මහබැංකුවට නව උපායමාර්ග

Sao-Paulo-Tuca-Viera-1
ප‍්‍රාග්ධන සමුච්චය හේතුවෙන් ඇති නැති පරතරය ඉහළට
February 6, 2017
fghgh
ධනේශ්වර නොවන සංවර්ධන මාවත
February 6, 2017
Show all

මහබැංකුවට නව උපායමාර්ග

central_bank_converted

ශ‍්‍රී ලංකා ආණ්ඩුව මේ වන විට ධනවාදය තුළ තම ආර්ථිකය හසුරුවමින් සිටින්නේ ආර්ථික අර්බුදයක් දෙසටය. වසර ගණනාවක් පුරා ධනපති පක්ෂවල පාලකයන් විසින් කලින් කල හදුන්වා දුන් විවිධ ආර්ථික ප‍්‍රතිපත්ති සියල්ල අසාර්ථක වු අතර, විවෘත ආර්ථිකයේ සිට යහපාලනය ආර්ථික මොඩලය දක්වා වූ සියලූ ආකාරයේ කතාන්දර නිමා වෙමින් පවතී. ඒ නිසා ම ධනවාදය දිනෙන් දින ම අර්බුදයට යමින් පවතී. එය පැහැදිලි වන්නේ ධනේශ්වර ආර්ථික විද්‍යාඥයන්ගේ කතා, ක‍්‍රියා සහ ආර්ථිකය හසුරුවන ආයතනයන්හි පවතින අර්බුදකාරී තත්ත්වයන් නිසා ය. ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් 2016 – 2018 කාල පරිච්ෙඡ්දයක් සදහා උපාය මාර්ගික සැලැස්මක් පිළියෙළ කර ඇති අතර, එහි අන්තර්ගත සමහර කරුණු මගින් හෙළිදරවු වන්නේ ද ධනවාදී ආර්ථිකයන්හි ඇති අසාර්ථක භාවයයි. එහි සදහන් ආකාරයට මෙම උපායමාර්ගික සැලසුම් සකස් කිරීමට සිදු වී ඇත්තේ ‘‘නිතර වෙනස් වන ගෝලීිය සහ දේශීිය සමාජ ආර්ථික තත්ත්වයන් හමුවෙහිි, සාර්ව ආර්ථික සහ මුල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යෑමේ මහ බැංකුව සතු කාර්යභාරය අභියෝගයක් වී ඇත.’’ යනුවෙනි. ඒ අනුව ගෝලීය සහ දේශීය ආර්ථික තත්ත්වයන් නිතර නිතර වෙනස් වන බව ඔවුහු පවසති. එලෙස නිතර නිතර වෙනස් වන ගෝලීය ආර්ථික තත්ත්වයක් තුළ තිරසාර ආර්ථික තත්ත්වයක් සහ තිරසාර සැලසුම් සකස් කරන්නේ කෙසේ ද යන ගැටලූව අප හමුවේ පවතීි. එනිසා ම මහ බැංකුව විසින් පිළියෙළ කර ඇති වසර 03ක් සදහා වන උපාය මාර්ගික සැලැස්මක් සාර්ව ආර්ථික තත්ත්වයන් සම්බන්ධයෙන් සලකන කල කෙටිකාලීින උපායමාර්ගික සැලැස්මක් වනු ඇත. මක් නිසාද යත්, වසර 03ක දී ලබා ගත හැකි දිගුකාලීන ස්ථාවරභාවයක් නොමැති නිසාය.

මෙම 2016 – 2018 උපාය මාර්ගික සැලැස්මෙහි තේමාව වනුයේ ‘මානව ප‍්‍රාග්ධන සංවර්ධනයයි.’ ශ‍්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්කයන් හමුවේ මානව ප‍්‍රාග්ධනය සංවර්ධනය ඉතා වැදගත් අංශයක් වන නමුත්, ඒ සදහා පිළිගත හැකි දිගුකාලීන වැඩ සටහනක් නොමැති වීම තුළින් එවැනි අරමුණු ඉටු කර ගන්නේ කෙසේ ද යන ගැටලූව පැන නගී. මේ සදහා ‘‘බදවා ගැනීම, පුහුණුව, වෘත්තීිය උපදේශකත්වය, සංවර්ධනය සහ අනුප‍්‍රාප්තික සැලසුම් කිරීම’’ වැනි බර වචන යොදා තිබුණ ද ඇමතිතුමා විසින් එවන හෙන්චයින්ගේ නාමලේඛනයට රැුකියා දීම තවමත් සිදු කරන රටක මේවා විහිළු ප‍්‍රකාශන බවට පත්වීම නොවැළැක්විය හැකි කරුණකි. එහි සදහන් ආකාරයට ‘‘ගෝලීය වශයෙන් ගත් කල ඇතැම් ආර්ථිකයන්ගේ කාර්යසාධනය වටා ඇති අවිනිශ්චිතතා හේතුවෙන් ලෝක ආර්ථික දිශාව තවමත් පැහැදිලි නැත’’ ලෙස සදහන් වීම තුළින් අදහස් වන්නේ ලෝක ආර්ථික දිශාව තවමත් පැහැදිලි නැත යන්නයි. ධනවාදය සහ වෙළෙදපොළ ක‍්‍රමය කරපින්නාගෙන යන ආර්ථික විද්‍යාඥයන් විසින්ම ලෝක ආර්ථික දිශාව පැහැදිලි නැත යන්න ප‍්‍රකාශ කිරීම මගින් අදහස් වන්නේ ඔවුන්ගේ ආර්ථිකයන්ට නිශ්චිත දිශාවක් සහ දැක්මක් නොමැති බවයි. මෙසේ පැහැදිලි නැති ආර්ථිකයක් සදහා තිරසාර සංවර්ධන සැලසුම් සකස් කරන්නේ කෙසේද යන්න ඔවුන්ට නොතේරන ගැටලූවකි.

මෙම තුන් අවුරුදු සැලසුම යටතේ රජය වහා අවධානය යොමු කළ යුතු අංශ පිළිබදව ද අදහස් දක්වා තිබේ. ‘‘රජය වහාම අවධානය යොමු කළ යුතු ප‍්‍රශ්න අතර නිමැවුම් සහ අපනයන විවිධාංගිකරණය, විදේශ අයෝජන ප‍්‍රවර්ධනය, නාගරිකකරණය, පොදු සේවාවන් සහ යටිතල පහසුකම් සැපයීම, පොදු සංස්ථා ප‍්‍රතිව්‍යහුගත කිරීම, ජනගහනය, වයස්ගත වීමෙන් ඇති වන සෞඛ්‍ය සේවා සහ විශ‍්‍රාම සැලසුම් සම්බන්ධ ගැටලූ ප‍්‍රමුඛත්වයක් ගනී ’’ යන්න සදහන් වේ. බළලා මල්ලෙන් එළියට පනින්නේ මෙහි දී ය. මේ සියලූ කාරණා කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් කාරණයකි. එහෙත් එහි ඇති ‘‘පොදු සංස්ථා ප‍්‍රතිව්‍යුහගත කිරීම’’ යන්න කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වටී. මේ වන විට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙන යහපාලන හවුල් ආණ්ඩුව එයින් ගැලවීිම සදහා උපාය උපක‍්‍රම සොයමින් සිටී. රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ කණ්ඩායමට ආයතන කුණු කොල්ලයට විකිණිම සහ පෞද්ගලිකකරණය කිරීම සම්බන්ධයෙන් හොද ඉතිහාසයක් ඇති නිසා මෙම උපක‍්‍රමය කෙරෙහි අවධානයෙන් සිටීම වඩා වැදගත් කාරණයකි. දැනටමත් ‘ශ‍්‍රී ලංකන් එයාර්’ සමාගමට කොටස්කරුවෙකු එකතු කර ගැනීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටී. ආණ්ඩුව එය සාධාරණිකරණය කිරීම සදහා පෙන්වා දෙන්නේ පසුගිය රජය කාලයේ ලබා ගන්නා ලද ණය නිසා ආයතනය විශාල මූල්‍ය අර්බුදයකට ගොස් ඇති බව ය. පසුගිය රජය ගෙන ගිය අසාර්ථක ආර්ථික පිළිවෙත් නිවැරැදි කර ගැනීිම සදහා ජනතාව පවතින රජයට බලය දුන්නා මිස පසුගිය රජය යකාට පෙන්නමින් තිබෙන රාජ්‍ය ආයතන කිහිපය ද පෞද්ගලික අංශයට විකුණා දැමීමට අයිතියක් නැත.

අනෙක් අතට අපනයන විවිධාංගීකරණය, විදේශ ආයෝජන ප‍්‍රවර්ධනය වැනි කාරණා සාකච්ඡුා කරමින් සිටින්නේ මෙයට දශක ගණනාවකට පෙර සිට ය. එහෙත්, මෙතෙක් කරන ලද අපනයන විවිධාංගීකරණයක් නොමැති අතර, ලද විදේශ ආයෝජනයක් ද නැත. අපුරු වචන යොදා සැලසුම් සකස් කළ ද, ඒවා ක‍්‍රියාත්මක වන ආකාරය ගැන අපට ඉතා හොද අවබෝධයක් ඇත. මෙම උපාය මාර්ගික සැලැස්ම යටතේ මහ බැංකුවේ දෙපාර්තමේන්තු (අංශ) 30ට අදාළ අරමුණු සහ පරමාර්ථ වෙන් වෙන්ව හදුන්වා දී ඇති අතර, ඒ යටතේ බොහෝ දෙපාර්තමේන්තුවලට අරමුණු සහ පරමාර්ථ ලෙස ඇත්තේ බොහෝ කාලයක සිට කළමනාකරණ මුලධර්ම පොත්වල ඇති සුන්දර වාක්‍ය ඛණ්ඩයන්ය. ‘‘කාර්යක්ෂමතාවය, පිරිවැය බලපෑම සහ කලට වේලාවට සේවාව සැපයීම මඟින් මුදලට අගය පිළිබද සහතිකයක් දීම’’ පහසුකම් කළමනාකරණය කිරිමේ දෙපාර්තමේන්තුවේ අරමුණු ලෙස පැහැදිලි කර තිබුණ ද, මේවා එසේ කරන්නේ කෙසේ ද යන්න ගැන පැහැදිලි කිරීමක් නැත. මෙලෙස රටෙහි දැවෙන ආර්ථික ප‍්‍රශ්න වෙනුවෙන් පිටු ගණන් පුරා සකස් කරන ලද සැලසුම් තිබුණ ද, ඒවා ප‍්‍රයෝගිකව ක‍්‍රියාත්මක වන්නේ ද යන්න මත පමණක් ආර්ථික සංවර්ධනය තීරණය වේ. වැදගත් වන්නේ දිනපතා උපායමාර්ග සකස් කිරීම නොව ඒවා කි‍්‍රයාත්මක කිරීමයි.