර්මාණය කර ගැනීමයි.

3. විද්‍යුත් සන්නිවේදනය :
ප‍්‍රවාහනය සඳහා අනුගමනය කළ ප‍්‍රතිපත්තිය ම විද්‍යුත් සන්නිවේදන ක්‍ෂේත‍්‍රය සඳහා ද යොදා ගනු ලබනු ඇත. එනම්,
I. නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පත් කිරීම අරමුණු කර ගැනීම

II. විද්‍යුත් සන්නිවේදනයට අවශ්‍ය ප‍්‍රධාන යන්ත‍්‍රසූත‍්‍ර නිෂ්පාදනය මඟින් හැකිතාක් දුරට ආර්ථිකය ස්වයංපෝෂිත මටටමකට ගෙන ඒමේ ඉලක්කය ඇතිව සිදු කිරීම

III. මෙම තීරණාත්මක ක්‍ෂේත‍්‍රවල ධනපති රටවල් සමඟ කරන විදේශීය වෙළඳාම සහ ගනුදෙනු අඩු කිරීම

4. ඉඩම් හා කෘෂිකර්මය :
ඉඩම් සමාජය සතු කරනු ඇත. එමෙන් ම විශාල ධනපති කෘෂිකාර්මික ව්‍යාපාර ද සමාජය සතු කරනු ඇත. කෘෂිකාර්මික නිෂ්පාදනය සඳහාත් එම කෘෂිකාර්මික නිෂ්පාදන පරිභෝජනයට සුදුසු වෙනත් නිෂ්පාදන බවට පත් කිරීම සඳහාත් කෘෂිකර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා උපකරණ නිෂ්පාදනය සඳහා කටයුතු කිරීමට රාජ්‍ය නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කිරීම

I. කුඩා පරිමාණ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා නිෂ්පාදන සමුපකාර ප‍්‍රවර්ධනය කරනු ඇති අතර, නගරබදව කුඩා පරිමාණ කෘෂිකාර්මික සැකැසුම් නිෂ්පාදනය කරන නිෂ්පාදන සමුපකාර ප‍්‍රවර්ධනය කිරීම

II. නිෂ්පාදන සමුපකාර ආරම්භ කිරීම ආර්ථිකයේ සියලූ ම කරුණුවල කොමියුනිස්ට් සබඳතා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය මූලික පූර්ව කොන්දේසි සකස් කරනු ඇත. එමෙන් ම එමඟින් ආර්ථිකයේ ඇති කුඩා පරිමාණ වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදනය එක් තැනකට සංකේන්ද්‍රණය කර දෙනු ඇත. එමෙන් ම නිෂ්පාදන සමුපකාර තුළ ශ‍්‍රම නිෂ්පාදනයට අවැසි ශ‍්‍රම සංවිධානය මඟින් ශ‍්‍රමය ඒ ඒ නිෂ්පාදන පියවරට අදාළව බෙදීමත් ශ‍්‍රම ඵලදායිතාව ඉහළ නැංවීමටත් නව තාක්‍ෂණය යොදා ගැනීමටත් අවශ්‍ය තත්ත්වය නිර්මාණය කරයි. සමුපකාරික නිෂ්පාදන බෙදාහැරීම සඳහා රජයේ සහ සමුපකාරික වෙළෙඳපොළ ස්ථාන නිර්මාණය කරනු ඇත. මධ්‍යගත සැලැසුම් මණ්ඩලය විසින් මෙම නිෂ්පාදනවලින් කොපමණ ප‍්‍රතිශතයක් සමුපකාරික වෙළෙඳපොළ මඟින් බෙදාහැරිය යුතු ද, ඒවායේ මිල ගණන් මොනවා ද යන්න, කොපමණ ප‍්‍රතිශතයක් රාජ්‍ය යාන්ත‍්‍රණය හරහා බෙදාහරින්නේද යන්න තීරණය කරනු ඇත. මෙහි ඉලක්කය වන්නේ ක‍්‍රමානුකූලව සමුපකාර මඟින් කරනු ලබන සමස්ත නිෂ්පාදනයම ඒකාබද්ධ රාජ්‍ය යාන්ත‍්‍රණයක් මඟින් බෙදාහැරීමයි.

III. මෙම නිෂ්පාදන සමුපකාර මධ්‍යම සැලැසුම් මණ්ඩලය සමඟ සම්බන්ධ කරනු ඇත. එමඟින් එම නිෂ්පාදන සමුපකාරවල නිෂ්පාදන ඉලක්ක සකස් කර ගැනීම, අවශ්‍ය වන කෘෂිකාර්මික අමුද්‍රව්‍ය ප‍්‍රමාණයන් සැලැසුම් කිරීම, බලශක්තිය, නව යන්ත‍්‍රසූත‍්‍ර හා සේවා පිළිබඳ සැලැසුම් සකස් කරනු ඇත.

IV. තාක්‍ෂණයේ හා විද්‍යාවේ නව නිර්මාණයන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශ‍්‍රම කාලය අඩු කිරීමේ ඉලක්කය ඇතිව යොදා ගනු ලබන අතර, එමඟින් ඇති වන නිදහස් කාලය වැඩ කරන ජනතාවගේ අධ්‍යාපනික හා සංස්කෘතිකමය මට්ටම සංවර්ධනය කිරීමටත්, කර්මාන්ත ශාලා පරිපාලනය සහ රාජ්‍ය ආයතන පරිපාලනය කිරීමටත්, වැඩ කරන ජනතාවට ඒවාට සහභාගි වීමට අවශ්‍ය ඉඩකඩ නිර්මාණයටත් යොදා ගනු ඇත.

5. විද්‍යාත්මක පර්යේෂණ :
විද්‍යාත්මක පර්යේෂණ උසස් අධ්‍යාපන ආයතන, වෙනත් ආයතන වැනි රජයට අයත් පර්යේෂණ ආයතන මඟින් සංවිධානය කරනු ඇත. එම පර්යේෂණවල ඉලක්ක හා පර්යේෂණ සංවිධානය කරනු ලබන්නේ මධ්‍යම සැලැසුමට සේවය වන පරිදි සමාජ නිෂ්පාදනය මනාව කළමනාකරණය අරමුණු කරගෙන හා අවසානයේ දී සමාජ සෞභාග්‍යය වැඩිදියුණු කිරිම අරමුණු කරගෙන ය.

35. නිෂ්පාදනය කරනු ලබන සමාජයීය නිෂ්පාදනයෙන් කොටසක් පොදු හා නිදහස් සේවාවන් මඟින් සෞඛ්‍යය, අධ්‍යාපනය, සමාජ ආරක්‍ෂණය, විවේකය, ළමා හා වැඩිහිටියන්ගේ ආරක්‍ෂාව යන ක්‍ෂේත‍්‍ර සඳහා යොදවනු ඇත. එමෙන් ම සමාජ නිෂ්පාදනයෙන් තවත් කොටසක් ඉතා ලාභදායක (සමහර අවස්ථාවල දී නොමිලේ* පදනමින් ප‍්‍රවාහනය, විද්‍යුත් සන්නිවේදන සේවා, බලශක්තිය සහ ජලසම්පාදනය වැනි සේවා මඟින්ද බෙදාහරිනු ඇත. රජය මඟින් දෛනික අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය කරන උසස් ගුණයෙන් යුත් සමාජමය පහසුකම් සැපයීමට අවශ්‍ය කරන යටිතල පහසුකම් පද්ධතියක් ගොඩනඟනු ඇත.

* ධනවාදය යටතේ මේ සියල්ල ම පෞද්ගලික හෝ පවුලේ මාසික ආදායමෙන් ගෙවීමට සිදු වී ඇත.
(උදා : කර්මාන්ත ශාලාවල හා පාසල්වල ඇති ආපන ශාලා ආදිය.)
පෙර පාසල් වියේ පසු වන සියලූ ම දරුවන්ට රජය මඟින් පොදු, නිදහස් හා අනිවාර්යය පෙර පාසල් අධ්‍යාපනයක් ලබා දීම සහතික කරනු ඇත.
අනිවාර්යය මූලික අධ්‍යාපනය අවසන් කළ විගස ම ඉහළ මට්ටමේ වෘත්තීය අධ්‍යාපනයක් ලබා දෙන පොදු හා නිදහස් අධ්‍යාපන ක‍්‍රමවේදයක් සකස් කරනු ඇත.
සමාජවාදී නිෂ්පාදනය සහ රාජ්‍ය සේවා යොදාගෙන ඇති කරනු ලබන ඒකාබද්ධ කළ නිදහස් උසස් අධ්‍යාපන ක‍්‍රමවේදයක් මගින් විද්‍යාත්මක වෘත්තිකයන් ගොඩනැඟීමටත් එමඟින් විශාල හැකියාවන් සහිත ගුරු වෘත්තිකයන් සහිත අධ්‍යාපන ආයතන නිර්මාණය කර ගැනීමටත් පර්යේෂණ සඳහා අවශ්‍ය විශේෂ දැනුම සහිත කාර්ය මණ්ඩල ලබා දීමටත් හැකි වනු ඇත.
සෞඛ්‍යය :
සම්පූර්ණයෙන් ම නිදහස් පොදු සෞඛ්‍යය හා සුභසාධක පද්ධතියක් ස්ථාපිත කරනු ඇත. සෘජු සමාජමය නිෂ්පාදනය මඟින් (සමාජය සතු කළ නිෂ්පාදන මාධ්‍යවල මධ්‍යම සැලසුම්කරණය හා කම්කරුවන්ගේ පාලනය එහි ප‍්‍රධාන අංග තුන වේ.) මෙවැනි මට්ටමක උසස් හා නිදහස් සේවා සැපයීමට අවශ්‍ය කරන ද්‍රව්‍යමය පදනම නිර්මාණය කර දේ. දියුණු වෙමින් පවතින සමාජවාදී ආර්ථික ක‍්‍රමයකට – එහි සංවර්ධනයේ මට්ටම සාපේක්‍ෂව – සමාජයේ සියලූ දෙනාට ම සාධාරණ වූ සෞඛ්‍ය ආරක්‍ෂාවක් හා සුභසාධනයක් ලබා දිය හැකි ය. මෙම සේවාවන් සැපයීමේ පූර්ව කොන්දේසිය වන්නේ, එමඟින් සමාජයේ සියලූ ම දෙනාගේ ශාරිරික හා මානසික සෞඛ්‍ය මට්ටම යහපත්ව තබා ගැනීමටත් සෑම පුද්ගලයකුගේ ම බුද්ධිමය සහ සංස්කෘතිකමය මට්ටම සංවර්ධනය කිරීමත් අරමුණු කරගෙන ය. මන්ද යත්, ඕනෑ ම පුද්ගලයකුගේ වැඩ කිරීමේ හැකියාව සහ සමාජ ජීවිතයට කි‍්‍රයාකාරීව සහභාගී වීමේ හැකියාව රඳා පවතින්නේ ඒ ඒ පුද්ගලයන් ජීවත් වීමේ හා වැඩ කරන ස්ථානයේ පවතින වටාපිටාවත් සමස්ත වශයෙන් පවතින පාරිසරික හා සමාජයීය සාධකවල තත්වයත් මත වීමය.

36. කම්කරු පන්ති රාජ්‍යයේ පළමු රාජ්‍ය සැලැසුම සකස් කිරීම මඟින් හා කි‍්‍රයාවට නැංවීම මඟින් වෙළෙඳ භාණ්ඩ – මුදල් හුවමාරුවට විශාල සීමාවන් පැනවෙනු ඇත. වෙළෙඳ භාණ්ඩ – මුදල් සබඳතාවය අතුරුදහන් කිරීම අරමුණු කර ගනිමින්, අඛණ්ඩව ම ඒවා සීමා කිරීම කළ යුතු ය. එසේ වෙළෙඳ භාණ්ඩ – මුදල් හුවමාරු ක‍්‍රමය අහෝසි කිරීම සිදු කළ හැක්කේ සමස්ත නිෂ්පාදනය හා බෙදාහැරීම තුළ ම සැලැසුම් කළ කොමියුනිස්ට් නිෂ්පාදන සබඳතා ස්ථාපිත කිරීමත්, ජනතාවගේ පෞද්ගලික පරිභෝජන අවශ්‍යතාවලින් විශාල කොටසක් පුළුල් කළ සමාජමය සේවා මඟින් ලබාදීමත් තුළිනි. එමඟින් මුදල ක‍්‍රමානුකූලව වටිනාකම් අඩංගු වූ ඒකකයක් ලෙස එයට දැනට හිමි තත්වය අහෝසි කර ගනු ලැබීමත්, වෙළෙඳ භාණ්ඩ හුවමාරු කිරීමේ මාධ්‍යයක් ලෙස එය දැනට සිදු කරන කාර්යයන් අහෝසි කර ගනිමින්, මුදල යනු ‘වැය කරන ලද ශ‍්‍රමය’ පිළිබඳ සහතිකයක් බවට පමණක් පරිවර්තනය වේ. ඒ අනුව වැඩ කරන ජනතාවට මෙම සහතිකය ඉදිරිපත් කර සමාජයීය නිෂ්පාදන බෙදාහරිනු ලබන ස්ථානවලින් තම සහතිකයේ සඳහන් වටිනාකමට සමාන භාණ්ඩ හා සේවා ලබා ගත හැකිය.
මෙම භාණඩ හා සේවා ලබා ගැනීමේ හැකියාව ලබා දෙන ශ‍්‍රම සහතිකය සකස් කිරිම තීන්දු වන්නේ සමස්ත ප‍්‍රයෝජනවත් සමාජයීය ශ‍්‍රමයේ රාමුව තුළ තනි තනි පුද්ගලයා දක්වන ලද ශ‍්‍රමදායකත්වයේ ප‍්‍රමාණය මතය. මෙසේ තනි පුද්ගල ශ‍්‍රමදායකත්වය ගණනය කරනු ලබන මිම්ම වන්නේ වැය කරනලද ශ‍්‍රම කාලයයි. එම ශ‍්‍රම කාලය තීරණය කරනු ලබන්නේ මධ්‍යගත සැලැසුම්කරණයට අනුව ය. එනම්, සමාජයීය නිෂ්පාදන සමස්ත අවශ්‍යතාවය (උදාහරණ ලෙස විශේෂ ප‍්‍රදේශවලට ශ‍්‍රම බළකායෙන් කොටසක් ස්ථානගත කරවීම, ප‍්‍රමුඛතා කර්මාන්ත වැනි) අනෙකුත් විශේෂ සමාජ අවශ්‍යතා සම්පූර්ණ කිරීම (උදා: මාතෘත්වයට අදාළ භාණ්ඩ හා සේවා, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට අවැසි වන භාණ්ඩ හා සේවා) ශ‍්‍රම සංවිධානයේ පෙරමුණු කාර්යභාරය හා ශ‍්‍රම ශක්තිය යෙදැවීමේ ගුණාත්මක භාවය යන සාධක මත පදනම් වෙමිනි. වැඩ කිරීම සඳහා වන ‘වැටුප්’ සකස් කිරීමේ දී සෑම ආර්ථික ක්‍ෂේත‍්‍රයක ම යොදා ගනු ලබන මූලික මූලධර්ම වන්නේ ඉහත සඳහන් කළ ඒවා ය.
අතීතයෙන් උරුම වූ විවිධ ශ‍්‍රම ශක්තීන් අතුරින් වඩා වැඩි ‘වටිනාකමක්’ ඇති ශ‍්‍රම ශක්තීන් පිළිබඳ අගැයීම කොපමණ තිබුණ ද, කුමන වෙනස්කම් තිබුණ ද (කොමියුනිස්ට් නිෂ්පාදනයේ අරමුණු වන්නේ මෙසේ විවිධ ආකාරයෙන් ඇති සංකීර්ණ සහ විශේෂතා සහිත ශ‍්‍රමය සියල්ල ම එක හා සමාන වටිනාකමක් ඇති සරල ශ‍්‍රමය බවට පත් කිරීම ය.) එනම්, ක‍්‍රමානුකූලව සැලැසුම් කළ වැඩපිළිවෙළක් මඟින් සමාජයේ පහළ ම ‘වැටුප්’ ලබන කාණ්ඩවල ආදායම් වැඩි කිරීමට ප‍්‍රමුඛතාවය දීම ය.
මධ්‍යම සැලැසුම්කරණයේ මධ්‍යකාලීන හා දිගුකාලීන ඉලක්කයක් වන්නේ,

I. විශේෂඥතාවයක් සහිත ශ‍්‍රමය පොදු ආකාරයකට සැපයීමේ හැකියාව කම්කරුවනට අත්පත් කර දීමෙනුත්,
II. තාක්‍ෂණික අංශවල විවිධ තාක්‍ෂණික ශ‍්‍රමය ද පොදු ආකාරයට සැපයීමේ හැකියාව කම්කරුවන්ට අත්පත් කර දීමෙනුත්,
සමස්තයක් වශයෙන් ම මුළුමහත් ශ‍්‍රම බළකායේ ම ශ‍්‍රම ඵලදායීතාවය සංවර්ධනය කිරීම හා එමඟින් වැය කළ යුතු ශ‍්‍රම කාලය අඩු කිරීම ය.
මධ්‍යම බැංකුවේ කාර්යභාරය හා කි‍්‍රයා කරන ආකාරය වෙනස් කරනු ඇත. දැනට ධනපති ක‍්‍රමය තුළ මහ බැංකුව ඉටු කරන කාර්යභාරය වන්නේ මුදල් සංසරණය නියාමනය කිරීම, වෙළෙඳ භාණ්ඩ හුවමාරුවේ මාධ්‍ය ලෙස කටයුතු කිරීම ආදියයි. ඒ වෙනුවට කොමියුනිස්ට් ක‍්‍රමයේ පහළ අවධිය තුළ දී මධ්‍යම බැංකුව විසින් මුදල්වල කාර්යභාරය සමාජවාදී නිෂ්පාදනය හා කෘෂිකාර්මික සමුපකාරික නිෂ්පාදන අතර කෙරෙන හුවමාරුවට පමණක් සීමා කිරීම් කරනු ඇත. එනම්, වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම අතුරුදහන් වී ඒ අවශ්‍යතා සමාජවාදී නිෂ්පාදන මඟින් සම්පූර්ණයෙන් ම සැපයෙන තත්ත්වයක් දක්වා පමණක් වෙළෙඳ භාණ්ඩ – මුදල් හුවමාරුව ක‍්‍රමානුකූලව දුර්වල වෙමින් පවතිනු ඇත. මෙම පදනම මත සිට කෘෂිකාර්මික හා අනෙකුත් නිෂ්පාදන සමුපකාර සහ සුළු පරිමාණ නිෂ්පාදකයනට ණය හා මූල්‍ය සේවා සැපයීමේ අරමුණින් පිහිටුවා ඇති රාජ්‍ය මූල්‍ය ආයතනවල කටයුතු සීමා කෙරෙනු ඇත.
වෙළෙඳ භාණ්ඩ – මුදල් හුවමාරුව අන්තර්ජාතික වෙළෙඳ ගනුදෙනුවල දී (වෙළෙ\ම, සංචාරක කර්මාන්තය වැනි* ලෝකයේ ධනපති රාජ්‍ය පවතින තාක් කල් සීමිත මට්ටමකින් පමණක් ගෙන යනු ඇත. එමෙන් ම මධ්‍යම සැලැසුම් මණ්ඩලයේ දෙපාර්තමේන්තුවක් විසින් රත්රන් සංචිත හා අනෙකුත් වෙළෙඳ භාණ්ඩ සංචිත (ගෝලීය මුදල් ලෙස සලකන) නියාමනය කරනු ඇත.
පොදු සමාජමය නිෂ්පාදනය ගිණුම්කරණය කිරීම වැනි මධ්‍යම බැංකුවට නව කාර්යභාරයන් පැවරෙනු ඇති අතර ම එම මධ්‍යම සැලැසුම්කරණ මණ්ඩලයේ ඉලක්ක හා ආයතන සමඟ මධ්‍යම බැංකුව සම්බන්ධ කරනු ඇත.

37. සමාජවාදී ගොඩනැංවීමේ කි‍්‍රයාවලිය සිදු කරන රටකට අධිරාජ්‍යවාදී ආයතන හා හවුල් වන යුරෝපා සංගමය සහ ‘නැටෝ’ (NATO) වැනි ආයතන සමඟ එක්ව කටයුතු කිරීම කිසිසේත් නොගැලපේ. විප්ලවකාරී රාජ්‍ය බලය එවකට පවතින ජාත්‍යන්තර හා කලාපීය තත්ත්වයට අනුව රටවල් දෙකට ම අන්‍යොන්‍ය වාසි සැලසෙන අරමුණු ඇතිව අනෙකුත් රටවල් සමග‘ සබඳතා දියුණු කර ගනු ඇත. මෙහි දී විශේෂයෙන් ම වැඩි අවධානයක් යොමු කරනු ඇත්තේ, අප ගී‍්‍රසියේ ඇති සංවර්ධන මට්ටම, ගැටලූ හා හදිසි අවශ්‍යතාවයන් හා සමාන මට්ටමේ තත්ත්වයන් ඇති රටවල් සමඟ සබඳතා තහවුරු කර ගැනීමෙන් අන්‍යොන්‍ය වාසි අත්පත් කර ගැනීම වඩාත් පහසු වේ. සමාජවාදය අන් සියල්ලට ම වඩා ප‍්‍රමුඛව අනෙකුත් සමාජවාදී රටවල් සමඟ සබඳචතා තහවුරු කර ගැනීමට උත්සුක වනු ඇත. එමෙන් ම ඊ ළඟට එය සබඳතා තහවුරු කර ගැනීමට විශේෂ උත්සාහයක් දරන්නේ අධිරාජ්‍යවාදී ආර්ථික, දේශපාලන හා යුද කේන්ද්‍රවලට එරෙහිව සෘජුව ප‍්‍රතිවිරෝධය දක්වන රාජ්‍යයන් සමඟ ය. එය අන්තර් – අධිරාජ්‍ය ප‍්‍රතිවිරෝධතායන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස බොහෝ විට පවතිනු ඇති ඕනෑ ම ආකාරයක බෙදීමක්, ගැටුමක් විප්ලවයේ ආරක්‍ෂාවට හා සමාජවාදය ශක්තිමත් කිරීමට යොදා ගැනීමට පසුබට නොවනු ඇත. සමාජවාදී ගී්‍්‍රසිය නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයට පක්‍ෂපාතී වනු ඇත. එය එහි හැකියාවට අනුව ලෝක අධිරාජ්‍ය විරෝධී අරගලයේත්, විප්ලවකාරී හා කොමියුනිස්ට් ව්‍යාපාරයේත් පවුර හා ආරක්‍ෂකයා ලෙස කටයුතු කරනු ඇත.

38. විප්ලවකාරී කම්කරු පන්ති රාජ්‍ය බලයට එනම්, නිර්ධන පන්ති ආඥාදායකත්වයට පැවරී ඇති එක් මූලික කාර්යභාරයක් වන්නේ නැවත ධනපති රාජ්‍ය බලය ඇති කිරිම සඳහා උත්්සාහ කරන ධනපති පන්තියේ හා අන්තර්ජාතික ප‍්‍රතිගාමී උත්සාහයන් වැළැක්වීම ය. එමෙන් ම එයට මිනිසා විසින් මිනිසා සූරාකෑම අහෝසි කර නව සමාජයක් ගොඩනැංවීමේ වගකීම ද ඇත. එහි විප්ලවකාරී කම්කරු පන්ති රාජ්‍යයේ සංවිධානමය, සංස්කෘතිකමය, දේශපාලනමය, අධ්‍යාපනමය හා ආරක්‍ෂක කි‍්‍රයාමාර්ගවලට අවශ්‍ය මඟපෙන්වීම ලබා දෙනු ලබන්නේ පක්‍ෂය විසිනි. එය කම්කරු පන්තියේ සහ සාමාන්‍ය ජනතාවගේ උනන්දුසහගත සහභාගීත්වය සහිත ඉහළ ආකාරයක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් පවත්වාගෙන යනු ඇත. එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයේ අරමුණු වන්නේ සමාජවාදය ගොඩනැංවීමේ දී මුහුණ දෙන ප‍්‍රධාන ගැටලූවලට විසැඳුම් සෙවීමත්, රාජ්‍ය බලය හා එහි විවිධ ආයතන පාලනය කිරීමත් එහි ප‍්‍රධාන ම ලක්‍ෂණ වේ. විප්ලවීය රාජ්‍ය බලය යනු ද කම්කරු පන්තියේ පන්ති අරගල උපකරණයක් වේ. එය කම්කරු පන්තියේ පන්ති අරගලය වෙනත් ආකාරයකින් නව තත්ත්වයන් යටතේ අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන කම්කරු පන්තිය සතු නව පන්ති සටන් උපකරණයකි.
සමාජවාදී රාජ්‍යය ගොඩනැංවීමේ හා පාලනය කිරීමේ මූලික ම පදනම වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගත භාවය ය. සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය දියුණු කිරීමෙන් නිෂ්පාදන ඒකක (කර්මාන්ත) පරිපාලනයේ දීත්, සියලූ ම සමාජසේවා කටයුතු ඉටු කිරීමේ දීත් භාවිත කරන ප‍්‍රධාන මූලධර්මය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගත භාවයයි.
විප්ලවකාරී කම්කරු පන්ති බලයේ පදනම සකස් වන්නේ එහි කම්කරු පන්තියේ විප්ලවීය අරගලය තුළ දී එය බිහි කර ගන්නා ආයතන මත ය. ධනේශ්වර පාර්ලිමේන්තුවාදී ආයතන නව කම්කරු පන්ති බලය සහිත ආයතන ස්ථාපනය මඟින් ඉවත් කෙරේ.
කම්කරු පන්ති රාජ්‍ය බලයේ න්‍යෂ්ටිය වන්නේ නිෂ්පාදන ඒකකය වැඩබිම වන අතර, ඒවායේ පරිපාලනය කම්කරු පන්තිය මඟින් සිදු කිරීම මත පමණක් කම්කරු පන්ති රාජ්‍ය බලය නිතිපතා ශක්තිමත් විම සිදු වේ. කම්කරු පන්ති රාජ්‍යය පාලනය කරන ආයතනවලට කම්කරු පන්තියේ නියෝජිතයන් තෝරා පත් කර ගැනීමත්, (අවශ්‍ය නම්, එසේ පත් කළ අය නැවත කැඳවීමත්) සිදු කරනු ලබන්නේ ඉහත සඳහන් ‘නිෂ්පාදන ඒකක වැඩපළවල සිටින ‘නිෂ්පාදන ප‍්‍රජාවන්’ මඟිනි. කම්කරු රාජ්‍ය බලය කි‍්‍රයාත්මක කිරිම හා සමාජය පාලනය කිරීම ආයතනගත කරනු ඇති අතර, එහි කි‍්‍රයාමාර්ග සුරක්‍ෂිත කරනු ඇත. එසේ වුව ද, එය සිදු කරනු ලබන්නේ සමාජවාදී ගොඩනැංවීමට බාධාකාරි වන ලෙස ගනු ලබන තීරණ හා කි‍්‍රයාමාර්ග පිළිබඳ අවුල් නොසඟවා, නොපැකිලී විවේචනය කිරිමෙනි. එය ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නංවන්නේ, හිතුවක්කාර හා නිලධාරීවාදී කි‍්‍රයාවන් හා හැසිරීම්ද, සමාජවාදී – කොමියුනිස්ට්වාදී ප‍්‍රතිපත්තිවලින් හා සංකල්පවලින් බැහැර වන අවස්ථාවලදී නොපැකිලව කරනු ලබන හෙළාදැකීම් යන භාවිතය මතය.
සමුපකාරික ගොවීන්ගේ හා සුළු පරිමාණ වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදකයන්ගේ නියෝජනයට ඉඩක් ලබා දීම මඟින් ඔවුන් සහ කම්කරු පන්තිය අතර සන්ධානය ආරක්‍ෂා වේ. ඉහළ ආයතනවල සංයුතිය සකස් වනු ලබන්නේ පහළ ආයතනවලිින් තෝරා පත් කරනු ලබන නියෝජිතයන්ගේ ක‍්‍රමානුකුල පත් කිරීම් කි‍්‍රයාවලියක් මඟිනි. මෙහි දී සෑම විට ම මෙ සියලූ ම ආයතනවල බහුතර නියෝජිතයන් සංඛ්‍යාවක් සමාජවාදී නිෂ්පාදන ඒකකවල හා පොදු මහජන සමාජ සේවාවල නිරත කම්කරුවන්ගෙන් පත් වන බවට සහතික විය හැකි ක‍්‍රමවේදයක් සකස් කරනු ලැබේ.
රාජ්‍ය බලය කි‍්‍රයාත්මක කරන ඉහළ ම ආයතනය කි‍්‍රයාකාරී එකක් වන අතර, එය නීති සැකැසීම හා පාලනය යන දෙක ම එක විට සිදු කරන්නකි. එහි බල රාමුව තුළ විධායක හා ව්‍යවස්ථාදායක ආයතන ගොඩනඟනු ලැබේ. එය පාර්ලිමේන්තුව නොවේ. එයට තේරී පත් වන නියෝජිතයන් ස්ථිර අය නොවේ. ඔවුන් ඕනෑ ම මොහොතක නැවත කැඳවිය හැකි ය. ඔවුන් කර්මාන්තයේ නිෂ්පාදන කි‍්‍රයාවලියෙන් සම්පූර්ණයෙන් ඉවත් නොකෙරේ. ඔවුනගේ ධුර කාලයට අදාළ කාලය තුළ දී ඔවුන් කෙටිකාලීනව පමණක් කාර්මික නිෂ්පාදන කටයුතුවලින් නිදහස් කිරීම පමණකි. ඔවුන් රාජ්‍ය බලයට අදාළ ආයතනවල කටයුතු කිරීම නිසා ඔවුනට කිසිදු විශේෂ ආර්ථික වාසියක් හිමි නොවේ. රාජ්‍ය බලයේ ඉහළ ම ආයතනය විසින් ආණ්ඩුව ද, විවිධ ආයතනවල (එනම්, අමාත්‍යාංශ, පරිපාලන ආයතන, කමිටු ආදියේ) ප‍්‍රධානීන් තෝරා ගනු ලබයි.
නව විප්ලවකාරී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හා විප්ලවකාරී නීති පද්ධතියක් සම්මත කරනු ලැබේ. එය සිදු කරනු ලබන්නේ නව සමාජ සබඳතා – දේපළවල සමාජයීය අයිතිය, මධ්‍යම සැලැසුම්කරණය, කම්කරුවන්ගේ පාලනය ආදියට ගැලපෙන පරිදි වන අතර, විප්ලවය නීතිමය වශයෙන්ද ආරක්‍ෂා කිරීම අරමුණු කරගෙනය. මෙම පදනම මත කම්කරු නීති, පවුල් නීති ඇතුළු සියලූම නීතිරීතීන් සකස් කරනු ලබන අතර, ඒ අනුව නව සමාජ සබඳතාවල හැඩතල සකස් වනු ඇත. නව අධිකරණ ක‍්‍රමවේදයක් ස්ථාපිත කරනු ඇත. එය පදනම් වනු ඇත්තේ, විප්ලවකාරී පොදු ජන ආයතන මගින් යුක්තිය පසිඳලීම සිදු කළ හැකි ආකාරයටය. නව අධිකරණ පද්ධතිය සෘජුව ම කම්කරු පන්ති රාජ්‍ය බලයේ අධීක්‍ෂණය යටතේ පවත්වාගෙන යනු ලැබේ. අධිකරණ විනිසුරන් සාමාන්‍ය ජනතා ස්ථරය නියෝජනය කරන හා ඡුන්දයෙන් පත් කරන හා නැවත කැඳවීමේ ඉඩකඩ ඇතිව පත් කරනු ලබන අතර, එහි ස්ථිර කාර්ය මණ්ඩල කම්කරු පන්ති රාජ්‍ය බලය නියෝජනය කරන ආයතනවලට පිළිතුරු දීමට බැඳී සිටී.
විප්ලවකාරී කම්කරු පන්ති බලයේ තවත් විශාල කාර්යයක් වන්නේ රාජ්‍ය පරිපාලන යාන්ත‍්‍රණය විප්ලවකාරී ලෙස ප‍්‍රතිව්‍යුහගත කිරීම ය. මන්ද යත්, සමාජවාදයේ මුල් ම අදියර තුළ දී වැළැක්විය නොහැකි ලෙසට ම උරුම වන පරිපාලන යාන්ත‍්‍රණය යනු පැවැති පැරැුණි ධනපති පරිපාලන යාන්ත‍්‍රණය වන බැවිනි. කම්කරුවන් වැඩ කළ යුතු කාලය, ඔවුනගේ අයිතීන් හා රාජකාරීන් යන ඒවා විප්ලවකාරී නීති මඟින් නියාමනය කරනු ඇත. පක්‍ෂ නායකත්වය කිසිදු වරප‍්‍රසාදයක් රහිතව පොදු පරිපාලන යාන්ත‍්‍රණය විප්ලවකාරී ලෙස පරිවර්තනය කිරීම ආරක්‍ෂා කරනු ඇත.
විප්ලවකාරී රාජ්‍ය බලයේ නව ආරක්‍ෂක හා හමුදා ආයතන ගොඩනඟනු ඇති අතර, එය සිදු කරනු ලබන්නේ ඒවාට කම්කරුවන්ගේ හා පොදු ජනතාවගේ සහභාගිත්වය සහිතවය. මීට අමතරව මෙම ආරක්‍ෂක හා හමුදාමය ආයතන ස්ථිර විශේෂඥ කාර්ය මණ්ඩලවලින්ද සමන්විත වේ.
ධනපති හමුදා ආයතන හා ආරක්‍ෂක යාන්ත‍්‍රණය සම්පූර්ණයෙන් ම විසුරුවා හරිනු ලැබේ. ඒ වෙනුවට සූරාකන්නන්ගේ පන්තියෙන් එන ප‍්‍රතිවිරෝධයන් විනාශ කිරීම සඳහා කරනු ලබන සන්නද්ධ අරගලයන් තුළදීත්, විප්ලවය ආරක්‍ෂා කර ගැනීමට කරනු ලබන සන්නද්ධ අරගලය තුළ දීත් බිහි වන නව ආයතන ස්ථාපිත කරනු ලැබේ.
කම්කරු පන්ති රාජ්‍ය බලය විසින් විප්ලවය ආරක්‍ෂා කර ගැනීම උදෙසා හමුදාවන් හා අනෙකුත් ආරක්‍ෂක යාන්ත‍්‍රණයෙන් සෘජුව පාලනය හා අණ දීම සිදු කරනු ඇත. එම විප්ලවීය හමුදාව සඳහා කාඩරය නිර්මාණය කිරීම ඔවුන් හා විප්ලවය අතර ඇති සබඳතාවයේ ස්ථානයන් මත තිරණය කරනු ලැබේ. ක‍්‍රමානුකූලව අලූතින් පිහිටුවනු ලබන හමුදා පාසල් මඟින් කම්කරු පාන්තික පසුබිමක් සහිත තරුණයන්ගෙන් නව හමුදා කාඩරය ගොඩනඟනු ඇත. එම හමුදා කේඩරයට නව විප්ලවකාරී රාජ්‍ය බලය පිළිබඳ අධ්‍යාපනය ලබා දෙනු ලැබේ. මෙහි දී සමාජවාදය ගොඩනැංවීමේ දී ලබා ඇති වාසිදායක අත්දැකීම්වල ප‍්‍රයෝජනය ද ගනු ලැබේ. මන්ද යත්, අතීත සමාජවාදී විප්ලව ආරක්‍ෂා කිරීමේ වගකීම් හා කාර්යභාරයන් ඉටු කරනු ලැබුවේ ස්ථිර හමුදාවේ සාමාජිකයන් මඟින් පමණක් නොව කම්කරු කමිටු මගින් මෙහෙයවන ලද මහජන දායකත්වය හා වගකීම් මඟිනි.

39. ගී‍්‍රක කම්කරු පන්තියේ සටන්කාමී පක්‍ෂය වන ගී‍්‍රක කොමියුනිස්ට් පක්‍ෂයට සියලූ සමාජ සබඳතා කොමියුනිස්ට් සබඳතා බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය වන පන්ති අරගලයට නායකත්වය දීමේ වගකීම ද ඒ සමඟ ම පැවරේ.
පක්‍ෂයේ සටන්කාමී විප්ලවකාරී භූමිකාව ශක්තිමත් කර ගත හැක්කේ කෙසේද? එය කළ හැක්කේ,

I. මාක්ස් – ලෙනින්වාදය හා විද්‍යාත්මක කොමියුනිස්ට්වාදය පිළිබඳ අවබෝධය වඩත් ගැඹුරු ලෙස අත්පත් කර ගැනීම සඳහාත්

II. සමකාලීන තාක්‍ෂණික ජයග‍්‍රහණ අත්පත් කර ගැනීම සඳහාත්

III. කොමියුනිස්ට් සමාජ – ආර්ථික මාදිලියක් සංවර්ධනය කිරීමේ දී මතු විය හැකි ප‍්‍රධාන ගැටලූ පිළිබඳ පන්තිමය අවබෝධයක් අත්පත් කර ගැනීම සඳහාත් කරනු ලබන අඛණ්ඩ උත්සාහයන් විසිනි.

කොමියුනිස්ට් සමාජ – ආර්ථික මාදිලියක් සංවර්ධනය කිරීමේ සෑම අදියරක දී ම පක්‍ෂය තුළ කම්කරු පන්ති සංයුතිය ආරක්‍ෂා වීම ගැන වගකිව යුතු ය. මන්ද යත්, සමාජවාදී සමාජයක් යනු සජාතීය සමාජයක් නොවන අතර ම සමාජ ප‍්‍රතිවිරෝධතා සහිත එකක් බැවිනි.
සටන්කාමී, විප්ලවකාරී හා නාකයත්ව කාර්යභාරයක් ඉටු කරන පක්‍ෂයක් ගොඩනැෙඟන්නේ එම පක්‍ෂයට කම්කරුවන්ගේ ඇති පුළුල් සහභාගීත්වය හා කම්කරු පන්තියේ සෘජු නියෝජිතයන් විසින් පක්‍ෂය පාලනය කරන ප‍්‍රමාණයට ය. සියල්ලට ම ප‍්‍රමුඛව නිෂ්පාදන ඒකකවල (වැඩබිම්වල) හා සමාජ සේවාවල කම්කරු පන්තියේ පාලනය කිරීමේ ප‍්‍රමාණය මත ය. මෙම නිෂ්පාදන ඒකක හා සමාජයීය සේවා පාලනය කිරීමෙන් කම්කරු පන්තිය ලබන අත්දැකීම් හා විඥානය විසින් කොමියුනිස්ට් ස්වයං කළමනාකරණ ද්‍රව්‍යමය වටාපිටාව නිර්මාණය වේ.
පක්‍ෂයේ කාර්යභාරය මතවාදීමය හා අධ්‍යාපනික එකක් නොවේ. මෙම පක්‍ෂය යනු රාජ්‍ය බලය හිමි පන්තියේ පක්‍ෂයයි. කම්කරු පන්ති රාජ්‍ය බලය භාවිතාවට නැඟීමේ දී එයට පක්‍ෂය විසින් නායකත්වය දීම අත්‍යවශ්‍යය. එනිසා ම නිර්ධන පන්ති ආඥාදායකත්වය සියලූ ම ව්‍යුහ සමඟ සෘජු සංවිධානමය සබඳතාවයන් කොමියුනිස්ට් පක්‍ෂයට තිබිය යුතුය. විප්ලවවාදී පක්‍ෂය රාජ්‍ය බලය භාවිත කිරීමට සිදු වන සෑම වැදගත් දේශපාලන ප‍්‍රශ්නයක් ම සැලැකිල්ලට ගත යුතු ය. එය කම්කරු පන්තිය තම රාජ්‍ය බලය පාලනය කිරීම සඳහාත්, නිෂ්පාදනය පරිපාලනය කිරීම සඳහාත් මෙහෙයැවිය යුතු ය. එයට පැවරෙන ප‍්‍රධාන අත්හැරිය නොහැකි වගකීම වන්නේ ද්විතීය මට්ටමේ ගැටලූවලට අවධානය යොමු කරමින්, පාර්ශ්වීය භූමිකාවන් ඉටු කිරීම නොව සෘජුව ම උපායමාර්ගික
දිශානතිය පෙන්වා දීමයි.

 

සමාප්තිය

අප පක්‍ෂය විසින් මේ පිළිබඳ අධ්‍යයනය කිරීම හා පර්යේෂණ කිරීම අඛණ්ඩව සිදු කරනු ඇත. ඒ අප විසින් අවශ්‍ය තරමින්, පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නොහැකි වී ඇති සිදු වීම් පිළිබඳව නිවැරදි විග‍්‍රහයක් ඇති කර ගැනීමට මෙන් ම අප විසින් එළැඹ ඇති නිගමනයන් වඩාත් හොඳින් අවධාරණය කිරීමේ අවශ්‍යතාවය නිසා ය. ඒ හා සමානව ම වැදගත් කරුණක් වන්නේ සමාජවාදය – කොමියුනිස්ට්වාදය පිළිබඳ අපගේ වත්මන් විග‍්‍රහයන් අප පක්‍ෂයේ හා කොමියුනිස්ට් තරුණ සංගමයේ සියලූ ම සාමාජිකයන් විසින් උරාගැනීමයි.
එම කාර්යභාරය ඉටු කිරීමේ ප‍්‍රමාණය විසින් පක්‍ෂයට එදිනෙදා අරගලය සමඟ තම උපායමාර්ගය සම්බන්ධ කිරීමේ හැකියාව අත්පත් වේ. එමඟින් විප්ලවකාරී කම්කරු පන්ති රාජ්‍ය බලය අත්පත් කර ගැනිමේත් සමාජවාදී ගොඩනැංවීම සඳහාත් වන පක්‍ෂයේ උපායමාර්ගය සමඟ කම්කරු පන්තියේ හදිසි ගැටලූ සඳහා වන අරගලය බද්ධ කර ගැනීමට පක්‍ෂයට හැකියාව අත්පත් වේ.
මධ්‍යම කාරක සභාව,                                      Logo_of_the_Communist_Party_of_Greece.svg
ගී‍්‍රක කොමියුනිස්ට් පක්‍ෂය
2008 ඔක්තෝබර් 19
English Article