රහසේ දිගහැරෙන TPP

capatalism_converted
සමාජවාදයට දොරගුළු හරින ප‍්‍රාග්ධන දැවැන්තයෝ
February 6, 2017
Public and Private directions.  Opposite traffic sign.
රාජ්‍ය – පෞද්ගලික හවුල් ව්‍යාපාර
February 6, 2017
Show all

රහසේ දිගහැරෙන TPP

tppnew_converted

ගිවිසුමේ නම :- අන්තර් පැසිෆික් කලාපීය සහයෝගීතා ගිවිසුම (Trans – Pacific Partnership Agreement-TPP)

ප‍්‍රකාශිත අරමුණ :- වෙළඳාම හා ආයෝජන නිදහස්කරණය මගින් ආර්ථික ඒකාබද්ධතාව ප‍්‍රවර්ධනය කරන්නාවූ විස්තීර්ණ කලාපීය ගිවිසුමක් ඇතිකර ගැනීම

සම්බන්ධ රටවල් :- එක්සත් ජනපදය සහ තවත් රටවල් 11ක් ( ඕස්ටේ‍්‍රලියාව, බෲනායි, කැනඩාව, චිලිය, ජපානය, මැලේසියාව, මෙක්සිකෝව, නවසීලන්තය, පේරු, සිංගප්පූරුව, වියට්නාමය)

වත්මන් තත්වය :- 2016 පෙබරවාරි 04 දින සියලූ රටවල් විසින් ගිවිසුමට අත්සන් තබනු ලැබීය. මෙතෙක් එක්සත් ජනපද කොන්ග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය පළවී නැත. එහි අනුමත වීමෙන් පසු ගිවිසුම බලාත්මක වේ. ඉන්පසු එක් එක් රටවල් විසින් තම රටේදී ගිවිසුම අපරානුමත (ratify) කළ යුතු වේ.

ඉතිහාසය :- මෙම ගිවිසුම පිළිබඳව ශ‍්‍රී ලංකාව තුළ කතාබහක් නිර්මාණය වන්නට පටන් ගත්තේ වත්මන් හවුල් ආණ්ඩුව මෙම ගිවිසුමට ඇතුල්වීමට කැමැත්ත ප‍්‍රකාශ කළ බවට වන ප‍්‍රවෘත්තිය සමඟය. මෙතෙක් ක‍්‍රියාත්මක නොවුවද මේ ගිවිසුමෙහි බලපෑම පිළිබඳ ජාත්‍යන්තර මට්ටමින් ගොඩනැගෙමින් ඇති සංවාදය වේගයෙන් පුළුල් වෙමින් තිබේ.

ගිවිසුම පිළිබඳව ශ‍්‍රී ලංකාවේ සංවාදය :- ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව (පෙබරවාරි මාසයෙන් පසු) මතු වූවද TPP එක්සත් ජනපදය විසින් මේ පිළිබඳව වසර 07ක් පුරා කරන ලද (රහසිගත) සාකච්ඡවලින් පසු කරළිගත වූවකි. ගිවිසුමේ අවසන් අඩංගුව පිළිබඳ කරුණු පොදු ජනතාව අතට පත්වූයේ විකිලීක්ස් වෙබ් අඩවිය විසින් කරන ලද හෙළිදරව්වකින් පසු 2015 නොවැම්බර් මාසයේදීය. ඇමරිකානු සමාජ කි‍්‍රයාකාරීන්ට අනුව එම අවසන් ලියවිල්ල ඔවුන්
අපේක්ෂා කළ දෙයටත් වඩා භයානකය. මහජනතාවට රහසේ කෙටුම්පත් කරනු ලැබුවද ගිවිසුම එක්සත් ජනපදයේ සමාගම්වල වුවමනාවන් නියෝජනය කරනු ඇති බවට වගබලා ගැනීම සඳහා සමාගම් උපදේශකයින් 500කගෙන් පමණ උපදෙස් ගෙන ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ.

එක්සත් ජනපද ජනතාවට ඇති බලපෑම
1. විශාල සමාගම් ලාභ ශ‍්‍රමය වෙනුවෙන් කම්හල් වෙනත් රටවලට ගෙනයාමෙන් ඇමරිකානු කම්කරුවන්ගේ රැකියා හා වැටුප් මට්ටම් අවදානමට ලක්වීම, ආදායම් විෂමතාවය ඉහළයාම
2. අනාරක්ෂිත ආනයනික ආහාරවලින් වෙළඳපොළ පිරීයාම
3. පරිසර හිතකාමී ඇමරිකානු කර්මාන්ත අධෛර්ය කර පරිසර විනාශයට ඉඩ පෑදීම
4. වොල් ස්ටී‍්‍රට් බලය ඉහළයාම
5. අන්තර් ජාල නිදහසට බාධා පැමිණීම
6. දැවැන්ත ඖෂධ සමාගම්වලට නව ඒකාධිකාරී අයිතීන් ලැබීම මගින් ලාභදායී, ඖෂධ නාමයෙන් යුත් ඖෂධ වෙළඳපොළෙන් ඉවත්වීම
7. එ.ජ. නීතිවලින් හෝ ආරක්ෂණ රෙගුලාසිවලින් ගිවිසුම අනුව ලද අයිතීන් කඩවීමක් සිදුවහොත් විනිශ්චය සභාවට පැමිණිලි කර ආණ්ඩුවෙන් වන්දි ලබාගැනීමට හැකිවීම

සෙසු රටවලට ඇතිකරන බලපෑම
1. බහුජාතික සමාගම්වල ආගමනය හේතුවෙන් දේශීය නිෂ්පාදන බිඳවැටීම
2. එම සමාගම්වල අවශ්‍යතාවයන්ට බාධා කරන දේශීය නීති සංශෝධනය කිරීමට සිදුවීම
3. කම්කරු අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය
4. පරිසර හිතකාමී නොවන ව්‍යාපාරික මැදිහත්වීම්
5. ලාභදායී, ඖෂධ නාමයෙන් යුත් ඖෂධ වෙළඳපොළෙන් ඉවත්වීම
6. ජාතික රාජ්‍යයේ බලය හැකිළීම

TPP පෙර ගිවිසුම්වලින් වෙනස්වීම

අවසන් කෙටුම්පතේ පරිච්ඡේද 30න් සෘජුව වෙළඳාමට අදාළ පරිච්ඡේද ඇත්තේ 06ක් පමණි. සෙසු පරිච්ඡේදවලින් බොහොමයක් බහුජාතික සමාගම්වලට නව අයිතීන් හා බලයන් ප‍්‍රදානය කරනු ලබන ඒවාය.

මෙතෙක් පැවති ඇමරිකානු වෙළඳ ගිවිසුම් සියල්ලටම පාහේ මානව අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයක් ඇතුළත් විය. ඒ තමන්ගේ වුවමනාකම්වලට අනුව ගිවිසුමට සම්බන්ධ රටේ අභ්‍යන්තර දේශපාලනයට මැදිහත්වීම සඳහා ඉඩ පාදා ගැනීමටය. එහෙත් බහු ජාතික සමාගම්වල ඍජු වුවමනාකම් සමග ගැටෙන මෙබඳු කොන්දේසි TPP ගිවිසුමෙන් බැහැර කරනු ලැබ අතර පිටු 5600කින් සමන්විත ගිවිසුමේ පෙළ අතර ‘මානව හිමිකම්’ යන වචනය ඇතුළත් නොවේ.

2007 සිට අත්සන් තබන ලද නිදහස් වෙළඳ ගිවිසුම්වල
හවුල්කරුවන් පරිසර ආරක්ෂණය සම්බන්ධයෙන් යටත් විය යුතු වූ එ.ජ. බහුපාර්ශ්වීය පාරිසරික ගිවිසුම්වල (Multilateral Environmental Agreements (MEAs) කොන්දේසි 07ක් පැවති අතර TPP සාමාජිකයින්ට අදාළ වනුයේ ඉන් එකක් පමණි. එසේම ලෝකය තුළ මහත් කතාබහට ලක්වී ඇති දේශගුණ වෙනස්වීමට අදාළ කාබන් මුදාහැරීම පිළිබඳ සමාග ම්වලට කිසිදු කොන්දේසියක් පනවා නොතිබීමද සැලකිල්ලට ලක්වන කරුණකි. මෙම කරුණු පැහැදිලිවම බහුජාතික සමාගම්වල වුවමනාව සමග බැඳී තිබේ.

පෙර ගිවිසුම්වල කොන්දේසිවල මෙන් නොව මෙම ගිවිසුම තුළින් තම අපේක්ෂාවන් සමග ගැටෙන රාජ්‍ය මූල්‍ය රෙගුලාසිවලට එරෙහිව අධිකරණයට පරිබාහිරව පිහිටවනු ලබන විනිශ්චය සභාවවලට පැමිණිලි කිරීමට බහුජාතික බැංකුවලට හා මූල්‍ය සමාගම්වලට බලය ලබාදෙයි. එම තීන්දුවලට එරෙහිව කිසිදු දේශීය අධිකරණයකට අභියාචනා කළ නොහැක. මීට අමතර වශයෙන් ගිවිසුම් ගත රටේ සෞඛ්‍ය අධිකාරියේ ඖෂධ මිලට ගැනීම් වෙනුවෙන් තරඟ කිරීමට හා ඖෂධ මිල තීරණය කිරීමේ ක‍්‍රියාවලියට සම්බන්ධ වීමට බහුජාතික ඖෂධ සමාගම්වලට පුළුල් ඉඩකඩක් මෙමගින් ලැබේ.

TPP හා වියට්නාමය

සැලසුම් සහගත සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් ඇති වියට්නාමය මෙම ගිවිසුමට ඇතුලත්වීම පිළිබඳව බොහෝ දෙනාගේ විමතිය පළවෙයි. එහෙත් එක්සත් ජනපද වෙළඳපොළ ඉලක්ක කරගත් නිෂ්පාදන බොහොමක් නිපදවන වියට්නාමය තම ගිවිසුම් ප‍්‍රවේශය කොන්දේසි සහිතව සිදුකරගැනීමට සමත්වී තිබේ. මෙම
තත්වය එක්සත් ජනපද ආර්ථික විචාරකයින්ගේ විවේචනයට ලක්වී ඇත්තේ එබැවිනි.

නිදසුනක් ලෙස ගිවිසුම බලාත්මක වීමෙන් පසු සාමාජික රටවලට එක්සත් ජනපද වෙළඳපොළට නිදහස් ලෙස ප‍්‍රවේශ විය හැකිව තිබුණද වියට්නාමය තමන්ගේ වෙළඳපොළ විවෘත කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගනු ඇත. එසේම වියට්නාමය එ.ජ. ආයෝජන සමාගම්වල නිෂ්පාදන වියට්නාම් පාරිභෝගිකයින්ට අලෙවි කරනු වෙනුවට විදෙස් ආයෝජන සමාගම්වල නිෂ්පාදන ඇමරිකාවට අපනයනය කිරීමේ වේදිකාවක් නිර්මාණය කර ගනු ඇති බවට ඔවුන්ගේ අනතුරු ඇඟවීම් පළවී තිබේ.

මෙතක් එ.ජ. සමග නිදහස් වෙළඳ ගිවිසුමක් නොපැවති වියට්නාමයේ වෙළඳපොළට ඇතුල්වීමට නව ගිවිසුමින් වාසිදායක වාතාවරණයක් ඇති නොවන බව එ.ජ. විශ්ලේකයින්ගේ අදහසයි. විශේෂයෙන් වියට්නාමයේ රාජ්‍ය සමාගම් (SOE) සහ වෙළඳපොළ නොවන (සමාජවාදී) ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවෙන් ඒ පිළිබඳ වැඩි බලාපොරොත්තු තැබිය නොහැකි බව පෙන්වා දෙන ඔවුහු වියට්නාමය ලෝක වෙළඳ සංවිධානයට (WTO) ඇතුල් වී සිටින්නේද වෙළඳපොළ නොවන ආර්ථිකයක් (non-market economy) පවත්වා ගන්නා රටක් ලෙසට වන කොන්දේසිය තුළ බැවින් ඊට බලපෑම් කිරීමට එ.ජ.ට නොහැකිවනු ඇති බව පවසති. මෙම රටවල් චීනයෙන් ආදර්ශ ගෙන ඇති බවත් රාජ්‍ය සමාගම් එම රටවල වෙළඳපොළට පමණක් නොව ගෝලීය වෙළඳපොළටද ඇතුල් වී ඇති බවත් පවසන ඔවුහු චීනය සමග ගිවිසුම්වලින් උගත් පාඩම් අනුව මෙම නව ගිවිසුමට රජය සතු සමාගම් පිළිබඳ පරිච්ෙඡ්දයක් ඇතුල් කර ඇති නමුදු රාජ්‍ය සමාගම්වල නැගීම නතර කිරීමට සහ එ.ජ. වෙළඳපොළ තුළ ඒවායේ භූමිකාව පාලනය කිරීමට TPP කොන්දේසිද අසමත් බව පෙන්වා දෙති.