අපේ‍්‍රල් තිසීසය

මේ ලෙනින් විසින් ඉදිරිපත් කරන ලද ‘වර්තමාන විප්ලවයේ දී නිර්ධන පන්තියට පැවරෙන කර්තව්‍යයන්’ එනම් සුප‍්‍රසිද්ධ ‘අපේ‍්‍රල් තීසිසයන්’ පිළිබඳවයි.

1917 පෙබරවාරි රුසියාවේ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයෙන් පසුව ලෙනින් ආපසු රුසියාවට පැමිණියේ 1917 අපේ‍්‍රල් 16 වැනි දා ය. 1917 අපේ‍්‍රල් මස 17 වැනි දින පැවැත්වුණු බොල්ෂෙවික් පක්‍ෂයේ අවසන් සැසි වාරයට ලෙනින් විසින් මෙම තිසීසයන්ගේ සංක්‍ෂිප්ත සටහනක් ඉදිරිපත් කරන ලදී. මෙම සංක්‍ෂිප්ත සටහන මත පදනම්ව ‘අපගේ විප්ලවයේ දී නිර්ධන පන්තියට පැවරෙන කර්තව්‍යයන්’ යන මැයෙන් නිර්ධන පන්ති පක්‍ෂය සඳහා කෙටුම් පත් වැඩපිළිවෙළ 1917 අපේ‍්‍රල් මස 23 වැනිදා ලියා අවසන් කරන ලදී. මෙම වැඩපිළිවෙළ සකස් කරන ලද්දේ 1917 මැයි 7-12 දක්වා පැවැති රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු (බොල්ෂෙවික්* පක්‍ෂයේ 7 වැනි සමස්ත රුසියානු සාකච්ඡුා සභාවට ඉදිාරිපත් කිරීම සඳහා ය.

එතෙක් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්‍ෂයේ වැඩපිළිවෙළ ලෙස තිබුණේ 1905 විප්ලවය සඳහා ඉදිරිපත් කළ වැඩපිළිවෙළයි. මෙය රුසියාවේ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සම්පූර්ණ නොවී තිබූ තත්ත්වයක් යටතේ සකස් කරන ලද්දකි. 1917 පෙබරවාරි විප්ලවයෙන් පසු පවතින තත්ත්වය පිළිබඳවත්, තාවකාලික කෙරෙන්ස්කිගේ ආණ්ඩුව පිළිබඳවත්, නිර්ධන පන්ති පක්‍ෂයේ ස්ථාවරයත්, පක්‍ෂයේ ඉදිරි වැඩපිළිවෙළ, කි‍්‍රයාමාර්ග, දර්ශනය හඳුන්වා දෙමින් මෙම අප්‍්‍රල් තිසීසයන් ලෙනින් විසින් ඉදිරිපත් කරන ලදී.

1917 පෙබරවාරි විප්ලවයේ දී රුසියාවේ රාජ්‍ය බලය වැඩවසම්වාදී සාර්ලාගේ අතින් ධනේශ්වර පන්තිය අතට මාරු වී තිබේ. සෑම විප්ලවයක ම මූලික ප‍්‍රශ්නය වන්නේ රාජ්‍ය බලය පිළිබඳව ප‍්‍රශ්නයයි. වත්මන් රුසියාවේ කෙරෙන්ස්කිගේ ආණ්ඩුව ධනේශ්වර ආණ්ඩුවකි. එය වත්මන් අධිරාජ්‍යවාදී යුද්ධයේ දී අධිරාජ්‍යය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි. ලෙනින් ඉදිරිපත් කරන පරිදි එය ජනතාවගේ ආණ්ඩුවක් නොවේ. සාමය, පාන් හෝ සම්පූර්ණ නිදහස එයට ලබා දිය නොහැකි ය. එය පෙරළා දැමිය යුතු ය. වත්මන් රුසියාව තුළ ද්විත්ව පාලනයක් ඇතිව තිබේ. එක් අතකින් කෙරෙන්ස්කිගේ තාවකාලික ආණ්ඩුවකි. අනෙක් අතින්, කම්කරු, සෙබළ සෝවියට් සභා නිර්මාණය වී තිබේ. මෙම ත්ත්ත්වය යටතේ තව දුරටත් 1905 වැඩපිළිවෙළ වලංගු නොවනු ඇතැයි ද, (එය ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය මූලික කොටගත් වැඩපිළිවෙළකි.) වත්මන් තත්ත්වයන්ට අනුව නිර්ධන පන්ති පක්‍ෂයේ වැඩපිළිවෙළ සකස් විය යුතුව ඇතැයි ද මෙම තිසීසයන් මඟින් අවධාරණය කරනු ලබන ලෙනින් එම වැඩපිළිවෙළ සෝවියට් සභා වෙත සම්පූර්ණ රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා සකස් කළ යුතුව ඇතැයි ද අපේ‍්‍රල් තිසීසයන් මඟින් ඉදිරිපත් කරයි.

වත්මන් තත්ත්වය යටතේ රුසියාවේ කම්කරු පක්‍ෂයට පැවරෙන ජාත්‍යන්තර වගකීම බලවත් ලෙස පෙරට පැමිණ ඇති බව මෙම තිසීසයන් මඟින් පෙන්වා දේ. දෙවැනි ජාත්‍යන්තරයේ එවකට පැවැති ස්වභාවය ප‍්‍රධාන ප‍්‍රවණතාවයන් තුනක් ලෙස දැකිය හැක. අධිරාජ්‍යවාදී ‘යුද්ධයේ දී පීතෘ භූමිය ආරක්‍ෂා කිරීම’ වෙනුවෙන් පෙනී සිටින සමාජ ජාත්‍යෝන්මාදවදීන් ද, නියම ජාත්‍යන්තරවාදීන් හා ජාත්‍යොන්මාදවාදීන් අතර වැනෙමින් සිටින ‘මැද පිරිස’ ද ට්සමවර්ලඞ් ජාත්‍යන්තරය නියෝජනය කරන
නියම ජාත්‍යන්තරවාදීන් ද එම ප‍්‍රවණතාවයන් තුන බව අපේ‍්‍රල් තිසීසයන් මඟින් පෙන්වා දෙමින්, නව ජාත්‍යන්තරයක් පිහිටුවීමේ වැදගත්කම අවධාරණය කරයි.

ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සම්පූර්ණ වූ තත්ත්වයක් යටතේ පක්‍ෂයේ නම වූ රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්‍ෂයේ නම දේශපාලනිකව එය කොමියුනිස්ට් පක්‍ෂය බවට වෙනස් විය යුතු බව යෝජනා කරයි.

ලෙනින් මෙම තිසීසයන් ඉදිරිපත් කරන අවස්ථාව වන විට රුසියන් කම්කරු ව්‍යාපාරය තුළ පන්ති සහයෝගීතාවාදය බලවත්ව පැවැතිණි. තාවකාලික ආණ්ඩුව පෙරළා නොදැමිය යුතුු යැයි ද, ධනපති පන්තියට කොන්දේසි සහිතව සහාය දිය යුතු යැයි ද යන මතය ස්ටාලින් ඇතුළු මෙන්ෂෙවිකයන් විසින් ඉදිරිපත් කරන ලදී. මෙම අපේ‍්‍රල් තිසීසයන් මඟින් පෙන්වා දෙන්නේ ධනපති පන්තියෙන් ස්වාධීනව බලය අල්ලා ගැනීමට කම්කරුවන් හා ගොවීන්ට නායකත්වය දීම සඳහා බොල්ෂෙවික් පක්‍ෂය වහා ඉදිරිපත් විය යුතු බවයි. ලෙනින්ගේ වදන්වල තිබෙන විචක්‍ෂණභාවයත්, ස්ථාවරභාවයත්, එහි මූලික හරයත්, වැඩපිළිවෙළේ තිබෙන නිරවුල් භාවයත් අපට වැදගත් පාඩමක් උගන්වයි.

දේශපාලනයේ දී ඒ ඒ දේශපාලන වටපිටාවන්ට අනුරූප වන පරිදි වැඩපිළිවෙළ සකස් විය යුතු බවත්, උපාය උපක‍්‍රම, දේශපාලන තත්ත්වයන් වෙනස් වන විට දී වෙනස් විය යුතු බවත් අපේ‍්‍රල් තිසීිසයන් මඟින් අපට උගන්වන වැදගත් පාඩම් ය. එහෙයින්, අප ද වත්මන් දේශපාලනයට අනුරූපව විවිධ උපාය උපක‍්‍රම සඳහා පක්‍ෂය සූදානම් කරන මොහොතේ දී අප විසින් අධ්‍යයනයට ලක් කළ යුතු වැදගත්කමක් අපේ‍්‍රල් තිසීසයන් තුළ ඇත.

‘‘හැකි තරම් විශාල රාජ්‍යයන් ඇති කිරීම වැඩ කරන ජනතාවාගේ වාසියට හේතු වන නිසා එසේ කිරීමට නිර්ධන පන්ති පක්‍ෂය උත්සාහ කරයි. ජාතීන් සමීප ලෙස ගැනීමට හා ඒවා තව දුරටත් එකට පෑහෙන සේ කටයුතු කිරීමට එය උත්සාහ කරයි. නමුත්, එය මෙම අරමුණ ඉටු කර ගැනීමට අපේක්‍ෂා කරන්නේ හිංසනයෙන් නොව සියලූ ම ජාතීන්ගේ කම්කරුවන්ගේ හා වැඩ කරන ජනතාවන්ගේ නිදහස් හා සහෝදරාත්මක එක්සත් වීම මඟින් පමණි.’’
ලෙනින් (තෝරා ගත් කෘති, වෙළුම 05, පිටුව 51)