මිනිසාගේ සම්භවය – මාක්ස්වාදය හා විද්‍යාව

brain
විශ්මිත මිනිස් මොළය
March 10, 2017
IbnSina1
ඉබන් සීනා (අවිසෙන්නා)
March 10, 2017
Show all

මිනිසාගේ සම්භවය – මාක්ස්වාදය හා විද්‍යාව

davinchi

දෙවියන් වහන්සේ විසින් ‘රතු මැටියෙන්’ මිනිස් රූපයක් සාදා එයට ජීවන හුස්ම පිඹ අමරණීය ආත්මයක් ඇතුළු කළ හැටි බයිබල් පුරාවෘත්තයේ කියවේ.
”ඔහු නිර්මාණය කළ හැම දෙයක් ම අංගසම්පූර්ණ විය. හෙතෙම පළමුවෙන් මිනිසෙකු මැටියෙන් සෑදුවේ ය. අනතුරුව කුඩා දිය බිංදුවකින් මිනිස් පරපුර බිහි කළේ ය. අනතුරුව හෙතෙම සමානුපාතික ලෙස ඔහුගේ සිරුර සෑදී ය. තමාගේ ජීවාත්මයෙන් කොටසක් ඔහුට පිම්බේ ය” යැයි ශුද්ධ වූ කුරාණයේ ලියා තිබේ.

පරිණාමය පිළිබඳව ලමාර්ක්
මේ අයුරින් ජීවයේ සම්භවයත්, මිනිසාගේ සම්භවයත් පිළිබඳ ගැටලූව වසර දහස් ගණනක් තිස්සේ සාකච්චා විය. මේ සම්බන්ධයෙන් වඩා නිවැරැදි හා මැවුම්වාදයට එරෙහි මතයක් පළමු වරට ඉදිරිපත් කළේ ප‍්‍රංශ ජාතික ජාන් ලමාර්ක් (1744-1829) ය. ‘සත්ත්ව විද්‍යාවේ දර්ශනවාදය’ (1809) නමින් පොතක් පළ කළ ඔහු සත්ත්ව සංහතියේ සහ පැළෑටි ලෝකයේ පරිණාමය ඔප්පු කරමින් කරුණු පෙන්වීමට සමත් විය.

පරිණාමවාදී ලෙස සජීව වස්තු සමකාලීන තත්ත්වය දක්වා දියුණු වී යැයි ලමාර්ක් කියා සිටියේ ය. මේ නිසා දීර්ඝ කාලය තුළ දී මිනිසා කිසියම් වානර වර්ගයකින් පැවත එන බවක් සිතීමට ඉඩ ඇතැයි හෙතෙම විශ්වාස කළේ ය. කැලෑවල ප‍්‍රමාණය අඩුවත් ම වනවාසී වානරයා ගහෙන් බිමට බටුයේ දෙපා ගමනින් යාමට පුරුදු විය. ඔහුගේ සෘජු ගමන් විලාසය විසින් ඔහුගේ පිටිකොන්දේ මාංශපේෂිවල, දෙපාවල, දෑත්වල, හනුවල, දත්වල හා මොළයේ වෙනසක් ඇති කෙරිණි. සමාජමය ජීවිතය නිසා කතා කිරීම දියුණු විය. ස්වාභාවික ලෙස මිනිස් සම්භවය සිදු වීමේ හැකියාව ගැන ලමාර්ක් නිවැරැදි අදහස් බොහොමයක් ඉදිරිපත් කළේ ය.

එහෙත්, ලමාර්ක් මෙවැනි මත ඉදිරිපත් කළ අවධියේ දී සොබාදහම තුළ ජීවීන්ගේ පරිණාමය ගැන හෝ මිනිසාගේ ස්වාභාවික සම්භවය ගැන හෝ
සෑහෙන සාධක නොතිබිණි. ලමාර්ක් සංවර්ධනයේ අනෙකුත් අංශ ගැන ප‍්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බැවින් පරිණාමය පිළිබඳ ඔහුගේ නව ඉගැන්වීම ඒකාංශ වූ අතර, එයට ගණයන්ගේ ස්ථාවරභාවය පිළිබඳ පැරැුණි න්‍යාය පරාජය කළ නොහැකි විය.

ඩාවින් හා මිනිසාගේ සම්භවය
ලමාර්ක්ගේ ‘සත්ත්ව විද්‍යාවේ දර්ශනවාදය’ නමැති කෘතිය පළ වී පනස් වසරකට පසුව ස්වභාවධර්මය පිළිබඳ මිනිසාගේ දැනුම ඉතා විශාල ලෙස දියුණු විය. මිනිසාගේ පරිසරයේ පරිණාමය පිළිබඳ අදහස විද්‍යාඥයන්ගේ චින්තනයට වඩ වඩාත් භාජනය විය. අජීව හා සජීව ලෝකවල සංවර්ධන නියාමයන් පදනම් කොට ගෙන ගොඩනැඟී තිබූ සියලූ සාධක සංකේන්ද්‍රණය කොට ඒකායන ක‍්‍රමයක් ඇති කිරීමත් සමඟ ශ්‍රේෂ්ඨතම ස්වභාවධර්ම විද්‍යාඥයා පහළ විය. ඔහු චාල්ස් ඩාවින් ය.

කෘත‍්‍රිමවරණ මූලධර්මය ඉදිරිපත් කිරීම ඩාවින්ගේ ශ්‍රේෂ්ඨ සේවය වූයේ ය. මෙම මූලධර්මය උපයෝගී කර ගනිමින් ප‍්‍රධාන වශයෙන් මිනිසාගේ බලපෑම යටතේ සතුන් හා පැළෑටි වර්ග වෙනස් කළ හැකි විය. ප‍්‍රකෘතියේ සත්ත්ව හා පැළෑටි විශේෂ පරිවර්තනය වන බවත්, එය නොකැඩෙන සේ වෙනස් වීම සහ ආවේණිය සමඟ බැඳී ඇති බවත්
පෙන්වන ‘ස්වභාවික වරණය’ ඩාවින් විසින් සොයා ගැනීම වඩාත් ශ්‍රේෂ්ඨ සේවය වූයේ ය. විශේෂයන්ගේ ස්ථාවරභාවය පිළිබඳව ඩාවින්ට පෙර බල පෑ මතය ඔහුගේ පරිණාමවාදී මතය නිසා සුුන් වී ගියේ ය.

එහෙත්, ඒ අතර ම ඩාවින්ට මිනිසාගේ සම්භවය පිළිබඳ ගැටලූව සම්පූර්ණ ලෙස විසඳීමට බැරි විය. එසේ වූයේ සමාජ නියාමයන්ට ජෛව විද්‍යාව යෙදවීම නිසා ය. ඩාවින්ගේ්් න්‍යාය අනුව මිනිසා ඇති වීමේ ප‍්‍රධාන සාධකය වූයේ විකෘතිය, පැවැත්ම සඳහා සටන, ස්වාභාවික හා ලිංගික වරණය, සෘජු ආවේණීය හා පරිසරයේ බලපෑම ය.

එහෙත්, මිනිසාගේ වර්ධනයේ දී ජිව විද්‍යාත්මක පමණක් නොව සමාජමය කරුණු ද බලපෑ බැවින්, මානව විද්‍යා ප‍්‍රවේණියේ සම්පූර්ණ ක‍්‍රියාදාමය විස්තර කිරීමට ජීව විද්‍යාව හා මානව විද්‍යාව අපොහොසත් විය.

ඩාවින්ගේ පරිණාමවාදය ඉදිරිපත් වීමත් සමඟ ජීව විද්‍යා ක්ෂේත‍්‍රයේ තිබූ මැවුම්වාදය පරාජයට පත් වුව ද, එය එහි අනෙක් අන්තය කරා ගමන් කළේ ය. එනම්, මිනිසා ද තවත් එක් වානරයෙකු බවට සාමාන්‍යකරණය කිරීමයි.

මිනිසාගේ සම්භවය පිළිබඳ ශ‍්‍රම න්‍යාය
මේ නිසා මාක්ස්වාදයේ නිර්මාතෘවරුන්ට මිනිසාගේ සම්භවය ගැන පැහැදිලි කිරීමේ දී එක විට මැවුම්වාදයට විරුද්ධවත්, අනෙක් අතට සාමාජීය සත්ත්වයකු ලෙස මිනිසාගේ ගුණාත්මක වෙනස නොසලකා මිනිසා ද වානරයෙකු බවට සාමාන්‍යකරණය කිරීමේ උත්සාහයට එරෙහිවත් සටන් වදින්නට සිදු විය. මාක්ස්වාදයේ කතුවරු ශ‍්‍රමයේ බලපෑමට පළමුවෙන් තැන දෙමින් මිනිසාගේ හැඩගැසීම පිළිබඳ ගැටලූව සංකීර්ණතම පදනමක් මත ඉදිරිපත් කළහ. සතුන්ගේ පරිණාමය සමඟ සසඳා බලන විට මිනිස් සංවර්ධනයේ ගුණාත්මක වෙනසක් ඇති කළ සමාජමය සාධකය වූ ශ‍්‍රමය අතිශයින් ම වැදගත් වූ බව ඔවුහු අවධාරණය කළහ. මේ සාධකය පිළිබඳව එංගල්ස් විශේෂ අවධානයක් යොමු කළ අතර, මානව විද්‍යා ප‍්‍රවේණියේ ශ‍්‍රම න්‍යාය නිර්මාණය කළේ ය. ඒ පිළිබඳ අධ්‍යයනයේ දී 1876 ජුනි මාසයේ දී එංගල්ස් විසින් ලියන ලද ‘වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනය වීමේ දී ශ‍්‍රමය ඉටු කළ කාර්යය’ යන ලිපිය ඉතා වැදගත් ය. (එය සොබාදහමේ දයලෙක්තිකය නමැති පොතේ අඩංගු වේ.*)එමඟින් ඔහු ඩාවින්වාදයට සම්පූර්ණ ලෙස පැහැදිලි කිරීමට අසමත් වූ මිනිසාගේ සම්භවය පිළිබඳ ගැටලූව සමාජ විද්‍යාත්මක පදනමක් මත නිවැරැදි ලෙස විසඳීමට සමත් විය. සමකාලීන විද්‍යාව විසින් මාක්ස්වාදයේ කතුවරුන්ගේ එකී මතය දෛනිකව තහවුරු කරමින් තිබේ.

සෘජු ගමන් විලාසය

එංගල්ස්ගේ මතය අනුව සෘජු ගමන වානරයා මිනිසා බවට පත්වීමේ තීරණාත්මක පියවර විය. ‘‘ගස් නැගීමේදී අත් වලට හා පා වලට විවිධ කාර්යයන් පැවරේ ඔවුන්ගේ ජීවන රටාව හේතුකොටගෙන සමතලා බිම් වල සංචරණය කිරීමට සිදුවූ විට මෙම වානරයෝ ඇවිදීමේදී සිය අත් භාවිතා කිරීමේ පුරුද්දෙන් ක‍්‍රමයෙන් ඈත් වූ අතර වඩ වඩාත් ඍජු ඉරියව්වක් යොදාගත්හ. වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනය වීමේ තීරාණාත්මක පියවර මෙය විය’’ (සොබාදහමේ දයලෙක්තිකය – පිටුව 277)

සෘජු ගමන මිනිසාට පමණක් විශේෂිත වූ දෙයක් බවත් ඒ හා බැදුනු සිරුරේ අනෙකුත් වෙනස්කම් විසින් කාය ව්‍යවච්චේද ලෙස සැලකිය යුතු තරමින් ඈත් කරමින් ඇති බවත් ජීව විද්‍යාව විසින් ඔප්පු කර තිබේ.

”එක්තරා මගක් ඔස්සේ මිනිස් සිරුර ප‍්‍රතිසංස්කරණය කිරීමේ දී ප‍්‍රධාන සාධකය වූයේ සෘජු ගමන බව එංගල්ස් හා ඩාවින් පවසති. අපි එම මතය පිළිගනිමු. මිනිස් සිරුරේ ව්‍යවච්ෙඡ්ද ව්‍යුහයට ආවේණික වූ ලක්‍ෂණවලින් වැඩි කොටස නියම ලෙස හෝ අනියම් ලෙස හෝ දෙපා ගමනේ වර්ධනය සමඟ සම්බන්ධ වී ඇත . ඉන් සමහරක් මෙසේය: සිරුර දරා සිටිය හැකි ආයත ආරුක්කුවක් සහිත පාද, හොඳින් වර්ධනය වුණු ශක්තිමත්, දිගැති, පයේ මහපට ඇගිල්ල, ඉතා හොඳින් වර්ධනය වුණු මහපට ඇඟිලි සහිත විශේෂයෙන් ඇඟිලි තුඩුවලට ස්පර්ශය ඉතා හොඳින් දැනෙන අත්, කටී පෙදෙසේ ඉතා හොඳින් කැපී පෙනෙන වක‍්‍රය සහිත කොඳු ඇට පෙළෙහි වක‍්‍ර හතරක් ඇති වීම, අංශක 60ක් සමාන්තරයට හැරුණු ශ්‍රෝණිය, විශාල සහ බරැුති මොළයක් සහිත හිසක් සහ එම හිස කශේරු ස්ථම්භය උඩ ඉතා හොඳින් සමබරව පිහිටීම, සමාන්තරයට ආසන්න තත්ත්වයක මහා ජිද්‍රයේ පිහිටීම, එය පහළට හෝ තරමක් ඉදිරියට පිහිටා තිබීම (මානව කල්ප වානරයන්ගේ මෙය තරමක් පස්සට පිහිටා ඇත.), හිසෙහි මොළයට අයත් කොටස විශාල වීම සහ මුහුණට අයත් කොටස කුඩා වීම, හිස් කබලේ බාහිර ප‍්‍රලම්භනය දුර්වල වීම, සිරුරේ විශේෂ සමානුපාතිකය (සිරුරේ කඳ සමඟ සසදා බලන විට දිගු කකුල් සහ කෙටි අත්), මොළය, අත් සහ කතා කිරීමේ ඉන්ද්‍රියයන් ප‍්‍රගතිශීලී ලෙස වර්ධනය වෙමින් තම ප‍්‍රකාශනයේ දී වඩාත් දියුණු වීම හා සම්පූර්ණ වීම.” (එම්.නේස්තූර්හ්, මිනිසාගේ සම්භවය, පිටු අංක 105-106 )

මිනිසා සහ ප‍්‍රිමාටේස්වරුන් අතර ඇති වෙනස්කම්වලින් සෘජු ගමන හා සම්බන්්ධ නොවූ ව්‍යුහමය වෙනස්කම් ඇත්තේ කිහිපයකි.

” සෘජු ගමන හා සම්බන්ධ නොවූ ලක්‍ෂණ කිහිපයක් අනුව මිනිසා සහ අනෙකුත් ප‍්‍රිමාටේස්වරුන් අතර වෙනස්කම් ඇත්තේ ය. මේවා අතර, ව්‍යුහයේ විශේෂතාවයන් මෙසේ ය: පහළ හනුවේ නිකටේ චිබුකීය නෙරුබරය, රදනක දුර්වලව පිහිටීමත්, ඒවා අනෙක් දත්වලට වඩා ඉහළට හෝ පහළට නෙරා නොසිටීම, දෙතොල්වල මැද කොටස වර්ධනය වීම, නාසයේ සිට කට දක්වා උඩු තොලට පහළින් ඇගිලියක් පිහිටා තිබීම”
(එම්.නේස්තූර්හ්, මිනිසාගේ සම්භවය පිටු අංක 106 )

මොළයේ සංවර්ධනය

එංගල්ස් මෙසේ ලිව්වේ ය. ”ප‍්‍රථමයෙන් ශ‍්‍රමය ද ඉන් අනතුරුව සහ එයත් සමඟ කතාව ද යන මේ දෙකෙහි උත්තේජනය යටතේ වානරයාගේ මොළය ක‍්‍රමයෙන් මිනිස් මොළය දක්වා පරිවර්තනය වූ අතර, මිනිස් මොළය වානරයාගේ මොළයට වඩා විශාල වී අංගසම්පූර්ණ බවට පත් විය.

මොළය වර්ධනය විමත් සමඟ ම එහි ඉතාමත් සමීපතම උපකරණ වන සංවේදී ඉන්ද්‍රියයන් වර්ධනය විය. කතාවේ ක‍්‍රමානුකූල වර්ධනයත් සමඟ ම ඊට අනුරූපීව ශ‍්‍රවණ ඉන්ද්‍රියයන් සියුම් වීම සිදු වූවාක් මෙන් සමස්තයක් වශයෙන් මොළයේ වර්ධනය වීමත් සමඟ ම සියලූ ම ඉන්ද්‍රියයන් ද සියුම් වීමක් සිදුවේ. (සොබාදහමේ
දයලෙක්තිකය පිටු 282-283)

මිනිසාගේ මොළය සත්ත්ව ලෝකයේ අනෙකුත් සතුන්ට වඩා විශේෂීය ලෙස වර්ධනය වී ඇති බව පරීක්‍ෂණවලින් තහවුරු වී තිබේ.

”මොළයේ පරිමාව (ඝණ සෙන්ටිමීටර්)අනුව එහි බර තීරණය කළ හැකි ය. මොළයේ විශිෂ්ඨ බර ජලයට වඩා මඳක් වැඩි ය. මොළයේ බරින් වැඩි හරියක් (87%) මස්තිෂ්ක අර්ධගෝලවලට අයත් වන අතර 11‍%ක් අනුමස්තිෂ්කයට අයත් වේ. මොළයේ නිරපේක්‍ෂ බර අනුව නොව සාපේක්‍ෂ බර අනුව මිනිසා වානරයාට වඩා උසස් තැනක් ගනී. මිනිස් මොළය ගෝරිල්ලකුගේ මොළයට වඩා දස ගුණයකින් ද, චිම්පන්සියකුගේ මොළයට වඩා සතර ගුණයකින් ද ඔරන්ඔටානයාගේ මොළයට වඩා සය ගුණයකින් ද, ගිබනයාගේ මොළයට වඩා දෙගුණයකින් ද බර වැඩි ය.

සිරුර සමඟ සසදා බලන විට නව ලෝකයේ (ඇමරිකා මහද්වීපයේ* වඳුරන්ගේ මොළය විශාල යැයි කිව හැකි බව සත්‍යයකි. මිනිස් සිරුරේ සහ මොළයේ අනුපාතිකය 1:35 කි. එහෙත් කපුචීන් වඳුරාගේ මොළය 1:18 කි. ස්පයිඩර් වඳුරාගේ මොළය 1:15 කි. ක්ෂීරපායී සත්ත්වයන් කුඩා වන තරමට උන්ගේ මොළය සාපේක්‍ෂ වශයෙන් බරින් වැඩි බව අවධාරණය කළ යුතු ය. මේ නියාමය අනුව මිනිසා සහ මානව කල්ප වානරයන් පිළිබඳව ඉහත දක්වන ලද අනුපාතය වටහා ගත හැකි වේ.

ඉන්දියානු ඇතා වැනි අති විශාල සත්ත්වයෙකුගේ මොළය නිරපේක්‍ෂ වශයෙන් මිනිස් මොළයට වඩා සතර ගුණයකින් විශාල ය. එහෙත් සාපේක්‍ෂ බර අනුව (1:560) එය මිනිස් මොළයට වඩා 15 වාරයකින් අඩු ය.
මිනිස් මොළයේ නිරපේක්‍ෂ හා සාපේක්‍ෂ බර අනුව ඌට සත්ත්ව ලෝකයේ ප‍්‍රධාන තැනක් අයත් වන අතර, යට දක්වන ලද සතුන්ට වඩා ඉහළින් ඌ තැබීමට එය පමණක් වුව ද ප‍්‍රමාණවත් වේ. (එම්.නේස්තූර්හ්, මිනිසාගේ සම්භවය පිටු අංක 155-156 )

මිනිස් මොළයේ ව්‍යුහයේ මානව ලක්‍ෂණ ගණනාවක් තව දුරටත් හඳුනාගෙන තිබේ.
1. මොළය සුෂුම්නාවට වඩා ප‍්‍රමුඛතාවක් ගෙන තිබීම.
බිළාල සතුන්ගේ මොළය ෂුුසුම්නාවට වඩා හතර ගුණයකින් විශාල ය. ප‍්‍රිමාටයන්ගේ මොළය සුෂුම්නාවට වඩා අට ගුණයකින් විශාල වන අතර, මිනිසාගේ එය 45 ගුණයකින් විශාල වේ. ක්ෂීරපායින්ගේ සුෂුම්නාවේ බර මොළයේ බරින් 22% – 48%ක් වන අතර, ගෝරිල්ලාගේ එය 5% – 6%ත් අතර අගයක් ගනී. මිනිසාගේ සුෂුම්නාව මොළයේ බරින් 2% ක් පමණි.
2. පැරැුණි මොළයට වඩා (Palaeoencephalon) නව මොළය (Neencephalon) ප‍්‍රමුඛතාවක් ගැනීම.
3. මොළයේ ලලාට ඛණ්ඩිකාව ප‍්‍රමුඛ ලෙස වර්ධනය වී තිබීම. පහත් සතුන්ගේ මොළයේ ලලාට ඛණ්ඩිකාව මොළයේ මතුපිට ක්ෂේත‍්‍ර ඵලයෙන් 8% – 12%ත් අතර ප‍්‍රමාණයක් වන අතර, වානරයන්ගේ එය 16% කි. මිනිසාගේ එය 30% කි.
4. මොළයේ පැරැුණි බාහිකයට වඩා නව බාහිකය ප‍්‍රමුඛතාවක් ගැනීම.’’ (Human Anatomy-Mir Publishers Moscow. page numbe 236-237)

අත නිදහස් වීම
එංගල්ස් තව දුරටත් මෙසේ ලිව්වේ ය.
”එහෙත් තීරණාත්මක පියවර ගෙන තිබිණි. අත නිදහස් වී තිබිණි. ඉන් අනතුරුව එයට වඩාත් විශාල හුරුකමක් අත් කර
ගැනීමට හැකි විය. මේ ආකාරයෙන් අත් කර ගත් වඩාත් විශාල නම්‍යතාවය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වී සහ වැඩි වීම සිදුවිය.

එනයින් අත ශ‍්‍රමයේ ඉන්ද්‍රිය පමණක් නොවේ. එය ශ‍්‍රමයේ ඵලය ද වේ. ශ‍්‍රමය මඟින් ම පමණක් නව ශ‍්‍රම කාර්යවලට වඩා වඩාත් අනුහුරු වීම මඟින් එහි ප‍්‍රතිඵලය වූ පේෂිවල බන්ධනිවල සහ ඊටත් වඩා වැඩි කාලයක් මුළුල්ලේ හස්තයේ අස්ථිවල ද විශේෂ වර්ධනයේ උරුමය මඟින් සහ මෙසේ ආවේණික වූ සියුම් බව නවතම වූ ද, වඩා වඩාත් සංකීර්ණ වූ ද කාර්යයන් සඳහා සදාකල්හි අලූතින් උපයෝගී කර ගැනීම මඟින් මිනිස් අත රෆායල්ගේ සිත්තම්, තෙර්වාල්ඞ්සෙන්ගේ පිළි රූ, පගනීනිගේ සංගීතය නිර්මාණය කිරීමට හැකි තරම් වූ උසස් මට්ටමේ පරිපූර්ණත්වයක් අත් කර ගැනීමට සමත් විය. (සොබාදහමේ දයලෙක්තිකය පිටු 278-279)

මිනිසාගේ සම්භවයේදී මිනිස් අතෙහි කාර්යභාරය සහ එහි සුවිශේෂත්වය විද්‍යාව විසින් ද සනාථ කොට තිබේ.

”මිනිස් අත වානර අතට සමානකම් කියන ලක්‍ෂණ ආරක්‍ෂා කර ගත්ත ද, මිනිස් අතේ විශාල මහපට ඇඟිල්ල අනෙකුත් ඇඟිලිවලට විරුද්ධව පිහිටා තිබීම නිසාත්, ක‍්‍රියාකාරිත්වය අනුව සෑහෙන ප‍්‍රභේදයක් ඇති අනෙකුත් ඇඟිලි නිසාත් එය ස්වීයත්වයක් සහිත සර්ව සම්පූර්ණ ඉන්ද්‍රියකි. අනෙකුත් ප‍්‍රිමාටයින්ගේ අත් සමඟ සස\ බලන විට මිනිස් අත සිය සිරුරට ආධාරකයක් වශයෙන් තිබුණු තත්ත්වයෙන් මිදී බහු ක‍්‍රියාකාරිත්වයක් ලබා ගත්තේ ශ‍්‍රම ක‍්‍රියාකාරීත්වයේ බලපෑමේ ප‍්‍රතිඵලයක් වශයෙනි.

”මිනිස් අතට කළ හැකි සියුම් හා විවිධ ක‍්‍රියා අති විශාල සංඛ්‍යාවක් වානර අතට
කොහෙත් ම කළ නොහැකි වී තිබෙනුයේ එහි ව්‍යුහයේ හා ස්නායු ප‍්‍රධානයේ වෙනස්කම් නිසාත්, මධ්‍යම ස්නායු පද්ධතියේ වෙනස්කම් නිසාත් ය. වඳුරන්ගේ පෙර අන්තවල චාලක පෙදෙස්වල හා ඇඟිලිවල ක‍්‍රියාකාරීත්වය පිළිබඳ මධ්‍යස්ථානය වූ මොළයේ ලලාට බාහිකයේ ප‍්‍රාග්කේන්ද්‍රීය සංවලිතයට විදුලි
සැර යවමින් එහි ක‍්‍රියාකාරිත්වය සමහර කාය විද්‍යාඥයෝ උගත්හ. පහත් වඳුරන්ගේ මහපට ඇඟිල්ල සහ තුන්වන ඇඟිල්ල ක‍්‍රියාකාරී නොකොට දෙවන ඇඟිලි ක‍්‍රියා කරවීම ඉතා ම දුෂ්කර බව එම පර්යේෂණවල දී පෙනිණ. එහෙත්, ඒ අතර ම මිනිස් අත්වල ඇඟිලි වෙන වෙන ම ක‍්‍රියාකාරී කරවීම සෑහෙන තරම් පහසු දෙයකි. මානව කල්ප වානරයන් පවා මේ අනුව මිනිසාට වඩා අඩු දක්‍ෂතාවක් පෙන්වයි. මිනිස් පරිණාමයේ මුල් අවධියේ දී මිනිස් අත වඩා අඩු වශයෙන් දියුණු විය. මිනිස් අත මුල දී ඉතා චාම් ක‍්‍රියාකාරිත්වයට පුරුදු විය. එය වානරයන් ස්වාභාවික දේ අතින් ගෙන කරන ක‍්‍රියාකාරිත්වයට වඩා වෙනස් වූයේ යන්තමිනි. ක‍්‍රම ක‍්‍රමයෙන් දීර්ඝ කාලයක් තිස්සේ වානරයාගේ සිට මිනිසා පරිණාමය වීමේ දී ශ‍්‍රම කි‍්‍රයාකාරීත්වය වඩ වඩාත් සංකීර්ණ වූයේ අත් වඩාත් සර්ව සම්පූර්ණ විය.” (මිනිසාගේ සම්භවය පිටු 131)

”තවද මිනිස් අත ශ‍්‍රමයේ ඉන්ද්‍රියක් ලෙස සංවර්ධනය වීමත් සමඟ මිනිස් අතේ සමෙහි ස්පර්ශක සංවේදී ඉන්ද්‍රිකා විශාල වශයෙන් වැඩි විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මිනිස් අත ස්පර්ශ සංවේදීත්වයේ ඉන්ද්‍රියයක් බවට ද පත් විය. එයට අනුකූලව මොළයේ බාහිකයේ ඉදිරි ගාත් නියෝජනය කරන ඉන්ද්‍රීකා සහිත ප‍්‍රදේශය පසුපස ගාත් නියෝජනය කරන ඉන්ද්‍රිකා සහිත ප‍්‍රදේශයට වඩා විශාල වේ.

”ඒ අනුව අපට දැවැන්ත මුඛයක් සහිත විශාල මුහුණක්, අනෙක් ඇඟිලිවලට වඩා විශාලැති මහපට ඇඟිල්ලක්, විශාල අතක් සහිත ඉදිරිපස ගාත් සහ කුඩා දේහයක් සහ ඊටත් කුඩා පසුපස ගාත් සහිත මිනිස් රුවක් සිත්තම් කිරීමට සිදු වේ.” (Human Anatomy-Mir Publishers Moscow. page number 233)

භාෂාවේ උපත
”කෙටියෙන් කියතොත් මිනිසා බවට පරිවර්තනය වෙමින් සිටි මොවුහු එකිනෙකාට යමක් පැවසිය යුතු අවධියකට අවතීර්ණ වූහ. අවශ්‍යතාවය ඉන්ද්‍රිය බිහි කළේ ය. වානරයාගේ නොදියුණු ස්වරාලය සෙමින් වුව ද, ස්ථිර ලෙස ශබ්ද නිසි ලෙස හැසිර වීම මඟින් නිත්‍ය වශයෙන් ම වඩාත් වර්ධනය වූ ශබ්ද හැසිරවීමක් දක්වා පරිණාමනය වූ අතර, මුඛයෙහි වූ ඉන්ද්‍රියයන් ක‍්‍රමයෙන් පැහැදිලි ශබ්ද එකිනෙක එකිනෙක උච්චාරණය කිරීමට උගත්තේ ය.
”භාෂාවේ මූලාරම්භය ඇති වූයේ ශ‍්‍රම ක‍්‍රියාදාමයෙනැයි එම විස්තර කිරීම එක ම නිවැරැුදි දෙය බව සතුන් සමඟ සැසඳීමේදී ඔප්පු වේ.” (සොබාදහමේ දයලෙක්තිකය පිටු 280-281)

එංගල්ස් ඉදිරිපත් කරන මෙම මතය ද අද විශාල ගණනක් විද්‍යාත්මක සාක්‍ෂි මඟින් තහවුරු කර තිබේ. විශේෂයෙන් ම කථනයට හා ශ‍්‍රවණයට සම්බන්ධ ඉන්ද්‍රියයන් මිනිස් මොළය තුළ නියෝජනය වීමේ දී මිනිස් අතට පසුව මිනිස් මොළයේ සංවේදී හා පේෂී ක‍්‍රියාකාරීත්වයට අයත් කොටසේ වැඩි ම නියෝජනයක් සිදු කරන ලබන්නේ එකී ඉන්ද්‍රියයන් විසින් බව සොයාගෙන තිබේ. එහිදී ස්වරාලයත්, දිවත්, තොලත් මිනිස් මොළය තුළ සිරුරේ අනෙක් කොටස්වලට සාපේක්‍ෂව වැඩි නියෝජනයක් අත් කර ගෙන ඇති බව පෙනේ.

භාෂාවේ උපතත් සමඟ මිනිසාගේ මොළය තුළ සත්ත්ව සංහතියට පොදු පළමු සංඥා පද්ධතියට අමතරව දෙවන සංඥා පද්ධතියක පැවැත්ම පිළිබඳව අදහස සෝවියට් විද්‍යාඥ ඉවාන් පාව්ලොව් විසින් පළමු වරට ඉදිරිපත් කරනු ලැබී ය.

”මිනිසා බිහි වීමේ අවධියේ සත්ත්ව ලෝකයේ වර්ධනයේ දී ස්නායු ක‍්‍රියාකාරීත්වයේ යාන්ත‍්‍රණයට විශේෂ එකතු වීමක් ඇති විය. යථාර්ථයේ පළමුවැනි සංඥා පද්ධතිය ද මිනිසා සතුව පවතී. එහෙත්, දෙවන සංඥා පද්ධතිය යථාර්ථය ප‍්‍රකාශ කරන අපගේ විශේෂ ක‍්‍රමය වන වචනය පළමුවන සංඥා පද්ධතියේ සංඥා වන්නේ ය. වචනයෙන් ප‍්‍රකාශ වන නොයෙක් උද්දීපන එක් අතකින් අප යථාර්ථයෙන් ඈත් කළ අතර, අනෙක් අතින් අප යථාර්ථය සමඟ ඇති සම්බන්ධකම් විකෘති නොකළ යුතු බව පෙන්වා දුන්නේ ය. අප මිනිසුන් බවට පරිවර්තනය කළේ ශ‍්‍රමයත්, එයට සම්බන්ධ වූ වචනත් ය. මෙතැන දී මේ ගැන අපි සවිස්තර වාර්තාවක් ඉදිරිපත් නොකරමු. එහෙත්, කෙසේ වුව ද, පළමුවැනි සංඥා පද්ධතිය පාලනය කරන මූලික නියාම දෙවැනි පද්ධතියත් පාලනය කළ යුතු ය. ”මන්දයත් එය එක ම ස්නායු පටකයේ ක‍්‍රියාකාරීත්වයක් වන බැවිනි.” (ඉවාන් පාව්ලොව්, සම්පූර්ණ කෘති 1949, තෙවැනි වෙළුම, පිටු 568-569, රුසියන් මුද්‍රණය)

”මිනිස් මොළයේ බාහිකයේ වඩාත් ම මතුපිට සෛල ස්තරය මෙම දෙවන සංඥා පද්ධතියේ කාර්යභාරය ඉටු කරන බව සොයාගෙන තිබේ.” (Human Anatomy-Mir Publishers Moscow. page numb 238) ”

1. කතාව සාමූහික ශ‍්‍රම කි‍්‍රයාවලියේ දී මිනිසුන් අතර සන්නිවේදනයේ මාධ්‍යයක් ලෙස ක‍්‍රියා කරන නිසා මොළය තුල කථන මධ්‍යස්ථානය මොළයේ පොදු චාලක මධ්‍යස්ථානයට ආසන්නව පිහිටා තිබේ. මොළයේ කථන චාලක මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ පහළ ලලාට
සංවලිතයේ පිටුපස කොටසේ පොදු චාලක මධ්‍යස්ථානයේ කථනය ඇති කරනු ලබන මාංශපේෂි මධ්‍යස්ථානය පිහිටා ඇති කොටසට යාබදව ය. (එය බ්‍රෝකා කථන ප‍්‍රදේශය ලෙස ද හැඳින්වේ.) කථන ක‍්‍රියාව මොළය, දිව, තොල් හා ස්වරාලයික පේෂි හා සම්බන්ධ චාලක මධ්‍යස්ථානය හා සම්බන්ධ ය. මෙකී බ්‍රෝකා කථන ප‍්‍රදේශයට සිදු වන හානියක දී කථන පේෂිවලට වචන කතා කිරීමේ හැකියාව නැතිව යන අතර කෑ ග ැසීම, ගායනය වැනි සරල ක‍්‍රියාවන් පමණක් සිදු කිරීමට ඇති හැකියාව පමණක් ඉතිරි වේ. කථනයට හා ගායනයට අදාළ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ඊට මඳක් ඉදිරියෙනි. එයට හානි පැමිණි විට කිසියම් ස්වරයක් ගායනය කිරීමේ හැකියාව සහ ව්‍යාකරණානුකූල කථා කිරීමේ හැකියාව නැතිව යයි.

2. ශබ්ද නඟා කතා කිරීමේ හැකියාව සංවර්ධනය ඇසීමේ ඉන්ද්‍රියයන් සමඟ සම්බන්ධව පවතී. එබැවින්, කථන සංවර්ධනයේ ශ‍්‍රවණ මධ්‍යස්ථානය ශබ්ද මධ්‍යස්ථානයට යාබදව පිහිටා තිබේ. එය ‘වර්නිකේ’ මධ්‍යස්ථානය ලෙස ද හඳුන්වයි. මෙම මධ්‍යස්ථානය විවිධ සංකල්ප හා වස්තු සමඟ වචන එකතූන් තේරුම් ගැනීමට හැකියාව ඇති කරන අතර පුද්ගලයාට සිය කථාව පාලනය කිරිමටත් අනෙක් අයගේ කථාව තේරුම් ගැනීමටත් හැකියාව ඇති කරයි. මෙම ප‍්‍රදේශයට හානි පැමිණි විට ශබ්ද ශ‍්‍රවණ හැකියාව එසේ ම තිබියදී කියන හා ලියන වචන තේරුම් ගැනීමේ හැකියාව නැතිව යයි. ඒ ආසන්නයේ ම ප‍්‍රදේශ අංක 22ට හානි පැමිණි විට සංගීතය ශ‍්‍රවණය කිරීමේ හැකියාව නැතිවී යන අතර සංගීතය ඇසෙන්නේ ඝෝෂාවක් ලෙසය.

3. සංවර්ධනය වඩා ඉහළ අවධියක දී මිනිසා කතා කිරීමට පමණක් නොව ලිවීමට ද උගත්තේ ය. ලියන භාෂාවට අකුරු සහ අනෙකුත් සංකේත ලිවීමේ හැකියාව ඇති කරන විශේෂිත චාලක ක‍්‍රමයක් ඉල්ලා සිටී. මේ නිසා ඊට අදාළ මොළයේ මධ්‍යස්ථානය ද පොදු චාලක මධ්‍යස්ථානයට යාබදව පිහිටා තිබේ. මොළයේ මෙම ප‍්‍රදේශයට හානි පැමිණි විට අනෙකුත් සියලූ ක‍්‍රියාකාරකම් නොවෙනස්ව පැවතිය ද, අකුරු සහ අනෙකුත් සංකේත ලිවීමේ හැකියාව නැතිව යයි.

4. ලිවීම පෙනීම හා සම්බන්ධ නිසා ලිවීමේ හැකියාව ඇති කරන පෙනීමට සම්බන්ධ මධ්‍යස්ථානය පෙනීමට සම්බන්ධ මොළයේ මධ්‍යස්ථානයට යාබදව පිහිටා තිබේ. මෙම ප‍්‍රදේශයට හානි පැමිණි විට පෙනීම නැතිව නොයන මුත් කියවීමේ හැකියාව නැතිව යයි.
කථනයට හා භාෂණයට සම්බන්ධ මධ්‍යස්ථාන මොළයේ අර්ධගෙ ා්ල දෙකෙහි ම පිහිටා ඇතිමුත්, එය වර්ධනය වී ඇත්තේ එක් අර්ධ ගෝලයක පමණි. (වම් අත හුරු අයගේ දකුණු අර්ධ ගෝලයේත්, දකුණු
අත හුරු අයගේ වම් අර්ධ ගෝලයේත් වන සේ ය.) සියලූ මධ්‍යස්ථාන ක‍්‍රියාකාරීත්වයේ දී අසමමිතික වේ. මොළය සංවර්ධනයේ දී තීරණාත්මක බලපෑමක් සිදු කළ ශ‍්‍රමයේ හා කතාවේ සහසම්බන්ධය අතෙහි චාලක මධ්‍යස්ථානය හා කථන මධ්‍යස්ථාන අතර සමානත්වයෙන් පෙන්නුම් කෙරේ.

”ඉහත දී සඳහන් කළ ආකාරයට ශ‍්‍රමයත් පසුව ඇති වූ කතාවත් මොළයේ සංවර්ධනයට මඟපෙන්වී ය. කතාව සහ මොළයේ සම්බන්ධය ප‍්‍රතිකාර කටයුතු සඳහා ද යොදා ගත හැකි ය. කථන චාලක මධ්‍යස්ථානයට හානියක් සිදු වූ විට කථනය සඳහා භාවිත කරන පේෂි ක‍්‍රියාකාරී වුව ද, වචන කතා කිරීමේ හැකියාව නැති වේ. එවැනි අවස්ථාවල දී සමහරුන්ගේ වම් අතට නොකඩවා ව්‍යායාම ලබා දීමෙන් වචන කතා කිරීමේ හැකියාව නැවත ඇති කළ හැකිය.” (Human Anatomy-Mir Publishers Moscow. page number 234 – 236) මිනිසාගේ සම්භවය හුදු ජෛව විද්‍යාත්මක ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් පමණක් නොව සමාජ විද්‍යාත්මක ක‍්‍රියාවලියක ද ප‍්‍රතිඵලයක් බව විද්‍යාව තව දුරටත් තහවුරු කරන්නේ මෙසේ ය:

”විශේෂයෙන් සංවර්ධනය කිරීමේ ක‍්‍රියාවලියේ දී පළමු සංඥා පද්ධතිය දෙවන සංඥා පද්ධතියට කලින් ඇති කරනු ලබයි. දෙවන සංඥා පද්ධතිය ක‍්‍රියාත්මක වීම ආරම්භ වන්නේ ළදරුවා සමාජයීය ඇසුරක් ලබමින්, කතාවේ හා ලිවීමේ හැකියාව
ලබා ගැනීමේ අවුරුදු කිහිපයක ක‍්‍රියාවලියකින් පසුව පමණකි. ළදරුවා උපතේ දී ම බිහිරි නම් හෝ කතා කිරීමේ හැකියාව ලැබීමට පෙර බිහිරි වුවහොත් හෝ ඔහුගේ හෝ ඇයගේ කථන හැකියාව නැතිව යයි. එවිට හැකි වන්නේ ශබ්ද නැඟීමට පමණි. යමෙකුට ලිවීමට හෝ කියවීමට උගන්වනු නොලැබුවහොත්, එම පුද්ගලයාගේ ජීවිත කාලය තුළ දී ම එම හැකියාව අත් කර ගැනීමට ඔහුට නොහැකි වේ.” (Human AnatomyMir Publishers Moscow. page number 234)

ලප්ලෙසෙන් තාලියා ගණයට අයත් ක්ෂීරපායී පැටවුන් සෑහෙන තරම් වර්ධනය වූ මොලයක් සහිතව උපදින අතර උන් උපන් විගසම උන්ගේ මොලයේ වැඞීම නතර වේ. ඉතා ළදරැු අවදියකදී සතුන්ගේ මොලයේ ව්‍යක්ති ප‍්‍රවෘත්තික වර්ධනය අවසන් වේ. මේ අනුව බලන විට ළදරු අවධියකදී මොලයේ වර්ධනය ඇනහිටීම අතින් මිනිසා පමණක් වෙනස් විශේෂ තත්ත්වයක් දරයි. මිනිසාගේ හා වානරයාගේ මොල සංසන්දනය කිරීමෙන් මෙය දැනගත හැකිය. බර හා පරිමාව අනුව මිනිස් ළදරුවාගේ මොලය වැඩිහිටියෙකුගේ මොලයෙන් හතරෙන් එකක් පමණක් වන අතර වානර පැටවෙකුගේ මොලය සුහුඹුල් (වැඩිහිටි* සතෙකුගේ මොලයෙන් අඩක් හෝ තුනෙන් දෙකක් පමණ වේ. (මිනිසාගේ සම්භවය පිටුව 157)

අළුත උපන් බිළිදෙකුගේ මොළය වැඩිහිටි මිනිසෙකුගේ මොලයෙන් සියයට 25 කි. හය මාසයක් ඉකුත් වත්ම එය සියයට 50ක් වන්නේය. අවුරුදු 5දී එය සියයට 90 කි. දස අවුරුද්දේදී එය සියයට 95කි (මිනිසාගේ සම්භවය – පිටුව 158)

මේ නිසා දරුවෙකුට කතා කිරීම ලිවීම හා අනෙකුත් මානව පුරුදු හුරු කිරීමට නම් මුල් අවුරුදු 5 තුලදීවත් ළදරුවා සමාජීය ආශ‍්‍රයකට වැටිය යුතු බව සොයාගෙන තිබේ.

1920 ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාවේ ගෝදමුරි නම් ග‍්‍රාමයේ දී වෘකයන් අතර ජීවත් වූ ගැහැනු ළමයින් දෙදෙනෙකු සොයා ගත්තේ ය. ඔවුන්ට අමලා සහ කමලා ලෙස නම් තැබූ අතර, බාලයා වූ අමලාගේ වයස මාස 18ක් පමණ විය. කමලාගේ වයස අවුරුදු 8ක් පමණ විය. අමලා 1921 දී වකුගඩු රෝගයක් හේතුවෙන් මිය ගිය අතර කමලා 1929 වන තුරු එනම්, ඇයගේ වයස අවුරුදු 17ක් පමණ වන තුරු ජීවත් විය. එහෙත්, ඇයට කිසි දිනක කතා කිරීමට හෝ ලිවීමට නොහැකි විය. දෙපයින් ඇවිදීමට හුරු කළ ද ඇයට දෙපයින් ඇවිදීමට හැකිවූයේ සුළු වෙලාවකට පමණි. ඇයට මානව පුරුදු කිසිවක් පුරුදු පුහුණු කිරීමට බැරි විය.

මෙම උදාහරණයෙන් පෙනී යන්නේ මිනිස් මොළයක් සැබෑ ලෙස ම මිනිස් මොළයක් බවට පත් වන්නේ සමාජයීය ක‍්‍රියාවලියකින් පසුව බවයි. උපදින මොහොතේ දී ළදරුවාගේ සහ වැඩිහිටියෙකුගේ මොළය අතර මූලික ව්‍යුහ විද්‍යාත්මක වෙනසක් නොමැත. එහෙත්, එය තවමත් මුළුමනින් ම මිනිස් මොළයක් බවට පත් වී නැත. එයට මිනිස් මොළයක් බවට පත් වීමේ හැකියාව ඇත. එය සැබෑ ලෙසම මිනිස් මොළයක් බවට පත් වන්නේ වසර ගණනාවක සමාජයීය ක‍්‍රියාවලියකින් පසුව පමණකි