ප්‍රාග්ධනය යනු

පොයර්බාහ් ගැන තිසීස (ප්‍රවාද) – Theses on Feuerbach
November 17, 2018
පැරිස් කොමියුනය
November 19, 2018
Show all

ප්‍රාග්ධනය යනු

       ප්‍රාග්ධනය (Capital) යන වචනය අපේ සමාජයේ නිතර භාවිතා වෙන වචනයකි. එහෙත් බොහෝ විට මෙහි සැබෑ තේරුම සහිතව මෙය භාවිතා වන බවක් අපට නොපෙනේ. සමාජයේ බොහෝ දෙනෙකුගේ අදහසට අනුව ප්‍රාග්ධනය යනු (ප්‍රාග්+ධනය) යම් ව්‍යාපාරයක් සඳහා යොදවන මූලික ධනය වේ. එහෙත් ඒ අදහස මුළුමනින්ම නිවැරදි නොවේ. එබැවින් ප්‍රාග්ධනය යනු කුමක්දැයි නිවැරදිව වටහා ගැනීම වැදගත් ය.
පන්ති සමාජය තුල ඉහිහාසය පුරාම දේපල හිමියා විසින් දේපල අහිමියා සූරා කන ලදී. මේ සූරා කෑමේ ක්‍රියාවලිය සඳහා එක් එක් සමාජ ආර්ථික රටාවන් තුල දී (සමාජක්‍රම වල දී) විවිධ මාධ්‍යයන් යොදවා ගත් බව පෙනේ. එම මාධ්‍යයන් ඒ ඒ යුගවල තිබූ නිශ්පාදන උපකරණයන්ගේ සංවර්ධනයේ මට්ටම විසින් ද තීරණය කරනු ලැබීය. ඒ අනුව වහල් හිමි සමාජයේ දී සූරා කෑමේ මාධ්‍ය වූයේ වෙන කිසිවක් නොව වහලා ය. වහලුන් මිලට ගෙන හෝ බලෙන් අල්ලාගෙන ඍජුවම ඔහුගේ ශ්‍රමය සූරා කන ලදී. එහෙත් වැඩවසම් සමාජයේ දී සූරා කන්නා හා සූරා කෑමට ලක්වන්නා අතර සම්බන්ධය සෑදි තිබුණේ ඉඩම් හරහා බැවින් සූරා කෑමේ මාධ්‍ය ඉඩම් විය. ධනවාදයේ දී මේ මාධ්‍ය වී ඇත්තේ කුමක්ද? මුදල් ලෙස හෝ දව්‍යමය ලෙස හෝ කුමන හැඩයකින් පෙනී සිටියත් ධනවාදය තුල ධනපතියා හා නිර්ධනයා අතර සම්බන්ධය සාදනුයේ ප්‍රාග්ධනය විසිනි. ඒ අනුව ප්‍රාග්ධනය යනු ධනවාදය තුල ශ්‍රමය සූරා කෑමේ මාධ්‍ය වේ.
මුදල් හෝ වෙනත් ද්‍රව්‍යමය සම්පත් හෝ සමාජය තුල වියුක්තව, සංසරණයෙන් තොරව පවතින්නේ නම් ඒවා ප්‍රාග්ධනය ලෙස සැලකිය නොහැක. මිනිසෙක් රුපියල් ලක්ෂයක් සිය පෙට්ටගම තුල සඟවා තබා තිබුණොත් එම රුපියල් ලක්ෂයේ මුදල මුදලක් මිස (වටිනාකමක් මිස) ප්‍රාග්ධනයක් නොවේ. එහෙත් ඔහු එම මුදල යම් ව්‍යාපාරයකට යොදවා ලාභ උපයන්නේ නම් එවිට ප්‍රාග්ධනයක් වේ. ඒ අනුව ශ්‍රම සූරා කෑමේ දී අතිරික්ත වටිනාකම් ගැබ් කර ගත හැකි, එකතු කර ගත හැකි වටිනාකම් ප්‍රාග්ධනය ලෙසින් හැඳින්විය හැකිය. ප්‍රාග්ධනය තුල තිබෙන ප්‍රධාන ජාති ලක්ෂණය වෙන්නේ වටිනාකම් එකතු කර ගැනීමේ හැකියාව ය. මාක්ස් හා එංගල්ස් කියූ ලෙසට

යම් මුදලක් (වටිනාකමක්) එහි අයිතිකරු අතින් නික්මී නිෂ්පාදන ක්‍රියාවලිය තුල සැරි සරා යලි අයිතිකරු වෙතට එන විට එය විනාශ නොවී හා ප්‍රසාරණය වී පවතින්නේ නම් එසේ ප්‍රසාරණය වීමේ හැකියාව සහිත ඒම මුදල ප්‍රාග්ධනය වේ. ප්‍රාග්ධනය ප්‍රසාරණය  වන්නේ ශ්‍රමිකයාගේ අතිරික්ත ශ්‍රමයේ වටිනාකම ඒ තුලට ගැබ්කර ගැනීම නිසා ය. ඒ අනුව ප්‍රාග්ධනය යනු ධනපති ක්‍රමයේ දී ශ්‍රමය සූරා කෑමේ මාධ්‍යය බව යලිත් අවධාරණය කර ගත යුතුය.

     ලෝකයේ ප්‍රථමයෙන් ප්‍රාග්ධනය බිහි වූයේ යුරෝපා වැඩවසම් ක්‍රමය තුල ය. වැඩවසම් ක්‍රමය තුල සිටි නිදහස් පුරවැසියන් නමින් වූ කොටසක් නිෂ්පාදනය හුවමාරු කිරීමේ අතරමැදියන් ලෙස ඉදිරිපත් වීමෙන් ( වෙළෙන්දන්) හා ඒ හරහා ලාභ ඉපයීමෙන් ප්‍රාග්ධනයේ පළමු ආකෘතිය බිහි විය. භාණ්ඩවලට හුවමාරු කිරීම වෙනුවට මුලද්වලට භාණ්ඩ හුවමාරු  කිරීමේ කිරීමේ ක්‍රියාවලියත් සමග ඇරඹී මෙය ක්‍රමයෙන් වර්ධනය වී මුළු වැඩවසම නිෂ්පාදන ක්‍රමයම ගිල ගන්නා ලදී. ප්‍රාගධනයේ එකී මුල් ස්වරූපයන් මාක්ස්වාදය තුල දී මෙසේ සමීකරණයකින පෙනවා දී ඇත.

එනම්,
M= C=MΔ ය.
මෙය උදාහරණයකින් ගන්නේ නම් රුපියල් 100ක් දී බඩු ගෙන එම බඩු විකුණා රුපියල් 125ක් උපයා ගත් විට පළමු රුපියල් 100 හුවමාරු ක්‍රියාවලිය තුල ප්‍රසාරණය වී තිබේ. එසේ රුපියල් 25ක් එකතුකර ගැනීමට සමත් වූ එම මුදල ප්‍රාග්ධනය නම් වේ.
ධනවාදය තුල ප්‍රාග්ධනය පුද්ගලික හිමිකම් සහිතව පැවතුන ද ප්‍රාග්ධනය තුල ඇත්තේ සමාජමය ශ්‍රමයේ අතිරික්ත වටිනාකම නිසා සැබෑ ලෙසටම ප්‍රාග්ධනය සමාජමය ප්‍රපංචයකි.

ප්‍රාග්ධනය යැපීම් මාධ්‍යයන්ගෙන්, ශ්‍රම උපකරණවලින් සහ අමු ද්‍රව්‍යයන්ගෙන් පමණක් ද ද්‍රව්‍යමය නිෂ්පාදිතවලින් පමණක් ද සමන්විත නොවේ. එමෙන්ම එය හුවමාරු වටිනාකමෙන් ද යුක්තය. මේ නිසා ප්‍රාග්ධනය ද්‍රව්‍යමය නිෂ්පාදිතයන්ගේ එකතුවක් පමණක් නොවේ. එය හුවමාරු භාණ්ඩවලත් හුවමාරු වටිනාකම්වලත් සමාජ විශාලත්වයන්ගේත් එකතුවකි.

මාක්ස් එංගල්ස්, තොරා ගත කෘති 1 වෙළුම. 107 පිටුව.

විමර්ශණ 1998 ජූනි