ප්‍රජාතන්ත්‍රවාදය යනු

දේශපාලනය යනු…?
November 23, 2018
ෆැසිස්ට්වාදය යනු
November 29, 2018
Show all

ප්‍රජාතන්ත්‍රවාදය යනු

ප්‍රජාතන්ත්‍රවාදය ගැන අද නොයෙකුත් ආකාරයෙන් සාකච්ඡා කෙරේ. සමාජය තුල ද ඒ අරඹයා  මුල් බැස ගත් අදහස් ගණනාවකි. ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙහි සරළ අදහස වැඩි දෙනාගේ කැමැත්ත හැටියට දැක්වේ. එවිට වැඩි දෙනාගේ කැමැත්තට අනුව කෙරෙන පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ද වේ.
ප්‍රජාතන්ත්‍රවාදය නැමැති වචනය ග්‍රීක භාෂාවෙන්  බිඳී ආවකි. ග්‍රීක භාෂාවේ (Demos) යනුවෙන් දැක්වෙනුයේ ජනතාවයි. (krotos) ක්‍රොටොස් යනු පාලනයයි. මේ ආකාරයට demos හා Krotos යන පද එක්ව ප්‍රජාතන්ත්‍රවාදය (democracy) ගොඩ නැගී ඇත. Ancient Greece facts
මීට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කරුණු දක්වන්නන් එහි ආකාර කිහිපයක් පෙන්වා දෙයි. ඉන් ප්‍රධාන වනුයේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය හා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයයි.
ඍජු ප්‍රජාතන්ත්‍රවාදය තුල එක් ස්ථානයකට එකතු වන පුරවැසියන් තම පාලකයින් පත් කර ගැනීම සිදු කරනු ලබන අතර ඔවුන් ද පාලනයට හවුල් වේ. වහල් යුගයේ ග්‍රීසියේ නගරවල පැවතියේ මෙවැනි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ දී තම නියෝජිතයින් පත් කර යැවීම හැර වෙනත් කිසිදු පාලන කටයුත්තක් සඳහා ජනතාව සම්බන්ධ නොවේ.
මේ ආකාරයට මූලික හැඩයන් දෙකක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදය විස්තර කරනු ලැබුව ද එය පන්ති සමාජයන්ගේ විකාශනයත් සමග එනම් සමාජ සංවර්ධනයත් සමග අත්් කර ගනු ලැබූ පරිවර්තනයක් බව පැහැදිලිව පෙනේ. පන්ති සමාජ බිහිවීමත් සමග බිහි වූ රාජ්‍යයට අයත් ආණ්ඩුව නැමැති ආයතනය ක්‍රියාකාරීත්වයට ඒමත් සමග ප්‍රජාතන්ත්‍රවාදය ගැන මතවාදය ද සමාජයට එක්විය.
එය තව දුරටත් විකාශනය වීම සිදු වූයේ ධනපති ක්‍රමය තුල දී ය. ධනපති ක්‍රමය තුල එහි හැඩය කෙතරම් විකාශය වූයේ ද යත් ප්‍රජාතන්ත්‍රවාදය යන්න  මුලු මහත් සමාජය පුරා මුල් බැස ගත් මතවාදයක් දක්වා ව්‍යාප්ත කරනු ලැබීය.
මෙසේ වහල් ක්‍රමයේ සිට ධනපති ක්‍රමය දක්වා පන්ති සමාජයන්ගේ විකාශයත් සමග පාර්ලිමේන්තුව ඡන්ද බලය නියෝජිතයන් පත් කිරීම හා පාලනය අතර ජනතාව ගැට ගසනු ලැබූ මතවාදය හැටියට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු විය. මේ ආකාරයට ධනපති ක්‍රමයත් සමග ප්‍රජාතන්ත්‍රවාදය යන්න සමාජ මනෝභාවයක් මෙන්ම ධනපති රාජ්‍ය හඳුන්වනු ලබන ආකාරයක් හැටියට ද පරිවර්තනය විය.
මෙහි දී සමාජ මනෝභාවට එක් කරනු ලැබ ඇති බහුතරයේ කැමැත්ත ගැන ද තව දුරටත් සාකච්ඡා කිරීම අත්‍යාවශ්‍ය කරුනක්ව ඇත. ප්‍රජාතන්ත්‍රවාදය එහි පෙනුම තුල පෙන්වනුු ලබන බහුතරයේ කැමැත්ත සැබෑවක් නොවන බව එහි දී පැහැදිලි වනු ඇත. මෙය වඩාත් පළ කරනු ලබන පළමු අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයේ සුපිරි අවස්ථාව හැටියට ධනපති අර්ථ ශාස්ත්‍රඥයන් දක්වනු ලබන ඍජු ප්‍රජාතන්ත්‍රවාදය තුලින් පෙනේ. එහි පාලකයන් පත් කිරීමට හෝ පාලනයට හවුල් වීමට බහුතරයක් ජනතාවට නොහැකි විය. අති බහුතරයක් වූ වහලුන්ට ද එමෙන්ම කාන්තාවන්ට ද මෙකී ඍජු නියෝජනයට ඉඩක් අත් නොවීය. වත්මන් ධනපති ක්‍රමය තුළ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදය තුළ ද එහි හැඩය වෙනස් ආකාරයක් ගනිමින් ක්‍රියාත්මක වේ. ධනපති පන්තියට අයත් සියළු රාජ්‍ය ආධිපත්‍යන් තුල කවරකු බලයට පත් වන්නේද යන්න තීරණය කිරීමේ පටන් පත් කළ නියෝජිතයින් අතර ද පාලනයේ දී නැවතත් බහුතරයට ඉඩ දීමත් වළකා දමා ඇත. එක් ඡන්දයකින් හෝ බලය ඩැහැ ගන්නාට අයත් පිළට පාලනය සිය කැමැත්තට ගෙන යාම මෙහි දී බහුතරයේ පාලනය වී ඇත. ඊට අයත් නොවන සෙසු විශාල ජන කොටසකගේ මතය පැත්තකට දමා ඇත.
කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය හැඳින්වීමේ ද රාජ්‍ය පැවැත්මේ මතවාදය ද කොට ගත් ධනපති ක්‍රමයේ හැකියාව දුර්වල වීම ඇරඹීමත් සමග ඊට තිබූ වටිනාකම ඉවතට තල්ලුවීම ද ආරම්භ වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වෙනුවෙන් ඉතා විශාල මෙහෙයුමක් වත්මන් සමාජයට එක්ව ඇත්තේ ද එබැවිනි. එසේ වුව අදට අවශ්‍යව ඇත්තේ නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය රැක දීම මගින් ධනපති ක්‍රමය හෝ එකී නියෝජිත ක්‍රමය රැක දීම නොවේ. ඒ වෙනුවට සැබෑ බහුතරය එනම් වැඩ කරන ජනතාව බලයට පත් කරනු ලබන ක්‍රියාදාමය ඉදිරියට ගෙන ඒමය. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය ගැන සමාජය තුල ඇති වැරදි අදහස් පරාජයට පත් කිරීම ද ඉතා වැදගත් ය.

මධ්‍යගතවාදය සමග සන්සන්දනය කරන කල ධනපති ප්‍රජාතන්ත්‍රවාදීන් මහා ඓතිහාසික ඉදිරි ගමනක් සලකුණු වන නමුත් එය කවදත් සීමා කළ කප්පාදු කළ ව්‍යාජ සහ වංචනික ප්‍රජාතන්ත්‍රවාදයක් ද ධනපතියන්ට පාරාදීසයක් සහ සූරා කනු ලබන්නන්ට, දුප්පතුන්ට උගුලක් හා රැවටිල්ලක් ද වූයේ ය. ධනපති ක්‍රමය යටතේ ඒ එසේම පැවතීම නොවැළැවිය හැකිය.

ලෙනින් තෝරා ගත් කෘති වෙළුම 9 පිට 23