පරත්වාරෝපණය යනු කුමක්ද?

ETF-Investing-sm_converted
සේවකයින්ගේ සමාජ ආරක්ෂණ අරමුදල්
February 6, 2017
Tilvin Silva speaks Left Library
February 6, 2017
Show all

පරත්වාරෝපණය යනු කුමක්ද?

karl_marx_letters_converted

පරත්වාරෝපණය පිළබඳ සංකල්පය ආර්ථිකමය හා සමාජමය ලෙස සමාජ විඥානයේ හැසිරීම විස්තර කරන මාක්ස්වාදයේ වැදගත් සංකල්පයකි. ධනේෂ්වර සමාජය තුළ මිනිසා සමස්ත සමාජයෙන් කැඞී වෙන් වී හුදකලා වන ආකාරය මාක්ස් සිය ප‍්‍රාග්ධනය, ජේම්ස් මිල් ගැන සටහන්, ආර්ථික හා දාර්ශනික ලිපි වැනි කෘති මගින් පරත්වාරෝපණය ගැන විස්තර කලේය.

පරත්වාරෝපණය යනු මිනිසාට තමා කරන කාර්යයන්, තමන්ට කිසිදු සම්බන්ධයක් නැති දෙයක් බවට පත්වී තමාට තමා පිටස්තරයෙකු බවට පත්වීමයි. ඒඅනුව මිනිසාට තමා කරන වැඩ කිසිදු තෘප්තියක්, පැවැත්මට අවශ්‍ය බවක්, නිර්මාණාත්මක බවක් නොහගවයි. ඒ වෙනුවට වැඩ ඒකාකාරි, දොම්නස ගෙන එන, තමන්ට කිසිදු සම්බන්ධයක් නැති දෙයක් බවට පත්වේ. තම ශ‍්‍රමය ගැන තීරණය කර ගැනීමේ හැකියාව නැතිවේ. වැඩ නිමවිමෙන් පසු විවේකය තුළදී ද ඔහු විවිධාකාර ලෙස අන්‍යයන්ගේ බලපෑමට යටත් වේ. කම්කරුවාගේ සමස්ත ජීවිතයම ඔහුගේ අභිමානයට අනුකූල නොවන, අනෙක් සගයන්ගෙන් හෝ සමාජයෙන් පමණක් නොව තමාගෙන්ම වෙන් වූ දෙයක් බවට පත්වේ.
‘‘
මාගේ වැඩ,මාගේ ජීවිතයේ ප‍්‍රකාශනයක් විය යුතුය එනම්, ජීවිතයේ තෘප්තිය විය යූතුය. නමුත් පෞද්ගලික දේපල වර්දනය කිරීම සදහා මාගේ වැඩ මාගේ ජීවිතයෙන් පිටස්තරවී ඇත. මම වැඩ කරන්නේ මාගේ ජීවිතය පවත්වා ගැනීම සදහා ය.මාගේ වැඩ ‘‘මාගේ ජීවිතය ගෙන යන මාධ්‍ය මිස මාගේ ජීවිතය නොවේ’’. -කාල් මාක්ස් (ජේම්ස් මිල් ගැන සටහන්-1884*)

ධනේශ්වර සමාජය තුළ කම්කරුවා ආකාර ගණනකින් පරත්වාරෝපණයට ලක් වේ.
කම්කරුවා නිෂ්පාදනය මාධ්‍යවල අයිතියෙන් බැහැර වේ.

වැඩවසම් ක‍්‍රමය වැනි පූර්ව ධනේශ්වර සමාජ ක‍්‍රමවලදී නිෂ්පාදන මාධ්‍යන්ගෙන් ශ‍්‍රමිකයා වෙන්කර නොතිබිණි. වැඩ වසම් ක‍්‍රමය තුළ ප‍්‍රවේණි දාසයා ඉඩමට අයත් ය. ඉඩම් වගාකිරීමේ අයිතිය ඔහු සතුය. රදළයන් ඉපයූ දෙයින් කොටසක් පැහැරගත් බව සැබෑ ය. එහෙත් නිෂ්පාදන මාධ්‍යන්ගෙන් ශ‍්‍රමිකයා වෙන් කළේ නැත. නමුත් ධනේෂ්වර සමාජක‍්‍රමය තුළ කර්මාන්ත ශාලා, යන්ත‍්‍ර උපකරණ ආදි කිසිවක් කම්කරුවාට අයත් නැත. නිෂ්පාදන මාධ්‍යන්හි හිමිකාරිත්වයක් නැත. එබවින් නිෂ්පාදනය සඳහා උනන්දුවක් ජනිතවීමට අවශ්‍යතාවක් නැත. කම්කරුවා වැඩ කරන්නේ ජීවත්වීම සඳහා සිය ශ‍්‍රම ශක්තිය විකිණීමට බල කර ඇති හෙයිනි.

-කම්කරුවා ශ‍්‍රමයේ ඵලයෙන් බැයැර වීම-
පූර්ව ධනේශ්වර සමාජ ක‍්‍රමය තුළ නිෂ්පාදිතයේ විශාල කොටසක් පීඩක පන්තිය විසින් සූරා කෑව ද ශ‍්‍රමිකයාට කොටසක් හිමි විය. එහෙත් ධනේශ්වර ක‍්‍රමය තුළ පරිභෝජනය සදහා නොව හුදෙක් හුවමාරුව සඳහා ම භාණ්ඩ නිෂපාදනය කිරීමත් සමග කම්කරුවාට නිෂ්පාදනයේ ඵල හිමි නොවීය. එබවින් ඔහු සිය නිෂ්පාදනයේ අවසන් ඵලයට හිමිකම් නොකියයි. සිය ශ‍්‍රමයේ ඵලවල අයිතියෙන් බැහැර කර ඇති බැවින් කම්කරුවන්ට නිෂ්පාදනය සඳහා උනන්දුවක් , ආශාවක් හෝ තෘප්තියක් ඇති නොවේ. එය ඔහුගේ ජීවිතයෙන් පිටස්තරය. එමෙන්ම ධනේශ්වර ක‍්‍රමය තුළ ධනපතින්ගේ කෘත‍්‍රිම අවශ්‍යතා සදහාම පමණක් නිපදවන, ජනතාවගේ සැබෑ අවශ්ෂ්‍යතාවලට කිසිසේත් අදාළ නොවන නිෂ්පාදනය නිසා මේ තත්වය වඩාත් පුළුල් වේ . කම්කරුවන් සිය ජීවිතයම ගෙවන්නේ සිය ජීවිතය සමග කිසිදු සම්බන්ධයක් නැති, තමා පරිභෝජනය
නොකරන දේවල් නිෂ්පාදනයට බැවින් ඔහු පරත්වාරෝපණයට ලක් වේ.

-කම්කරුවා තම ශ‍්‍රමයෙන් බැහැරවීම-
ධනේශ්වර ක‍්‍රමයේ මූලිකම ලක්ෂණයක් වනුයේ වැටුප් ශ‍්‍රමය යි. වැටුප යනු කම්කරුවා සිය ශ‍්‍රම ශක්තිය විකුණන මිලයි. යම් නිශ්චිත වැටුපකට සිය ශ‍්‍රම ශක්තිය විකිණීමේ ගිවිසුම අත්සන් කළ පසු, ඒ කාලය තුළ තමා නිපදවන්නේ කුමක්ද? එහි ස්වභාවය කවැර්ද? එය සිදු කරන්නේ කෙලෙසද? කුමන වේලාවකදීද? කෙතරම් කාලයකදීද? යන්න තීරණය කිරීමේ අයිතිය කම්කරුවාට අහිමි වේ .ඔහුගේ සිරුර තව දුරටත් ඔහුට අයත් නොවන අන්‍යයෙකු විසින් මෙහෙයවන පිටස්තර ප‍්‍රපංචයක් බවට පත් වේ . ඔහුට තමා පිටස්තරයෙකු බවට පත් වේ. ශ‍්‍රම විභජනය නිසා වැඩවල ඇති නිර්මාණශීලිත්වය හා තෘප්තිදායක ස්වභාවය තවදුරටත් නැති වේ. කම්කරුවා යන්ත‍්‍රයක උපාංගයක් බවට පත් වේ.

-කම්කරුවා කළමනාකරණයෙන් බැහැර වීම-
පුර්ව ධනේශ්වර සමාජ ක‍්‍රමවලදී යම් සීමාවකට යටත් ව වුවත් වැඩ පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ශ‍්‍රමිකයාට හිමිවිය. නමුත් කම්කරුවා ධනේශ්වර ක‍්‍රමය තුළ නිශ්චිත කාලයක් තුළ නිශ්චිත වැඩ කොටසක් කිරීමට බැඳී සිටී . එය තීරණය කරන්නේ කම්මලෙහි කර්මාන්ත හිමිකරුවා හෝ කළමනාකරුවා ය. සියළු මානසික ක‍්‍රියා හා තීන්දු තීරණ ගැනීම ධනපතියන් හෝ කළමනාකරුවන් සිදුකරන අතර කායික ශ‍්‍රමය වැය කිරීම පමණක් කම්කරුවන්ට පැවරේ. මේ අනුව කම්කරුවා නිෂ්පාදන කි‍්‍රයාවලියේ කළමනාකරණයෙන් බැහැර කරනු ලබයි.

මේ අනුව කම්කරුවාට තම ශ‍්‍රමයත්, තම ශරීරාවයවයනුත්, තමාමත් පිටස්තර බවට පත් වේ. ඔහුගේ අදහස් හෝ විශේෂිත කුසලතා නොසලකා හැර ඇත. ආත්ම ගෞරවය විනාශකර ඇත. ඔහුට තමා කරන වැඩවලින් කිසිදු තෘප්තියක් නැත. ඔහු වැඩ කරන්නේ ජීවත් වීම සඳහා අවශ්‍ය කරන නිසා පමණකි.

පරත්වාරෝපණය නිසා වැඩකරන ජනතාව මානසික රෝගවලට, මත්ද්‍රව්‍ය භාවිතයට, අපරාධවලට හෝ සමාජ විරෝධී ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට යොමු විය හැක. එසේත් නැත්තම් ඔවුන් සිය ජීවිතය වඩා යහපත් කරගැනීම සඳහා වන අරගලයට බද්ධ වේ. ඔවුන්ට අහිමි වීමට කිසිත් නැත. පරත්වාරෝපණයේ පීඩනයට එකම පිළිතුර සමාජ විප්ලවය පමණි. එබවින් කම්කරුවන් විප්ලවීය පක්‍ෂය යැටතේ සංවිධානය වී අවසාන ජයග‍්‍රහණය දක්වා ම දැවැන්ත වීරත්වයකින් හා අධිෂ්ඨානයකින් යුතුව අරගල කරයි. ධනේශ්වර ක‍්‍රමය තුළ ඇතිවන පරත්වාරෝපණය පීඩාකාරිත්වය සමාජ විරෝධී පැත්තට නොව සමාජ සංවර්ධනයේ දිශාවට
කළමනාකරණය කිරීම විප්ලවාදී ව්‍යාපාරයක ප‍්‍රමුඛතම කාර්යය යි.

‘‘කම්කරුවාට ශ‍්‍රමය බාහිර දෙයක් වෙයි. එනම්, එය ඔහුගේ ආවශ්‍යයක පැවැත්මට අයත් නොවෙයි. එබවින් ඔහු වැඩකිරීමේදී තම තත්වය , තම අයිතිය තහවුරු නොකරයි. ඒ වෙනුවට ඒවා ප‍්‍රතික්ෂේප කරයි. ඔහුට තෘප්තියක් හැ`ගීමක් ඇති නොවෙයි. ඒ වෙනුවට අසහනයෙන් පෙළෙයි. ඔහු තම ශාරීරික හා චෛතසික ශක්තිය නිදහසේ සංවර්ධනය නොකරයි. ඒ වෙනුවට තම සිරුරට වධදෙයි. සිත විනාශ කරයි. එබවින් කම්කරුවාට තම නියම ප‍්‍රකෘති ස්වභාවය දැනෙන්නේ තම රක්‍ෂාවෙන පිටතදී පමණි. රක්‍ෂාව කරන විටදී ඔහුට හැෙ`ගන්නේ තමා තමන්ට පිටස්තර කෙනෙකු බව ය . ඔහුට සැනසුම් සුවයක් ලැබෙන්නේ වැඩ නොකරන විටදී පමණකි . වැඩකරන විටදී ඔහුට නිසි සැනසුමක් නොමැත’’

– කාල් මාක්ස් (ආර්ථික හා දාර්ශනික ලිපි*)