ජෝර්දානෝ බෲනෝ

This is a still from Hubblecast 89 which talks about the life of Edwin Hubble.
එඞ්වින් හබල් – Edwin Hubble
March 10, 2017
archi_converted
ආකිමිඞීස් – Archimedes
March 10, 2017
Show all

ජෝර්දානෝ බෲනෝ

Giordano-Brunooo_converted

විශ්වයේ මධ්‍යය පෘථිවිය ද? සූර්යයා ද? ඒ අදට සියවස් 5කට පමණ පෙර අතීතයේ දී චින්තකයන්, දාර්ශනිකයන් අතර මතභේදයට තුඩුදුන් පැනයක් විය. මෙලෙස වාද විවාද පැනනගිද්දී, විශ්වයේ මධ්‍යය ඒ දෙකින් එකක්වත් නොවන බවත්, විශ්වයට සීමාවක් නොමැති බවත් පවසමින් නැගී සිටි තරුණයකු විය. ඉතාලියානුවෙකු වූ ඔහු ජෝර්දානෝ බෲනෝ යි.

ක‍්‍රි.ව. 1548 දී එවකට නේපල්ස් රාජධානියට අයත්ව තිබූ කම්පේනියා නම් ප‍්‍රදේශයේ නෝලා නම් ග‍්‍රාමයේ දී බෲනෝ උපත ලැබීය . ගියෝවන්නි බෲනෝ නම් යුද සෙබළකුගේ පුත‍්‍රයකු වූ ඔහුගේ උපන් නම ෆිලිපෝ බෲනෝ නම් විය. කුඩා කාලයේ පටන් ම ඔහු සතු වූ ඉගෙනීමේ, තේරුම් ගැනීමේ සහ මතක තබා ගැනීමේ දස්කම් නිසා ම නේපල්ස්හි පිහිටි ප‍්‍රධාන පෙළේ අධ්‍යාපන ආයතන ගණනාවක ම උගෙනීමේ අවස්ථාව ඔහුට හිමි විය.

වයස 24 වන විට කතෝලික පූජකයකු බවට පත් වූ ඔහුට ඔහුගේ අධ්‍යාපනික දස්කම් නිසා ම පාප් වහන්සේගේ මැදිහත් වීමෙන් ම පැවරුණු වගකීම් ගණනාවක් විය. ඒ අධ්‍යයනයන් කරගෙන යාමේ දී ඔහු විසින් ගවේශෂණය කළ කරුණුවල අන්තර්ගතය හරහා ගැටලූ ගණනාවක් පැන නැගිණි. එසේ ම ඒ අධ්‍යයනයන් තුළ දී එවකට පල්ලිය විසින් තහනම් කර තිබූ විවිධ දාර්ශනිකයන්ගේ පොත් පත් පරිශීලනය කිරීමට ද ඔහුට හැකි වීමත් සමඟ ඔහුගේ ආකල්පයන් නව මාවතකට යොමු විය. නිදහස් චින්තනය හරහා දාර්ශනිකයකු, ගණිතඥයකු, තාරකා විද්‍යාඥයකු ලෙස මෙන් ම කවියකු ලෙසින් ද නව සංකල්ප ඉදිරිපත් කිරීමට ඒ හරහා ඔහුට හැකියාව ලැබිණි.

එහෙත්, එලෙස අදහස් ප‍්‍රකාශ කිරීමේ ආරම්භයේ පටන් ම පල්ලිය ඔහුට එරෙහිව නැඟී සිටි අයුරු ඉතිහාසය නිරීක්‍ෂණය කිරීමේ දී දක්නට ලැබේ. එම තත්ත්වය මත වයස 28 වන විට ඔහුට පල්ලියේ චෝදනාවන් නිසා සැඟ වී පලා යාම ආර්ම්භ කිරීමට සිදු විණි. එහෙත්, එසේ යුරෝපය පුරා නගරයෙන් නගරයට ගමන් කරන අතරතුර පවා නව දැනුම සොයා ගිය ඔහු ඒ දැනුම ජනතාව අතරට ගෙන යාම උදෙසා කෘති ගණනාවක් ලියූ අතර දේශන පවා පවත්වන ලදී.

1580 දී ඔහු ප‍්‍රංශයට පැමිණි පසු එවකට එහි රජු වූ 3වන හෙන්රි රජු ඔහුගේ දක්‍ෂතා අගය කර ආචාර්යවරයකු ලෙස වැටුප් සහිත පත්වීමක් ද ලබා දෙන ලදී. බෲනෝ විසින් එතෙක් ලියා තිබූ කෘති ගණනාවක් මුද්‍රණය කර ගැනීමට එය ඉමහත් පිටිවහලක් විණි. ඉන් පසුව එංගලන්තය, ජර්මනිය, චෙකොස්ලෝවැකියාව ඇතුළු රටවල් ගණනාවක ආචාර්යවරයකු ලෙස සේවය කරමින් සංචාරය කළ ද ඒ සෑම රටක දී ම පල්ලය විසින් ඔහුට එරෙහිව චෝදනා නඟන ලදී. පිටුවහල් කිරීම්ද සිදු කරන ලදී. එහෙත්, ඒ සියල්ල හමුවේ නොසැලී අදහස් ප‍්‍රකාශ කරමින් රටින් රට ගමන් ගත් ඔහු 1592දී වැනීසියට පැමිණීමත් සමඟ මැයි මස 22වන දින පල්ලියේ ධර්මාධිකරණය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

එහි දී ඔහු විසින් ඉදිරිපත් කළ තර්ක ශුද්ධ වූ ලියවිල්ලට එරෙහි යැයි ද, ඒ අනුව ඔහු මිථ්‍යාදෘෂ්ටිකයකු මෙන් ම මායාකරුවකු යැයි ද ඇතු`ඵ චෝදනා අටක් ඔහුට එරෙහිව නඟන ලදී. එම චෝදනාවලට මූලික වශයෙන් ම හේතු වූ කරුණු කිහිපයකි.

සෞරග‍්‍රහ මණ්ඩලයේ මධ්‍යය වන්නේ පෘථිවිය නොව සූර්යයා ය යන කොපර්නිකස් පවසා තිබූ මතය සත්‍ය යැයි ඔහු පවසා තිබීම ඉන් පළමු හේතුවයි. ඉන් නොනැවතුණු බෲනෝ එම අදහස තව දුරටත් පුඵල් කලේ වීශ්වයට සීමාවක් නොමැති බව තර්කානුකූලව පෙන්වා දෙමිනි. ඒ අනුව එය එතෙක් පෘථිවි කේන්ද්‍රීයව ගොඩනඟා තිබූ සියලූ විෂයන් ප‍්‍රශ්න කළ අතර මැවුම්වාදයේ ලියවිලි මෙන්ම එහි සීමාව ද ප‍්‍රශ්න කරන ලදී.

එමෙන් ම සීමාව අනන්තවත් වීම නිසා විශ්වයේ ඉහළක්, පහළක් හෝ මැදක් නොමැති බවත් බෲනෝ පවසා තිබිණි. එම අදහසට අනුව ඉහළින් පිහිටි ස්වර්ගයත්, පහළින් පිහිටි නිරයත් පිළිබඳ සංකල්පයන්ට තදින් පහර වැදිණි.

එපමණකින් නොනැවැතුණු ඔහු තාරකා යනු හුදෙක් එළි විශේෂයක් නොව තවත් සූර්යයන් යයි ද, ඒවා වටා අප වැනි තවත් ග‍්‍රහලෝක පැවතිය හැකි යැයි ද ප‍්‍රකාශ කරන ලදී. ශුද්ධ වූ ලියවිල්ලේ සඳහන් කරුණු ගණනාවකට ම ඒ හරහා එල්ල වූ ප‍්‍රහාරයත් සමග බෲනෝ නිහඬ කළ යුතුය යන තීරණාත්මක තීන්දුව පල්ලිය විසින් ගනු ලැබිණි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ ප‍්‍රකාශයන් ඉල්ලා අස් කර ගැනීමට ඔහුට බල කෙරුණ ද බෲනෝ ඉන් නොසැළිණි. ඒ හේතුව නිසා සිර ගත කළ බෲනෝ විවිධ ආකාරයේ වධ බන්ධනයන්ටද ලක් කෙරිණි. එසේ වධ බන්ධනද සහිතව වසර අටක් සිරගත ජීවිතයක් ගත කළ ද ඔහු විසින් තමන් දැරූ මතය ප‍්‍රතික්‍ෂේප නොකළ බැවින්, ඔහුව පණ පිටින් පු`ඵස්සා මරා දැමීමට පල්ලිය විසින් තීන්දු කරන ලදී. එම තීන්දුව ලබා දුන් කාදිනල්වරුන් 9 දෙනා අතර පසු කලෙක 5වන පාවුලූ පාප් තුමන් ලෙස තේරී පත්වූ කැමිලෝ බෝර්ගේස් කාදිනල්වරයා ද විය. ඒ අනුව 1600 පෙරවාරි මස 17 වන දින රෝමයේ කැම්පෝ ද ෆියොරි චතුරස‍්‍රයේදී බෲනෝ සමගින් ඔහු විසින් ලියු පොත්පත් රාශියක්ද පුඵස්සා දමන ලදී.

ජෝර්දානෝ බෲනෝ ඝාතනය කර හරියට ම වසර 10කට පසුව ගැලීලියෝ ගැලීලි විසින් දුරේක්‍ෂය නිපදවීමත් සමග තර්කානුකූල නිගමනයන් හරහා බෲනෝ පැවසූ කාරණා සත්‍යයක් බව නිරීක්‍ෂණ මඟින් පැහැදිලි විය. එදා පටන් බෲනෝගේ නිගමන එකින් එක සත්‍යය වීමත් සමඟ 20වන සියවසේ ආම්භයත් සමග බෲනෝගේ මරණය වෙනුවෙන් ලෝකයාගෙන් සමාව අයැදීමට පල්ලියට සිදුවිය.

සත්‍යය වෙනුවෙන් බෲනෝ මරණයට මුහුණ දුන් දිනය නවීන විද්‍යාවේ විශේෂ සන්ධිස්ථානයක් ලෙස ද, නිදහස් චින්තනයේ ආරම්භක ලක්‍ෂ්‍යයක් ලෙස ද ලොව පුරා අදටත් සලකනු ලබයි