ජනමාධ්‍යය – ධනපති දෘෂ්ටිවාදයේ හොරණෑව 

ජාතිවාදයෙන් සහ ආගමිිික අන්තවාදයෙන් තොර සමාජයක්!
January 18, 2019
මැකියාවෙලීගේ “කුමාරයා”
January 21, 2019
Show all

ජනමාධ්‍යය – ධනපති දෘෂ්ටිවාදයේ හොරණෑව 

ධනේශ්වරය නම් වත්මන් පංති සමාජය තුළ සිය දෘෂ්ටිවාදාත්මක පාලනය පවත්වාගෙන යාමෙහිලා ජනමාධ්‍ය ඉටු කරනුයේ සුවිසල් මෙහෙයකි. මානව ශිෂ්ටාචාරයේ මුල පටන් මිනිසුන් අතර සන්නිවේදනය අවශ්‍යතාවයක් විය. ඒකපුද්ගල සන්නිවේදනය, පුද්ගලාන්තර සන්නිවේදනය, සමුහ සන්නිවේදනය ලෙසින් පුද්ගලයා ඔහු සමඟත් තවත් අයකු හෝ කණ්ඩායමක් සමඟත් ක්‍රමානුකුලව, සංකිර්ණ හා පුළුල් සන්නිවේදනයක් දක්වා විකාශය වී ඇත. එහිලා වඩාත් පුළුල්, ඉදිරි අවස්ථාවක දී ඉතිහාසයේ ජන සන්නිවේදනය කරළි ගතවීමේ පසුබිම සැකසේ. නුතන ධනවාදයේ දී මත නිර්මාණය කරන, හසුරුවන විසල් හැකියාවකින් යුත් රටක ‘සිව්වෙනි ආණ්ඩුව’ යැයි පැවසෙන තරම් භුමිකාවක් ඊට අයත්ය., එසේම සියල්ල වාණිජකරණය වූ යුගයක ජනමාධ්‍යයට එහිලා ඇති වැදගත්කම ද ඉතා ඉහළ ය.

විශාල ප‍්‍රග්ධනයක්, විශාල යන්ත්‍රසුත්‍ර, තාක්ෂණික උපකරණ, ක්‍රමවේදයන් භාවිතයෙන් විශාල ප‍්‍රජාවකට සංවිධානාත්මකව පණිවුඩ, තොරතුරු ලබා දීමත් ජනමාධ්‍ය සිදු කරයි. චිනය විසින් කඩදාසි සොයා ගැනීමත්, සරල මුද්‍රණ ක්‍රම භාවිතය හා 1450 දී පමණ යොහාන් ගුටෙන්බර්ග් අකුරු අමුණා කරනු මුද්‍රණ ක්‍රමය සොයා ගැනීම මුද්‍රණ කර්මාන්තයේ තිරණාත්මක ආරම්භයයි. 1920දී පමණ ගුවන් විදුලිය ගුග්ලි එල්මෝ මාර්කෝනි විසිනුත්, ජොන් ලොගී බෙයාඞ් විසින් රුපවාහිනියක අවසන් හැඩහුරුව 1930දී සොයා ගැනිමත්, පසුකලක දී පරිගණකය, ජංගම දුරකතනය ආදිය ජනමාධ්‍ය භූමිකාව තීව්‍ර කරන තාක්ෂණික උපකරණවල වර්ධනය ජනමාධ්‍යකරණයේ නිම්වළලූ තව දුරටත් පුළුල් කර ඇත. .

ගුණාත්මක බවකින්, සමාජ වගකීම අරක්ෂා කරමින්, මහජන රුචිය අරමුණු කර ගත් සන්නිවේදන ක‍්‍රියාවලියක ජනමාධ්‍ය රැකිය යුතු ආචාර ධර්ම ඇත. සත්‍යය බව හා නිරවද්‍යතාවය, ස්වාධීනත්වය, සාධාරණත්වය හා අපක්ෂපාතීබව, මානුෂිකත්වය හා වගකිව යුතුබව ඒවා වේ. 1991දී යුනෙස්කෝව විසින් හඳුන්වා දී 1993දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කළ මැයි 03 දිනට යෙදෙන ලෝක නිදහස් මාධ්‍ය දිනයේ අරමුණ ලෙස දක්වා ඇත්තේ, “අදහස් හා දැනුම හුවමාරු කර ගැනීම”, “අක්ෂර හා රූප මගින් අදහස් නිදහසේ ගලා යාම” ලෙසයි. එහෙත් යථාර්ථය වනුයේ ඊට හාත්පසින් වෙනස් දෙයකි. සියලූ ජනමාධ්‍යන්හි හිමිකාරිත්වයන් ආර්ථික බලයක් හිමි, දේශපාලන මුලයන් සහිතය. ඔවුන්ගේ පංතියේ අවශ්‍යතාවයන්ට අනුව ප‍්‍රවෘත්ති වාර්තාකරණය නොව ප‍්‍රවෘත්ති නිර්මාණය කිරීම, මිථ්‍යාව වැපිරීම, අධිපති පංතියේ දේශපාලන වුවමනාවන් ඉස්මතු කරන ආදී භාවිතාවක් ජනමාධ්‍ය වෙතින් පළ වේ. පොදුවේ තොරතුරු දැන ගැනීමට මිනිසුන් තුළ රුචිකත්වයක් තිබේ; පිපාසාවක් තිබේ. නමුත්, මේ වන විට එම රුචිකත්වය ස්වාභාවික සීමාව ඉක්මවා වර්ධනය කර තිබේ. තොරතුරු නැතිව ඉන්නට බැරි තත්ත්වයක් ඇති කර තිබේ. තොරතුරු හඹා යාමේ මානසිකත්වයකට සමාජය කොතරම් දුරට පොළඹවා තිබේ දැයි විමසා බැලූ විට පෙනී යන්නේ එය ජිවිතය හා සමාන තත්ත්වයකට පත් වී ඇති ආකාරයයි. මෙම තත්ත්වය ඇති කරනු ලැබුවේ ධනවාදයේ භාවිතාව තුළ ය. මාධ්‍ය අතුරින් ප‍්‍රබලතම මාධ්‍ය වන රූපවාහිනිය අලෙවි කර ගැනීම මෙන් ම එය ධනපති දෘෂ්ටිවාදයේ පණිවිඩයේ හොරණෑව ලෙස යොදා ගැනීමත් මේ වන විට ප‍්‍රධානතම අරමුණක් ලෙස පවතී. ධනවාදය විසින් මිනිසුන් තුළ ඉතා සූක්‍ෂ්ම අන්දමින් අවශ්‍යතා ඇති කරනු ලබයි. ධනවාදය බිහි වූ මුල් අවධියේ සිදු වූයේ නිෂ්පාදනයේ පළමු අදියර තුළ ම භාණ්ඩ විකිණීමයි. නමුත්, මේ වන විට භාණ්ඩ විකිණීමට පෙර (ඇතැම් විට භාණ්ඩ නිෂ්පාදනය (කිරීමටත් පෙර) අවශ්‍යතාවය මිනිසුන් තුළ ඇති කරනු ලබයි. ඉන් පසු විකිණීම පහසු කරවයි. රූපවාහිනිය ඇතුළු ශ‍්‍රව්‍ය දෘශ්‍ය සියලූ ම මාධ්‍ය මඟින් මුළු මහත් ලෝකය පුරා ධනවාදය වෙනුවෙන් කරනු ලබන්නේ ඉහත අරමුණයි; එම කොන්ත්‍රාත්තුවයි. වඩාත් සංක්‍ෂිප්තව සඳහන් කරන්නේ නම්, භාණ්ඩ ආර්චනකාමය ඇවිස්සීමට මාධ්‍ය ධනවාදයේ හොරණෑවක් වන්නේ වාණිජමය පැත්තෙන් පමණක් නොවන අතර, එය ධනපති දේශපාලන දෘෂ්ටියේ උපකරණ ලෙස ද කටයුතු කරනු ලබයි.

පුවත් පත් නිදහස පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන සටන් පාඨවලින් තවත් එකකි. හොඳ ම මුද්‍රණාල සහ ලොකු ම කඩදාසි තොග ධනපතීන් සතුව තිබෙන තාක් කල් ද, නිදසුනක් ලෙසට ඇමෙරිකාවේ මෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ සමූහාණ්ඩු ක‍්‍රමය සංවර්ධනය වූ තරමට වඩාත් සිත් කා වදින ලෙස තියුණු ලෙස හා දුර්දාන්ත ලෙස ලෝකය මුළුල්ලේ ම දක්නට ලැබෙන පාලනයක් වන ධනපති පාලනයට පුවත් පත් යටත්ව තිබෙන තාක් කල් ද මෙම නිදහසත් රැවටිල්ලක් බව කම්කරුවෝ දනිති.

ලෙනින්, තෝරා ගත් කෘති, වෙළුම 09, 123 පිටුව.

විමර්ශන