එ්කීය සන්ධීය සහසන්ධීය රාජ්‍යයන් ගැන

crewmacculum_converted
කෲව්-මැකලම් ප‍්‍රතිසංස්කරණ
April 27, 2017
war_converted
පශ්චාද් යුද වකවානුව හා කොමිෂන් සභා
April 27, 2017
Show all

එ්කීය සන්ධීය සහසන්ධීය රාජ්‍යයන් ගැන

fedaral

ලෝකයේ මානව ශිෂ්ටාචාරය ආරම්භ වී ගණ ගෝත‍්‍ර ලෙසින් පැවති ප‍්‍රාථමික සාමූහික සමාජ ක‍්‍රමයෙන් අනතුරුව පන්ති සමාජයන් බිහිවිය. වහල්, වැඩවසම්, ආසියාතික ක‍්‍රමවලින් පසු ධනවාදයේදී ලොව ජාතික රාජ්‍යයන් ඇතිවීම සිදු විය.

ඉතිහාසයේ 13 වන සියවස තෙක් රාජ්‍ය පාලනයේ දී ෆෙඩරල් ලෙස හැඳින් වූ රාජ්‍යයන් නොතිබිණි. එනිසා ම පැවැති රාජ්‍යයන් ඒකීය ලෙස හැඳින්වීම ද අවශ්‍ය නොවිණි. 13 වන සියවස ආරම්භක කාලයේ දී ප‍්‍රංශය, ජර්මනිය, ඉතාලිය යන රාජ්‍යයන්ට මැදිව කුඩා රාජ්‍යයන් (කුමාර රාජ්‍ය/කැන්ටන්) ගණනාවක් බිහි විය. වරින්වර ඉහත රාජ්‍යයන්ගෙන් වෙන් වී සිටිය ද නැවත ප‍්‍රංශය, ජර්මනිය, ඉතාලිය යන ආක‍්‍රමණශීලී රාජ්‍යයන්ගේ ග‍්‍රහණයට නතුව ඔවුන් නැවත එම බලවත් රාජ්‍යයන්ගේ ආධිපත්‍යයට නතුවේ යැයි බියෙන් 1291 දී එම කුමාර රාජ්‍යය හෙවත් කැන්ටන් තුනක් එක් වී ආක‍්‍රමණයක දී එක්ව කටයුතු කිරීමට, විදේශ කටයුතු හවුලේ සිදු කිරීමට එක`ගතාවකට එළැඹිණි. එය ෆෙඩරල් ක‍්‍රමයේ උපතයි. (එය ඉතා ලිහිල් සබඳතාවකි/සහසන්ධිය) එම රාජ්‍යය වඩා ස්ථාවර වෙමින් (සන්ධීය ලෙස) කැන්ටන් 26ක් එක් වී 1848 සම්මත කර ගත් ව්‍යවස්ථාවකින් ස්විට්සර්ලන්තය ලෙස ස්ථාපිත විය.

ලෝකයේ අවධානය ෆෙඩරල් ක‍්‍රමය වෙත වඩාත් යොමු වූ අවස්ථාව වනුයේ ඇමරිකා එක්සත් ජනපදය බිහි වීමයි. ජෙනරල් කොන්වොලිස්ගේ නායකත්වයෙන් සටන් වැදී බි‍්‍රතාන්‍ය හමුදාවට එරෙහිව ජෝර්ජ් වොෂින්ටන්ගේ නායකත්වයෙන් ඊට මුහුණ දුන් නිදහස් ජනපද හමුදාව බි‍්‍රතාන්‍යන්ට එරෙහිව ජය ලැබීමෙන් අනතුරුව එකී ජනපද එක්කර ඇමෙරිකා එක්සත් ජනපදය ගොඩනැංවූයේ ඉතා ලිහිල් සබඳතා සහිත ෆෙඩරල් ක‍්‍රමයකට ය. එය අද වන විට වඩාත් මධ්‍යගත කරන ලද ෆෙඩරල් ව්‍යවස්ථාවකින් සමන්විත ය. කැනඩාව ද බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශ යටත්විජිතයක්ව පැවති ක්වීබෙක් ප‍්‍රාන්තය (පැරිස් නගරය හැරුණු විට ප‍්‍රංශ භාෂාව කථා කරන වැඩි ම ජනගහනය සිටින නගරය මොන්ටි‍්‍රයල් වේ.) එක්සත් කරනු ලැබ ඇත්තේ ෆෙඩරල් ව්‍යවස්ථාවකිනි. ඉන්දියාව ද එහි ඇති රාජ්‍යයන්, ජාතීන් එකතු කිරීමේ ආකෘතියක් ලෙසින් ෆෙඩරල් ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන අතර, මධ්‍යම රජයේ බලතල ඉතා බලවත් ය.

ප‍්‍රාන්ත හෝ ප‍්‍රාදේශීය රාජ්‍යයන්ගේ අනුමැතියකින් තොරව මධ්‍යම ආණ්ඩුවට එම ප‍්‍රාදේශීය පාලනයන් ගැන තීන්දු ගැනීමේ හැකියාව ඇති රාජ්‍යයන් ඒකීය ලෙස ද (ලෝකයේ 80%ක් පමණ රාජ්‍යයන් ඒකීය වේ.) ප‍්‍රාදේශීය පාලනයන්ගේ බලතල වැඩි, ඔවුන්ගේ අනුමැතිය/එක`ගතාවය සහිතව පමණක් මධ්‍යම ආණ්ඩුවට තීරණ ගත හැකි රාජ්‍යය සන්ධීය හෙවත් ෆෙඩරල් ලෙසත්, මධ්‍යම ආණ්ඩුවේ අනුමැතියකින් තොරව වෙන් වී යාමට හැකියාව/බලතල සහිත රාජ්‍යයන් සහසන්ධීය හෙවත් කොන්ෆෙඩරල් ලෙස ද හඳුන්වයි. ෆෙඩරල් ආශ‍්‍රිතව රාජ්‍යයන් වර්ග කිරීම පහත දැක්වෙන ආකාරයෙන් ද සඳහන් වන අවස්ථා තිබේ.
01. ව්‍යවස්ථාමය සමූහාණ්ඩු (ඉතාලිය, එක්සත් රාජධානිය, දකුණු අප‍්‍රිකාව)
02. ෆෙඩරේෂන් (කැනඩාව, පකිස්තානය, ඇමෙරිකා එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය, යුගොස්ලාවියාව)
03. කොන්ෆෙඩරේෂන් (යුරෝපා හවුල, කැරිබියානු ප‍්‍රජාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය)
04. ෆෙඩරසි (ඉන්දියාවේ කාශ්මීරය, ඇමෙරිකාවේ පුවෝටෝරිකෝ හා උතුරු ඔරියානාස්)
05. සාංගමික රාජ්‍යය (නවසීලන්තයේ කුක් ¥පත්, එක්සත් ජනපදයේ පලාවි, මාර්ෂල් දූපත්)
06. නාගරික ප‍්‍රදේශවල දේශපාලන ඒකාබද්ධකරණය සඳහා (කැනඩාවේ ඔන්ටාරියෝ, පැරීසිය, ලන්ඩන්)
07. කොන්ඩෝමියම් රාජ්‍ය (ඇන්ඩෝරා නම් ප‍්‍රදේශය ස්පාඤ්ඤය හා ප‍්‍රංශය අතර බෙදී තිබේ.)
08. ලීග (අරාබි සංගමය, නේටෝ, ආසියාන් සංගමය)

ෆෙඩරල් වර්ගීකරණයන් එසේ වුව ද, එහි විශේෂ අවස්ථා සහිත රාජ්‍යයන් ද වේ. එක්සත් රාජධානිය තුළ උතුරු අයර්ලන්තයේ හා ස්කොට්ලන්තය තුළ වඩා බලතල ඇති පාර්ලිමේන්තු ද සහිතව බලය බෙදා තිබුණ ද, එය ඒකීය රටක් වේ. මන්ද ප‍්‍රාදේශීය පාර්ලිමේන්තුවල අනුමැතියකින් තොරව මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුව තුළ සරල බහුතරයකින් එකී ප‍්‍රාදේශීය පාර්ලිමේන්තු තීරණ, බලතල අහෝසි කළ හැකි නිසා ය. ඉන්දියාව තුළ දී එය මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් කරන බලතල ප‍්‍රබල ලෙස තිබුණ ද, ප‍්‍රාන්තවල අනුමැතිය නොමැතිව එකී බලතල ලබා ගත නොහැක. එහෙත් ප‍්‍රාන්ත ආණ්ඩුවලින් 50%ක් එකග වන තීරණ සියලූ ප‍්‍රාන්තවලට අදාළ වන පරිදි ක‍්‍රියාත්මක කිරීමට මධ්‍යම ආණ්ඩුවට හැකි ය. එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදය හා ස්විට්සර්ලන්තයේ දී එසේ එකග නොවන ප‍්‍රාන්තවලට එම තීරණ වලංගු නොවේ.

කෙසේ වුව ද, ඉතිහාසයේ ආරම්භක අවධීන් තුළ ෆෙඩරල් රාජ්‍යයන් බිහි වීම රාජ්‍යයන්ගේ ශක්තිමත් භාවය, ආරක්‍ෂාව ඇතුළු ඉදිරිගාමී පියවරක් ලෙසින් ආරම්භ වුවද වර්තමානය වන විට එය වෙනස් වී තිබේ. එක්ව තිබෙන රාජ්‍යයන් කඩා ඉහිරවීම අරමුණු කර ගත් ෆෙඩරල් යෝජනා ඇමෙරිකා එක්සත් ජනපදය නම් ෆෙඩරල් රාජ්‍යය මූලික වී කටයුතු කිරීම ධනවාදයේ අර්බුදය වර්තමානය තුළ කළමනාකරණය කිරීමට ලෝක බලවතුන් දරන උත්සාහය අනුව වඩාත් සවිඥානකව තේරුම් ගත යුතු ය. සමාජවාදය තුළ යුගොස්ලාවියාව ලෙස එක් කොට සිටි සර්බියාව, ක්‍රොඒෂියාව, ස්ලෝවේනියාව, මැසිඩෝනියාව, බොස්නියා-හර්සගෝනියා ඇතුළු රටවල් අද තව දුරටත් කොසෝවෝ, මොන්ටිනීග්‍රෝ ලෙස
බෙදී වෙන් වීමේ අර්බුදවලට මුහුණ පා ඇත. දකුණු සුඩානය වෙන් කිිරීම, සයිප‍්‍රසය බෙදීම හා නැගෙනහිර ටිමෝරය ආදී නව රටවල් ලෝක සිතියමට එක් වනුයේ ඒ අනුවය.

1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු 176ක් පමණ ජාතිකත්ව සඳහා සමාජවාදී සෝවියට් ජනරජ, ස්වයංපාලිත සෝවියට් ජනරජ, ස්වයංපාලන ප‍්‍රාන්ත හා ස්වයංපාලිත ජාතික බලප‍්‍රදේශ ලෙස හා තවත් බොහෝ බල ව්‍යුහයන් තුළ ලෝක භූමියෙන් 1/6 ක පමණ ප‍්‍රදේශයක ජනතාවක් බෙදී වෙන් වීමට නොව එකට එක් වී සෝවියට් ජාතිය ලෙස 1990 දක්වාම ලොව සෑම ක්‍ෂේත‍්‍රයකම විශිෂ්ටත්වයන් ප‍්‍රදර්ශනය කළේ සමාජවාදය තුළ ය. වර්තමාන චීනයේ ද ජාතිකත්වයන් 56ක් කෝටි 135ක ජනතාවක් එකට එක් වී ලොව ප‍්‍රබල රාජ්‍යයක් ලෙසින් ඒකරාශී වී සිටින්නේ ද ඒ අනුවමය.