ජාතිවාදය – විද්‍යාව වෙනුවට මිථ්‍යාව වැළඳ ගැනීම

කැමැත්ත නිෂ්පාදනය කිරීම
March 10, 2017
දර්ශනයේ ශබ්ද කෝෂයෙන්…
March 10, 2017
Show all

ජාතිවාදය – විද්‍යාව වෙනුවට මිථ්‍යාව වැළඳ ගැනීම

ලංකාවේ මේ දිනවල ජාතිවාදය ප‍්‍රකාශයට පත්වන නව ප‍්‍රවණතාවයක් පැතිරෙමින් තිබේ. එය ‘සිංහ ලේ’ නමින් පැතිරෙන ප‍්‍රචාරක ව්‍යාපෘතියයි. ලංකාවේ පමණක් නොව ධනවාදී ලෝකය පුරා ම දිනෙන් දින ජාතිවාදයන් හා ආගමික අන්තවාදයන් පැතිරෙමින් තිබේ. මැද පෙරදිග යුද ගිනිදැල් පසුපස සිටින සැබෑ හස්තය එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වුවද මැද පෙරදිග ගැටුම මතුපිටින් ප‍්‍රකාශ වන්නේ ආගමික අන්තවාදී හා ජාතිවාදී ගැටුම් ලෙස ය. ධනවාදී ලෝකය පුරා පවතින හා පැතිරෙන මෙම ජාතිවාදය හා ආගමික අන්තවාදය, පසුගාමී සංවර්ධනයත් සහිත අප‍්‍රිකානු, ආසියානු රටවල දී වඩාත් දරුණු තත්ත්වයට පත්ව තිබේ. නූතන ලෝකයේ නවීන විද්‍යාවේ සංවර්ධනයේ ආලෝකය විසින් සියලූම ආගමික අන්තවාදී හා ජාතිවාදී ප‍්‍රවණතාවයන් සැඟව සිටින අහුමුලූ ආලෝක කොට ඒවා පරාජය කළ යුතු වුවත්, එසේ සිදු නොවී ඒවා තවම පවතී.

නූතන ලෝකය තුළ ඊට කිසිසේත් නොගැලපෙන මෙම ප‍්‍රවණතාවන් පැවතීමට අදාළ හේතු සාධක කීපයක් තිබේ. ඉන් එකක් වන්නේ ජනතාවන්ගේ සාම්ප‍්‍රදායික චින්තනය හා අතීතය සමඟ ඇති දැඩි බැඳීම ය. ඒ නිසා පැරැුණි එහෙත් වැරැදි මිථ්‍යා මතවල ඔවුන් වර්තමානයේ ද එල්බගෙන සිටී. අනෙක් කරුණ වන්නේ ධනවාදී අධ්‍යාපනයේ දුර්වලතාවය නිසා විද්‍යාවේ ආලෝකය පොදු ජනතාව කරා නොයාම ය. එසේ ම ධනවාදය තුළ මිනිසුන් විශාල පීඩාවක සිටින අතර, එම පීඩනය ප‍්‍රකාශයට පත් කර ගත හැකි පහසු මඟ වී ඇත්තේ ද ජාතිවාදී හා ආගමික අන්තවාදී ප‍්‍රතිවිරෝධයන් හා ගැටුම් ය. ධනපති ක‍්‍රමය විසින් ඇති කරවන පීඩනය ජාතික හෝ ආගමික පීඩනයක් ලෙස වරදවා වටහා ගැනීම තුළ මෙය සිදු වේ. අනෙක් අතට ධනපති ක‍්‍රමය, ධනපති පාලකයන් සවිඤානිකව ම තම ක‍්‍රමයේ පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය හා ආගම්වාදය යොදා ගැනීම නිසා ද මෙහි පැවැත්ම වඩ වඩාත් වැඩි වී තිබේ. ලොව පුරාත්, මැද පෙරදිගත්, ලංකාවේත් බොහෝ ජාතිවාදී හා ආගමික අන්තවාදී සංවිධාන හා ප‍්‍රවණතා පිටුපස කිනම් හෝ ධනපති කණ්ඩායමක්, ධනපති ආණ්ඩුවක් හෝ අධිරාජ්‍යවාදී බලවතෙකුගේ සම්බන්ධය සොයා ගැනීම අපහසු නැත. ධනවාදී සමාජ ක‍්‍රමයේ පීඩාවෙන් සිටින ජනයා එම ක‍්‍රමයට එරෙහිව සමගිව සටන් වදිනවා වෙනුවට ජාති හා ආගම්වලට බෙදී එකිනෙකා හා සටන්වදිනු දැකීමට ධනපති ක‍්‍රමය කැමති ය. මේ සියලූ කාරණා නිසා ඉතිහාසයෙන් සමු ගත යුතු ජාතිවාදය තව ම පවතී.

ජාතිවාදය හා ආගමික අන්තවාදය යන දෙක ම එක ම මූලයෙන් පැවතෙන එක ම හේතු මත පවතින ප‍්‍රවණතා වේ. මෙහි දී දැකිය හැක්කේ විද්‍යාව වෙනුවට මිථ්‍යාව තුළ ජීවත් වීම ය.

ලංකාවේ වර්තමානයේ පැතිරයන ‘සිංහ ලේ’ නම් ජාතිවාදී හා ගෝත‍්‍රවාදී රැල්ල ද අවිද්‍යාව මත හා අතාර්කිකත්වය මත පදනම්ව වර්ධනය වේ. ‘ස්මාට්’ දුරකතනය අතේ තබාගෙන සිටින ‘ෆේස්බුක්’වල අන්තර්ජාලයේ සැරිසරන නූතන තරුණ පරපුර ද දුනු, ඊතල භාවිත කළ අවධියේ පැවතිය යුතු වර්ගයේ මතවාදයක් කරපින්නා ගැනීම හාස්‍යජනකය.

පුරාවෘත්තයට අනුව
මෙම ‘සිංහ ලේ’ ප‍්‍රවණතාවයෙන් කියවෙන්නේ මෙරට සිංහල ජනතාව
තුළ පවතින්නේ සිංහයාගේ ලේ ය යන්න ය. සිංහයා නිර්භීත, ශක්තිමත් හා විශේෂ පෙනුමක් සහිත සතෙක් බව ඇත්ත ය. ඌ කැලේ රජා ලෙසද හඳුන්වයි. සිංහයා සතුන් අතර රජු ලෙස සැලකීම තමන් තුළ සිංහ ලේ තිබේ යැයි සිතීම ආඩම්බරයට කරුණක් සේ සැලකීමට හේතු වූවා විය හැක. සිංහල ජනතාව තුළ පවතින්නේ සිංහ ලේ ය යන්න සිංහල ජනයා පැවත එන්නේ සිංහයකුගෙ න් ය යන්න විද්‍යාත්මක සත්‍යයක් නොවේ. එය මුළුමනින් ම පුරාවෘත්තයක් මත රැුඳී පවතී. එහෙත්, ඒ පුරාවෘත්තය හරිහැටි කියවා බැලූවත් (එය අසත්‍යයක් ය යන්න පසෙක තැබුවත්) මෙම මතය තහවුරු වන්නේ නැත. එසේ වුවහොත්, සිංහ ලේ ගැන කිසිවකු ආඩම්බර වන්නේ ද නැත.

සිංහල ජනයා බිහි වුණු බව කියන පුරාවෘත්තය කෙටියෙන් මෙසේය: කි‍්‍ර.පූ. 6 වන සියවස කාලයේ ඉන්දියාවේ එක් රජ කෙනෙකුගේ කුමරියක් සිංහයෙකු විසින් පැහැරගෙන ගොස් ගල් ලෙනක රඳවා අඹුකමට තබාගෙන ඇත. මෙම කුමරියගේ නම සුප්පා දේවිය ලෙස පුරාවෘත්තයේ කියවේ. පසුව ඇයට, සිංහයාට දාව දරුවන් දෙදෙනෙකු ලැබී ඇත. ඒ, පුතා සිංහබාහු හා දුව සිංහ සීවලී ලෙස ය. දරුවන් ලොකු මහත් වූ පසු තම සත්‍ය කතාව දැනගත් ඔවුන් දිනක් සිංහයා ලෙනේ නොසිටි වෙලාවක ගල්ලෙන බිඳ තම රාජධානියට පැමිණේ. (‘සිංහබාහු’ නාට්‍යය සකස් කර ඇත්තේ ද මෙම පුරාවෘත්තය ඇසුරිනි.) මෙහි දී දරුවන් පලා ගොස් ඇති බව වටහා ගත් සිංහයා ඔවුන් සොයා නුවරට පැමිණේ. අවසානයේ නුවරුන් රැුක ගැනීම සඳහා සිංහයා මරා දැමීම අවශ්‍ය වන අතර, සිංහයා මරා දමන්නේ උගේ පුත් සිංහබාහු විසිනි. ඒ අනුව සිතුවහොත් සිංහ ලේ ඇති ජනයාගේ ආරම්භය සනිටුහන් වන්නේ පීතෘ ඝාතනයකිනි. පියා මැරූ පරපුරක් ලෙස තමන්ව හඳුන්වා ගැනීමට කවුරුවත් කැමති නොවනු ඇතැයි අපි සිතමු.

ඊළඟට මේ දරුවන් දෙදෙනා සිංහ දරුවන් නිසා මොවුන් සමග ආවාහ විවාහ සිදු කර ගැනීමට කිසිදු රජ කුමරකු හෝ කුමරියක කැමැති වූයේ නැත. එහි ප‍්‍රතිඵලය වූයේ සිංහබාහු හා සිංහසීවලී යන එක කුස උපන් සහෝදර සහෝදරියන් දෙදෙනා එකිනෙක හා විවාහ වීම ය. එය ද සභ්‍ය සමාජය අනුමත කරන විවාහයක් නොවේ. එබැවින් එය ද ලැජ්ජාවට කරුණක් විය යුතුවා විනා ආඩම්බර වීමට හේතුවක් විය යුතු නැත. කෙසේ වෙතත්, මෙම දෙදෙනාට ලැබුණු දරුවා විජය නම් විය. ඔහු තරුණ අවධියේ ම රාජධානිය තුළ විවිධ අකටයුතුකම් කරමින් හික්මීමක් නැතිව හැසිරීම නිසා ඔහුගේ අයහපත් හැසිරීමට දඬුවමක් ලෙස විජය කුමරු හා ඔහුගේ පිරිස 700ක් සමග නැව් නංවා පිටුවහල් කර තිබේ. ලංකාවට පැමිණි බව පැවසෙන්නේ ඔවුන් ය. ලංකාවේ සිංහල ජනයා පැවතෙන්නේ විජයගෙ න් යැයි පැවැසෙන අතර සිංහ ලේ කතාව එන්නේ එසේ ය.

යමෙකු මෙම පුරාවෘත්තය විශ්වාස කළත් සිංහල සියලූ දෙනාගේ ලේ සිංහ ලේ වන්නේ නැත. පුරාවෘත්තයට අනුව විජය ලංකාවේ දී කුවේණිය හා ජීවත් වූ අතර, දරුවන් දෙදෙනෙකු ද සමඟ ඇය අතහැර දමා ඇත. ඒ අනුව විජය කුමරු මැරවරයෙකුට අමතරව සල්ලාලයෙකු ද වේ. ඒවා ද ලැජ්ජාවට කරුණු ය. ඉන්පසු විජය හා පිරිස ඉන්දියාවෙන් කුමාරිකාවක් ගෙන්වා ගෙන විවාහ කරගෙන ඇත. සිංහල ජනයා පැවත එන්නේ ඔවුන්ගෙ න් යයි කියැවේ. මේ තර්කය ගෙන බලන්න. විජය හා පැමිණි 700ක් වූ පිරිස අතුරින් පුරාවෘත්තයට අනුව ගත් විට සිංහ ලේ තිබෙන්නේ විජයගේ ලේවල පමණි. ඉතිරි 700 දෙනා තුළ සිංහ ලේ නැත. එහෙත්, ලංකාවේ සිංහල ජනයා පැවැත ආ යුත්තේ ඒ සියලූ දෙනාගෙ නි. එසේ නම් ලංකාවේ සිංහල ජනයා අතර ඇත්ත සිංහ ලේ තිබිය හැක්කේ 700 ට 1 අනුපාතයෙනි. විජයට දරුවන් සිටියා ද නැද්ද යන්න නොසලකා තර්ක කළත්, සිංහල ජනයා තුළ සිංහ ලේ ඇත්තේ 700 ට 1 බැගිනි. මිථ්‍යාවේ තරම එයින් පෙනේ.

සත්‍යය යනු කුමක්ද?
මේ මිථ්‍යාව පසෙක ලා සත්‍යය බලන්න. ලංකාවේ ජනවාස ඇති වී ඇත්තේ කි‍්‍ර.පූර්ව 6 වන 5 වන සියවස්වල ඉන්දියාවෙන් පැමිණි ඉන්දු යුරෝපීයයන් ගෙනි. සිංහල ජනයා පැවත එන්නේ ඔවුන් ගෙනි. ඉන්දු යුරෝපීයයන් ලෙස හඳුන්වන, ආර්යයන් ලෙස ද හඳුන්වන රණකාමී ගෝත‍්‍රවලට අයත් මොවුන් ඉන්දියාවට පැමිණ ඇත්තේ කි‍්‍ර. පූර්ව 10 වන සියවස් කාලයේ හින්දුකුෂ් කඳුවැටිය තරණය කරමින් යුරෝපා හා මධ්‍යම ආසියාකරයේ සිට ය. මොවුන් ඉන්දියාවේ උතුරේ පදිංචි වූ අතර ඒ වන විට ඉන්දියාවේ සිටි ද්‍රවිඩ ගෝත‍්‍රවලට අයත් ජනයා ඉන්දියාවේ දකුණට පැමිණ පදිංචි වූහ. ලංකාවේ සිංහල ජනයා උතුරු ඉන්දියාවෙන් පැමිණි මෙම ඉන්දු යුරෝපීයයන්ගෙන් ද, දෙමළ ජනයා පසුව විවිධ හේතු මත දකුණු ඉන්දියාවෙන් පැමිණි අයගෙන් ද බිහි විය. ඒ අනුව ලංකාවේ ජනාවාසකරණය ඓතිහාසික කරුණු හා සාක්ෂි මත අධ්‍යයනය කරන විට සිංහ ලේ කතාවක් හමුවන්නේ නැත. ඒ වෙනුවට යුරෝපයේ සිට ඉන්දියාවට සංක‍්‍රමණය වී උතුරු ඉන්දියාව තුළ තම ආධිපත්‍යය තහවුරු කර ගත් ඉන්දු යුරෝපීයයන් ගෙන් ලංකාවේ සිංහල ජනයා පැවත එන බව පැහැදිලි ය. එම සත්‍යය පසෙකලා පුරාවෘත්තයක් මත, මිථ්‍යාවක් මත එල්බ ගැනීම 21 වන සියවසේ මිනිස් බුද්ධියට කරන සරදමක් නොවේ ද?

අනෙක් අතට පරිණාමවාදය පැත්තෙන් බැලූ විට ද මිනිසා සිංහයෙකුගෙ න් පැවෙත එතැයි තහවුරු වන්නේ නැත. පරිණාමවාදයට අනුව මිනිසා පරිණාමය වී ඇත්තේ වානර වර්ගයකිනි. ලොව ම පිළිගන්නා සත්‍යය එයයි. එයට අනුව කිසියම් කෙනෙකු තමන් තුළ පවතින්නේ වානර ලේ යැයි පැවසුවහොත්, එහි කිසියම් ඓතිහාසික සත්‍යයක් තිබේ. එපමණක් නොව මානව පරිණාමයෙන් එහාට ගොස් ජීව පරිණාමය දෙස බැලූ විට ද මිථ්‍යව සත්‍යයෙන් වෙන් කර ගත හැක. මානව පරිණාමයේ කතාව තවත් ඈතට දිගුවේ. ජීවයේ පරිණාමයේ ඈත දී අපට හමුවන්නේ ඇමීබා පැරමීසියම් වැනි ඒක ෙසෙලික ජීවින් ය. ඒ අනුව මිනිසාගේ ඈත ම මී මුත්තා ඒක ෙසෙලික ජීවියෙකි. මුල්ම ජීවියා බිහිවූයේ ජලයේ ය. ජලයේ බිහිවූ ජීවය පසුව ගොඩ බිමට පැමිණි අතර ඔවුන් වසර මිලියන ගණනක් පුරා පරිණාමය වීමේ කි‍්‍රයාවලියේ එක් තැනක දී මිනිසා බිහි විය.

මිනිසාගේ ආදි මුතුන් මිත්තා මාළුවෙකු බව (සිංහයෙක් නොවේ) රිචඞ් ඩෝකින්ස් නම් විද්‍යාඥයා පවසයි. ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ විද්‍යා අවබෝධය පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ රිචඞ් ඩෝකින්ස් ලියු ‘ඇත්තක අරුමය’ නමින් සිංහලට පරිවර්තනය කර ඇති අගනා කෘතියේ මේ බව තහවුරු කර ඇත. ඩෝකින්ස් ඩාවින්ගේ පරිණාමවාදය මත අධ්‍යයන සිදු කළ අයෙකි. ඔහුට අනුව මිනිසාගේ ඈත මුතුන්මිත්තා මාළුවෙකි. මෙය ඔහු ඉතා සිත්ගන්නා උදාහරණයකින් පැහැදිලි කරයි. අපට අපේ ඡුායාරූපයත්, අපේ පියාගේ ඡුායාරූපයත් ඔහුගේ පියාගේ ඡුායාරූපයත් ලෙස පරම්පරාවෙන් පරම්පරාවට අතීතයට ඡයාරූප එකතු කළ හැකි නම් එම ඡුායාරූප ප‍්‍රමාණය මිලියන 185ක් එකතු කළ යුතුය. එවිට එම ඡුායාරූප එක මත එක ලෙස පෙළගැස්සුව හොත් එය කි. මී. 48ක් දිගු වේ. මෙලෙස කි. මී. 48ක් දුරට ගොනු කළ මිලියන 185ක් වූ අපේ මුතුන් මිත්තන්ගේ ඡුායාරූපවල අවසානයට ඇති ඡුායාරූපය මාළුවකුගේ බව ඔහු කියයි.

මෙයින් අප තහවුරු කිරීමට උත්සාහ කළේ අන්කිසිවක් නොව මිනිසා පරිණාමයක ප‍්‍රතිඵලයක් බවත්, ඔහු මිනිසා බවට පත් වන විට ළඟ ම ඥාතියා වානර පවුලේ කෙනෙක් වෙද්දී දුර ම ඥාතියා මාළුවෙකු විය හැකි බව ය.

අඳුරින් එළියට මිනිසුන් විවිධ ජාතීන්ට, ජාතිකත්වයන්ට බෙදුණේ වෙනස් භාෂාවන් හා සංස්කෘතික ලක්ෂණ ඇති කර ගත්තේ ඔවුන්ගේ දිගු පරිණාමීය අවධි තුළ ඔවුන් ජීවත් වූ පරිසරයට අනුව හා ඓතිහාසික වර්ධනයට සාපේක්ෂව ය. මිනිසුන් සතුන්ට අනුව බෙදිය නොහැක. මුල් ම මානව බෙදීම පවා සිදුව ඇත්තේ පරිසර සාධක මත ය. මිනිසාගේ ප‍්‍රධාන වර්ගීකරණයේදී වර්ග 3ක් නම් කෙරේ. ඒ නීග්‍රෝ, කොකේසියානු හා මොංගෝලියානු ලෙසය.

මිනිසුන්ගේ ලේ ද විද්‍යාව විසින් විද්‍යාත්මකව වර්ගීකරණය කර ඇත. ඒ සිංහ ලේ, කොටි ලේ ආදී වශයෙන් නොවේ. වෛද්‍ය විද්‍යාවට අනුව මිනිස් සිරුරේ ලේ ප‍්‍රධාන කාණ්ඩ 8කට බෙදේ. ඒවා නම් A පොසිටිව්, A නෙගටිව්, B පොසිටිව්, B නෙගටිව්, AB පොසිටිව්, AB නෙගටිව්, O පොසිටිව් හා O නෙගටිව් ලෙසය. රෝහලක දී ඕනෑ ම කෙනෙකුට පිටතින් ලේ ලබා දීමට අවශ්‍ය වුවහොත්, වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ ඉහත වර්ග 8න් එකකි. වෛද්‍ය ඉතිහාසයේ කිසිම දිනක කිසිම කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට සතෙකුගේ ලේ පාවිච්චි කළේ නැත.

එහෙත් කරුණු මෙසේ තිබිය දී පැහැදිලි සත්‍යය මෙසේ තිබිය දී විද්‍යාව මෙතරම් පැහැදිලි කිරීමක් කර තිබිය දී ඒ සියල්ල නොසලකා තර්කයකින් හො විචාරයකින් තොරව මිථ්‍යාව වැළඳ ගැනීම පුදුම සහගත ය. එකී මිථ්‍යාවන් ආඩම්බරයට කරුණක් කර ගැනීම හාස්‍යජනක ය. ගෝත‍්‍රවාදී මනෝභාවයන්, මිථ්‍යා විශ්වාස අයත්ව තිබුණේ විද්‍යාව වර්ධනය නොවූ ඈත අතීතයට ය. එහෙත්, එම ලක්ෂණ හා එම මතවාද නූතන සමාජය තුළ අතාර්කිකව පැතිර යාම, ඒවා වැළඳ ගැනීම සමාජය ආපස්සට යාමක් මිස පෙරට යාමක් නොවේ. මනුෂ්‍යත්වයට නිගා කරන මිනිසුන් බෙදා වෙන් කරන සියලූ මතවාදයන්, සියලූ ජාතිවාදයන් අවසානයේ ඉටු කරනු ලබන්නේ ප‍්‍රතිගාමී වුවමනාවකි. එබැවින්, වර්තමාන ජනතාව මිථ්‍යාවෙන් විද්‍යාවට ආ යුතු ය. මිනිසුන් බෙදා වෙන් කිරීමට එරෙහිව මනුෂ්‍යත්වය වෙනුවෙන් සටන් කළ යුතු ය