බොල්ෂෙවික්වාදය තේරුම් ගැනීම

විමර්ශන – 1999 ඔක්තෝබර්
November 22, 2018
දේශපාලනය යනු…?
November 23, 2018
Show all

බොල්ෂෙවික්වාදය තේරුම් ගැනීම

අපි බොල්ෂෙවික් පක්ෂයක් නිර්මාණය කරමින් සිටිමු. නිකම්ම නිකම් බොල්ෂෙවික් පක්ෂයක් නොව ලෙනින්වාදී බොල්ෂෙව්නික් පක්ෂයක් (නිර්ධන පංති පක්ෂයක්) නිර්මාණය කරමින් සිටිමු. බොල්ෂෙවික් යනු ‘බහුතරය’ යන තේරුම සහින් රුසියානු වදනකින් බිඳී ආවක් බවත් රුසියාව තුල “බොල්ෂෙවික්” යන්න මුතූ වූයේ 1903දි රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ දෙවන සමුළුවේදී බවත් පැහැදිලි ය. එහෙත් “බොල්ෂෙවික්වාදය” යන්න බහුතරය යන සරල තේරුමෙන් එහා ගිය ගැඹුරු දේශපාලන දර්ශනයක් බවට පත් වී තිබේ.

        ‘බොල්ෂෙවික් පක්ෂයක්’ යන සංකල්පය තුල ගැබ් වී ඇති අර්ථය නම් සමාජ පරිවර්තනයකට නායකත්වය දිය හැකි ඒ සඳහා පංති බලවේග සංවිධානය කර ගත හැකි හා ඒවා මෙහෙය විය හැකි අයෝමය විනයක් සහිත මධ්‍යගත සංවිධානයක් යන්නය. එය ඒ අතරම බහුජන සංවිධානයක් ද විය යුතුය. ලෙනින් බොල්ෂෙවික්වාදය නිර්මාණය කළේ විශේෂ තත්වයක් තුලය. සමාජවාදී සමාජ විප්ලවය උදෙසා නිකම්ම පක්ෂයක් නිර්මාණය කරනවා වෙනුවට බොල්ෂෙවික් සම්ප්‍රදායන් සහිත පක්ෂයක් නිර්මාණය කිරීමට ලෙනින්ට බල කළේ ඔහු ඉදිරිපිට තිබූ කර්තව්‍යයේ ස්වභාවය විසින් බව පෙනේ.
ධනවාදය අධිරාජ්‍යවාදය දක්වා වර්ධනය වීමත් සමග ධනවාදයේ පරිධියේ රටවල් තුල විප්ලවීය තත්වයන් වර්ධනය විය. එහෙත් එම පරිධියේ රටවල් පසුගාමී සංවර්ධනයක් සහිත ධනපති රටවල් වූයෙන් සමාජ බලවේග ද පසුගාමී විය. ධනපති රජය වඩාත් නග්න හා කුරිරු එකක් විය. සමාජයේ සුළු ධනපති ස්වභාවයන් වැඩි වූ අතර ඒ නිසාම සුලු ධනපති මතවාද හා එහි දේශපාලන බලපෑම ද වැඩි විය. ධනේෂවර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යවන්ද සමාජ විපප්ලවයේ කාර්යභාරය වඩාත් සංකීර්ණ වූ තත්වයක දී ඒ සඳහා සරල පක්ෂයක් ප්‍රමාණවත් නොවීය. “බොල්ෂෙවික් පන්නයේ පක්ෂයක්” අනිවාර්‍ය වෙන්නේ මේ අනුව වේ.
“බොල්ෂෙවික්වාදය හැදී වැඩී වර්ධනය වූයේ එය විසින් කළ ඓතිහාසික අරගලයක් තුල ය. සමාජයේ සුලු ධනපති පංනි උවමනාවන් විසින් උපදවනු ලබන නිදහස්වාදය, අරාජිකවාදය, සංශෝධනවාදය, ප්‍රතිසංස්කරණවාදය, නිලධාරීවාදය හා බ්ලැන්කිවාදය වැනි සියළු අවස්ථාවාදී ප්‍රවනතාවයන්ට එරෙහිව කරන ලද පසු නොබසින ධෛර්‍ය සම්පන්න අරගලයක ප්‍රතිඵලයක් ලෙස බොල්ෂෙවික්වාදය බිහිවී තහවුුරු වූ බව පෙනේ. ඒ අනුව බොල්ෂෙවික්වාදය තුල අරාජිකවාදයට මෙන්ම ත්‍රස්තවාදයට ද ඉඩක් නොමැත. ප්‍රතිසංස්කරණවාදයට මෙන්ම අති වාමවාදයට ද එය එරෙහි වේ. නිදහස්වාදය, අරාජිකවාදය හා සාංසිද්ධිකතාවයට එරෙහිව මධ්‍යගත (ප්‍රජාතන්ත්‍රවාදී ලෙස) සංවිධානයක් වෙනුවෙන් අරගල කරන අතරඑය ඒ සමගම ජනතාවගෙන් වියෝ වුනු කුමන්ත්‍රණවලට එරෙහිව බහුජන පක්ෂයක් වෙනුවෙන් ද පෙනී සිටී. මේ අනුව බොල්ෂෙවික්වාදය තුල වන දේශපාලන හරයේ ගැඹුර කොතරම්දැයි තේරුම් ගත හැකිය. ධනපති සමාජයක් තුල කොමියුනිස්ට් සමාජයක මූල බීජ දරාගෙන සිටිනුයේ බොල්ෂෙවික් පක්ෂය තුල ය.

rrrr
බොල්ෂෙවික්වාදයේ වර්ධනය ගැන කතා කරන ලෙනින් “1910-1920 කාලයේදී බොල්ෂෙවික්වාදයට ජයග්‍රහනය අත්පත් කරගැනීමේ හැකියාව ලැබීමට එක් හේතුවක් වූයේ 1914 අවසානයේ පටන්ම එය සමාජ ජත්‍යොන්මදවාදයේ හා කෞටිස්කිවාදයේ නින්දිතභාවයන් සටකපටභාවයන් නිර්දය ලෙස හෙලිදරව් කිීමේ යෙදී තිබීම” නිසා බව පෙන්වා දෙයි. (ලෙනින් තෝරා ගත් කෘති 10 වෙළුම, 140 පිටුව) සුළු ධනපති රටාවන්ට හුරු වූ නිදහස්වාදී හැසිරීම් සහිත අයට බොල්ෂෙවික් සම්ප්‍රදායන්ට අනුගතවීම දුෂ්කර බව ඉතිහාසය පුරාම පෙන්නුම් කර ඇති සත්‍යයකි. ඒ අතරම වන අනෙක් සත්‍යනම් සුළු ධනපති හැඩයක් සහිත ලිබරල්වාදී සරල සංවිධානයකට පසුගාමී රටක සමාජ විප්ලවීය නායකත්වය ලබා දීම ද කළ නොහැකිය යන්න වේ.
බොල්ෂෙවික් යනු බහුතරය යන තේරුම දුන්න ද බහුතරයක් (විශාල සාමාජිකත්වයක්) තිබූ පමණින් පක්ෂයක් බොල්ෂෙවික් වෙන්නේ ද නැත. ලෙනින් නිර්මාණය කළ පක්ෂය රැසියාව තුල සාපේක්ෂ ලෙක කුඩා පක්ෂයක් විය. බොල්ෂෙවික් පක්ෂයක් තීරණය වෙන්නේ ඒ තුල බොල්ෂෙවික් සම්ප්‍රදායන් සහ ප්‍රතිපත්ති මගිනි. අවස්ථාවාදයට එරෙහිව (විශේෂයෙන් නිදහස්වාදයට එරෙහිව) අරගලයත් අයෝමය විනයකට යටත් විය යුතු වීමත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මධ්‍යගත කරනු ලැබූ සංවිධාන ව්‍යූහයක් පවත්වා ගැනීමත්, බහු ජනතාවගේ අසීමිත විශ්වාසය දිනා ගැනීමේ හැකියාවත් මෙහිදී ඉතා වැදගත් කොන්දේසි වේ.
නූතන බොල්ෂෙවික්වාදීන්ගේ ඉදිරිපිට වන අභියෝග වෙන්නේ එවන් පක්ෂයක් නිර්මාණය කිරීමය. සියළු අසංවිධිතභාවයන්ට එරෙහිව සංවිධානාත්මක බවත් වැනෙන සුළුබව එරෙහිව ස්ථාවර භාවයත් තහවුරු කළ හැකි වෙන්නේ එවිට පමණි. අවශ්‍යතාවය අනුව දෛනිකව උපක්‍රම මාරු කිරීමත් එක් උපක්‍රමයක සිට වෙනත් එකකට ක්ෂණිකව මාරු වීමේ නම්‍යශීලීත්වයත්, බොල්ෂෙවික් පක්ෂයක තිබිය යුතු අනෙක් ලක්ෂණ වේ. එවන් පක්ෂයක් පමණක් සිය කාර්‍යයේදී ජයග්‍රාහී වන නිසා කොතරම් දුෂ්කර වුවද අප එවැනි පක්ෂයක් නිර්මාණය කළ යුතු වෙමු.

විමර්ශන