මානව ඉතිහාසය එකළු කළ විද්‍යාඥයෝ

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

කොම්ට් ද බෆුන් – Comte de Buffon
මෑතක් වන තුරුම භූ විද්‍යාව වෙනමම විෂයක් ලෙස අධ්‍යයනය නොවූවක් විය. එය එසේ වීමට ප‍්‍රධාන හේතුවක් වූයේ පල්ලියේ ආධිපත්‍ය හරහා යුරෝපය පුරා ගොඩනගා තිබූ මතවාදයන් තුල පෘථිවිය ගැන අධ්‍යයනයන් අතහැර දමා තිබීමයි. පෘථිවිය යනු නුදුරේදීම විනාශවීමට නියමිත ලෝකයක් වන බැවින් එය ගැන අධ්‍යනය කරන්නේ කුමකටද යන්න පල්ලිය විසින් ප‍්‍රශ්න කරන ලදී. ඒ අනුව පොළොව මතුපිට ඇති විවර, කඩතොලූ වැනි දේ දෙවියන් තම කෝපය පෙන්වීම උදෙසා භාවිතා කරන ලද දේවල් ලෙස හැඳින්විනි. එසේම විටින් විට නොයෙක් ප‍්‍රදේශවලින් සොයා ගත් පොසිල හඳුන්වනු ලැබුවේ දෙවියන් විසින් ලෝකය නිර්මාණය කිරීමේදී අත්හදා බැලීම සඳහා නිර්මාණය කල සතුන් හා ශාක ලෙසිනි. එවා විකෘති වීම නිසා දෙවියන් ඒවා පොළව යට වළදමා ඇත. තවත් අයෙකු පැවසූයේ පොසිල නිර්මාණය වී ඇත්තේ නෝවාගේ මහා ගංවතුරින් මියගිය සතුන්ගෙන් බවයි. මෙවැනි විශ්වාසයන් පවතින යුගයක භූ විද්‍යාව සම්බන්ධයෙන් එය ස්වාධීන
විෂයක් ලෙස අධ්‍යනය කල විද්‍යාඥයෙක් ලෙස බෆුන් හැඳින්විය හැක. එසේ අධ්‍යනය කලා පමණක් නොව ඔහු එය
අනෙකුත් විද්‍යාවන් සමග අන්තර් සම්බන්ධන් ගොඩ නැගීම හරහා ඒවාද ඉදිරියට ගෙන ඒමට විශාල වැඩ කොටසක් ඉටු කරන ලදී. විශේෂයෙන් ජීව පරිණාමය වැනි සිද්ධාන්තයන් බිහි විම උදෙසා පසුකාලීනව ලමාර්ක්ට මෙන්ම චාර්ල්ස් ඩාවින්ට ද ඔහුගේ ඉගැන්වීම් ඉමහත් පිටුවහලක් විය.
කොම්ට් ද බෆුන් උපන්නේ 1707 සැප්තැම්බර් මස 07 දා  ප‍්‍රංශයේ මොන්ට්බාර්ඞ් නගරය  ආසන්නයේදීය. ඔහුගේ මුල්
නම ජෝර්ජ්ස් ලූයිස් ලැක්ලර්ක් නම් විය. බෆුන් ලොව පුරා කිර්තියට පත්වූයේ ජීව විද්‍යාව, භූ විද්‍යාව ඇතුළු ඔහු හැදැරූ
බොහොමයක් ස්වභාවික විද්‍යාවන් නිසා පමණක්ම නොවේ. ගණිතඥයෙක් මෙන්ම තාරකා විද්‍යාඥයෙක් ලෙසද ඔහු කර ඇති කාර්යයන් අතිමහත්ය. උසස් ගණිතයේදී නිඛිල කලනය සහ අවකලනය සම්බන්ධයෙන් නව සිද්ධාන්ත ඔහු විසින් ඉදිරිපත් කර ඇති අතර සම්භාවිතාව වෙනුවෙන් ඔහු කල සේවය අගය කිරීම උදෙසා ‘බෆුන්ගේ ඉඳිකටු නියමය’ නමින් නියමයක්ද නම් කර ඇත. එහෙත් පල්ලිය ඔහු සමග ගැටීමට පටන්ගන්නේ ඔහු ස්වභාවික විද්‍යාවන් වෙනුවෙන්
ඉදිරිපත් කල සිද්ධාන්ත ඉදිරිපත් කිරීමත් සමගයි. දෙවියන් විසින් පෘථිවිය මැව්වාය යන්න ප‍්‍රතික්‍ෂ්ප කරන ඔහු දැවැන්ත
ග‍්‍රහ වස්තූවක් සූර්යයා සමග ගැටීමෙන් පෘථිවිය මෙන්ම අනෙකුත් ග‍්‍රහලෝක බිහි වූ බව ප‍්‍රකාශ කරන ලදී. එසේම
විවිධ ප‍්‍රදේශවල පාෂාණ නිරීක්‍ෂණයෙන් ඔහු නිගමනය කරන්නේ මුල්ම කාලයේ පෘථිවිය ගිනි ගෙන දැවෙන ගෝලයක් බවත්, ක‍්‍රමයෙන් එය සිසිල් වූ බවත්, එහිදී ඇති වූ වර්ෂාවෙන් මුහුදු නිර්මාණය වූ බවත්ය. පෘථිවියේ බිහිවීම සම්බන්ධයෙන් කල්පිතයනට පදනම නිර්මාණය වූයේ එතනිනි. ඒ අනුව යකඩ ගෝල සිසිලනය වීමට ගතවන කාලය සලකා බැලූ බෆුන් පෘථිවිය අවම වශයෙන් වසර 75,000කට වඩා පැරණි බව ප‍්‍රකාශ කරන ලදී. එහෙත් දේව ධර්මවාදීන් විසින් එම ප‍්‍රකාශය ඉල්ලා අස් කරවා ගැනීමට ඔහුට බලකරන ලදී.
මිනිසා සහ වඳුරා අතර ඇති සමානකම් මෙන්ම බොහොමයක් සතුන් අතර ඇති එවනි සමානකම් සම්බන්ධයෙන්ද ඔහු විසින් කල අධ්‍යනයන් බොහොමයකි. ඒ සමගම පොසිල සම්බන්ධයෙන් කර තිබූ අධ්‍යනයන්ද එක් වූ විට පසුකාලීනව පරිණාමවාදය බිහිවීමට අදාල අඩිතාලමක් ඔහු විසින් සකසනු ලැබිණි. මෙම නව සිද්ධාන්තයන් බොහොමයක්ද පල්ලියේ
ඉගැන්වීම්වලට පරස්පර වූ බැවින් දිගින් දිගටම පල්ලිය හා ගැටීමට ඔහුට සිදු විය.
සොබෝන් විශ්වවිද්‍යාලයේ දේව ධර්ම පීඨය විසින් ඔහුව විශ්වවිද්‍යාලයේ ඔහු දැරූ තනතුරුවලින් පහ කලේ ඔහු ඉදිරිපත් කළ
භූ විද්‍යා සොයාගැනීම් කිහිපයක්ම ඉවත් කර ගැනීමට බල කරමිනි. ඒ අනුව ‘ශුද්ධ ග‍්‍රන්ථයන්ට විරුද්ධව කරුණු
ඉදිරිපත් කිරීමට මට කිසිඳු අවශ්‍යතාවයක් නැත. මම එම ග‍්‍රන්ථවල සඳහන් මැවීම සම්බන්ධව සම්පූර්ණයෙන් විශ්වාස කරමි. පෘථීවියේ නිර්මාණය පිළිබඳ මගේ ග‍්‍රන්ථයේ ඇතුලත් හා මෝසස්ගේ වෘත්තාන්තයට එරෙහි සියළු කරුණු ඉල්ලා
අස්කර ගනිමි.’ යන ප‍්‍රකාශය කිරීමට ඔහුට සිදු විය. ඔහුගේ සොයාගැනීම් බොහොමයක් විශ්වවිද්‍යාලයන්හි ඉගැන්වීම
පල්ලිය විසින් තහනම් කෙරිණි.
මෙය ඊට සියවසකට පෙර ගැලීලියෝට සිදු වූ අත්දැකීම හා සමාන අත්දැකීමක් විය. කෙසේ නමුත්, ස්වභාවික සංසිද්ධීන් භාවික විද්‍යා මත පදනම් වනු මිස බයිබලය මත පදනම් විය යුතු නැතැයි බෆුන් ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කල අතර එය තවදුරටත් තහවුරු කිරීම වෙනුවෙන් ‘ස්වභාවිකඉතිහාසය’ (Histoire Naturelle) නමින් වෙළුම් 36 කින් යුත් ග‍්‍රන්ථයක් ප‍්‍රකාශයට
පත් කරන ලදී. කෙසේ නමුත් පල්ලියේ බලපෑම නිසා එම ග‍්‍රන්ථය වෙනුවෙන් ඔහු ලියා තිබූ තවත් වෙළුම් 8ක් එයට
එකතු කිරීමට හැකි වූයේ 1788 අපේ‍්‍රල් 16 සිදුවූ ඔහුගේ අභාවයෙන් දශක කිහිපයකටත් පසුවය.

මානව ඉතිහාසය එකළු කළ විද්‍යාඥයෝ