පැරිස් කොමියුනය

marx
ප්‍රාග්ධනය යනු
November 19, 2018
ටිල්වින් සිල්වා
සෝවියට් දේශයේ බිඳ වැටීම ගැන දේශපාලනික කියවීමක්
November 21, 2018
Show all

පැරිස් කොමියුනය

පැරිස් කොමියුනය

ලොව ප්‍රථම නිර්ධන පංති රාජ්‍යය පැරිස් කොමියුනයයි. 1871 මාර්තු 18 සිට 1871 මැයි 28 දක්වා දින 72ක් මෙම රාජ්‍ය පැවතිනි. පැරිස් කොමියුනය ලෝක නිර්ධන පන්තියට එකතු කරන ලද අත්දැකීම් සම්භාරය අති විශාල ය. එක අතකින් මෙය විද්‍යාත්මක කොමියුනිස්ට් වාදයේ නිර්මාතෘ අත්දුටු එකම ජීවමය ප්‍රජයෝගික අත්දැකීම වේ. මාක්ස් ඓතිහාසික වැදගත්කම අරභයා පළමුවන ජාත්‍යන්තරය වෙත සුපැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කරන ලදී. ජර්මන් කම්කරු පක්ෂයේ වැඩපිළිවෙල සකස් කිරීමේ  දී පැරිස් කොමියුනයේ අතිමහත් අත්දැකීම් සම්භාරය මාක්ස් විසින් උපයෝගී කර ගන්නා ලදී.  ලෙනින් 1917 විප්ලවයෙන් අනතුරුව රුසියාව තුල සමාජවාදය ගොඩ නැගීම උදෙසා පැරිස් කොමියුනයේ අත්දැකීම් පාදක කර ගත්තේ ය.  මේ නයින් බලන විට පැරිස් කොමියුනය විසින් ලෝක නිර්ධන පන්ති වෙත අතිමහත් ප්‍රායෝගික අත්දැකීම් සම්භාරයක් එකතු කරයි.

1789 දී ප්‍රංශ මහා විප්ලවය විසින් ප්‍රංශයේ දේශපාලන හා ආර්ථික සංවර්ධනය ඉහල තලයකට ඔසවන ලදී. රදළ අධිකරීන්ගේ පරමාධිකාරය ද ප්‍රදේශීය වරප්‍රසාද ද පළාත්බද ව්‍යවස්ථාවන් ද යනාදී වැඩවසම් නිෂ්පාදන සම්බන්ධතා විසින් ප්‍රංශයේ ධනේෂ්වර සංවර්ධනයට අලගු තබන ලදී. ප්‍රංශ මහා විප්ලවය විසින් යට කී බාධක විනාශයට පත් කරන ලදී. ඉක්බිතිව පාලන බලය ගත් ධනය හා දේපල හිමි ආණ්ඩු විසින් කරන ආර්ථික වෙනස්වීම් සමග සමාජය තුල දේශපාලන ස්වරූපය ද වෙනස් විය. කම්කරුවෝ ස්වාධීන පන්තියකක් ලෙස සංවර්ධනය විය. ඔවුහු තම ඉල්ලීම් පෙරදැරි කර ගෙන අරගලයන්හි නිරත වන්නට විය.
1830, 1848 කම්කරුවන්ගේ නැගී සිටීමේ උච්චතම අවස්ථාවක් ලෙස සැලකිය හැක. මෙහි අවසාන ජයග්‍රහන ධනපති පන්ති විසින් අත්පත් කර ගන්නා ලදී. ඔවුන්ගේ ජයග්‍රහනයෙන් අනතුරුව කම්කරුවන් වෙත දැවැන්ත මර්ධනයක් එල්ල විය. මෙම අරගල තුලදී කම්කරුවන්ගේ ඉල්ලීම් ඔවුන්ගේ සංවර්ධනයේ මට්ටම අනුව අඩු වැඩි වශයෙන් අපැහැදිලි ය. ඒවා ව්‍යාකූල ස්වාභාවයක් ඉසිලීය. එහෙත් එම ඉල්ලීම්වල හරය වූයේ අන් යමක් නොව ධනපති පන්තිය හා කම්කරු පන්තිය අතර පැවති ප්‍රතිඝතිකතාවය අහෝසි කරලීම ය. කොතරම් අවිනිශ්චිතතාවයන් ව්‍යාකූලතාවයන් ගැබ්වී තිබුණ ද එය එවකට පැවති සමාජ ක්‍රමය බරපතල අවධානමකට ලක් කරන්නට සමත් විය. තවත පැත්තකින කම්කරුවන් අවි අතට ගෙන සිටීම ද මෙම තත්වය වර්ධනය කළේය. එහි ඉන් ධනපති ජයග්‍රහනයන්ගෙන් අනතුරුව කම්කරු පන්තිය මර්ධනය කිරීම අරුමයක් නොවේ. මෙම පැරිස් නගරය තුලත් මුළු මහත් ප්‍රංශය තුලත් අඩු වැඩි වශයෙන් ස්වාධීන ලෙස කම්කරු පන්තියක් වර්ධනය වෙනු දකින්නට ලැබිණි.

‘1789 සිට ප්‍රංශයේ ආර්ථික හා දේශපාලන සංවර්ධනයට ස්තූති වන්නට ඉකුත් වසර 50 තුල දී පැරිස නගරය කිනම් තත්වයකට පත්කරන ලද්දක් නම් නිර්ධන පන්ති ස්වරූපයක් නොගන්නා විප්ලවයක් මිස වෙනත් විප්ලවයක් ඇති නොවීය’
-එංගල්ස්

1848 විප්ලවයෙන් අනතුරුව බලයට පත් iiiවන නැපෝලියන් ප්‍රංශය අධිරාජ්‍ය ගොඩ නැංවීම සඳහා රටවල් ආක්‍රමණය කරන්නට විය. දිගින් දිගටම කෙරූ යටත් විජිත යුද්ධ නිසා ප්‍රංශ ආර්ථිකය බිඳ වැටිනි. අධිරාජ්‍යයේ කඩාවැටීම ආරම්භ විය. ප්‍රංශ ජනතාව ජර්මන් ආක්‍රමණිකයාට එරෙහිව අරගල කරන්නට විය. ‘තියරේ’ සමූහ ආණ්ඩුවක් ගොඩ නගා තත්වය සමහන් කරන්නට උත්සාහ දැරුව ද එය අසාර්ථක විය. කම්කරුවන්ගේ අරගල උච්ච ස්ථානයක් දක්වා වර්ධනය වන්නට විය. තියරේ විසින් කම්කරුවන් නිරායුධ කරන්නට උත්සාහ දැරුවද 1871 මාර්තු 18 දා කම්කරුවන් සන්නද්ධ හමුදා පලවා හැර පැරිස් නගරයේ පාලන බලය සියතට ගන්නා ලදී. මාර්තු 26වෙනිදා ඡන්දයක් පැවැත්වීය.
Image result for paris commune
දිගින් දිගට හමුදා ප්‍රහාර පැරිස් නගරයට එල්ල වන්නට විය. ජර්මනියේ ද සහාය ලැබූ තියරේගේ හමුදා මැයි 28 වෙනිදා කම්කරුවන් තීරණාත්මක ලෙස පරාජයට පත්කරන ලදී. ප්‍රථිවිප්ලවය ජයග්‍රහනය කරන ලදී. නිර්ධන පන්තිය රාජ්‍ය බලය ලබා ගෙන පාලනය හැසිරවූ කාලය දෙස මදක් හැරී බලමු.
සන්නද්ධ හමුදා පලවා හැර කම්කරුවන් අතට බලය ලබා ගැනීමේ දී ජනතාව සන්නද්ධ කිරීම අනිවාර්ය විය. එහෙයින් පැරිස් කොමියුනයේ ප්‍රථම කටයුත්ත වූයේ ස්ථාවර හමුදා විසිරුවා හැරීමයි. මෙහිදී විසිරුවා හැරි හමුදා භටයින් පලා ගොස් තියරේගේ හමුදා සමග කටයුතු කිරීම වැළැක්වීම සඳහා ඉඩ ඇහිරවීම අරඹයා සැලකිල්ලක් පැරිස් කොමියුනය නොදැක්වීය. එහෙයින් ප්‍රතිවිප්ලවය අරඹයා ඔවුන්ගේ මැදිහත්වීම ඒකාන්ත විය. ජනතාවගේ සර්වජන ඡන්දයෙන් තෝරා පත් කර ගත් ජනතා නියෝජිතයින්ගෙන් කොමියුනය සමන්විත විය. (මේ මැතිවරණය සඳහා ධනපති පිළිවෙත පක්ෂයට ද තරඟ කිරීමට අවස්ථාව හිමි විය)

1. ජනතා නියෝජිතයින් ජනතාවට වගකිය යුතු විය.
2. ඕනෑම මෙහොතක ඇතිවිය හැකි ගැටුම් වැළැක්වීම සඳහා ජනතා නියෝජිතයින්ගේ විශේෂ වරප්‍රසාද අහිමි කරන ලදී
3. වැටුප් පරිමා කම්කරුවන්ගේ වැටුප් ඉක්මවා නොයෑමට තීරණය කරන ලදී.
4. පැරණි ආණ්ඩුවේ ද්‍රව්‍යමය ආයුධය වූ ස්ථාවර හමුදාව හා පොලිසිය විසිරුවා හරින ලදී.
5. සියළු අධ්‍යාපන ආයතන ජනතාව වෙත නොමිලේ විවෘත කරන ලදී.
6. දේවස්ථාන රාජ්‍ය බලපෑමෙන් වෙන්කරන ලදී. මෙමගින් පන්තිමය ආයතන සහ ආණ්ඩු පාලනය මිත්‍යාවෙන් බැඳ තිබූ විලංගුව ඉවත් විය.
7. අධිකරණ නිලධාරීන්ගේ ස්වාධීනත්වය රැක ගැනීඹ සඳහා පියවර ගන්නා ලදී.
8. අති විශාල වැයක් දැරීමට සිදු වෙන ස්ථීර යුද්ධ හමුදාව,රාජ්‍ය නිලධාරී තන්ත්‍රය, පූජක වරප්‍රසාද නැතිකරමින් ධනේෂ්වර විප්ලවයෙන්හි දී උද්යෝග පාඨයක් වූ අඩු වියදම් සහිත ආණ්ඩුවක් සැබෑවක් කරන ලද්දේ පැරිස් කොමියුනය මගිනි. එහෙත් එහි අවසන් ඉලක්කය අඩු වියදම් ආණ්ඩුවක් නොව ඒවා කොමියුනයට සම්පාත වූ ප්‍රපංචයන් පමණි.
කොමියුනය විසින් ඇති කෙරුණු විවිධාකාර අරළු දීපනයන් දකොමියුනයෙන් ප්‍රකාශ වූ විවිධ උවමනාවන් ද විසින් එය ඉතා උසස් නම්‍යතාවයකින් යුත් දේශපාලන රූපිකයක් බව ඔප්පු විය. එහෙත් අනෙක් අතට මෙයට ඉහත පැවති සියළු ආණ්ඩු හරය වශයෙන් ගත් විට මර්ධනකාරී ඒවා විය. පැරිස් කොමියුනය කම්කරු පන්තියේ ආණ්ඩුවක්ම විය. නිෂ්පාදනය කරන්නන් විසින් නිෂ්පාදනය අත්පත් කර ගත් පන්තියට විරුද්ධව ගෙන ගිය සටනේ ප්‍රථිපලයක් විය. ශ්‍රමයේ ආර්ථික විමුක්තිය ලබා ගත හැකි විවෘත එමෙන්ම අවසාන දේශපාලන සැකැස්ම වූයේ එයයි. (මාක්ස් – ප්‍රංශයේ ප්‍රජා යුද්ධය)

කොමියුනයේ ක්‍රියාකාරීත්වය හා රාජ්‍ය වක්‍රය මූලික ලෙසම නිර්ධන පන්තියට අලුත් අත්දැකීමක් එකතු කරන ලදී. එහි ක්‍රියාකාරීත්වය පැරණි සමාජ ක්‍රමය කොටස් වශයෙන් ගැඹුරු ලෙස කපා උදුරා දමන කම්කරු පන්තියට ඍජු ලෙස බලපාන ඒවා විය. රාජ්‍ය ව්‍යූහය සම්පූර්ණයෙන්ම උඩු යටි කරු කරනු ලැබීය.
එහෙත් කොමියුනය විසින් කළ යුතු විශේෂයෙන්ම ආර්ථික ක්ෂේත්‍රයේ බොහෝ දේ සම්පූර්ණ කර ගැනීමට අපොහොසත් විය.

“ප්‍රංශ බැංකුවේ දොරටු අභියස කොමියුනය ගෞරවපූර්වකව නැවතී සිටියේ ය” – එංගල්ස්

“ගොවි ජනතාව විප්ලවීය ආණ්ඩු දෙස මැදිහත් කර ගැනීම ද අවශ්‍ය ප්‍රමාණයෙන් සිදු නොවීය.
කොමියුනයේ ජයග්‍රහනය ගොවීන්ගේ එකම බලාපොරොත්තුව යැයි ඔවුන්ට කියා සිටීමට එයට අයිතියක් තිබිණි. කොමියුනය ගොවීන්ගේ බද්දේන් නිදහස් කොට ඔවුන්ට අඩු ිවයදම් සහිත ආණ්ඩුවක් දීමටත් නොතාරිස් අද්වකාත් විනිසුරු හා අධිකරණ නිලධාරීන් වන ගොවීන්ගේ ලේ උරා බොන පිසාචයින් වෙනුවට ගොවීන් විසින් තෝරා පත් කර ගනු ලබන ගොවීන් ඉදිරියේ වගකීමට බැඳී සිටින වැටුප් බලන කොමියුන්කාරකයින් පත් කිරීමටත් ඉඩ තිබිණි” – මාක්ස්.

“කොමියුනයේ ක්‍රියාකාරීත්වයට බ්ලැන්කිවාදීන්ගේ හා පෘදොන්වාදීන්ගේ මැදිහත්වීම ද ප්‍රභලව කැපී පෙනේ. එහෙයින් දැනුවත්ව සංවිධානගත වූ විප්ලවවාදී පක්ෂයක වූවමනාව තවදුරටත්  තහවුරු වේ.
සත්තකින්ම කොමියුනයේ ආර්ථික නියෝග අරඹයා වගකිය යුත්තේ පෘදොන්වාදීහු ය. දේශපාලන නිවරද්‍යතාවය හා සාවාද්‍ය කටයුතු සම්බන්ධයෙන් වගකිය යුත්තේ බ්ලැන්කිවාදීහු ය.” – එංගල්ස්.

 

එහෙත් අවුරුදු 147ක් අනතුරුව වුවද පැරිස් කොමියුනයේ පාඩම් තවමත් ජීවමාන ය. ඔවුහු ලෝක නිර්ධන පන්තිය වෙත ගිනි පුළීඟු දැල්වීය. මාක්ස් සඳහන් කළ පරිදි, පැරීසියේ කම්කරුවන් සහ ඔවුන්ගේ කොමියුනය නව සමාජයේ පෙර මඟ සළකුණු කියන තේජාන්විත අග්‍ර දූතයා ලෙස සැමදා ගරු බුහුමන් ලබනු ඇත.

විමර්ශණ 1998 මාර්තු