ආකිමිඞීස් – Archimedes

Giordano-Brunooo_converted
ජෝර්දානෝ බෲනෝ
March 10, 2017
gravity_waves_converted
සියවසේ විශිෂ්ඨතම සොයා ගැනීම ගුරුත්වාකර්ෂණ තරංග
March 10, 2017
Show all

ආකිමිඞීස් – Archimedes

archi_converted

ක‍්‍රි.පූ. 212දී රෝමය විසින් එවකට ග‍්‍රීසියට අයත් ප‍්‍රදේශයක් වූ සයිකියුරස් නගරය වසර දෙකක යුද්ධයකින් පසු යටත් කර ගන්නා ලදී. එම ආක‍්‍රමණයේ නිරතව ූ රෝමානු සොල්දාදුවන්ට ආක‍්‍රමණයේ නායකත්වය දැරූ ජෙනරාල් මාකස් ක්ලෝඩියස් මාෂෙල්ස්ගෙන් නියෝග ලැබුණේ එම නගරයේ වෙසෙන එක් සුවිශේෂී පුද්ගලයෙක් කිසිදු හේතුවක් නිසා හෝ ඝාතනය නොකරන ලෙස ය. ඒ අන් කිසිවකුත් නොව ග‍්‍රීක ජාතික ගණිතඥයකු, භෞතික විද්‍යාඥයකු තාරකා විද්‍යාඥයකු, ඉංජිනේරුවකු මෙන් ම නව නිපැයුම්කරුවකු ලෙස ද ප‍්‍රකටව සිටි ආකිමිඞීස් ය.

එවකට ප‍්‍රාදේශීය රාජ්‍යයක් ලෙස පැවැති සිසිලියේ, සයිකියුරස් නම් වරාය නගරය ආශ‍්‍රිතව ක‍්‍රි. පූ. 287දී පමණ ආකිමිඞීස් උපත ලබා ඇති බව ඉතිහාසඥයෝ විශ්වාස කරති. ඔහු උපන් වර්ෂය උපකල්පනය කර ඇත්තේ ග‍්‍රීක ඉතිහාසඥ ජෝන් ට්සේට්සස් විසින් ආකිමිඞීස් වසර 75ක් ජීවත් විණි යැයි කරන ලද ප‍්‍රකාශයක් මත පදනම්ව ය. ආකිමිඞීස්ගේ පියා තාරකා විද්‍යාඥයකු බවත්, එමෙන් ම ඔහු එවකට එහි පාලකයා වූ 2වන හෙයිරෝ රජුගේ ඥාතියකු වූ බවටත් විශ්වාසයක් ඇත. එවකට අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක්ව පැවැති ඇලෙක්සැන්ඩි‍්‍රයා නගරයේ දී ඔහු සිය ඉගෙනීමේ කටයුතු සිදු කරන ලදී.

අද ආකිමිඞීස් බොහෝ සෙයින් ප‍්‍රචලිතව ඇත්තේ භෞතික විද්‍යාවේ සඳහන් ආකිමිඞීස් නියමය නිසාවෙනි. 2වන හෙයිරෝ රජු විසින් තමාගේ ඔටුන්න සඳහා ලබා දුන් රීදී ප‍්‍රමාණය එහි නිර්මාණකරුවා සොරකම් කර ඇත්දැයි ඔටුන්නට හානියක් කිරීමෙන් තොරව සොයා ගන්නා ලෙස ආකිමිඞීස්ට පවරා ඇත. ඒ සම්බන්ධව සිතමින් නෑමට ගිය ආකිමිඞීස් බේසමට බසිද්දී තම ශරීරයේ පරිමාවට සමාන පරිමාවක් ජලය බේසමෙන් ඉවත් වූ අයුරු දැක, ඒ හරහා ඉහත ගැටලූවට පිළිතුරු ලැබෙන බැවින් ‘යුරේකා යුරේකා‘ (ග‍්‍රීක් භාෂාවෙන් මම සොයා ගත්තා යන වචනය) යැයි කෑ ගසමින් සයිකියුරස් නගරය පුරා දුව ගිය බව
සඳහන් ය. අද එය ඝනත්වය, පරිමාව, උඩුකුරු තෙරපුම සම්බන්ධව භෞතික විද්‍යාවේ මූලික නියමයකි.

කෙසේ නමුත්, ආකිමිඞීස් සිය විශිෂ්ඨතම සොයා ගැනීම් ලෙස සලකන ලද්දේ වෘත්තය සහ ගෝලයන් සම්බන්ධයෙන් වූ සොයා ගැනීම් ය. ඒ ආශ‍්‍රිත මිනුම්වල දී අත්‍යවශ්‍ය වන π (ෆයි) සඳහා ආසන්නතම අගයක් ප‍්‍රථම වරට ගණනය කරන ලද්දේ ආකිමිඞීස් විසිනි. ඒ අනුව වෘත්තයක වර්ගඵලය මෙන් ම ගෝලයක වක‍්‍ර පෘෂ්ඨ වර්ගඵලය, ගෝලයක පරිමාව සඳහා ද ඔහු විසින් සූත‍්‍ර තහවුරු කරන ලද අතර, ඒ හරහා ගෝල සහ සිලින්ඩර ඇති සම්බන්ධතාවයන් ද පෙන්වා දෙන ලදී. මීට අමතරව කලනය ඇතුඵ ශුද්ධ ගණිතයේ විශාල කොටසක් සංවර්ධනය කිරීමට ද ඔහු ලබා දී ඇති දායකත්වය ඉමහත් ය.

විද්‍යා සහ ගණිත සොයා ගැනීම්වලට අමතරව ඔහු විසින් කළ නව නිර්මාණයන් ද ගණනාවක් ඇත.
ඉන් ප‍්‍රධාන ම වන්නේ ‘ආකිමිඞීස් ඉස්කුරුප්පුව’යි. මෙය පහළ ස්ථානයක සිට ඉහළ ස්ථානයකට ද්‍රවයන් රැුගෙන ඒම උදෙසා ඉස්කුරුප්පුවක් ලෙස දාර සෑදූ සිලින්ඩරයක් වැනි උපකරණයකි. ‘බැබිලෝනියාවේ එල්ලෙන උයන්’ සඳහා ජලය ලබාගෙන ඇත්තේ මේ ක‍්‍රමයට බව විද්‍යාඥයෝ උපකල්පනය කරති. මෙම උපකරණය දැන් ද්‍රවයන් පමණක් නොව ඝන ද්‍රව්‍ය ඉහළට රැුගෙන ඒම උදෙසා ද භාවිත කරයි. එපමණක් නොව මගීන් 600කට පමණ ගමන් කළ හැකි මගී නෞකාවක් ද ආකිමිඞීස් විසින් නිර්මාණය කළ බව සඳහන් ය.

වරාය නගරයක් ලෙස සයිකියුරස් හි ආරක්‍ෂාව උදෙසා ද යුද උපකරණ නිර්මාණය කිරීමට ආකිමිඞීස් සිය දැනුම එක් කළ බව ඉතිහාසයේ ඇත. ඒ අනුව ඔහු විසින් යුද නැව් දුරදී ම ගිනි තැබීම උදෙසා දර්පණ භාවිත කළ බවත්, ආසන්න නැව් පෙරළීම උදෙසා විශාල දොඹකර භාවිත කළ බවත් ජනප‍්‍රවාදයන්හි ඇත. එවැනි නිර්මාණ බිහි කිරීම උදෙසා ඔහු විසින් ලීවර සම්බන්ධයෙන් වූ නව සංකල්පයන් ගණනාවක් ද ලොවට දායාද කර ඇත.

ක‍්‍රි.පූ. 212 රෝම ආක‍්‍රමණිකයන් සයිකියුරස් නගරය ජය ගනිද්දී ද ඔහු සිටියේ ගණිතයේ අධ්‍යයන කිහිපයක් සිදු කරමින් බව සඳහන් ය. ජෙනරාල් මාෂෙල්ස් ඔහුව හමු වීමට අවශ්‍ය බව සොල්දාදුවෙකු පැවසූ විට තම විසඳුම තීරණය කරන තුරු මඳක් සිටින ලෙස කියූ නිසාවෙන් එම සොල්දාදුවා මේ අග‍්‍රගණ්‍ය විද්‍යාඥයාව ඝාතනය කරන ලද බව එම ඉතිහාස කථාව වැඩි දුරටත් පවසා සිටී. ඔහුගේ සිරුර භූමදානයෙන් පසුව ඔහු වඩාත් ප‍්‍රිය කළ ඔහුගේ සොයා ගැනීම වූ සිලින්ඩරයක් තුළ වූ ගෝලයක් ඔහුගේ සොහොන් කොත ලෙස නිර්මාණය කළ බව ද සඳහන් ය.

කීර්තිමත් විද්‍යාඥයකු වූ ගැලීලියෝ ගැලීලි විසින් ආකිමිඞීස්ව හඳුන්වා ඇත්තේ ‘සුපිරි මිනිසා’ යන නාමයෙනි. එසේ ම ඔහුට කරනා ගෞරවයක් ලෙස සඳ මත ඇති ආවාටයක් මෙන් ම කඳු පන්තියකුත්, ග‍්‍රාහකයකුත් ඔහුගේ නමින් නම් කර ඇත.