රාජ්‍ය – පෞද්ගලික හවුල් ව්‍යාපාර

tppnew_converted
රහසේ දිගහැරෙන TPP
February 6, 2017
inflation_converted_converted
උද්ධමනය
February 6, 2017
Show all

රාජ්‍ය – පෞද්ගලික හවුල් ව්‍යාපාර

Public and Private directions.  Opposite traffic sign.

ධනවාදය තුල රාජ්‍ය අංශය හැකිළීම සහ අකාර්යක්ෂම වීම නිසග ලක්ෂණයක් වන අතර, එය රාජ්‍ය අංශයේ ගැටලූවක් නොවේ. ධනවාදය තුළ පෞද්ගලික දේපළ වර්ධනය කර ගැනීමේ අරමුණ, රාජ්‍ය අංශය වර්ධනය කිරීමෙන් සහ ශක්තිමත් කිරීමෙන් ලබා ගත නොහැකි අතර, මේ අරමුණු දෙක එකිනෙකට සම්පූර්ණයෙන් පරස්පරය. එම නිසා ලෝකයේ බොහෝ රටවල් ධනවාදය තුළ තම රාජ්‍යය සතු දේපළ සහ සම්පත් පෞද්ගලික අංශයට මාරු කිරීම හෝ විකුණා දැමීම සිදු කරමින් සිටිති. එයට හේතුව ලෙස දක්වන්නේ ප‍්‍රාග්ධන ඌනතාවය, විශාල ව්‍යාපෘතිවල අවදානම දැරීමට ඇති නොහැකියාව වැනි කරුණුය.

කෙසේ වෙතත්, පොදු සුභසාධන කටයුතු රාජ්‍ය අංශය පවත්වාගෙන යෑම වෙනුවට ඒවා පෞද්ගලික අංශයට පැවරීමට ජනතාව තුළ ඇත්තේ අකැමැත්තකි. එහෙත් ජනතාවට එවැනි විශාල ව්‍යාපෘති පෙන් වූ විට සහ ඒවායේ ප‍්‍රතිලාභ ඔවුන්ට ලැබෙන බවට ඒත්තු ගැන් වූ විට ජනතාව කැමැති කර ගත හැක. ලංකාවේ කරන ලද බොහෝ ව්‍යාපෘතිවලට (මේවා PPP නොවූව ද) සිදුවූයේ එය ම ය. ලංකාවේ ආණ්ඩුව මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති නිසාත්, තව දුරටත් ණය ලබා ගැනීමට නොහැකි තත්ත්වයට පත් වී ඇති නිසාත් රජය නැවතත් පෞද්ගලිකකරණ ක‍්‍රියාවලියට යොමු වෙමින් සිටී. එය පෞද්ගලික අංශයට සුභසාධක කටයුතු භාර කිරීමේ ව්‍යාපෘතිවලට මාරු වෙමින් සිටින ආකාරයෙන් පෙනී යයි. මේ අතර රජය අදහස් කරන්නේ පෞද්ගලික-රාජ්‍ය හවුල්කාර ගිවිසුම් (Private Public Partnership) යටතේ ව්‍යාපෘති ආරම්භ කිරීමට ය. මෙය PPP හෝ 3P ලෙස නම් කරනු ලබන අතර, එහි ඉතිහාසය පිළිබද අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ. මෙම PPP ව්‍යාපෘති ක‍්‍රමය 1980 දශකයේ් ප‍්‍රථමයෙන් ඇරඹි අතර, එය 1990 දශකය පමණ වන විට ලෝකය පුරා ඉතා වේගයෙන් පැතිර ගියේ ය.

විශේෂයෙන් එක්සත් ජනපදය ප‍්‍රමුඛ කර ගත් විශාල සමාග ම්වල අතිරික්ත ප‍්‍රාග්ධනය මෙම ව්‍යාපෘතිවල යෙදවීම එහි මූලික ලක්ෂණයක් වූ අතර, එය යුරෝපය පුරා ප‍්‍රචලිතව ගියේය. ඒවා බොහෝ විට නිෂ්පාදන කර්මාන්ත ස්වරූපයෙන් නොවුණ අතර, විශේෂයෙන් මහජන උපයෝගීතා ව්‍යාපෘති ලෙස ක‍්‍රියාත්මක විය. ඒ යටතේ ප‍්‍රවාහන ව්‍යාපෘති, ජල ව්‍යාපෘති, අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති, විදුලිබල ව්‍යාපෘති ක‍්‍රියාත්මක වීම බොහෝ විට දක්නට ලැබිණි. මෙම PPP ව්‍යාපෘති සදහා විවිධ මොඩලයන් භාවිත කරනු ලබන අතර, එය ප‍්‍රධාන ලෙස සංස්ථා ආකෘතිය (Corporate Model) සහ BOT මොඩලය ලෙස හදුන්වනු ලැබේ. සංස්ථා ආකෘතියේදී අදාල ආයෝජනයේ පිරිවැයෙන් 51% ට වඩා වැඩි කොටසක් රජය ආයෝජනය කරනු ලබන අතර ඉතිරි කොටස පෞද්ගලික අංශය මගින් ආයෝජනය කරනු ලැබේ. ඊධඔ මෝඩලය ක‍්‍රියාත්මක වන්නේ ගොඩනැඟීම, මෙහෙයවීම සහ පවරාදීම (Build-Operate-Transfer) යන ක‍්‍රමවේදය යටතේ ය. එයට අමතරව කළමනාකරණ කොන්ත‍්‍රාත් (Management Contract) ලෙස ව්‍යාපෘති වර්ගයක් ද, කුඩා පරිමාණ සැපයුම් ව්‍යාපෘති ද දැක ගත හැකි ය. කළමනාකරණ ව්‍යාපෘති යටතේ වත්කමේ අයිතිය, ආයෝජනය, සහ අවදානම් දැරීම රජය සතු වන අතර ව්‍යාපෘතිය මෙහෙයැවීමේ සහ නඩත්තු කිරීමේ කටයුත්ත පෞද්ගලික අංශය යටතට පැවරේ. එහි දී බොහෝ විට ලාභයෙන් කොටසක් හෝ ගාස්තුවක් මෙම මෙහෙයුම් කටයුත්ත වෙනුවෙන් අදාළ සමාගමට ගෙවනු ලැබේ. කුඩා පරිමාණ සැපයුම් ව්‍යාපෘති මුළුමනින් ම පෞද්ගලික අංශය මඟින් සිදු කරයි.

මෙම PPP ක‍්‍රමය යටතේ ලෝකයේ බොහෝ රටවල් මේ වන විට ව්‍යාපෘති අරඹා ඇති අතර චීනය සහ ඉන්දියාව මේ යටතේ ප‍්‍රධාන වේ. එහෙත් ඉන්දියාවේ දී මෙවැනි සමහර PPP ව්‍යාපෘති අසාර්ථක වී ඇති අතර, එම ව්‍යාපෘති ගැටලූ සදහා ඇමරිකාවේ ජනාධිපතිවරුන්ගේ මැදිහත් වීම් පවා සිදු වූ අවස්ථා ඇත. එයට හොද ම උදාහරණය සපයන්නේ ඉන්දියාවේ මහා රාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ ක‍්‍රියාත්මක වූ දාභොල් (Dabhol) විදුලිබල ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතිය 1992 වසරේ ආරම්භ කළ අතර, එහි ව්‍යාපෘති පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක් විය. මෙම ව්‍යාපෘතියේ අයිතිය එක්සත් ජනපදයේ එන්රොන් සමාගමට 65%ක් ද, බීඩල් සමාගමට 10% ක් ද, ජෙනරල් ඉලෙක්ටි‍්‍රකල් සමාගමට 10%ක් ද, මහා රාෂ්ට‍්‍ර ප‍්‍රාන්ත විදුලබල මණ්ඩලයට 15%ක් ලෙස ද බෙදී ගියේ ය. පසුව මෙම ව්‍යාපෘතිය ඉතා අසාර්ථක වූ අතර, වසර ගණනාවක් ඇදී ගොස් රාජ්‍ය තාන්ත‍්‍රික මැදිහත් වීම්වලින් කෙළවර විය. මෙහි දැකිය හැකි විශේෂ ලක්ෂණය වන්නේ එම ව්‍යාෘතියේ අයිතියෙන් ඉන්දියාවට අයත් වන්නේ 15% ක් පමණක් වීමයි. මේ වන විට ඉන්දියාවේ PPP ව්‍යාපෘතීන් 300ක් පමණ ක‍්‍රියාත්මක වන අතර, එයින් 75%ක් පමණ ප‍්‍රවාහන හා මාර්ග සංවර්ධන ව්‍යාපෘති වේ. ඒ යටතේ ද ප‍්‍රධාන වන්නේ අධිවේගී මාර්ග ව්‍යාපෘතින් ය. ජලසම්පාදන සහ අපජල කළමනාකරණ ව්‍යාපෘති ක‍්‍රියාත්මක වන්නේ ඉතා ස්වල්ප වශයෙනි. එයට හේතුව ඒ්වායින් විශාල ලාභ ලබා ගත නොහැකි වීමයි.

චීනයේ මෙම PPP ක‍්‍රමය යටතේ විශාල ව්‍යාපෘති ගණනාවක් ක‍්‍රියාත්මක වන අතර, එයින් ප‍්‍රධාන තැනක් ගන්නේ අධිවේගී මාර්ග ව්‍යාපෘතීන් ය. මේ යටතේ උරුමිනි මෙට්‍රෝ ලයින් අංක 02 ව්‍යාපෘතිය 2016 ජූලි මාසයේ ආරම්භ කළ අතර, එම ව්‍යපෘති වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2,437ක් වේ. එයට අමතරව 2016 අගෝස්තු මාසයේ අරඹන ලද හොහොට් මෙට්‍රෝ ලයින් 01 ව්‍යපාතියේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2,210ක් පමණ වේ. මෑත කාලයේදී චීනයේ අරඹන ලද බොහෝ PPP ව්‍යාපෘති ප‍්‍රවාහන ව්‍යාපෘති වන අතර, අනෙකුත් ක්‍ෂත‍්‍රවලට එවැනි ආයෝජන සිදු වී නොමැත. කියුබාව PPP ව්‍යපාති පිළිබද තවමත් එතරම් උනන්දුවක් නොමැති අතර, පසුගියදා එක්සත් ජනපදයේ ජනාධිපති කියුබාවට යෑමේ ප‍්‍රධාන අරමුණක් වී ඇත්තේ ද ඇමරිකානු සමාගම්වලට කියුබානු වෙළෙද පොළ විවෘත කර ගැනීමයි. ඒ යටතේ කියුබාවට ඉතා වාසි අකාරයෙන් PPP ව්‍යාපෘති ආරම්භ කිරීමට එක්සත් ජනපදය බලාපොරොත්තු වන බව එහි මාධ්‍ය වාර්තා කරයි. මේ සදහා ලෝක බැංකුවද විශාල උනන්දුවක් දක්වන අතර, විශේෂයෙන් විදුලිබල ව්‍යාපෘති සහ තෙල් කැණීම් කටයුතු සදහා ද ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට එක්සත් ජනපදයෙන් විශාල උනන්දුවක් තිබේ.

ශ‍්‍රී ලංකාවේදී BOT ක‍්‍රමය යටතේ ක‍්‍රියාත්මක වූ ප‍්‍රධාන ව්‍යාපෘති කිහිපයක් පවතින අතර ඒ යටතේ ප‍්‍රධාන තැනක් ගන්නේ කොළඹ දකුණු වරාය බහලූම් පර්යන්ත ව්‍යාපෘතිය සහ නුවර – යාපනය අධිවේගී මාර්ග ව්‍යාපෘතියයි. කොළඹ දකුණු වරාය ව්‍යාපෘතිය ස`දහා ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 500ක් පමණ වන අතර (රු. බිලියන 75* එහි ප‍්‍රධාන සමාගම වන්නේ චීන මර්චන්ට් හොල්ඩින්ග් (China Merchant Holding) සමාගම ය. එම සමාගමට ව්‍යාපෘතියේ වටිනාකමින් 55%ක් අයත් වන අතර, එයිට්කන් ස්පෙන්ස් (Aitken Spence) සමාගමට 30%ක් අයත් වේ. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් වන්නේ 15% ක කොටසකි. මෙම ප‍්‍රතිශතය ඉහත ඉන්දියාවේ ව්‍යාපෘතියට සමාන ය. උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ද මෙම ක‍්‍රමයට ප‍්‍රදානය කර ඇති අතර, එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක් (රු: බිලියන 150 ක්) පමණ වේ. මේ අනුව ලංකාවේ ඉදිරි ව්‍යාපෘති සියල්ල මෙම ඊධඔ ක‍්‍රමය යටතේ හෝ PPP ක‍්‍රමය යටතේ බහුජාතික සමාගම්වලට ලබා දීමට නියමිත අතර, බහුජාතික සමාගම් කිහිපයක් අතට පත් වීමේ අවදානමකට ලක්ව තිබේ. අනෙක් අතට මෙම ව්‍යාපෘති අධික මිල ගණන් යටතේ ප‍්‍රදානය වීමත්, නොයෙකුත් බදු සහනයන් ලබා දීමත්, ඒවායේ සිදු වන අවදානම් දැරීම රාජ්‍ය අංශයට පැවරීමත් වැනි කාරණා නිසා මෙම ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. පසුගිය මාසයේ වැලිවිට ජලසම්පාදන ව්‍යාපෘතියේ කළමනාකරණ කොටස කැබිනට් පත‍්‍රිකාවක් මගින් ඡුඡුඡු ක‍්‍රමයට සමාගමකට ලබා දීම අනාගතයේ දී PPP ක‍්‍රමය ලංකාවේ ස්ථාපිත වන බවට ආසන්නතම හොඳම නිදසුනකි.